Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 111

61

قَالُوا۟ سَنُرَٰوِدُ عَنْهُ أَبَاهُ وَإِنَّا لَفَٰعِلُونَ

එයට ඔවුන් “අපි ඔහුගේ පියා වෙත ඉල්ලා සිටිමින් (ඔහුව කැඳවාගෙන ඒමට) අවශ්‍ය උත්සාහයන් නියත වශයෙන්ම කරන්නෙමු” යයි පැවසූහ.

ඔහුගේ සහෝදරයෝ ඔහුට පිළිතුරු දෙමින්, "ඔහුගේ පියාණන්ගෙන් අපි ඔහු ඉල්ලා සිටින්නෙමු. ඒ සඳහා අපි උත්සාහ දරන්නෙමු. ඔබ අපට කවර නියෝගයක් කර ඇත්තේ ද කිසිදු අඩුවක් නොකර එය එලෙසින්ම සිදු කරන්නෙමු" යැයි පැවසූහ.

62

وَقَالَ لِفِتْيَٰنِهِ ٱجْعَلُوا۟ بِضَٰعَتَهُمْ فِى رِحَالِهِمْ لَعَلَّهُمْ يَعْرِفُونَهَآ إِذَا ٱنقَلَبُوٓا۟ إِلَىٰٓ أَهْلِهِمْ لَعَلَّهُمْ يَرْجِعُونَ

(පසුව) යූසුෆ් තම මිනිසුන්ට “ඔවුන් මිල සඳහා දුන් භාණ්ඩ ඔවුන්ගේ (පොදි) මලූවල (සඟවා) තබනු. ඔවුන් තමන්ගේ පවුලේ උදවිය සමග එකතු වී (ධාන්‍ය මලූ ලෙහා බලන විට) එය දැන ගෙන (එය අප වෙත බාර දීමට) ආපසු එනු ඇත” යයි පැවසුවේය.

යූසුෆ් තම සේවකයින්ට මෙසේ පැවැසුවේය, "ඔවුන්ගේ භාණ්ඩ ඔවුන් වෙත නැවත දෙනු. ඔවුන් හැරී ගිය විට සැබැවින්ම අපි ඔවුනට කිසිවක් විකුණා නැතැයි ඔවුන් දැනගනු ඇත. මෙය දෙවැනි වරට ඔවුන් ඔවුන්ගේ සහෝදරයා සමග පැමිණීමට බල කළ අතරම, ඔවුන්ගේ සත්ය භාවය යූසුෆ්ට තහවූරු කරනු වස් හා ඔවුන්ගේ භාණ්ඩ ඔවුන්ගෙන් පිළිගනු වස් එසේ සිදු කරන ලදී.

63

فَلَمَّا رَجَعُوٓا۟ إِلَىٰٓ أَبِيهِمْ قَالُوا۟ يَٰٓأَبَانَا مُنِعَ مِنَّا ٱلْكَيْلُ فَأَرْسِلْ مَعَنَآ أَخَانَا نَكْتَلْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

ධාන්‍ය මිල දී ගත් ඔවුන් තම පියා වෙත ආපසු පැමිණි විට, “අපගේ පියාණෙනි! (බුන්යාමීන්වද අපි කැඳවාගෙන නොගියහොත්) අපට (ධාන්‍ය) මැන දීම වළක්වා දමනු ඇත. එබැවින් අපගේ සහෝදරයාවද අප සමග යවනු මැනව! අපි ධාන්‍ය මිල දී ගෙන නියත වශයෙන් ඔහුවද ආරක්ෂා කරගෙන ආපසු එමු” යයි පැවසූහ.

ඔවුන් ඔවුන්ගේ පියාණන් වෙත නැවත හැරී ගිය කල්හි, ඔවුන්හට යූසුෆ් කළ සංග්රහය පිළිබඳ ඔවුහු තොරතුරු දන්වා සිටියෝය. ඔවුහු, "අපගේ පියාණනි, අප සමග අපගේ සහෝදරයා කැටුව නොගියේ නම් අපට ආහාර කිරා දීම වළක්වනු ලැබේ. එහෙයින් අප සමග ඔහු එවනු. ඔබ ඔහු අප සමග එවන්නේ නම් අපි ආහාර භාණ්ඩ කිරාගෙන එන්නෙමු. නැවත ඔහු ඔබ වෙත සුරක්ෂිත ව ගෙන එන තෙක් අපි ඔහු රැකබලා ගන්නට ඔබට පොරොන්දු වෙමු" යැයි පැවසුහ.

64

قَالَ هَلْ ءَامَنُكُمْ عَلَيْهِ إِلَّا كَمَآ أَمِنتُكُمْ عَلَىٰٓ أَخِيهِ مِن قَبْلُ ۖ فَٱللَّهُ خَيْرٌ حَٰفِظًۭا ۖ وَهُوَ أَرْحَمُ ٱلرَّٰحِمِينَ

(එයට) යාකූබ් “මෙයට පෙර මොහුගේ සහෝදර (යූසුෆ්ගේ) කාරණාවෙහි මා ඔබලාව විශ්වාස කර (රැවටුනාක්) මෙන් මොහුගේ කාරණාවෙහිද මා ඔබලාව විශ්වාස කරන්නද? (නොහැක). ආරක්ෂා කිරීමෙහි අල්ලාහ් ඉතාමත් උසස්ය. ඔහුම දයාව පහළ කරන්නන්ගෙන් ඉතාමත් දයාළුය” යයි පැවසුවේය.

ඔවුන්ගේ පියාණන් ඔවුනට, "මොහුගේ එක කුස උපන් සහෝදර යූසුෆ් සම්බන්ධයෙන් මා නුඹලාව විශ්වාස කළාක් මෙන් මොහු සම්බන්ධයෙනුත් මා නුඹලා ව විශ්වාස කරන්න ද? ඔහු සම්බන්ධයෙන් මම නුඹලා විශ්වාස කළෙමි. නුඹලා ද ඔහු ආරක්ෂා කරන මෙන් මට පොරොන්දු වූයෙහුය. නමුත් නුඹලා කවර කරුණක් පොරොන්දු වූයෙහු ද එය නුඹලා ඉටු නොකළෙහුය. එබැවින් නුඹලා ආරක්ෂා කරන මෙන් පවසන නුඹලාගේ පොරොන්දුව ගැන මට කිසිදු විශ්වාසයක් නැත. මා විශ්වාස තබනුයේ අල්ලාහ් මත පමණය. තමන් ආරක්ෂා කරන්නට අභිමත කරන අයට රැකවරණය දෙන්නන් අතරින් ඔහු අති ශ්රේෂ්ඨය. එමෙන්ම තම කරුණා ව පිරිනමන්නට ඔහු අභිමත කරන අයට මහා කාරුණිකය."යි පැවසුවේය.

65

وَلَمَّا فَتَحُوا۟ مَتَٰعَهُمْ وَجَدُوا۟ بِضَٰعَتَهُمْ رُدَّتْ إِلَيْهِمْ ۖ قَالُوا۟ يَٰٓأَبَانَا مَا نَبْغِى ۖ هَٰذِهِۦ بِضَٰعَتُنَا رُدَّتْ إِلَيْنَا ۖ وَنَمِيرُ أَهْلَنَا وَنَحْفَظُ أَخَانَا وَنَزْدَادُ كَيْلَ بَعِيرٍۢ ۖ ذَٰلِكَ كَيْلٌۭ يَسِيرٌۭ

පසුව ඔවුන් තමන්ගේ බඩු (පොදි) ලෙහා දමන විට, ඔවුන් (මුදල් වෙනුවෙන්) දුන් භාන්ඩ (සියල්ල) ඔවුන් වෙතම ආපසු ලබා දීම දැක “අපගේ පියාණෙනි! අපට උවමනා කුමක්ද? (භාණ්ඩ නොවෙද!) මෙන්න අප (මුදල් වෙනුවෙන්) දුන් භාණ්ඩද අප වෙතම ආපසු ලබා දී ඇත. (බුන්යාමීන්වද කැඳවාගෙන යාමට අනුමැතිය දෙනු මැනව!) අපගේ පවුලේ අයට අවශ්‍ය ධාන්‍ය මිලදී ගෙන එන්නෙමු. අපගේ සහෝදරයාවද බේරාගෙන එන්නෙමු. (ඔහු වෙනුවෙන්ද) එක් ඔටුවෙකුගේ (බර ප්‍රමාණයක) ධාන්‍ය අධික වශයෙන් ගෙන එන්නෙමු. (ගෙන එනු ලැබූ) මෙය ඉතාමත් ස්වල්ප ප්‍රමාණයකි” යයි පැවසූහ.

ඔවුන් රැගෙන ආ ඔවුන්ගේ ආහාර මල්ල විවෘත කළ කල්හි, එහි වටිනා කම ඔවුනට නැවත ලබා දී තිබෙනු දුටුහ. එවිට ඔවුහු තම පියාණන්ට, "මෙම සංගහ්රයෙන් පසු මෙම බලධාරියාගෙන් අපි කුමක් බලාපොරොත්තු වන්න ද? අප වෙත කරන ගෞරවයක් ලෙස එම බලධාරියා අපට අපේ ආහාර වල වටිනාකම නැවත ලබා දී ඇත. අපගේ පවුලේ උදවිය වෙනුවෙන් මෙම ආහාරය අපි ගෙන ආවෙමු. ඔබ අපගේ සහෝදයරා පිළිබඳ කවර බියක් ඇති කර ගත්තේ ද එයින් අපගේ සහෝදරයා ව අපි ආරක්ෂා කරන්නෙමු." යනුවෙන් පැසුවෝය.

66

قَالَ لَنْ أُرْسِلَهُۥ مَعَكُمْ حَتَّىٰ تُؤْتُونِ مَوْثِقًۭا مِّنَ ٱللَّهِ لَتَأْتُنَّنِى بِهِۦٓ إِلَّآ أَن يُحَاطَ بِكُمْ ۖ فَلَمَّآ ءَاتَوْهُ مَوْثِقَهُمْ قَالَ ٱللَّهُ عَلَىٰ مَا نَقُولُ وَكِيلٌۭ

(එයට ඔවුන්ගේ පියා) “මා ඔහුව ඔබ සමග යවන්නේම නැත. එහෙත් ඔබ සියල්ලන්වම (කිසිම විපතක්) වට කර ගතහොත් මිස, නියත වශයෙන්ම ඔහුව මා වෙත ගෙන එන්නෙහු යයි අල්ලාහ් මත ඔබ (සියල්ලන්ම) මා හට දිව්රා නොදුන්නහොත් මිස” යයි පැවසුවේය. ඔවුන් (එසේ) ඔහුට දිව්රා දුන් වහාම, එයට ඔහු “අපි කර ගත් මෙම ගිවිසුමට අල්ලාහ්ම ආරක්ෂකයෙකු වශයෙන් සිටින්නේය” යයි (පැවසීමෙන් අනතුරුව, බුන්යාමීන්ව කැඳවාගෙන යාමට) අනුමැතිය ලබා දුන්නේය.

ඔවුන්ගේ පියාණන් ඔවුන්ට, "නුඹලා සියල්ලන්හට වැළැක්වීමට හෝ නැවත හැරී ඒමට හෝ නොහැකි, නුඹලා කිසිවෙකු ඉතිරි නොවන පරිදි යම් විනාශයත් නුඹලාට අත් වූයේ නම් මිස මා වෙත ඔහු නැවත ගෙන එන බවට අල්ලාහ් මත ස්තීර ප්රතිඥාවක් නුඹලා මා හට දෙන තෙක් නුඹලා සමග ඔහු මම නොයවමි." යැයි කීය. ඒ වෙනුවෙන් ස්තීර ප්රතිඥාවක් අල්ලාහ් මත ඔවුහු ඔහුට දුන් කල්හි, ඔහු, "මා පවසන දෑ පිළිබඳ අල්ලාහ් සාක්ෂිකරුය. ඔහුගේ සාක්ෂිය අපට ප්රමාණවත්ය." යැයි පැවසීය.

67

وَقَالَ يَٰبَنِىَّ لَا تَدْخُلُوا۟ مِنۢ بَابٍۢ وَٰحِدٍۢ وَٱدْخُلُوا۟ مِنْ أَبْوَٰبٍۢ مُّتَفَرِّقَةٍۢ ۖ وَمَآ أُغْنِى عَنكُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ ۖ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَعَلَيْهِ فَلْيَتَوَكَّلِ ٱلْمُتَوَكِّلُونَ

නැවතත් (ඔවුන්ට) “මගේ (ආදරණීය) පුතුනේ! (ඊජිප්තුව තුළට ඔබ සියල්ලන්ම) එකම ෙදාරටුවකින් ඇතුලූ නොවනු. වෙනත් වෙනත් මාර්ගවලින් (තනි තනියෙන්) ඇතුලූ වනු. අල්ලාහ්ගේ නියෝගයන්ගෙන් කිසිවක් මා ඔබට වළක්වා දැමිය නොහැක. මන්දයත් සියලූ බලයන් අල්ලාහ්ට මිස, (වෙන කිසිවෙකුටත්) නැත. (ඔබ සියල්ලන්වම) ඔහු වෙතම බාර කළෙමි. එබැවින් (ඔහුව) විශ්වාස කළ සියල්ලන්ම (මේ අන්දමටම) ඔහු වෙත බාර කරනු” යයි කීවේය.

ඔවුන්ගේ පියාණන් ඔවුනට උපදෙස් දෙමින්, "නුඹලා මිසර දේශයට එකම දොරටුවකින් එකට නොපිවිසෙනු. වෙන් වෙන් දොරටුවලින් වෙන වෙනම ඇතුළු වනු. එවිට කිසිවකු විසින් නුඹලා සියල්ලන්හට පොදුවේ කිසියම් උවදුරක් ඇති කිරීමට එරෙහිව එම උපාය මාර්ගය වඩා සුරක්ෂිතය. නමුත් නුඹලාට යම් උවදුරක් අල්ලාහ් අපේක්ෂා කළේ නම් එයින් මා නුඹලා වැළැක්වීම සඳහා මෙය නුඹලාට නොපවසමි. අල්ලාහ් අපේක්ෂා නොකළ යහපතක් මා විසින් නුඹලාට ගෙන දිය නොහැක. තීන්දුව නම් අල්ලාහ්ගේ තීන්දුව මිස වෙනත් තීන්දුවක් නැත. නියමය නම් ඔහුගේ නියමය මිස වෙනත් නියමයක් නැත. මාගේ සියලුම කටයුතු වලදී මා සියල්ල පවරනුයේ ඔහු වෙත පමණි. එහෙයින් භාර කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු ඔහු කෙරෙහී පමණක් භාරකරත්වා!" යැයි කීවේය.

68

وَلَمَّا دَخَلُوا۟ مِنْ حَيْثُ أَمَرَهُمْ أَبُوهُم مَّا كَانَ يُغْنِى عَنْهُم مِّنَ ٱللَّهِ مِن شَىْءٍ إِلَّا حَاجَةًۭ فِى نَفْسِ يَعْقُوبَ قَضَىٰهَا ۚ وَإِنَّهُۥ لَذُو عِلْمٍۢ لِّمَا عَلَّمْنَٰهُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

(ඊජිප්තුවට ගිය) ඔවුන් තමන්ගේ පියාගේ නියෝගයට අනුව (විවිධ මාර්ගයන් ඔස්සේ) ඇතුලූ වූ බැවින් යාකූබ්ගේ මනසෙහි තිබූ එක් සිතුවිල්ලක් ඔවුන් ඉටු කිරීම මිස, අල්ලාහ්ගේ කිසිම මනක්කල්පිත දැයක් ඔවුන්ගෙන් වැළැක්වීමට හැකි දැයක් වශයෙන් තිබුනේ නැත. (මන්දයත් බුන්යාමීන්ව ඔවුන්ට අත්හැර දමා එන්නට සිදු විය). එහෙත් නියත වශයෙන්ම අපි ඔහුට (යූසුෆ්ද, බුන්යාමීන්ද පණ පිටින් සිටින්නාහ යන කාරණාව) දැනුම් දී තිබුණු බැවින් (එය) දැනුවත් කෙනෙකු වශයෙන් සිටියේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (එය) නොදැනුවත් අය වශයෙන්ම සිටියහ.

පසු ව යූසුෆ්ගේ එක කුස උපන් සහෝදරයා සමග ඔවුහු ගමන් ගත්හ. ඔවුන්ගේ පියාණන් ඔවුනට නියෝග කළ පරිදි විවිධ දොරටුවලින් ඔවුහු ඇතුළු වූ කල්හි, ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ නියමය අනුව ඔවුන් විවිධ දොරටුවලින් ඇතුලු වීමෙන් කිසිවක් ඔවුන් වැළැක්වූයේ නැත. සැබැවින්ම එය තම දරුවන් කෙරෙහි යඃකූබ්ගේ සෙනෙහස හෙළි කරන්නක් විය. ඔහු ඔවුනට අවසාන වශයෙන් උපදෙස් දුන්හ. අල්ලාහ්ගේ තීන්දුව හැර වෙනත් තීන්දුවක් නොමැති බව ඔහු දැන සිටියේය. එමෙන්ම අපි ඔහුට ඉගැන් වූ දේව නියමය පිළිබඳ විශ්වාසය හා හේතු සාධක පිළිබඳ බුද්ධිය යනාදිය පිළිබඳ දැනුමැත්තෙකු විය. නමුත් ජනයා අතර බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති.

69

وَلَمَّا دَخَلُوا۟ عَلَىٰ يُوسُفَ ءَاوَىٰٓ إِلَيْهِ أَخَاهُ ۖ قَالَ إِنِّىٓ أَنَا۠ أَخُوكَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا۟ يَعْمَلُونَ

ඔවුන් සියල්ලන්ම යූසුෆ් වෙත ගිය අවස්ථාවේදී ඔහු තම සහෝදරයා (බුන්යාමීන්)ව (පැත්තකට කැඳවා) වාඩි කරගෙන (ඔහුට) “නියත වශයෙන්ම මා ඔබගේ සහෝදරයා වන (යූසුෆ්)ය. මට මොවුන් කළ දැය ගැන ඔබ දුක් නොවනු” යයි (රහසින්) පැවසුවේය. (තවද “ඔබව නවතා ගැනීමට මා එක් උපායක් යොදන්නෙමි” යයි කීවේය).

යූසුෆ්ගේ සහෝදරයෝ යූසුෆ් වෙත ඇතුලු වූ කල්හි, ඔහුගේ එක කුස උපන් සහෝදරයා ද විය. ඔහුගේ එක කුස උපන් සහෝදරයා වැළඳ ගෙන, "ඇත්තෙන්ම මම එක කුස උපන් ඔබේ සහෝදරයා වෙමි. එහෙයින් ඔබේ සහෝදරයින් අවිධිමත් බුද්ධියකින් අපට එරෙහි ව දැක් වූ ක්රෝධය හා වේදනාවන් නිසාවෙන් හා ඔවුන් මා ළිඳට හෙළීම හේතුවෙන් ඔබ දුක් නොවනු." යැයි ඔහුට රහසින් පවසා සිටියේය.

70

فَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ جَعَلَ ٱلسِّقَايَةَ فِى رَحْلِ أَخِيهِ ثُمَّ أَذَّنَ مُؤَذِّنٌ أَيَّتُهَا ٱلْعِيرُ إِنَّكُمْ لَسَٰرِقُونَ

පසුව ඔවුන්ට අවශ්‍ය ධාන්‍ය පිළියෙල කරන විට, තමන්ගේ සහෝදර (බුන්යාමීන්)ගේ බරෙහි (එක් රත්‍රන්) බඳුණක් තැබුවේය. පසුව (ඔවුන් සමුගෙන ටික දුරක් යන විට) කෙනෙකු ඔවුන්ට “ඕ ඔටු තවලම් කරුවනි! නියත වශයෙන්ම ඔබලා හොරුන් වශයෙන් සිටින්නෙහුය” යයි ශබ්ද නගා කීවේය.

තම සහෝදරයා ව තමන් සමග රඳවා ගැනීමේ උපාය මාර්ගයක් ලෙස එක කුස උපන් තම සහෝදරයාගේ මල්ලට රජු විසින් ආහාර කිරන භාජනය ඔවුනට නොදැනෙන සේ දමන මෙන් තම සහෝදරයාගේ ඔටුවා මත භාණ්ඩ පටවන සේවකයින්හට යූසුෆ් නියෝග කළේය. තම නිවෙස් බලා නැවත හැරී ගමන් කරන කල්හි, නිවේදකයෙකු ඔවුන් ගිය මාර්ගයේ ගොස්, "අහෝ ආහාර භාණ්ඩ උසුලමින් ගමන් කරන ඔටු අයිතිකරුවනි! සැබැවින්ම නුඹලා සොරුන් වෙති" යැයි නිවේදනය කළේය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.