قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍۢ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٰٔنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ
(මෙයට සවන් දුන් රජ තුමා, එම කාන්තාවන්ව කැඳවා) ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට අවනත වන මෙන් ආරාධනා කළ අවස්ථාවේදී ඔබට කුමක් සිදු වුනේද?”යි විමසුවේය. (එයට) එම කාන්තාවන් “අල්ලාහ් අපව ආරක්ෂා කරනු මැනව! අපි ඔහු වෙත කිසිම නපුරක් තිඛෙණු දැන ගත්තේ නැත” යයි පැවසූහ. අසීස්ගේ බිරිඳ ‘සත්යය දැන්වත් එළිදරව් වූවා නොවෙද! (මින් පසුවත් සඟවා තබා ගැනීමෙන් ඵලක් නැත’ යයි අදහස් කර), “මමයි ඔහුට කැමති වී ආරාධනා කළේ. (තමන් ආරාධනා කළේ නැත යයි) නියත වශයෙන්ම ඔහු සත්යයම පැවසුවේය” යයි පැවසුවාය.
රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය.