Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 111

51

قَالَ مَا خَطْبُكُنَّ إِذْ رَٰوَدتُّنَّ يُوسُفَ عَن نَّفْسِهِۦ ۚ قُلْنَ حَٰشَ لِلَّهِ مَا عَلِمْنَا عَلَيْهِ مِن سُوٓءٍۢ ۚ قَالَتِ ٱمْرَأَتُ ٱلْعَزِيزِ ٱلْـَٰٔنَ حَصْحَصَ ٱلْحَقُّ أَنَا۠ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ وَإِنَّهُۥ لَمِنَ ٱلصَّٰدِقِينَ

(මෙයට සවන් දුන් රජ තුමා, එම කාන්තාවන්ව කැඳවා) ඔබ යූසුෆ්ව ඔබගේ කැමැත්තට අවනත වන මෙන් ආරාධනා කළ අවස්ථාවේදී ඔබට කුමක් සිදු වුනේද?”යි විමසුවේය. (එයට) එම කාන්තාවන් “අල්ලාහ් අපව ආරක්ෂා කරනු මැනව! අපි ඔහු වෙත කිසිම නපුරක් තිඛෙණු දැන ගත්තේ නැත” යයි පැවසූහ. අසීස්ගේ බිරිඳ ‘සත්‍යය දැන්වත් එළිදරව් වූවා නොවෙද! (මින් පසුවත් සඟවා තබා ගැනීමෙන් ඵලක් නැත’ යයි අදහස් කර), “මමයි ඔහුට කැමති වී ආරාධනා කළේ. (තමන් ආරාධනා කළේ නැත යයි) නියත වශයෙන්ම ඔහු සත්‍යයම පැවසුවේය” යයි පැවසුවාය.

රජු එම කාන්තාවන් සමග කතා කරමින්, "නුඹලා සමග අශීලාචාර ලෙස කටයුතු කිරීම සඳහා යූසුෆ්ගෙන් නුඹලා කූට ලෙස ඇරයුම් කළ අවස්ථාවේ නුඹලාගේ කරුණ කුමක් වීද?" යැයි විමසීය. අසීස්ගේ බිරිඳ තමන් කළ වරද පිළිගෙන, "දැන් සත්ය හෙළි වී ඇත. ඔහුව පොළඹවන්නට තැත් කළේ මමයි. කිසිවිටෙක ඔහු මා පොළඹවන්නට තැත් කළේ නැත. ඔහු පිළිබඳ මම කවර චෝදනාවක් කළේ ද ඒ සම්බන්ධයෙන් ඔහු නිර්දෝෂී යැයි ඉදිරිපත් කෙරන වාදයෙහි සැබැවින්ම ඔහු සත්යවාදියෙකු යැ"යි ඇය පැවසුවාය.

52

ذَٰلِكَ لِيَعْلَمَ أَنِّى لَمْ أَخُنْهُ بِٱلْغَيْبِ وَأَنَّ ٱللَّهَ لَا يَهْدِى كَيْدَ ٱلْخَآئِنِينَ

(මෙය ආරංචි වූ යූසුෆ් “පෙර සිදු වූ කාරණාවන් මෙසේ විභාග කරන මෙන් මා පැවසීමට) හේතුව: “නියත වශයෙන්ම (මගේ හාම්පුතා වන එතුමා) නොමැතිව සිටි අවස්ථාවේදී එතුමාට මා ද්‍රෝහිකමක් කළේ නැත යන්න එතුමා දැන ගන්නා අතර නියත වශයෙන්ම අල්ලාහ් ද්‍රෝහීන්ගේ කුමන්ත්‍රණ සිදු වීමට ඉඩ දෙන්නේ නැත යන්න (දැනුම්) දීම සඳහාය” (යයි පැවසුවේය).

අසීස්ගේ බිරිය, "ඔහු පොළඹවා ගන්නා ලද්දේ මා විසින් යැයි ද සැබැවින්ම ඔහු සත්යවාදියෙකි. ඔහු නැති තැන කිසිවිටෙක ඔහු ගැන යමක් ගොතා පවසා නැතැයි ද ඔහු දැන ගනු පිණිසය. ඔහුට අත් වූ දෑ මට පැහැදිලිය. සැබැවින්ම අල්ලාහ් බොරු කරන්නන් හා කුමන්ත්රණ කරන්නන්ට ආශිර්වාද නොකරනු ඇත."යැයි පැවසුවාය.

53

۞ وَمَآ أُبَرِّئُ نَفْسِىٓ ۚ إِنَّ ٱلنَّفْسَ لَأَمَّارَةٌۢ بِٱلسُّوٓءِ إِلَّا مَا رَحِمَ رَبِّىٓ ۚ إِنَّ رَبِّى غَفُورٌۭ رَّحِيمٌۭ

“තවද ‘මා පරිශූද්ධවන්තයෙකි’ යයි (මාව මම ම ප්‍රශංසා) කර ගැනීමට පැමිණියේ නැත. මන්දයත් මගේ දෙවියන් දයාව පහළ කළහොත් මිස, (මිනිසුන්ගේ) සිත් පාපයන් කරන මෙන් පොළඹවන්නට හැක්කක් වශයෙන්ම ඇත්තේය. නියත වශයෙන්ම මගේ දෙවියන් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තයෙකු වශයෙන් සිටින්නේය” (යයි කීවේය).

අසීස්ගේ බිරිය තවදුරටත් ඇයගේ ප්රකාශයේ, "නපුර අපේක්ෂා කිරීම සම්බන්ධ ව මම මා ගැන පිවිතුරු යැයි නොකියමි. එමගින් මාගේ ආත්මය පිවිතුරු කිරීමට ද අපේක්ෂා නොකරමි. ඊට හේතුව මිනිස් සිත් ඒවා ආශා කරන දෑ හා ඉසිලිය නොහැකි දුෂ්කරතා වෙත අධික ලෙස නැඹුරු වෙති. නමුත් අල්ලාහ් ආශිර්වාද කළ ආත්මාවන් හැර. ඔහු ඒවා නපුරු කටයුතුවලින් ආරක්ෂා කරයි. සැබැවින්ම මාගේ පරමාධිපති ඔහුගෙන් පාපක්ෂමාව අයැද සිටින්නාට සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය." පැවසුවාය.

54

وَقَالَ ٱلْمَلِكُ ٱئْتُونِى بِهِۦٓ أَسْتَخْلِصْهُ لِنَفْسِى ۖ فَلَمَّا كَلَّمَهُۥ قَالَ إِنَّكَ ٱلْيَوْمَ لَدَيْنَا مَكِينٌ أَمِينٌۭ

(යූසුෆ්ගේ ඥානය දැන ගත්) රජ තුමා “ඔහුව මා වෙත කැඳවාගෙන එනු. මා හට සමීපස්තයෙකු වශයෙන් ඔහුව මා පත් කර ගන්නෙමි” යයි පවසා (ඔහුව කැඳවාගෙන ඒමට සලස්වා) ඔහු සමග කතා කළ වහාම (ඔහුගේ දූරදර්ශී අදහස් දැක) “නියත වශයෙන්ම අද සිට අප වෙත ඉමහත් වූ ගෞරවයද, විශ්වාසයද අත් කර ගත්තෙහිය” යයි පැවසුවේය.

යූසුෆ්ගේ නිර්දෝෂීභාවය පැහැදිලි වී ඔහු ගැන දැනගත් කල්හි රජු තම සේවකයින් අමතා, "මට අවංක කෙනෙකු ලෙස මා ඔහු පත් කරනු වස් ඔහු මා වෙත රැගෙන එන්නැ"යි පැවසීය. එතුමා සමග කතා කළ කල්හි: එතුමාගේ බුද්ධිය හා දැනුම පිළිබඳ ඔහුට වැටහිණි. පසුව ඔහු එතුමාට, "අහෝ යූසුෆ්! සැබැවින්ම අද අප ඉදිරියේ ඔබට තත්ත්වයක් ඇත. එමෙන්ම විශ්වාස කරනු ලැබූ අයෙකු බවට ද පත් ව ඇත." යැයි පැවසිය.

55

قَالَ ٱجْعَلْنِى عَلَىٰ خَزَآئِنِ ٱلْأَرْضِ ۖ إِنِّى حَفِيظٌ عَلِيمٌۭ

(එයට) ඔහු “දේශීය ධාන්‍යාගාරයේ පාලකයා වශයෙන් මාව පත් කරනු (මැනව!) නියත වශයෙන්ම මා (ඒවා) ආරක්ෂා කර ගැනීමට හොඳින් දන්නෙකු වන්නෙමි” යයි පැවසුවේය. (ඒ අන්දමටම රජ තුමාද ඔහුව පත් කළේය).

"මිසර දේශයේ ආහාර හා භාණ්ඩාගාරයේ මුදල් ආරක්ෂා කිරීම සඳහා ඔබ මා පත් කරන්න. සැබැවින්ම මම විශ්වසනීය ආරක්ෂකයෙකි. එමෙන්ම ඔබ මට පරවන දෑ පිළිබඳ මම මනා දැනුමක් හා දැක්මක් ඇති කෙනෙකි" යැයි යූසුෆ් රජුට පවසා සිටියේය.

56

وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ يَتَبَوَّأُ مِنْهَا حَيْثُ يَشَآءُ ۚ نُصِيبُ بِرَحْمَتِنَا مَن نَّشَآءُ ۖ وَلَا نُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

යූසුෆ් එම රටේ තමන් කැමති සෑම තැනකම ගොස්, (කැමති කාරණාවන් කරමින්) සිටින විට, මේ අන්දමට මා ඔහුට පහසුකම් ලබා දුන්නෙමු. අපි අදහස් කරන අයට (මේ අන්දමටම) අපගේ වරප්‍රසාද ලබා දෙන්නෙමු. දැහැමි දැය කරන්නන්ගේ ඵලවිපාක අපි අපතේ හරින්නේ නැත.

සිරගෙයින් නිදහස හා නිර්දෝෂීභාවය අපි යූසුෆ් වෙත පිරිනැමුවාක් මෙන්ම මිසර දේශයේ තමන් අභිමත කරන කවර තැනකට හෝ ගොඩවීමටත් එහි පදිංචි වීමටත් අපි ඔහුට ඉඩකඩ සලසා දුනිමු. අපගේ ගැත්තන් අතරින් අපි අභිමත කරන්නන් හට මෙලොවෙහිම අපගේ ආශිර්වාදයෙන් අපි පිරිනමන්නෙමු. දැහැමියන්ගේ තිළිණ අපි අහිමි නොකරන්නෙමු. ඒවා කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස ඔවුනට පිරිනමන්නෙමු.

57

وَلَأَجْرُ ٱلْءَاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

එහෙත් (අපට) බිය වී කටයුතු කරන විශ්වාසවන්තයින්ට පරලොවදී (අපි ලබා දෙන) ඵලවිපාක නම්, (මීටත් වඩා) ඉතාමත් උසස්ය. (යූසුෆ් පැවසූ ආකාරයට ධාන්‍ය ආරක්ෂා කර තබමින් සිටියහ. නියඟයද ඇති විය).

අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී සිටින්නන් සඳහා හිමිවන මෙලොව තිළිණවලට වඩා මතුලොවෙහි ඔවුන් වෙනුවෙන් සූදානම් කර ඇති තිළිණ උතුම් වන්නේය.

58

وَجَآءَ إِخْوَةُ يُوسُفَ فَدَخَلُوا۟ عَلَيْهِ فَعَرَفَهُمْ وَهُمْ لَهُۥ مُنكِرُونَ

එබැවින් යූසුෆ්ගේ සහෝදරයින් (කන්ආන් හි සිට) පැමිණ ඔහු වෙත ගිය විට, ඔවුන්ව ඔහු (තමන්ගේ සහෝදරයින් යයි) දැන ගත්තේය. නමුත් ඔවුන් නම්, ඔහුව හඳුන ගත්තේ නැත.

යූසුෆ්ගේ සහෝදරයෝ ඔවුන් සතු භාණ්ඩ රැගෙන මිසර දේශය වෙත පැමිණ එහි ගොඩ බැස්සෝය. එවිට නියත වශයෙන්ම ඔවුන් තම සහෝදරයින් බව ඔහු දැනගත් නමුත් දිගු කලක් ගත වූ බැවින් හා ඔහුගේ හැඩරුව වෙනස් වී ඇති බැවින් ඔහු තම සහෝදරයා බව ඔවුන් දැන ගත්තේ නැත. එමෙන්ම ඔවුහු ඔහු ළිඳට හෙළන විට කුඩා දරුවකු වූ බැවිණි.

59

وَلَمَّا جَهَّزَهُم بِجَهَازِهِمْ قَالَ ٱئْتُونِى بِأَخٍۢ لَّكُم مِّنْ أَبِيكُمْ ۚ أَلَا تَرَوْنَ أَنِّىٓ أُوفِى ٱلْكَيْلَ وَأَنَا۠ خَيْرُ ٱلْمُنزِلِينَ

යූසුෆ් ඔවුන්ට (අවශ්‍ය) ධාන්‍ය පිළියෙල කර දී (තමන්ගේම සහෝදර බුන්යාමීන්ගේ සුව දුක් ඔවුන්ගෙන් ඉතාමත් සූක්ෂමව කතා බහ කර දැනගෙන “නැවත වරක් ඔබ පැමිණෙන්නේ නම්), එකම පියාගේ වන ඔබගේ සහෝදර (බුන්යාමීන්ව)ද මා වෙත කැඳවාගෙන එනු. (ඔබ අඩු මිලක් ගෙවුවා වුවද), නියත වශයෙන්ම මා ඔබට (ධාන්‍ය) පූරණ වශයෙන් ලබා දුන් අතර, ඉතාමත් උසස් අන්දමින් (ඔබට) සංග්‍රහ කිරීම ගැන ඔබ අවධානය නොකළෙහිද?”

ඔවුන් ඉල්ලා සිටි පරිදි ඔවුනට අවශ්ය ආහාර හා ඊට අමතර දෑ ද ඔහු ඔවුනට පිරිනැමූ කල්හි, තම පියාණන්ගෙන් වූ තවත් සහෝදරයෙක් සිටින බවත් ඔහු ව තම පියාණන් ළඟ තබා පැමිණි බවත් දන්වා සිටීමෙන් පසු ඔහු,"ඔබලාගේ පියාණන් ගෙන් වූ ඔබලාගේ සහෝදරයා ව මා වෙත ගෙන එන්න. මා ඔටුවෙක් බරට අධිකව නුඹලාට වස්තුව ලබා දෙන්නම්. කිසිදු අඩුවකින් තොර ව පූර්ණ ලෙස මා මැන දෙනු නුඹලා නොදුටුවෙහු ද? ආගන්තුකයින්ට සත්කාර කරන්නන් අතරින් මා විශිෂ්ඨයෙකු වෙමි." යැයි පවසා සිටියේය.

60

فَإِن لَّمْ تَأْتُونِى بِهِۦ فَلَا كَيْلَ لَكُمْ عِندِى وَلَا تَقْرَبُونِ

“ඔබ ඔහුව මා වෙත නොගෙනාවහොත් මා වෙත ඇති ධාන්‍ය ඔබට මැන දීමට නොහැකිය. ඔබට මා වෙත ළඟා වීමටද නොහැකිය” යයි පැවසුවේය.

"නමුත් නුඹලා ඔහු මා වෙත රැගෙන නොආවෙහු නම්, සැබැවින්ම නුඹලාට පියාණන්ගෙන් වූ සහෝදරයෙක් සිටින බවට නුඹලා පවසන වාදයෙහි නුඹලා බොරුකාරයින් බව පැහැදිලි වනු ඇත. එවිට මම නුඹලාට ආහාර කිරා නොදෙමි. ඉන්පසු නුඹලා මාගේ දේශයට ළං නොවනු."

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.