يَٰصَىٰحِبَىِ ٱلسِّجْنِ أَمَّآ أَحَدُكُمَا فَيَسْقِى رَبَّهُۥ خَمْرًۭا ۖ وَأَمَّا ٱلْءَاخَرُ فَيُصْلَبُ فَتَأْكُلُ ٱلطَّيْرُ مِن رَّأْسِهِۦ ۚ قُضِىَ ٱلْأَمْرُ ٱلَّذِى فِيهِ تَسْتَفْتِيَانِ
(නැවතත් ඔවුන්ට) “සිර ගෙයි සිටින මගේ මිතුරන් දෙදෙන! (ඔබගේ සිහිනයන්ගේ ඵලවිපාක නම්), ඔබගෙන් කෙනෙකු (නිදහස් වී, ඔහු කළින් කරමින් සිටි වැඩ කටයුත්තද බාර ගෙන, කළින් මෙන්ම) තම හාම්පුතාට මිදි යුෂ පොවමින් සිටිනු ඇත. අනිත් කෙනා නම්, කුරුසයෙහි තබා ඇන ගසනු ලැබ, ඔහුගේ හිස (කපුටන්, උකුස්සන් වැනි) පක්ෂීන් (කොට කොටා) අනුභව කරනු ඇත. ඔබ ඉල්ලා සිටි පැහැදිලි කිරීම නම්, (සිහිනයන්ගේ) ඵලවිපාක නියම කරනු ලැබීය. (එසේ අනිවායදැයෙන්ම සිදු වනු ඇත)” යයිද පැවසුවේය.
‘අහෝ සිරගත මාගේ මිතුරන් දෙදෙන! තමන් අතර මද්යසාර බවට පත් වන තෙක් මිදි පෙරන බවට සිහින දුටු අය වනාහි, සැබැවින් ඔහු සිරගෙයින් නිදහස් වන අතර ඔහුගේ එම රැකියාව වෙත ඔහු නැවත යොමු වෙයි. රජුටත් පානය කිරීමට පෙරා දෙයි. නමුත් තම හිසට ඉහළින් රොටියක් ඔසවාගෙන යන විට පක්ෂීන් එයින් අනුභව කිරීම සිහිනෙන් දුටු අය වනාහි සැබැවින්ම ඔහු ඝාතනය කරනු ලැබ කුරුසියේ දමා ඇණ ගසනු ලබයි. ඔහුගේ හිසේ ඇති මාංශ පක්ෂීන් විසින් කා දමති. සිහිනය සඳහා පලාපළ කියන මෙන් නුඹලා දෙදෙනා ඉල්ලා සිටි විෂය අවසන් විය. එය පූර්ණ විය. කිසිදු සැකයකින් තොර ව එය සිදුවන්නෙකි.’ යැයි යූසුෆ් පැවසීය.