Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 111

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْمُبِينِ

අලිෆ්. ලාම්. රා. මේවා පැහැදිලි වූ එම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය.

(අලිෆ්, ලාම්, රා) මෙම අක්ෂර මාළා භාවිතය හා ඒ පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයෙහි සඳහන් කර ඇත. මෙම සූරාවෙහි පහළ කරනු ලැබූ මෙම පාඨ පැහැදිලි සංඥාවන් අන්තර්ගතව ඇති පැහැදිළි කුර්ආනයේ පාඨ වේ.

2

إِنَّآ أَنزَلْنَٰهُ قُرْءَٰنًا عَرَبِيًّۭا لَّعَلَّكُمْ تَعْقِلُونَ

(අරාබිවරුණි!) ඔබ හොඳින් දැන ගැනීම පිණිස කුර්ආනය නමැති මෙම (ධර්මය) නියත වශයෙන්ම අපිම (ඔබගේ) අරාබි භාෂාවෙන් පහළ කළෙමු.

අරාබිවරුනි! නුඹලා අල් කුර්ආනය වටහා ගත හැකි වනු පිණිස සැබැවින් අපි අල් කුර්ආනය අරාබි බසින් පහළ කළෙමු.

3

نَحْنُ نَقُصُّ عَلَيْكَ أَحْسَنَ ٱلْقَصَصِ بِمَآ أَوْحَيْنَآ إِلَيْكَ هَٰذَا ٱلْقُرْءَانَ وَإِن كُنتَ مِن قَبْلِهِۦ لَمِنَ ٱلْغَٰفِلِينَ

(නබියේ!) වහී මගින් අපි ඔබට දැනුම් දෙන මෙම කුර්ආනය මගින් ඉතිහාසයන්ගෙන් ඉතාමත් අලංකාරවත් එකක් ඔබට අපි පවසන්නෙමු. මෙයට පෙර නියත වශයෙන්ම ඔබ (මෙය) නොදැනුවත් කෙනෙකු වශයෙන්ම සිටියෙහිය.

අහෝ දූතය! මෙම අල් කුර්ආනය නුඹ වෙත පහළ කිරීම තුළින් ඉතා අලංකාර ලෙස එහි සත්යතාව පදනම් කර ගනිමින් හා එහි වචන හා සාහිත්යය නිවැරදි ලෙස හසුරුවමින් නුඹ වෙත අපි මෙම කතා වස්තු පවසන්නෙමු. තවද සැබැවින්ම මෙය පහළ කිරීමට පෙර නුඹ මෙම කතාන්තර ගැන සැලකිලිමත් නොවීය. එමෙන්ම ඒ පිළිබඳ දැනුමක් ද නුඹට නොවීය

4

إِذْ قَالَ يُوسُفُ لِأَبِيهِ يَٰٓأَبَتِ إِنِّى رَأَيْتُ أَحَدَ عَشَرَ كَوْكَبًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ رَأَيْتُهُمْ لِى سَٰجِدِينَ

යූසුෆ් (නබි, යාකූබ් නබි වන) තමන්ගේ පියාට “මගේ පියාණෙනි! තාරකා එකොළහක්ද, සූයදැයාද, චන්ද්‍රයාද ඇත්තෙන්ම මා හට සුජූද් කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසූ අවස්ථාවේදී

අහෝ දූතය! යූසුෆ් තුමා තම පියාණන් යඃකූබ් සමග කතා කළ අවස්ථාව අපි නුඹට මෙසේ පවසමු. “මාගේ පියාණනි! සැබැවින්ම මා සිහිනෙන් ග්රහ තාරකා එකොළහක් දුටුවෙමි. එමෙන්ම හිරු හා සඳු ද දුටුවෙමි. ඒ සෑම එකක්ම මට හිස නමනු ද දුටුවෙමි." මෙය යූසුෆ් අලයිහිස් සලාම් තුමාට කල් ඇතිව දැනුම් දුන් සුබ පණිවිඩයක හීනයක් විය.

5

قَالَ يَٰبُنَىَّ لَا تَقْصُصْ رُءْيَاكَ عَلَىٰٓ إِخْوَتِكَ فَيَكِيدُوا۟ لَكَ كَيْدًا ۖ إِنَّ ٱلشَّيْطَٰنَ لِلْإِنسَٰنِ عَدُوٌّۭ مُّبِينٌۭ

(යාකූබ් නබි, යූසුෆ් නබිට) “මගේ ආදරණීය පුතුනේ! ඔබ දුටු සිහිනය ඔබගේ සහෝදරයින්ට නොපවසනු. (එසේ පැවසුවහොත්) ඔවුන් ඔබට විපතක් කිරීමට කුමන්ත්‍රණ කරනු ඇත. මන්දයත් නියත වශයෙන්ම ෂෙයිතාන් මිනිසුන්ට ප්‍රකට සතුරෙකු වශයෙන් සිටින්නේය. (කුමන්ත්‍රණ කරන මෙන් ඔවුන්ව මොහු පොළඹවන්නට ඉඩ ඇත)” යයි පැවසුවේය.

යඃකූබ් තුමා තම පුතු යූසුෆ්ට, "මාගේ පුතණුවනි! නුඹේ සිහිනය නුඹ නුඹේ සහෝදරයින්ට සිහිපත් නොකරනු. එවිට ඔවුන් එය වටහා ගෙන නුඹට ඊර්ෂ්යා කරති. ඔවුන් තුළ ඇති ඊර්ෂ්යාව හේතුවෙන් නුඹට කුමන්ත්රණක් ද සැලසුම් කරනු ඇත. සැබැවින්ම ෂෙයිතාන් මිනිසුන්ට පැහැදිලි සතුරෙකි.

6

وَكَذَٰلِكَ يَجْتَبِيكَ رَبُّكَ وَيُعَلِّمُكَ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ وَيُتِمُّ نِعْمَتَهُۥ عَلَيْكَ وَعَلَىٰٓ ءَالِ يَعْقُوبَ كَمَآ أَتَمَّهَا عَلَىٰٓ أَبَوَيْكَ مِن قَبْلُ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ ۚ إِنَّ رَبَّكَ عَلِيمٌ حَكِيمٌۭ

තවද “(ඔබ සිහිනෙන් දුටු) මේ අන්දමටම ඔබගේ දෙවියන් ඔබව තෝරාගෙන, සිහිනයන්ගේ අර්ථ දැක්වීම්ද, ඔබට උගන්වා දී, ඔබ කෙරෙහිද, යාකූබ්ගේ (අනිත්) පවුලේ උදවිය කෙරෙහිද, ඔහු තමන්ගේ වරප්‍රසාදයන් පූරණය කර තබනු ඇත. මේ අන්දමටම මෙයට පෙර ඉබ්රාහීම්, ඉස්හාක් ආදී ඔබගේ මුතුන් මිත්තන් දෙදෙනා කෙරෙහිද (තමන්ගේ වරප්‍රසාදය වන) එය පූරණය කර තැබුවේය. නියත වශයෙන්ම ඔබගේ දෙවියන් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානය අයත් අයෙකු වශයෙන් සිටින්නේය” (යයිද පැවසුවේය).

අහෝ යූසුෆ්! නුඹ එම සිහිනය දුටුවාක් මෙන් නුඹේ පරමාධිපති නුඹ ව තෝරා ගෙන සිහිනවලට පලාඵල කීමේ දැනුම නුඹට ඔහු උගන්වනු ඇත. නුඹට පෙර සිටි නුඹේ පියවරුන් දෙපොළක් වන ඉබ්රාහීම් හා ඉස්හාක්ට ඔහුගේ ආශිර්වාදය පූර්ණ කළාක් මෙන්ම නුඹ වෙත ද දූත මෙහෙයේ ආශිර්වාදය ඔහු පූර්ණ කරනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති ඔහුගේ මැවීම් පිළිබඳ මැනවින් දන්නාය. ඒවා සැළසුම් කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

7

۞ لَّقَدْ كَانَ فِى يُوسُفَ وَإِخْوَتِهِۦٓ ءَايَٰتٌۭ لِّلسَّآئِلِينَ

(නබියේ! සත්‍යය) විමසන්නන්ට නියත වශයෙන්ම යූසුෆ්ගේ (ඉතිහාසයෙහි)ද ඔහුගේ සහෝදරයින්ගේ (ඉතිහාසයෙහි)ද බොහොමයක් පාඩම් ඇත්තේය.

යූසුෆ්ගේ කතාවෙහි සහ ඔහුගේ සහෝදරයින්ගේ කතාවෙහි ඒ ගැන විමසා සිටින්නන්හට පාඩමක් හා උපදේශන විය.

8

إِذْ قَالُوا۟ لَيُوسُفُ وَأَخُوهُ أَحَبُّ إِلَىٰٓ أَبِينَا مِنَّا وَنَحْنُ عُصْبَةٌ إِنَّ أَبَانَا لَفِى ضَلَٰلٍۢ مُّبِينٍ

(යාකූබ් නබි තම පුතුන් ෙදාළොස් දෙනාගෙන් යූසුෆ්වද, බුන්යාමීන්වද අධික වශයෙන් ආදරය කිරීම ගැන අවධානය කළ අනිත් පුතුන් ඊර්ෂ්‍යා කර) “අපි ශක්තිවන්තයින් වශයෙන් සිටියදී යූසුෆ්ද, ඔහුගේ සහෝදරයාද අපගේ පියාට අපට වඩා අධික වශයෙන් කැමැත්තට පාත්‍ර වූවන් වශයෙන් සිටින්නාහ. (මෙහි) අපගේ පියා නියත වශයෙන්ම ප්‍රකට වැරැද්දෙහි සිටින්නේය”.

ඔහුගේ සහෝදරයින් ඔවුන් අතර කතා කර ගන්නා අවස්ථාවේ, "අපි නියමිත සංඛ්යාවකින් යුත් කණ්ඩායමක් ලෙස සිටියදී, අපගේ පියාණන්ට යූසුෆ් හා ඔහුගේ එක කුස උපන් සහෝදරයා අපට වඩා ප්රිය මනාප වී ඇත. අපට වඩා ඔවුන් දෙදෙනා උසස් වනුයේ කෙසේද? අපට මතුපිටින් පෙනෙන කිසිදු සාධකයක් නොමැති ව අපට වඩා ඔවුන් දෙදෙනා ඔහු උසස් ලෙස සලකන අවස්ථාවේ සැබැවින්ම ඔහු පැහැදිලි වරදක සිටිනු අපි දකින්නෙමු." යැයි කීහ.

9

ٱقْتُلُوا۟ يُوسُفَ أَوِ ٱطْرَحُوهُ أَرْضًۭا يَخْلُ لَكُمْ وَجْهُ أَبِيكُمْ وَتَكُونُوا۟ مِنۢ بَعْدِهِۦ قَوْمًۭا صَٰلِحِينَ

“(එබැවින්) යූසුෆ්ව මරා දමනු. නැතහොත් භූමියෙහි කොහේ හෝ තැනකට පහ කර හරිනු. (ඉන් පසුව) ඔබගේ පියාගේ බැල්ම සම්පූර්ණයෙන්ම ඔබ දෙසටම හැරී සිටිනු ඇත! මින් පසුව ඔබ (දෙවියන්ගෙන් සමාව ඉල්ලාගෙන) හොඳ මිනිසුන් බවට පත් වනු” යයි පැවසූහ.

"නුඹලා යූසූෆ් ව මරා දමනු. එසේ නැතහොත් මහපොළොවේ අන්තයක ඔහු ව අවතැන් කරනු. එවිට නුඹලාගේ පියාණන්ගේ අවධානය නුඹලා වෙත පමණක් ඇති වී ඔහු නුඹලාට පූර්ණ ලෙස ප්රිය කරනු ඇත. නුඹලා ඔහු ඝාතනය කිරීමට හෝ ඔහුව අවතැන් කිරීමට හෝ ඉදිරිපත් වීමෙන් පසු නුඹලාගේ පාපය සඳහා නුඹලා පශ්චාත්තාප වී සිටින්නෙහු නම් නුඹලා දැහැමි පිරිසක් බවට පත් වනු ඇත."

10

قَالَ قَآئِلٌۭ مِّنْهُمْ لَا تَقْتُلُوا۟ يُوسُفَ وَأَلْقُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ يَلْتَقِطْهُ بَعْضُ ٱلسَّيَّارَةِ إِن كُنتُمْ فَٰعِلِينَ

(එයට) ඔවුන්ගෙන් කෙනෙකු “යූසුෆ්ව ඔබ මරා නොදමනු. ඔබ (ඔහුට) යම්කිසි (විපතක්) අනිවායදැයෙන්ම කළ යුතුය යයි අදහස් කරන්නේ නම්, ගැඹුරු පාලූ ලිඳකට ඔහුව වීසි කර දමනු. මැඟියන් කවුරුන් හෝ ඔහුව (ලිෙඳන් එළියට) ගැනීමට ඉඩ ඇත” යයි පැවසුවේය.

සහෝදරයින් අතරින් කෙනෙකු, "නුඹලා ඔහු ගැන පවසන දෑහි තිරසාර ලෙස සිටින්නෙහු නම්, නුඹලා යූසුෆ් ව ඝාතනය නොකරනු. ඒ වෙනුවට ඔහු ව ළිං පතුලකට විසි කරනු. එවිට ඒ අසළින් ගමන් කරන මගීන් කිසිවෙකු හෝ ඔහු රැගෙන යනු ඇත. මෙය ඔහු ව ඝාතනය කිරීමට වඩා අවම හිංසනයකි." යැයි පැවසීය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.