Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 111

31

فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًۭٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍۢ مِّنْهُنَّ سِكِّينًۭا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَآ إِلَّا مَلَكٌۭ كَرِيمٌۭ

(එම) කාන්තාවන්ගේ (මෙම) නින්දිත කතා වලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් භෝජණ සංග්‍රහයකට එක්රැස් කර, එයට ඔවුන්ව ආරාධනා කළාය. එහි පැමිණි සෑම කෙනෙකුටම (පලතුරක් බැගින්ද, එය කපා අනුභව කිරීමට) පිහියක්ද දී ඔහුව (ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් කර), “ඔවුන් ඉදිරියෙන් ගමන් කරනු” යයි පැවසුවාය. ඔහුව එම කාන්තාවන් දුටු වහාම (ඔහුගේ පෙනුම දැක), ඔහුට නමස්කාර කර (අන්දමන්ද වී පලතුර කැපීම වෙනුවට) තමන්ගේ අත් (ඇඟිලි) කපා ගනිමින් “අල්ලාහ් අපිව ආරක්ෂා කර ගනු මැනව! මොහු මිනිසෙකු නොව; මොහු (සියල්ලන්ගේම මනස ආකර්ෂණය කළ හැකි) ශ්‍රේෂ්ඨ මලායිකාවරයෙකු මිස, වෙන කිසිවෙක් නොව” යයි පැවසූහ.

අසීස්ගේ බිරිය, තමන්ට එරෙහි ව ඔවුන්ගේ හෙළා දැකීම හා ඔවුන් කළ චෝදනාවට සවන් දුන් කල්හි, ඔවුන් යූසුෆ් ගැන දැන, තමන් වෙත නිදහසට කරුණු පෙන්වීම සඳහා ඔවුන් කැඳවා එනමෙන් ඇරයුම් කළාය. ඔවුන්ගේ ස්ථානයේ මෙට්ට හා කොට්ට ද සූදානම් කර තැබීය. චෝදනා කළ සෑම කාන්තාවකටම ආහාර කැපීම සඳහා පිහියක් ද අතට දුන්නාය. පසුව ඇය යූසුෆ්ට, "‘ඔබ ඔවුන් ඉදිරියට යනු" යැයි පැවසුවාය. ඔවුන් ඔහු දුටු කල්හි ඔහු ගැන අගය කොට කතා කරන්නට වූවෝය. ඔහුගේ අලංකාරය හේතුවෙන් තිගැස්සී ගියෝය. ඔහුගේ අලංකාරය ගැන මවිතයට පත් වූවෝය. ඔවුන් දැඩි ලෙස මවිතයට පත් ව සිටි බැවින් ආහාර භෝජන කැපීම සඳහා සූදානම් කර තැබූ පිහිවලින් ඔවුන්ගේ අත් තුවාල කර ගත්හ. තවද "අල්ලාහ් සුවිශුද්ධය, මෙම දරුවා මිනිසෙකු නොවේ. ඔහු තුළ තිබූ අලංකාරය මිනිසුන් තුළ දකින්නට පුළුවන් කමක් නැත. ඔහු ගෞරවනීය දේව දූතයින් අතර සිටින සම්භාවනීය දූතයකු මිස නැත." යැයි පවසා සිටියහ.

32

قَالَتْ فَذَٰلِكُنَّ ٱلَّذِى لُمْتُنَّنِى فِيهِ ۖ وَلَقَدْ رَٰوَدتُّهُۥ عَن نَّفْسِهِۦ فَٱسْتَعْصَمَ ۖ وَلَئِن لَّمْ يَفْعَلْ مَآ ءَامُرُهُۥ لَيُسْجَنَنَّ وَلَيَكُونًۭا مِّنَ ٱلصَّٰغِرِينَ

එයට ඇය “ඔබ කවුරුන් ගැන මාව නින්දා කළේද, ඔහු මොහුය. නියත වශයෙන්ම මමයි ඔහුව මා හට අවනත වන මෙන් බල කළේ. එහෙත් ඔහු මගෙන් බේරී ගියේය. මින් පසුවත් මා කියන දැය නොකළහොත් නියත වශයෙන්ම ඔහුව සිර ගත කොට නින්දා කරනු ලබනු ඇත” යයි පැවසුවාය.

අසීස්ගේ බිරිය ඔවුනට අත් වූ ඉරණම දුටු කල්හි, ඇය, "ඔහු කෙරෙහි මා පෙමින් බැඳුණු හේතුවෙන් නුඹලා මට දොස් නගා සිටි තරුණයා මොහුය. මම ඔහු ව පැතුවෙමි. ඔහු රවටා ග්රහණය කරන්නට බැලුවෙමි. නමුත් ඔහු වැළකී සිටියේය. ඉදිරියේදී මා පතන දෑ ඔහු සිදු නොකළේ නම් මම ඔහු සිරගෙයට යවමි" යැයි පැවසුවාය. (අවසානයේ) ඔවුහු යටහත් පහත් වූහ.

33

قَالَ رَبِّ ٱلسِّجْنُ أَحَبُّ إِلَىَّ مِمَّا يَدْعُونَنِىٓ إِلَيْهِ ۖ وَإِلَّا تَصْرِفْ عَنِّى كَيْدَهُنَّ أَصْبُ إِلَيْهِنَّ وَأَكُن مِّنَ ٱلْجَٰهِلِينَ

එයට ඔහු “මගේ දෙවියනේ! ඔවුන් මාව ආරාධනා කරන (මෙම නපුරු) කාරණාවට වඩා සිර කූඩුවම මා කැමති වන්නෙමි. එබැවින් මෙම කාන්තාවන්ගේ කුමන්ත්‍රණයෙන් ඔබ මාව වළක්වා නොගතහොත් මෙම කාන්තාවන්ට පැටළී (පාපයන් කරන) අඥානයින්ගෙන් මමත් කෙනෙකු බවට පත් වනු ඇත” යයි ප්‍රාර්ථනා කළේය.

යූසුෆ් (අලයිහිස් සලාම්) තුමා තම පරමාධිපති වෙත ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණනි! කවර අශිලාචාර ක්රියාවකට ඔවුන් ඇරයුම් කර සිටින්නේ ද එයට වඩා ඔවුන් මට තර්ජනය කරන සිරගෙය මට ප්රිය මනාපය. ඔවුන්ගේ කුමන්ත්රණයෙන් නුඹ මා බැහැර නොකළේ නම් මා ඔවුන් වෙත නැඹුරුවන්නට සිදු වනු ඇත. එසේ මා ඔවුන් වෙත නැඹුරු වී ඔවුන් පතන දෑට මා ඔවුනට යටත් වූයේ නම් මා අඥානයින් අතරට පත් වෙමි." යැයි පැවසීය.

34

فَٱسْتَجَابَ لَهُۥ رَبُّهُۥ فَصَرَفَ عَنْهُ كَيْدَهُنَّ ۚ إِنَّهُۥ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

ඔහුගේ ප්‍රාර්ථනාව ඔහුගේ දෙවියන් බාර ගෙන, නියත වශයෙන්ම ඔහු (අල්ලාහ්) සවන් දෙන්නෙකු වශයෙන් හා සියල්ල හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

ඔහුගේ ප්රාර්ථනාවට අල්ලාහ් පිළිතුරු දුන්නේය. අසීස්ගේ බිරිඳගේ කුමන්ත්රණයෙන් හා නගරයේ විසූ කාන්තාවන්ගේ කුමන්ත්රණයෙන් ඔහු ඔහු ව මුදවා ගත්තේය. සැබැවින්ම උත්තරීතර ඔහු යූසුෆ්ගේ ප්රාර්ථනාවට හා ඔහුගෙන් ප්රාර්ථනා කරන සෑම කෙනෙකුගේ ප්රාර්ථනාවන්ට සවන් දෙන්නාය. ඔහුගේ තත්ත්වය හා සෙසු අයගේ තත්ත්වයන් පිළිබඳ ඔහු සර්වඥානීය.

35

ثُمَّ بَدَا لَهُم مِّنۢ بَعْدِ مَا رَأَوُا۟ ٱلْءَايَٰتِ لَيَسْجُنُنَّهُۥ حَتَّىٰ حِينٍۢ

(යූසුෆ් නිර්දෝශී යන්නට අයත්) සාක්ෂීන් ඔහු දුටුවායින් පසුව, (මෙම සිද්ධිය ගැන කුමක් කළ හැකිදැයි ඔවුන් සාකච්ඡා කළහ. ඔවුන්ගේ බැල්මෙන් යූසුෆ්ව සඟවා තැබීමම අගනේය යයි අදහස් කර, ඒ වෙනුවෙන්) ටික කලකට ඔහුව සිර ගත කර තැබීමම සුදුසු යයි ඔවුන්ට හැඟූණි.(එබැවින් ඔහුව සිර මැදිරියට යැවූහ).

අනතුරුව එතුමාගේ නිර්දෝෂීභාවය ඔප්පු කරන සාක්ෂි හා සාධක අසීස් හා ඔහුගේ පිරිස දුටුව ද - ඔවුනට අත්වන අපකීර්තිය හෙළි නොවන පරිදි - නියම නොකළ කාලයක් දක්වා ඔහු ව සිරගත කිරීම ඔවුහු අදහස් කළෝය.

36

وَدَخَلَ مَعَهُ ٱلسِّجْنَ فَتَيَانِ ۖ قَالَ أَحَدُهُمَآ إِنِّىٓ أَرَىٰنِىٓ أَعْصِرُ خَمْرًۭا ۖ وَقَالَ ٱلْءَاخَرُ إِنِّىٓ أَرَىٰنِىٓ أَحْمِلُ فَوْقَ رَأْسِى خُبْزًۭا تَأْكُلُ ٱلطَّيْرُ مِنْهُ ۖ نَبِّئْنَا بِتَأْوِيلِهِۦٓ ۖ إِنَّا نَرَىٰكَ مِنَ ٱلْمُحْسِنِينَ

(ඔහු සිරයට ගිය අවස්ථාවේදී, විවිධ වැරදි සඳහා තවත්) තරුණයින් දෙදෙනෙකු ඔහු සමග සිර ගත වූහ. ඒ දෙදෙනාගෙන් කෙනෙකු (දිනක් යූසුෆ්ට) “ඇත්තෙන්ම මා මිදි යුෂ මිරිකමින් සිටිනු (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසුවේය. අනිත් කෙනා “ඇත්තෙන්ම මා මගේ හිසෙහි රොටී ටිකක් ඔසවාගෙන යමින්ද, ඒවා පක්ෂීන් (පැමිණ කොට කොටා) අනුභව කරනු මා (සිහිනෙන්) දුටුවෙමි” යයි පැවසීමෙන් අනතුරුව, (යූසුෆ්ට) “නියත වශයෙන්ම අපි ඔබව ඉතාමත් (ඥානයෙන් පිරි) හොඳ මිනිසෙකු වශයෙන්ම දකින්නෙමු. (එබැවින්) මෙම සිහිනයන්ගේ පැහැදිලි කිරීමක් ඔබ, අපට ලබා දෙනු මැනව!” (යයි පැවසුවේය).

පසුව ඔවුහු ඔහු ව සිරගත කළෝය. ඔහු සමග තවත් ගැටවරයන් දෙදෙනෙකු සිරගෙයට පිවිසුණහ. එම ගැටවරයින් දෙදෙනාගෙන් එක් අයකු යූසුෆ්ට: ‘සැබැවින්ම මම මිදි පෙරා මත්ද්රව්ය නිශ්පාදනය කරන සිහිනයක් දුටිමි’ යැයි පැවසුවේය. දෙවැන්නා: ‘සැබැවින්ම මම මාගේ හිසට ඉහළින් රොටියක් උසුලාගෙන යමින් සිටිය දී එය පක්ෂීන් විසින් අනුභව කරන සිහිනයක් දුටිමි යැයි පැවසීය. අපි දුටු සිහිනයන් පිළිබඳ විස්තර අපට දන්වා සිටිනු. සැබැවින්ම නුඹ දැහැමියන් අතර සිටිනු අපි දකින්නෙමු." යැයි පැවසුහ.

37

قَالَ لَا يَأْتِيكُمَا طَعَامٌۭ تُرْزَقَانِهِۦٓ إِلَّا نَبَّأْتُكُمَا بِتَأْوِيلِهِۦ قَبْلَ أَن يَأْتِيَكُمَا ۚ ذَٰلِكُمَا مِمَّا عَلَّمَنِى رَبِّىٓ ۚ إِنِّى تَرَكْتُ مِلَّةَ قَوْمٍۢ لَّا يُؤْمِنُونَ بِٱللَّهِ وَهُم بِٱلْءَاخِرَةِ هُمْ كَٰفِرُونَ

(එයට යූසුෆ් ඔවුන්ට) “ඔබ අනුභව කළ හැකි ආහාර (පිටතින්) ඔබ වෙත පැමිණ සේන්දු වීමට (පෙර)ද, (එම සිහිනයන්හි) ඵලවිපාක ඔබ අත් කර ගැනීමට පෙරද, (එය) මා ඔබට දැනුම් දෙන්නෙමි. (සිහිනයන්ට පැහැදිලි කිරීමක් කරන) මෙය, මගේ දෙවියන්ම මා හට උගන්වා දී ඇත්තේය. මන්දයත් අල්ලාහ්ව විශ්වාස නොකර පරලොවද ප්‍රතික්ෂේප කරන ජනතාවගේ ධර්මය නියත වශයෙන්ම මා අත්හැර දැමුවෙමි”.

යූසුෆ් තුමා, "රජුගෙන් හෝ වෙනත් කිසිවෙකුගෙන් නුඹලා වෙත පැමිණිය යුතු ආහාර නුඹලා වෙත නොපැමිණෙන නමුත් නුඹලා දෙදෙනා වෙත ඒවා පැමිණීමට පෙර එහි යථාර්ථය හා එහි ආකාරය පිළිබඳ මම නුඹලා දෙදෙනාට විස්තර කරමි. මා දැනගෙන නුඹලා දෙදෙනාට දැනුම් දුන් යථාර්ථයන් මාගේ පරමාධිපති මට ඉගැන්වූ මිස හූනියම්කරුවන්ගෙන් හෝ තාරකා සාස්ත්ර පවසන්නන්ගෙන් නොවේ. අල්ලාහ් ව විශ්වාස නොකරන ජනයාගේ පිළිවෙත සැබැවින්ම මම අත හැරියෙමි. ඔවුන් පරමාන්ත දිනය පිළිබඳ ප්රතික්ෂේප කරන්නෝ වෙති." යැයි පැවසීය.

38

وَٱتَّبَعْتُ مِلَّةَ ءَابَآءِىٓ إِبْرَٰهِيمَ وَإِسْحَٰقَ وَيَعْقُوبَ ۚ مَا كَانَ لَنَآ أَن نُّشْرِكَ بِٱللَّهِ مِن شَىْءٍۢ ۚ ذَٰلِكَ مِن فَضْلِ ٱللَّهِ عَلَيْنَا وَعَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَشْكُرُونَ

“තවද මගේ මුතුන් මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක්, යාකූබ් ආදී මොවුන්ගේ ධර්මයම මා අනුගමනය කරමින් සිටින්නෙමි. (එබැවින්) අල්ලාහ්ට කිසිවක් අපි සමානයන් වශයෙන් තැබීම අපට සුදුසු දැයක් නොව. මෙය (මෙම ප්‍රතිපත්තිය මත සිටීම) අප කෙරෙහිද, අන් ජනතාව කෙරෙහිද අල්ලාහ් පහළ කළ එක් වරප්‍රසාදයක් වන්නේය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (අල්ලාහ්ගේ වරප්‍රසාදයන්ට) කෘතඥ වන්නේ නැත”.

මම මාගේ මුතුන්මිත්තන් වන ඉබ්රාහීම්, ඉස්හාක් හා යඃකූබ්ගේ දහම් පිළිවෙත අනුගමනය කළෙමි. එය අල්ලාහ්ගේ ඒකීයත්වයේ දහම් පිළිවෙතයි. අල්ලාහ්ට වෙනත් කෙනෙකු ආදේශ කිරීම අපට සුදුසු නැත. ඔහු ඒකීයත්වය පදනම් කරගත් ඛේවලය. මා හා මාගේ මුතුන් මිත්තන් සිටි තව්හීද් හෙවත් ඒකීයත්වය හා ඊමාන් හෙවත් දේව විශ්වාසය වනාහි අප වෙත පිරිනමන ලද අල්ලාහ්ගෙන් වූ භාග්යකි. අපි එය ආශිර්වාදයක් ලෙස ගනිමු. එමෙන්ම එය, ඒ සමගම නබිවරුන් එවීමෙන් සමස්ත ජනයා වෙත පිරිනැමූ ඔහුගෙන් වූ භාග්යකි. නමුත් ජනයා අතරින් බොහෝ දෙනා අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කතඥපූර්වක නොවෙති. ඔවුහු ඔහුට ගුණමකු වෙති.

39

يَٰصَىٰحِبَىِ ٱلسِّجْنِ ءَأَرْبَابٌۭ مُّتَفَرِّقُونَ خَيْرٌ أَمِ ٱللَّهُ ٱلْوَٰحِدُ ٱلْقَهَّارُ

“සිර මැදිරියේ සිටින මගේ මිතුරන් දෙදෙන! (කිසිම ශක්තියක් නොමැති) විවිධ දෙවිවරුන් උසස්ද? නැතහොත් (සියල්ලන්වම) යටහත් පහත් කර පාලනය කරන (එකම හිමි වන) අල්ලාහ් එක් කෙනෙකුම උසස්ද?”

පසුව සිරගත වූ ගැටවරයින් දෙදෙනා සමග යූසුෆ් කතා කළේය: "විවිධ දෙවිවරුන්ට ගැතිකම් කිරීම උතුම් වන්නේ ද එසේ නැතහොත් කිසිදු හවුල් කරුවකු නැති කිසිවෙකු විසින් පරාජය කළ නොහැකි සියල්ල මත අබිබවනීය එකම දෙවිඳුන්ට ගැතිකම් කොට නැමදීම උතුම් වන්නේ ද?යැයි ඇසීය.

40

مَا تَعْبُدُونَ مِن دُونِهِۦٓ إِلَّآ أَسْمَآءًۭ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّآ أَنزَلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍ ۚ إِنِ ٱلْحُكْمُ إِلَّا لِلَّهِ ۚ أَمَرَ أَلَّا تَعْبُدُوٓا۟ إِلَّآ إِيَّاهُ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ

“ඔහු හැර, ඔබ නමදින දෑ සියල්ල ඔබත් ඔබගේ මුතුන් මිත්තනුත් තබා ගත් පුහු (මනක්කල්පිත) නාමයන් මිස, (ඇත්තෙන්ම ඒවා කිසිවක්) නැත. අල්ලාහ් මෙයට කිසිම සාක්ෂියක් පහළ කළේ නැත. සියලූ බලය අල්ලාහ් එක් කෙනෙකුටම මිස (වෙන කිසිවෙකුටත්) නැත. ඔහු හැර, (වෙන කිසිවක්) ඔබ නැමදිය යුතු නැතැයි ඔහුම නියෝග කර ඇත්තේය. මෙයයි ඍජු මාර්ගය. එහෙත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත” (යයි යූසුෆ් ඔවුන්ට හොඳ ඔවදන් දී)-

අල්ලාහ් හැර නුඹලා නමදිනුයේ නිර්නාමික නාමයන් මිස නැත. ඒවාට දෙවිවරුන් ලෙස නම් තැබුවේ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන්ය. ඒවාට දේවත්වයේ කිසිදු කොටසක් නැත. නුඹලා ඒවාට නම් තැබූ පමණින් ඒවා නිවැරදි බවට පෙන්වා දෙන කිසිදු සාධකයක් අල්ලාහ් පහළ කළේ නැත. සමස්ත මැවීම් අතර පිහිටන තීන්දු ව අල්ලාහ්ට පමණක් මිස නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් නම් තැබූ දෑට සතු වන්නේ නැත. නැමදුමෙන් ඔහු ඒකීයත්වයට පත් කරන මෙන් සුවිශුද්ධ අල්ලාහ් නියෝග කර ඇත. ඔහු සමග කිසිවකු ආදේශ කිරීම තහනම් කර ඇත. එම ඒකීයත්වයේ පදනම් කිසිදු ඇදයක් නැති ඍජු දහම වේ. නමුත් මිනිසුන් බහුතරයක් දෙනා ඒ ගැන නොදනිති. ඒ හේතුවෙන් ඔවුහු අල්ලාහ්ට ආදේශ කරමින් ඔහුගේ ඇතැම් මැවීම්වලට නැමදුම් කරති.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.