فَلَمَّا سَمِعَتْ بِمَكْرِهِنَّ أَرْسَلَتْ إِلَيْهِنَّ وَأَعْتَدَتْ لَهُنَّ مُتَّكَـًۭٔا وَءَاتَتْ كُلَّ وَٰحِدَةٍۢ مِّنْهُنَّ سِكِّينًۭا وَقَالَتِ ٱخْرُجْ عَلَيْهِنَّ ۖ فَلَمَّا رَأَيْنَهُۥٓ أَكْبَرْنَهُۥ وَقَطَّعْنَ أَيْدِيَهُنَّ وَقُلْنَ حَٰشَ لِلَّهِ مَا هَٰذَا بَشَرًا إِنْ هَٰذَآ إِلَّا مَلَكٌۭ كَرِيمٌۭ
(එම) කාන්තාවන්ගේ (මෙම) නින්දිත කතා වලට සවන් දුන් ඇය එම කාන්තාවන් වෙනුවෙන් භෝජණ සංග්රහයකට එක්රැස් කර, එයට ඔවුන්ව ආරාධනා කළාය. එහි පැමිණි සෑම කෙනෙකුටම (පලතුරක් බැගින්ද, එය කපා අනුභව කිරීමට) පිහියක්ද දී ඔහුව (ඇඳුම් පැළඳුම් වලින් අලංකාරවත් කර), “ඔවුන් ඉදිරියෙන් ගමන් කරනු” යයි පැවසුවාය. ඔහුව එම කාන්තාවන් දුටු වහාම (ඔහුගේ පෙනුම දැක), ඔහුට නමස්කාර කර (අන්දමන්ද වී පලතුර කැපීම වෙනුවට) තමන්ගේ අත් (ඇඟිලි) කපා ගනිමින් “අල්ලාහ් අපිව ආරක්ෂා කර ගනු මැනව! මොහු මිනිසෙකු නොව; මොහු (සියල්ලන්ගේම මනස ආකර්ෂණය කළ හැකි) ශ්රේෂ්ඨ මලායිකාවරයෙකු මිස, වෙන කිසිවෙක් නොව” යයි පැවසූහ.
අසීස්ගේ බිරිය, තමන්ට එරෙහි ව ඔවුන්ගේ හෙළා දැකීම හා ඔවුන් කළ චෝදනාවට සවන් දුන් කල්හි, ඔවුන් යූසුෆ් ගැන දැන, තමන් වෙත නිදහසට කරුණු පෙන්වීම සඳහා ඔවුන් කැඳවා එනමෙන් ඇරයුම් කළාය. ඔවුන්ගේ ස්ථානයේ මෙට්ට හා කොට්ට ද සූදානම් කර තැබීය. චෝදනා කළ සෑම කාන්තාවකටම ආහාර කැපීම සඳහා පිහියක් ද අතට දුන්නාය. පසුව ඇය යූසුෆ්ට, "‘ඔබ ඔවුන් ඉදිරියට යනු" යැයි පැවසුවාය. ඔවුන් ඔහු දුටු කල්හි ඔහු ගැන අගය කොට කතා කරන්නට වූවෝය. ඔහුගේ අලංකාරය හේතුවෙන් තිගැස්සී ගියෝය. ඔහුගේ අලංකාරය ගැන මවිතයට පත් වූවෝය. ඔවුන් දැඩි ලෙස මවිතයට පත් ව සිටි බැවින් ආහාර භෝජන කැපීම සඳහා සූදානම් කර තැබූ පිහිවලින් ඔවුන්ගේ අත් තුවාල කර ගත්හ. තවද "අල්ලාහ් සුවිශුද්ධය, මෙම දරුවා මිනිසෙකු නොවේ. ඔහු තුළ තිබූ අලංකාරය මිනිසුන් තුළ දකින්නට පුළුවන් කමක් නැත. ඔහු ගෞරවනීය දේව දූතයින් අතර සිටින සම්භාවනීය දූතයකු මිස නැත." යැයි පවසා සිටියහ.