وَقَالَ ٱلَّذِى ٱشْتَرَىٰهُ مِن مِّصْرَ لِٱمْرَأَتِهِۦٓ أَكْرِمِى مَثْوَىٰهُ عَسَىٰٓ أَن يَنفَعَنَآ أَوْ نَتَّخِذَهُۥ وَلَدًۭا ۚ وَكَذَٰلِكَ مَكَّنَّا لِيُوسُفَ فِى ٱلْأَرْضِ وَلِنُعَلِّمَهُۥ مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ وَٱللَّهُ غَالِبٌ عَلَىٰٓ أَمْرِهِۦ وَلَٰكِنَّ أَكْثَرَ ٱلنَّاسِ لَا يَعْلَمُونَ
(ඔහුව මිලදී ගත් අයද ඔහුව ඊජිප්තුවට ගෙන ගොස් එම රටේ අධිපති වෙත විකුණා දැමුවේය). ඊජිප්තුවේදී ඔහුව මිලදී ගත් අය, තම බිරිඳට “ඔබ මොහුව ඉතාමත් ගෞරවණීය අන්දමින් තබා ගනු. (ඔහුගෙන්) අපට හොඳක් අත් කර ගත හැකිය. නැතහොත් ඔහුව අපි අපගේ (හදා වඩා ගන්නා) පුතෙකු බවට පත් කර ගත හැකිය” යයි පැවසුවේය. යූසුෆ් එම රටේ උසස් තනතුරක් හෙබවීම පිණිසද, (කළින් ඔහු දුටුවාක් වැනි) සිහිනයන්ගේ පැහැදිලි කිරීම් ඔහුට උගන්වා දීම පිණිසද, මෙසේ අපි ඔහුට පහසුකම් සැලැස්සුවෙමු. අල්ලාහ් තම සිතුවිළි ඉටු කිරීමෙහි (සියල්ලන්ටම) බලසම්පන්නයෙකු වශයෙන් සිටින්නේය. නමුත් මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (මෙය) දැන ගන්නේ නැත.
ඊජිප්තුවේ ඔහු ව මිලට ගත් පුද්ගලයා තම බිරියට, "ඔහු සමග යහපත් ලෙස කටයුතු කරන්න. ඔහුගේ ස්ථානය අප සමගම තබා ඔහුව රැකබලා ගන්න. අපට අවශ්ය වූ වේලාවක භාවිත කිරීම සඳහා අපට ඔහු ප්රයෝජනවත් වන්නට පුළුවන. එසේ නැතහොත් අපි ඔහු දරුවෙකු සේ හදාවඩා ගනිමු" යැයි පැවසීය. යූසුෆ් ව ඝාතනය කිරීමෙන් අපි ඔහු මුදවාගත් සේම, ඔහු ව ලිඳෙන් ගොඩට ගත් සේම, මිසරයේ අපි ඔහුට ජීවත් වන්නට ඉඩ සැලසුවෙමු. හීනයේ යථාර්ථය අපි ඔහුට උගන්වන්නෙමු. අල්ලාහ් තම නියෝගය ක්රියාත්මක කිරීමට බලය දරන්නාය. එහෙයින් ඔහුගේ නියෝගය ක්රියාත්මක වන්නකි. සුවි ශුද්ධ අල්ලාහ්ට කිසිදු බාධා කරන්නෙකු නැත. නමුත් බහුතරයක් දෙනා (අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන්) එය වටහා නොගනිති.