Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 111

11

قَالُوا۟ يَٰٓأَبَانَا مَا لَكَ لَا تَأْمَ۫نَّا عَلَىٰ يُوسُفَ وَإِنَّا لَهُۥ لَنَٰصِحُونَ

(පසුව ඔවුන් තමන්ගේ පියා වෙත පැමිණ) “අපගේ පියාණෙනි! කුමන කාරණාවක් නිසා යූසුෆ් ගැන ඔබ අපව විශ්වාස නොකරන්නෙහිද? අපි නම්, ඇත්තෙන්ම ඔහුට හොඳක්ම බලාපොරොත්තුවෙන් සිටින්නෙමු”.

ඔහු ව දුරස් කිරීමට ඔවුහු එකඟ වූ කල්හි, ඔවුහු ඔවුන්ගේ පියාණන් යඃකූබ්ට, "අහෝ අපගේ පියාණනි! යූසුෆ් ආරක්ෂා කරන්නන් ලෙස ඔබ අප පත් නොකරන්නට ඔබට කුමක් වී ද? සැබැවින්ම අපි ඔහුට සෙනෙහස දක්වමු. ඔහුට හානි කරන දෑ ගැන අවධානයෙන් සිටිමු. ඔහු නැවත ඔබ වෙත සුරක්ෂිත ව පැමිණෙන තෙක් ආරක්ෂාවෙන් හා අවදානයෙන් සිටිනු පිණිස අපි ඔහුට උපදෙස් දෙන්නෙමු. මෙසේ තිබියදීත් ඔහු අප සමග එවීමෙන් ඔබ ව වළක්වාලීයේ කුමක් ද?" යැයි පැවසුහ.

12

أَرْسِلْهُ مَعَنَا غَدًۭا يَرْتَعْ وَيَلْعَبْ وَإِنَّا لَهُۥ لَحَٰفِظُونَ

“හෙට දින ඔහුව අප සමග යවනු (මැනව!) ඔහු (කැලේ ඇති පලතුරු) අනුභව කරමින්ද, සෙල්ලම් කරමින්ද සිටිනු ඇත. නියත වශයෙන්ම අපි ඔහුව ආරක්ෂා කර ගන්නෙමු” යයි පැවසූහ.

ආහාර භෝජන භුක්ති විඳින්නටත් විනෝද වන්නට හෙට දින අපි ඔහුව රැගෙන යන්නට ඔබ අපට අවසර දෙන්න. ඔහුට ඇති වන සෑම උවදුරකින්ම සැබැවින්ම අපි ඔහු ආරක්ෂා කරන්නන් වෙමු.

13

قَالَ إِنِّى لَيَحْزُنُنِىٓ أَن تَذْهَبُوا۟ بِهِۦ وَأَخَافُ أَن يَأْكُلَهُ ٱلذِّئْبُ وَأَنتُمْ عَنْهُ غَٰفِلُونَ

(එයට ඔහු) “ඔබ ඔහුව කැඳවාගෙන යාම මා හට දුකක් ඇති කරනු ඇත. තවද ඔබ (සෙල්ලම් කරමින්) ඔහුව අමතක කර දමා නොසැළකිලිමත්ව සිටින අවස්ථාවේදී වෘකයෙකු ඔහුට (පහර දී) කා දමනු ඇතැයි මා බිය වන්නෙමි” යයි ඔහු පැවසුවේය.

යඃකූබ් (අලයිහිස් සලාම්)තුමා තම දරුවන්හට, "නුඹලා ඔහු රැගෙන යාම සැබැවින්ම මා දුකට පත් කරනු ඇත. ඊට හේතුව ඔහුගෙන් වෙන්වීම මාහට ඉවසිය නොහැක්කකි. නුඹලා කෙළි සෙල්ලම් කරන විට ඔහු ගැන නුඹලා නොසැලකිලිමත්භාවයෙන් සිටිය දී වෘකයා ඔහු ව කා දමනු ඇතැයි මම බියවෙමි." යැයි පැවසිය.

14

قَالُوا۟ لَئِنْ أَكَلَهُ ٱلذِّئْبُ وَنَحْنُ عُصْبَةٌ إِنَّآ إِذًۭا لَّخَٰسِرُونَ

එයට ඔවුන් “ශක්තිවන්තයින් වන අපි සිටියදී ඔහුව වෘකයෙකු කා දමන්නේ නම්, නියත වශයෙන්ම අපි දුර්වලයන් බවට පත් වන්නෙමු නොවෙද?”යි පවසා (අනුමැතිය ලබා දීමට සලස්වා)

ඔවුහු තම පියාණන්ට, "අපි කණ්ඩායමක් වශයෙන් සිටිය දී වෘකයා යූසුෆ් ව කා දැමුවේ නම් සැබැවින්ම අපි එම තත්ත්වයේ අප අතර කිසිදු යහපතක් දැකිය නොහැක. අපි ඔහුව වෘකයාගෙන් නොවැළැක්වූයේ නම් අපි පරාජිතයින් වෙමු." යැයි පැවසූහ.

15

فَلَمَّا ذَهَبُوا۟ بِهِۦ وَأَجْمَعُوٓا۟ أَن يَجْعَلُوهُ فِى غَيَٰبَتِ ٱلْجُبِّ ۚ وَأَوْحَيْنَآ إِلَيْهِ لَتُنَبِّئَنَّهُم بِأَمْرِهِمْ هَٰذَا وَهُمْ لَا يَشْعُرُونَ

යූසුෆ්ව කැඳවාගෙන ගොස් ඔහුව ගැඹුරු පාළු ලිඳක වීසි කර දැමිය යුතුය යයිම ඔවුන් සියල්ලන්ම ඒකරාශී වී තීරණයක් කර ගනිමින් (වීසි කර) දැමූහ. “ඔවුන්ගේ මෙම ක්‍රියාව ගැන (කලකදී) ඔබ ඔවුන්ට දැනුම් දෙන්නෙහිය. ඒ අවස්ථාවේදී ඔවුන් (ඔබව) දැන ගන්නේද නැත” යයි අපි යූසුෆ්ට වහී දැනුම් දුන්නෙමු.

යඃකූබ් (අලයිහිස් සලාම්) තුමා ඔවුන් සමග ඔහුව එවීය. ඔහු රැගෙන දුරට ගිය කල්හි, ළිං පතුළට ඔහු හෙළන්නට ඔවුන් අධිෂ්ඨාන කර ගත්තෝය. එම තත්ත්වයේ, "ඔවුන්ගේ මෙම ක්රියාව හේතුවෙන් ඔවුන් පරීක්ෂාවට ලක් කෙරේ. නුඹ ගැන ඔවුනට දන්වා සිටින පසුබිමක නුඹ යන වග ඔවුනට නොහැඟේ." යැයි අපි යූසුෆ්ට දේව පණිවිඩ එව්වෙමු.

16

وَجَآءُوٓ أَبَاهُمْ عِشَآءًۭ يَبْكُونَ

(එදා) හිරු අවරට ගිය පසු ඔවුන් තම පියා වෙත හඞමින් පැමිණ

යූසුෆ්ගේ සහෝදරයින් රාත්රි සමයේ තම කුමන්ත්රණය ප්රවර්ධණය කොට හඬමින් තම පියාණන් වෙත පැමිණියෝය.

17

قَالُوا۟ يَٰٓأَبَانَآ إِنَّا ذَهَبْنَا نَسْتَبِقُ وَتَرَكْنَا يُوسُفَ عِندَ مَتَٰعِنَا فَأَكَلَهُ ٱلذِّئْبُ ۖ وَمَآ أَنتَ بِمُؤْمِنٍۢ لَّنَا وَلَوْ كُنَّا صَٰدِقِينَ

“අපගේ පියාණෙනි! නියත වශයෙන්ම අපි යූසුෆ්ව අපගේ බඩු බාහිරාදිය සමග අත්හැර දමා (ඒ මේ අත) දිව (සෙල්ලම් කරමින් ඈත එපිටට) ගියෙමු. ඒ අවස්ථාවේදී ඔහුව වෘකයා (පහර දී) කා දැමුවේය. අපි (කොපමණ) සත්‍යය පැවසුවද, (එය) ඔබ විශ්වාස කරන්නේ නැත” යයි පැවසූහ.

"අපගේ පියාණනි! දුව (පැන) තරඟ වදිමින් හා හී එල්ල කරමින් අපි ගියෙමු. අපගේ ඇඳුම් හා භාණ්ඩ ආරක්ෂා කරනු පිණිස අපි යූසුෆ්ව ඒ සමග නතර කළෙමු. එවිට වෘකයා ඔහු කා දැමුවේය. ඔබ අප විශ්වාස නොකරනු ඇත. නමුත් අපි ඔහු ගැන කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද ඒ ගැන අපි සත්යවන්තයින් වෙමු" යැයි පැවසූහ.

18

وَجَآءُو عَلَىٰ قَمِيصِهِۦ بِدَمٍۢ كَذِبٍۢ ۚ قَالَ بَلْ سَوَّلَتْ لَكُمْ أَنفُسُكُمْ أَمْرًۭا ۖ فَصَبْرٌۭ جَمِيلٌۭ ۖ وَٱللَّهُ ٱلْمُسْتَعَانُ عَلَىٰ مَا تَصِفُونَ

තවද (තමන්ගේ පියාට පෙන්වීම සඳහා) ඔහුගේ කමිසයෙහි (එළුවෙකුගේ) බොරු ලේ පැල්ලමක් තවරාගෙනැවිත් (පෙන්)වූහ. (ලේ තැවරුනණු එම කමිසය නොඉරී තිබීම දැක “වෘකයා පහර දී කා දැමුවේ) නැත. ඔබගේ සිත් එක් (නපුරු) කාරණාවක් ඔබට අලංකාරවත් කර පෙන්වා හැරියේය. (ඒ අන්දමටම ඔබ කළෙහුය). එබැවින් (මෙම ශෝකය) විඳ දරා ගැනීමම අගනේය. ඔබ පවසන දැයෙන් (යූසුෆ්ව ආරක්ෂා කර ගන්නා මෙන්) අල්ලාහ් වෙතම උදව් උපකාර ඉල්ලා සිටින්නෙමි” යයි පැවසුවේය.

කූට ලෙස සැලසුම් කළ ඔවුන්ගේ පුවත ඔවුන් තහවුරු කරන්නට බැලුවෝය. යූසුෆ්ගේ කමිසයට ඔහුගේ ලේ නොව වෙනත් ලේ ගල්වා ගෙනැවිත්, "සැබැවින්ම මෙය වෘකයා කා දැමූ සළකුණැ"කැයි යඃකූබ්ට සිතන්නට සැලැස්වීය. නමුත් සැබැවින්ම කමිසය ඉරී නොතිබීම හේතුවෙන් ඒ ගැන කල්පනා කොට ඔවුන් පවසනුයේ බොරු යැයි යඃකූබ් තුමාට වැටහිණ. පසු ව එතුමා ඔවුනට, "නුඹලා මට දන්වා සිටියාක් මෙන් කරුණ නොපවතී. නුඹලා ඔහුට කළ නපුරු ක්රියාව නුඹලා විසින්ම විචිත්රවත් කර පවසන්නෙහුය. මාගේ විෂයය වන්නේ කලබල නොවී අලංකාර ලෙස ඉවසීමය. යූසුෆ්ගේ විෂය ගැන නුඹලා මෙනෙහි කරමින් සිටි දෑ සඳහා මම අල්ලාහ්ගෙන් උපකාර පතමි." යැයි පැවසීය.

19

وَجَآءَتْ سَيَّارَةٌۭ فَأَرْسَلُوا۟ وَارِدَهُمْ فَأَدْلَىٰ دَلْوَهُۥ ۖ قَالَ يَٰبُشْرَىٰ هَٰذَا غُلَٰمٌۭ ۚ وَأَسَرُّوهُ بِضَٰعَةًۭ ۚ وَٱللَّهُ عَلِيمٌۢ بِمَا يَعْمَلُونَ

පසුව (ළිඳ අසළට) එක් සංචාරකයින් සමූහයක් පැමිණියහ. ඔවුන් තමන්ගෙන් කෙනෙකු (වතුර ගෙන ඒමට) යැවූහ. ඔහු තම බාල්දිය (ළිඳට) දැමුවේය. (යූසුෆ් එහි වාඩි වූවේය). යූසුෆ් එහි සිටිනු දැක “(ඔබට) සුභාරංචියකි! මෙන්න එක් (අලංකාරවත්) දරුවෙකු!” යයි (යූසුෆ්ව පෙන්වමින්) පැවසුවේය. (ඔහුව දුටු ඔවුන්, තම) වෙළෙඳ භාණ්ඩයක් වශයෙන් ඔහුව (පත් කර ගැනීමට අදහස් කරමින්) සඟවා ගත්හ. අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාව හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

තවලමක් ඒ අසළට පැමිණියේය. ඔවුහු තමන් වෙනුවෙන් ජලය සෙයා එන මෙන් ඉල්ලා පුද්ගලයෙකු එවූහ. ඔහු පනිට්ටුව ළිඳ ට දැම්මේය. යූසුෆ් කඹයේ එල්ලෙන්නට විය. එය ළිඳ ට යැවූ පුද්ගලයා එය දැක සතුටින්, "මෙම දරුවා ශුභාසංශනයකි." යැයි පවසා ඔවුන්ගේ භාණ්ඩ සමග ඔහු ව සඟවා ගත්තේය. තවලමේ සෙසු සගයින් සැබැවින්ම ඔහු වෙළෙඳ භාණ්ඩයක් ලෙස සිතුවෝය. ඔවුන් යූසුෆ් තුමාට සිදු කළ අකටයුතුකම් හා විකුණා දැමීම සම්බන්ධයෙන් අල්ලාහ් මැනවින් දන්නාය. ඔවුන්ගේ ක්රියාවන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත.

20

وَشَرَوْهُ بِثَمَنٍۭ بَخْسٍۢ دَرَٰهِمَ مَعْدُودَةٍۢ وَكَانُوا۟ فِيهِ مِنَ ٱلزَّٰهِدِينَ

(මේ අතර ඔහුගේ සහෝදරයින් එතැනට පැමිණ “මොහු බේරී පැන ආ අපගේ වහලෙකි” යයි පවසා ඔවුන් වෙතම) ඔහුව, ඔවුන් සුළු මුදලකට විකුණා දැමූහ. (මන්දයත් ඔහුගේ සහෝදරයින් වන) ඔවුන්, ඔහුව ඉතාමත් පිළිකුල් කරන්නන් වශයෙන්ම සිටියහ.

රැගෙන ආ පුද්ගලයා හා ඔහුගේ සගයින් ඉතා සුළු මිලකට මිසරයේ දී -ඊජිප්තුවේ දී- ඔහු ව විකුණා දැමීය. එය ඉතා සුළු දිර්හම් කිහිපයකටය. සැබැවින්ම ඔහු වහලෙක් නොවන බව ඔවුන් දැන සිටි බැවින් හා තමන්ට ඔහුගේ පවුලෙන් උවදුරක් සිදුවේවි යන බිය නිසාවෙන්, ඉතා ඉක්මණින්ම ඔහුගෙන් මිදීමට කැමති වූ බැවින්, ඔහුගෙන් දුරස් වන්නට බැලූහ. ඔවුන් සමග දිගු කලක් රැදෙන්නට නොදීම අල්ලාහ් ඔහු කෙරෙහි දැක් වූ පූර්ණ ආශිර්වාදයකි.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.