Muslim99Muslim99
← Tafsir library

12. Yusuf

Joseph · Meccan · 111 ayahs

سُورَةُ يُوسُفَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 111

101

۞ رَبِّ قَدْ ءَاتَيْتَنِى مِنَ ٱلْمُلْكِ وَعَلَّمْتَنِى مِن تَأْوِيلِ ٱلْأَحَادِيثِ ۚ فَاطِرَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ أَنتَ وَلِىِّۦ فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۖ تَوَفَّنِى مُسْلِمًۭا وَأَلْحِقْنِى بِٱلصَّٰلِحِينَ

(තවද) “මගේ දෙවියනේ! නියත වශයෙන්ම ඔබ මා හට එක් රාජ්‍යයක්ද, ලබා දී (දයාව පහළ කර) සිහිනයන්ගේ අර්ථයන්ද මා හට උගන්වා දුන්නේය. අහස්ද, භූමියද උත්පාදනය කළ තැනැත්තණි! මෙලොවදීද, පරලොවදීද මාව ආරක්ෂා කරන්නාද ඔබය. සම්පූර්ණයෙන්ම (ඔබව) අනුගමනය කරන්නෙකු වශයෙන්ම මාව ඔබ අත්පත් කර ගනු මැනව! හොඳ වහලූන්ගේ සමූහයෙහිද මාව ඔබ එක්කාසු කර හරිනු මැනව!” (යයි ප්‍රාර්ථනා කළේය).

පසුව යූසුෆ් තම පරමාධිපතිට ප්රාර්ථනා කරමින්, "මාගේ පරමාධිපතියාණෙනි! මිසර දේශයේ පාලනය සැබැවින්ම ඔබ මට පිරිනමා ඇත. සිහිනවලට පලාපල කීමේ දැනුම ද ඔබ මට උගන්වා ඇත. අහෝ අහස් හා මහපොළොවේ මැවුම් කරුවාණනි! කිසිදු පූර්වාදර්ශයකින් තොරව ඒ දෙකෙහි ඇති දෑ උත්පාදනය කළවුනි! මාගේ ජීවිතයේ ඇති මාගේ සියලුම කටයුතුවල භාරකරු ඔබය. එමෙන්ම මතුලොවෙහි ඒ සියල්ලෙහි භාරකරු ද ඔබ ය. මාගේ ආයු කාලය අවසන් වන විට ඔබට අවනත වන මුස්ලිම්වරයකු ලෙස මාගේ ප්රාණය අත්පත් කර ගනු මැනව. ෆිර්දවුස් නම් උසස් ස්වර්ගයේ සිටින මාගේ මුතුන් මිත්තන් අතර හා මුතුන් මිත්තන් නොවන අය අතර සිටි දැහැමි නබිවරුන් සමග මා ද සේන්දු කරනු මැනව!" යැයි පවසා සිටියේය.

102

ذَٰلِكَ مِنْ أَنۢبَآءِ ٱلْغَيْبِ نُوحِيهِ إِلَيْكَ ۖ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُوٓا۟ أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ

(නබියේ!) මෙය (ඔබ නොදන්නා) සැඟවුණු කාරණාවන්හි ඇති දැයයි. මේවා අපි ඔබට වහී මගින්ම දැනුම් දුන්නෙමු. ඔවුන් කුමන්ත්‍රණ කර (යූසුෆ්ව ළිෙඳහි තල්ලූ කර දැමිය යුතුය යයි) තමන්ගේ අභිප්‍රායේ අවසන් තීරණයක් ගත් විට, ඔබ ඔවුන් සමග සිටියේ නැත.

අහෝ දූතය! අපි ඔබට දන්වා සිටි යූසුෆ් හා ඔහුගේ සහෝදරයින් පිළිබඳ මෙම කතා වස්තුව මීට පෙර ඔබ නොදැන සිටියෙහිය. යූසුෆ්ගේ සහෝදරයින් ඔහුව ළිං පතුළට හෙළන්නට අධිෂ්ඨාන කර ගනිමින් ඔවුන් කූට ලෙස කුමන්ත්රණයක් දියත් කළ අවස්ථාවේ නුඹ ඔවුන් අසළ නොවීය. නමුත් අපි එය නුඹ වෙත දන්වා සිටියෙමු.

103

وَمَآ أَكْثَرُ ٱلنَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ

ඔබ කොපමණ කැමති වුවද, (එම) මිනිසුන්ගෙන් වැඩි දෙනෙකු (ඔබව නබිවරයෙකු යයි) විශ්වාස කරන්නේම නැත.

අහෝ දූතය! ජනයා විශ්වාසීන් බවට පත් කිරීම සඳහා ඔබ කොතරම් වෙහෙසක් දැරුව ද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා විශ්වාස කරන්නන් නොවෙති. එහෙයින් ඔවුන් ගැන කණගාටු නොවන්න.

104

وَمَا تَسْـَٔلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌۭ لِّلْعَٰلَمِينَ

මේ සඳහා ඔබ ඔවුන්ගෙන් කිසිම කුලියක් ඉල්ලන්නේ නැත. සකල ලෝකවාසී සියල්ලන්ටම මෙය එක්තරා හොඳ පාඩමක් මිස, වෙන කිසිවක් නැත.

මේ බව ඔවුන් වටහා ගත්තේ නම් ඔවුහු ඔබව විශ්වාස කරනු ඇත. ඊට හේතුව අහෝ දූතය! අල් කුර්ආනය වෙනුවෙන් හා ඒ වෙත ඔබ ඔවුන් ඇරයුම් කිරීම වෙනුවෙන් කිසිදු තිළිණයක් ඔබ ඉල්ලා නොසිටි බැවිණි. අල් කුර්ආනය සමස්ත මිනිස් වර්ගයාටම මෙනෙහි කිරීමක් මිස නැත.

105

وَكَأَيِّن مِّنْ ءَايَةٍۢ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ

(මෙසේම) අහස්හිද, භූමියෙහිද අපමණ සාධකයන් ඇත්තේය. ඒවා ඉදිරියෙන් ඔවුන් (දිනපතා) යන්නාහ. එහෙත් ඔවුන් ඒවා (ගැන නොසිතා) ප්‍රතික්ෂේප කරන්නාහ.

අල්ලාහ්ගේ ඒකීයත්වය පෙන්වා දෙන සාධක බොහෝමයක් අහස්හි හා මහපොළොවේ ස්ථාපිත ව ඇත. ඔවුහු ඒ ගැන කල්පනාවෙන් තොර ව ඒ මත ගමන් කරති. ඒ ගැන සැලකිලිමත් වීමට ප්රතික්ෂේප කරති. ඒ දෙස හැරී නොබලති.

106

وَمَا يُؤْمِنُ أَكْثَرُهُم بِٱللَّهِ إِلَّا وَهُم مُّشْرِكُونَ

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු අල්ලාහ්ව විශ්වාස කරන්නේ නැත. (එසේ ඔවුන්ගෙන් කවුරුන් හෝ විශ්වාස කළා වුවද, ඔහුට) ඔවුන් සමානයන් නොතබා සිටින්නේද නැත.

සැබැවින්ම මැවුම්කරු, පෝෂක මෙන්ම ජීවත් කරවන්නා හා මරණයට පත් කරවන්නා අල්ලාහ් බව ජනයා අතරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති. නමුත් ඔවුහු එසේ තිබිය දී ඔහු නොවන දෑ ඔහු සමග හවුල් කරමින් ගල් හා පිළිමවලට වන්දනාමාන කරති. සුවිශුද්ධ ඔහුට දරුවකු ඇති බව වාද කරති.

107

أَفَأَمِنُوٓا۟ أَن تَأْتِيَهُمْ غَٰشِيَةٌۭ مِّنْ عَذَابِ ٱللَّهِ أَوْ تَأْتِيَهُمُ ٱلسَّاعَةُ بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ

(ඔවුන්ව) වටකර ගත හැකි අල්ලාහ්ගේ දඬුවම ඔවුන් වෙත නොපැමිණෙන්නේය යයි හෝ නැතහොත් ඔවුන් නොදැනුවත්ව සිටියදී හදිසියේම (ඔවුන්ගේ අවසාන) කාලය ඔවුන්ට නොමිණෙන්නේය යයි හෝ ඔවුන් නොබියව සිටින්නෙහුද?

ඔවුන් වෙළා ගන්නා හා ආවරණය කරන දඬුවමක් මෙලොවෙහි ඔවුනට පැමිණීම ගැන මෙම ආදේශකයින් සුරක්ෂිත ද? එය වැළැක්වීමට ඔවුහු ශක්තිය නොදරති. එසේ නැතිනම් නොසිතූ අවස්ථාවක අවසන් හෝරාව පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද? එය පැමිණීමෙන් ඔවුහු දැහැමි ලෙස කටයුතු නොකරති. ඒ සඳහා ඔවුහු සූදානම් ද නැත. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.

108

قُلْ هَٰذِهِۦ سَبِيلِىٓ أَدْعُوٓا۟ إِلَى ٱللَّهِ ۚ عَلَىٰ بَصِيرَةٍ أَنَا۠ وَمَنِ ٱتَّبَعَنِى ۖ وَسُبْحَٰنَ ٱللَّهِ وَمَآ أَنَا۠ مِنَ ٱلْمُشْرِكِينَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මෙයම මගේ (ඍජු) මාර්ගයයි. මා (ඔබව) අල්ලාහ් දෙසට ආරාධනා කරන්නෙමි. පැහැදිලි සාධකයන් කෙරෙහිම මමද, මාව අනුගමන කරන්නන්ද සිටින්නෙමු. (සමානයන් හා සහායයන්ගෙන් ඈත්ව) අල්ලාහ් ඉතාමත් පරිශූද්ධවන්තයෙකි. එබැවින් (ඔහුට) සමානයන් තබන්නන්ගෙන් මමත් කෙනෙකු නොව”.

අහෝ දූතය! ඒ ගැන වාද කරන්නන්හට නුඹ මෙසේ පවසනු. "මා ජනයා ඇරයුම් කර සිටින මාගේ මාර්ගය මෙයයි. මා පැහැදිලි සාධක මත පදනම්ව ඒ වෙත ඇරයුම් කරමි. මා අනුගමනය කරන්නන් ද ඒ වෙත ඇරයුම් කරනු ලබති. මාගේ මගපෙන්වීමෙන් මග ලබති, මාගේ චර්යාවෙන් ආදර්ශයන් ලබති. අල්ලාහ්ගේ කීර්තියට නොගැළපෙන, ඔහුගේ පූර්ණභාවයට විරුද්ධ කරුණු ඔහු වෙත සම්බන්ධ කරනු ලැබීමෙන් ඔහු සුවිශුද්ධය. මම අල්ලාහ්ට ආදේශ කරන්නන් අතරින් නොවෙමි. සුවිශුද්ධ ඔහුට පමණක් ඒකීයත්වය පුදන්නන් අතරින් මම ද කෙනෙකු වෙමි.

109

وَمَآ أَرْسَلْنَا مِن قَبْلِكَ إِلَّا رِجَالًۭا نُّوحِىٓ إِلَيْهِم مِّنْ أَهْلِ ٱلْقُرَىٰٓ ۗ أَفَلَمْ يَسِيرُوا۟ فِى ٱلْأَرْضِ فَيَنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۗ وَلَدَارُ ٱلْءَاخِرَةِ خَيْرٌۭ لِّلَّذِينَ ٱتَّقَوْا۟ ۗ أَفَلَا تَعْقِلُونَ

ඔබට පෙර (විවිධ රටවැසියන්ටද) අපි යැවූ දූතයින්, ඒ රටවල්හි සිටි මිනිසුන්ම මිස, වෙන කිසිවෙකු නැත. එහෙත් ඔවුන්ට (අපගේ නියෝගයන්) වහී මගින් දැනුම් දුන්නෙමු. මොවුන් භූමියෙහි සංචාරය කළේ නැද්ද? (එසේ සංචාරය කළේ නම්), මොවුන්ට පෙර විසූ අයගේ අවසානය කුමක් වූයේද යන්න ඔවුන් දැක ගන්නෙහුය. පරලොව නිවසම භය භක්තිකයින්ට ඉතාමත් උසස් වන්නේය. (මෙතරම් දැයක්වත්) ඔබ දැන ගත යුතු නොවෙද?

අහෝ දූතය! නුඹට පෙර මානව වර්ගයා අතරින් පිරිමි පාර්ශවය මිස වෙන කිසිවකු ධර්ම දූත මෙහෙය සඳහා අපි නොඑව්වෙමු. ඒ සඳහා මලක්වරුන් පවා නොඑව්වෙමු. අප නුඹ වෙත දේව පණිවිඩ දන්වා සිටියාක් මෙන්ම ඔවුනට ද අපි දේව පණිවිඩ දන්වා සිටියෙමු. එය නගරවාසීන් වෙතය. ගම්වාසීන් වෙත නොවීය. නමුත් ඔවුන්ගේ සමූහයා ඔවුන් බොරු කළෝය. එහෙයින් අපි එම නගර විනාශ කළෙමු. එහෙයින් ඔබ ව බොරු කරන්නන් එම දේශයන් අතර සැරිසරා ඔවුනට පෙර සිටි නබිවරුන් බොරුකළවුන්ගේ අවසානය කෙසේ වී දැයි කල්පනා කර බලා පාඩම් ලැබිය යුතු නොවේ ද? අල්ලාහ් පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන්නන්හට මතුලොවෙහි ඇති සුවපහසුකම් මෙලොව ඇති දෑට වඩා උතුම්ය. එය ශ්රේෂ්ට බව නුඹලා වටහා ගෙන අල්ලාහ් නියෝග කළ දෑ පිළිපදිමින් ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කළ යුතු නොවේද? අල්ලාහ් නියෝග කළ දැයින් අතිමහත් වන්නේ දේව විශ්වාසයයි. ඔහු තහනම් කළ දැයින් බරපතළ වන්නේ ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීමයි.

110

حَتَّىٰٓ إِذَا ٱسْتَيْـَٔسَ ٱلرُّسُلُ وَظَنُّوٓا۟ أَنَّهُمْ قَدْ كُذِبُوا۟ جَآءَهُمْ نَصْرُنَا فَنُجِّىَ مَن نَّشَآءُ ۖ وَلَا يُرَدُّ بَأْسُنَا عَنِ ٱلْقَوْمِ ٱلْمُجْرِمِينَ

(අපගේ) දුතයින් (තමන්ව) බොරුකාරයින් බවට පත් කරනු ලැබුවේය යයි විශ්වාසය බිඳී යන තුරු (එම අපරාධකාරයින්ව අපි අත්හැර දමා තිබුණෙමු. පසුව) අපගේ උදව්ව ඔවුන් වෙත පැමිණ සේන්දු විය. අපි කැමත්තන්ව බේරා ගන්නෙමු. අපගේ දඬුවම වැරදි කරන ජනතාවගෙන් පහ කර හැරීමට කිසිවෙකුටත් නොහැකිය.

අපි එවූ දූතරවරු මොවුන්ය. ඔවුන්ගේ සතුරන්ට අපි අවකාශය දුනිමු. එකවර ඔවුනට දඬුවම ඉක්මන් නොකළෙමු. ඔවුන්ගේ දඬුවම ප්රමාද කර පියවරෙන් පියවර ඔවුන් හසු කළෙමු. ඔවුන්ගේ විනාශය හේතුවෙන් දූතවරු ආයාසයට පත් විය. බොරු කරන්නන්හට කවර දඬුවමක් ඇත්තේ දැයි ද දේව විශ්වාසීන් හට කවර ජයග්රහණයක් ඇත්තේ දැය ද වාද කරමින් සිටි ඔවුන්ගේ දූතවරු ඔවුනට බොරු පවසා ඇතැයි දේව ප්රතික්ෂක ජනයා සිතුවෝය. අපගේ උපකාරය අපගේ දූතවරුන් වෙත පැමිණියේය. බොරු කරන්නන්හට සිදු වූ විනාශයෙන් එම රසූල්වරයා හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තෙමු. අපරාධකාර ජනයාට අපි දඬුවමක් පහළ කරන මොහොතේ අපගේ දඬුවමින් ඔවුන් වළක්වන්නට කිසිවකු සමත් වන්නේ නැත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.