Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 109

21

وَإِذَآ أَذَقْنَا ٱلنَّاسَ رَحْمَةًۭ مِّنۢ بَعْدِ ضَرَّآءَ مَسَّتْهُمْ إِذَا لَهُم مَّكْرٌۭ فِىٓ ءَايَاتِنَا ۚ قُلِ ٱللَّهُ أَسْرَعُ مَكْرًا ۚ إِنَّ رُسُلَنَا يَكْتُبُونَ مَا تَمْكُرُونَ

(මෙම) මිනිසුන්ට සිදු වූ දුක් ගැහැට පහ කර, (පසුව අපගේ) දයාව මගින් ඔවුන් සතුටක් අත් කර ගැනීමට අපි සැලැස්සුවහොත් (එයට ඔවුන් කෘතඥ වීම වෙනුවට) එවෙලේම ඔවුන් අපගේ ආයාවන්හි (වැරදි අර්ථ කථනයන් කිරීමට) කුමන්ත්‍රණ කරන්නාහ. (එයට නබියේ! ඔවුන්ට “ඔබගේ කුමන්ත්‍රණයට වඩා) අල්ලාහ්ගේ කුමන්ත්‍රණය ඉදිරියට යනු ඇත” යයි පවසනු මැනව! නියත වශයෙන්ම අපගේ දූතයින් (වන මලායිකාවරුන්) ඔබ කරන කුමන්ත්‍රණ සටහන් කරමින් සිටින්නාහ.

දෙවියන්ට ආදේශ කරන්නන්හට අත් වූ නියඟය හා අභාග්යට පසු වර්ෂාව හා සශ්රිකභාවයෙන් වූ ආශිර්වාදයක් ඔවුනට අපි විඳින්නට සැලැස් වූ විට අපගේ සංඥාවන් හාස්යට ගෙන ඒවා බොරු කරති. අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "උපාය මාර්ග යෙදීමෙහි අල්ලාහ් වේගවත්ය. එමෙන්ම නුඹලාව පියවරෙන් පියවර ග්රහණය කිරීමෙන් හා දඬුවම් කිරීමෙන් ද ඔහු වේගවත්ය. සැබැවින්ම නුඹලා කවර කුමන්ත්රණයක් සැලසුම් කරන්නේ ද එය සටහන් කරන මලක්වරුන් විසින් ලියනු ඇත. ඔවුනට ඉන් කිසිවක් මග හැරෙන්නේ නැත. ඔවුන් මැවූ මැවුම්කරුට මග හැරෙනුයේ කෙසේ ද? නුඹලාගේ කුමන්ත්රණ සඳහා අල්ලාහ් නුඹලාට ප්රතිවිපාක පිරිනමනු ඇත."

22

هُوَ ٱلَّذِى يُسَيِّرُكُمْ فِى ٱلْبَرِّ وَٱلْبَحْرِ ۖ حَتَّىٰٓ إِذَا كُنتُمْ فِى ٱلْفُلْكِ وَجَرَيْنَ بِهِم بِرِيحٍۢ طَيِّبَةٍۢ وَفَرِحُوا۟ بِهَا جَآءَتْهَا رِيحٌ عَاصِفٌۭ وَجَآءَهُمُ ٱلْمَوْجُ مِن كُلِّ مَكَانٍۢ وَظَنُّوٓا۟ أَنَّهُمْ أُحِيطَ بِهِمْ ۙ دَعَوُا۟ ٱللَّهَ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ لَئِنْ أَنجَيْتَنَا مِنْ هَٰذِهِۦ لَنَكُونَنَّ مِنَ ٱلشَّٰكِرِينَ

ජලයේද, ගොඩබිමේද, ඔහුම ඔබව කැඳවාගෙන යන්නේය. ඔබ නැවට නැග ගත් පසු, නැවේ සිටින්නන්ව හොඳ සුළඟ යාත්‍රා කරවමින් යාම නිසා ඔවුන් සතුටට පත්ව සිටින අවස්ථාවේදී, සුළි සුළං හැමීමට ආරම්භ කර, විවිධ දිශාවන්ගෙන් ඔවුන්ව රළ පැමිණ වැදී “නියත වශයෙන්ම අපි (රළ මගින්) වට කර ගනු ලැබ සිටින්නෙමු. (එයින් බේරීමට අපිට කිසිම මාර්ගයක් නැත)” යයි ඔවුන් සිතමින් සිටින අවස්ථාවේදී, (අපට “අපගේ දෙවියන් වහන්ස!) මෙයින් ඔබ අපව බේරා ගනු ලැබුවහොත් නියත වශයෙන්ම අපි (ඔබට) සැමදා කෘතඥ වන්නන් වශයෙන් සිටින්නෙමු” යයි මිශ්‍ර නොවුන මනසින් යුතුව අල්ලාහ්ට අවනත වී (ඉතාමත් යටහත් පහත්ව දණින් වැටී) ප්‍රාර්ථනා කරන්නාහ.

අහෝ ජනයිනි! නුඹලා පා ගමනින් හා නුඹලාගේ වාහන මත නුඹලා ගමන් කරවනුයේ අල්ලාහ් ය. එමෙන්ම මුහුදේ නැව් තුළ නුඹලාව යාත්රා කරවනුයේ ද ඔහුය. නුඹලා මුහුදේ නැව් තුළ සිටිය දී යහපත් සුළඟක් මගින් නුඹලා රැගෙන, එම නැව් යාත්රා කරනු ඇත. එම ආරෝග්යමත් සුළඟ හේතුවෙන් මගීන් සතුටට පත් වන්නේය. ඔවුන් සතුටින් සිටියදී දැඩි සුළි සුළඟක් ඔවුන් වෙත හමන්නට පටන් ගනී. සෑම පැතිකඩකින්ම මුහුදු රල නැගී පැමිණෙයි. සැබැවින්ම තමන් විනාශ වන බවට ඔවුන්ගේ සිත් විශ්වාස කරයි. ඔවුන් කිසිවකු අල්ලාහ් සමග හවුල් නොකර ඔහුව පමණක් ඇරයුම් කරමින් “මෙම ව්යසනකාරී තත්ත්වයෙන් ඔබ අප මුදවා ගත්තෙහි නම් නුඹ අපට පිරිනමන ආශිර්වාදය සඳහා අපි ද නුඹට කෘතඥවන්නන් අතරට පත්වන්නෙමු" යැයි පවසයි.

23

فَلَمَّآ أَنجَىٰهُمْ إِذَا هُمْ يَبْغُونَ فِى ٱلْأَرْضِ بِغَيْرِ ٱلْحَقِّ ۗ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِنَّمَا بَغْيُكُمْ عَلَىٰٓ أَنفُسِكُم ۖ مَّتَٰعَ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا ۖ ثُمَّ إِلَيْنَا مَرْجِعُكُمْ فَنُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

ඔහු ඔවුන්ව බේරා ගත්තේ නම්, ඔවුන් (වෙරළට සේන්දූ වූ) ඒ අවස්ථාවේදීම අසාධාරණයේ භූමියෙහි අපරාධ කිරීමට ඉදිරිපත් වන්නාහ. මිනිසුනේ! ඔබගේ අක්‍රමිකකම් ඔබටම නපුරට අවසන් වනු ඇත. (එබැවින්) මෙලොව ජීවිතයෙහි පොඩියක් සුවය විඳිය හැකිය. පසුව නම්, අප වෙතම ඔබ ආපසු ඒමට සිදු වනු ඇත. ඔබ කරමින් සිටිය දැය කුමක්ද යන්න ඒ අවස්ථාවේදී අපි ඔබට දැනුම් දෙන්නෙමු.

ඔවුන්ගේ ප්රාර්ථනාවට පිළිතුරු දෙමින් එම ව්යසනකාරී තත්ත්වයෙන් ඔහු ඔවුන් මුදවා ගත් කල්හි, මහපොළොවේ ප්රතික්ෂේප කරමින් වැරදි හා පාපකම් කරමින් කලහාකරී ලෙස කටයුතු කරති. අහෝ ජනයිනි! අවදිවන්න, නුඹලාගේ නපුරුකම්හි ප්රතිවිපාකය නුඹලාට එරෙහිව පිහිටනු ඇත. නුඹලාගේ කලහකාරීත්වය අල්ලාහ්ට කිසිදු හානියක් ඇති කරන්නේ නැත. මෙලොව ජීවිතයෙහි නුඹලා එලෙස භුක්ති විඳින්නෙහුය. එය විනාශ වී යන්නකි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී එනුයේ අප වෙතය. එවිට නුඹලා කරමින් සිටි පාපකම් පිළිබඳ තොරතුරු අපි නුඹලාට දන්වා ඒ සඳහා වූ ප්රතිඵල නුඹලාට අපි පිරිනමන්නෙමු.

24

إِنَّمَا مَثَلُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا كَمَآءٍ أَنزَلْنَٰهُ مِنَ ٱلسَّمَآءِ فَٱخْتَلَطَ بِهِۦ نَبَاتُ ٱلْأَرْضِ مِمَّا يَأْكُلُ ٱلنَّاسُ وَٱلْأَنْعَٰمُ حَتَّىٰٓ إِذَآ أَخَذَتِ ٱلْأَرْضُ زُخْرُفَهَا وَٱزَّيَّنَتْ وَظَنَّ أَهْلُهَآ أَنَّهُمْ قَٰدِرُونَ عَلَيْهَآ أَتَىٰهَآ أَمْرُنَا لَيْلًا أَوْ نَهَارًۭا فَجَعَلْنَٰهَا حَصِيدًۭا كَأَن لَّمْ تَغْنَ بِٱلْأَمْسِ ۚ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَتَفَكَّرُونَ

මෙලොව ජීවිතයෙහි උපමාව වලාකුළෙන් අපි වසින්නට සලස්වන ජලයට සම වන්නේය. එය ගමේ සතුන්ටද, මිනිසුන්ටද අනුභවයට ගත හැකි ගස් වැල් පලා ආදිය සමග මිශ්‍ර වී (ඝන භෝග බවට පැළ වී, පිපී, කරළ් හටගෙන) භූමිය අලංකාරවත් කරගෙන තිඛෙන අවස්ථාවේදී එහි අයිතිකරුවන් (අපි වගා කළ ගොයම් අස්වැන්න නෙළීමට කාලය එළඹ ඇත. හෙට) එය නියත වශයෙන්ම අපි කපා නෙළා ගන්නෙමු යයි අදහස් කරමින් සිටියහ. ඒ අවස්ථාවේදී, රාත්‍රියේදී හෝ දහවලේදී හෝ අපගේ නියෝගය (මගින් එක් විපතක්) පැමිණ එමගින් ඒවා ඊයේ දින ඒ ස්ථානයේ තිබුනේම නැත යයි සිතන්නට හැකි වන ලෙසට ඒවා අපි විනාශ කර දැමුවෙමු. (මෙම උදාහරණය) සිතා වටහා ගත හැකි ජනතාවට, අපි (අපගේ) ආයාවන් මෙසේ (පැහැදිලිව) විවරණය කරන්නෙමු.

නුඹලා භුක්ති විඳින ඉතා ඉක්මණින් අවසන් වී යන මෙලොව ජීවිතයට උපමාව වනුයේ වර්ෂාවකි. එමගින් මහපොළොවේ, පැලෑටි මිනිසුන් අනුභව කරන ධාන්ය පළතුරු වැනි දෑ හා සතුන් අනුභව කරන තණකොළ හා වෙනත් දෑ සමග මිශ්ර වී මහපොළොව නිල්වන් බවට පත් වෙයි. හට ගන්නා පැළෑටි වර්ගවලින් මහපොළොව ආලංකාරමත් වෙයි. හට ගැනුනු අස්වැනු නෙලන්නට හා කඩන්නට තමන් ශක්තිය ඇත්තෝ වෙතැයි එහි වැසියන් සිතති. නමුත් එය විනාශ කර දැමීමේ අපගේ නියෝගය ඒ වෙත පැමිණෙයි. පසුව අපි ඉතා කෙටි කාලයක් තුළ එහි ගස් හා පැලෑටි නොවැඩුණාක් මෙන් නෙළන ලද භූමියක් බවට අපි එය පත් කරන්නෙමු. මෙලොව ජීවිතයේ තත්ත්වය හා එය ඉතා ඉක්මණින් අවසන් වීම ගැන අපි නුඹලාට පැහැදිළි කළාක් මෙන් ඒ බව සැලකිලිමත් වන හා මෙනෙහි කරන ජනයාට සාක්ෂි හා සාධක අපි පැහැදිලි කරන්නෙමු.

25

وَٱللَّهُ يَدْعُوٓا۟ إِلَىٰ دَارِ ٱلسَّلَٰمِ وَيَهْدِى مَن يَشَآءُ إِلَىٰ صِرَٰطٍۢ مُّسْتَقِيمٍۢ

(මිනිසුනේ!) ශාන්තිය හා සමාදානය ලබා දිය හැකි නිවසටම අල්ලාහ් (ඔබව) ආරාධනා කරන්නේය. (ඔහුට අවනත වී කටයුතු කරන අයගෙන්) ඔහු කැමැත්තන්ව (එයට හිමි) ඍජු මාර්ගයෙහිම ඇතුළු කරන්නේය.

ශාන්තියේ නිවහන වන අල්ලාහ්ගේ ස්වර්ග උයන වෙත ඔහු මිනිසුන් සියලු දෙනා ඇරයුම් කරයි. දුක් හා කම්කටොලුවලින් ජනයා එහි නිදහස්ව සිටී. මරණයට පත්වීමෙන් ද ඔවුන් නිදහස් වෙති. මෙම ශාන්තියේ නිවහන වෙත සේන්දු කරවන ඉස්ලාම් දහම වෙත අල්ලාහ් තමන් අභිමත කරන ගැත්තන්හට ආශිර්වාද කරයි.

26

۞ لِّلَّذِينَ أَحْسَنُوا۟ ٱلْحُسْنَىٰ وَزِيَادَةٌۭ ۖ وَلَا يَرْهَقُ وُجُوهَهُمْ قَتَرٌۭ وَلَا ذِلَّةٌ ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

හොඳක් කරන අයට (ඵලවිපාක) පින්ය! (ඔවුන් කළ දැයට වඩා) අධික වශයෙන්ද ලැඛෙනු ඇත. (එමගින් ඔවුන් ඉතාමත් සතුටට පත් වූවන් වශයෙන් සිටිනු ඇත). ඔවුන්ගේ මුහුණු ශෝකය හෝ නැතහොත් අවමානය හෝ වට කර ගන්නේ නැත. නියත වශයෙන්ම ඔවුන් ස්වර්ගවාසීන්ය. ඔවුන් එහි සදාකල් රැඳී සිටිනු ඇත.

ඔවුනට අවනත වන මෙන් අල්ලාහ් අනිවාර්යය කළ දෑ ඔවුන් පිළිපදිමින් හා ඔහු ඔවුනට තහනම් කළ දෑ අතහැර දමමින් දැහැමි ලෙස කටයුතු කළවුන් වනාහි, ඔවුනට අලංකාර ප්රතිඵල ඇත. එය ස්වර්ග උයනයි. ඔවුනට ඊට අමතර දෑ ද ඇත. එය ගෞරවනීය අල්ලාහ්ගේ මුහුණ දෙස බැලීමය. ඔවුන්ගේ මුහුණු දූවිල්ලෙන් ආවරණය වන්නේ නැත. කිසිදු අවමානයක් හෝ අපහාසයක් හෝ ඒවා වෙළා ගන්නේ නැත. මෙම දැහැමි කරුණුවලින් වර්ණනා කරනු ලැබූ මොවුහු ස්වර්ගවාසීහු වෙති. ඔවුහු එහි සදා රැඳෙන්නෝ වෙති.

27

وَٱلَّذِينَ كَسَبُوا۟ ٱلسَّيِّـَٔاتِ جَزَآءُ سَيِّئَةٍۭ بِمِثْلِهَا وَتَرْهَقُهُمْ ذِلَّةٌۭ ۖ مَّا لَهُم مِّنَ ٱللَّهِ مِنْ عَاصِمٍۢ ۖ كَأَنَّمَآ أُغْشِيَتْ وُجُوهُهُمْ قِطَعًۭا مِّنَ ٱلَّيْلِ مُظْلِمًا ۚ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

පාපයන් කවුරුන් කළා වුවද, පාපයන්ට අයත් ඵලවිපාක ඒ වගේම පාපයයි! ඔවුන්ව බැගෑවද පැමිණ සේන්දු වනු ඇත. අල්ලාහ්ගේ (දඬුවමෙන්) ඔවුන්ව බේරා ගන්නන් කිසිවෙකුත් නැත. අන්ධකාර වූ රාත්‍රියේ එක් කොටසක් පැමිණ වට කර ගත්තාක් මෙන් ඔවුන්ගේ මුහුණු (කළු වී) දක්නට ඇත. ඔවුන් නිරාවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත.

දේව ප්රතික්ෂේපය, පාපකම් වැනි නපුරු ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් සිදු කළ නපුරුකමට ඒ හා සමාන අල්ලාහ්ගේ දඬුවමින් ප්රතිවිපාක මතුලොවෙහි හිමි වනු ඇත. අවමානය හා අපහාසය ඔවුන්ගේ මුහුණු වෙළා ගෙන තිබේ. අල්ලාහ්ගේ දඬුවම ඔවුනට පහළ වූ විට ඉන් ඔවුන් වළක්වාලන කිසිවකු ඔවුනට නොසිටිනු ඇත. ඔවුන්ගේ මුහුණු නිරා ගින්නේ දුමාරයෙන් හා කළු පැහැයෙන් අධික ලෙස වෙළා ඇති බැවින් කළු පැහැයක් ඇඳගත්තාක් මෙන් එම මුහුණු පවතී. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවූහු නිරා ගින්නේ වැසියෝ වෙති. ඔවුහු එහි සදා වෙසෙනේනෝ වෙති.

28

وَيَوْمَ نَحْشُرُهُمْ جَمِيعًۭا ثُمَّ نَقُولُ لِلَّذِينَ أَشْرَكُوا۟ مَكَانَكُمْ أَنتُمْ وَشُرَكَآؤُكُمْ ۚ فَزَيَّلْنَا بَيْنَهُمْ ۖ وَقَالَ شُرَكَآؤُهُم مَّا كُنتُمْ إِيَّانَا تَعْبُدُونَ

(විනිශ්චය සඳහා) ඔවුන් සියල්ලන්වම අපි ඒකරාශී කරන දිනදී ඔවුන්ගෙන් සමානයන් තබා නමදින්නන්ට “ඔබත්, ඔබ සමානයන් තබා නැමදූ දෙවිවරුන්ද, පොඩියක් මෙහි ප්‍රමාද වනු” යයි පවසා, ඔවුන් අතරේ තිබුණු සම්බන්ධය පහ කරමු. ඒ අවස්ථාව්දී ඔවුන්ගේ දෙවිවරුන් (ඔවුන්ට) “ඔබ අපව නැමදුවේම නැත” යයිද-

අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු මැවීම් එක්රැස් කරන අවස්ථාව මෙනෙහි කර බලනු. මෙලොවෙහි අල්ලාහ්ට ආදේශ තැබූවන්හට අපි මෙසේ පවසන්නෙමු. “අහෝ දෙවියන්ට ආදේශ තැබූවනි! නුඹලා ද අල්ලාහ් හැර නුඹලා නමදිමින් සිටි නුඹලාගේ නැමදුමට පාත්ර වූවන් ද නුඹලාගේ ස්ථානයේම රැඳී සිටිනු." නැමදුමට පාත්ර වූවන් හා නැමද සිටියවුන් අතර අපි වෙන් කරන්නෙමු. නැමදුමට ලක් වූවන් නැමද සිටියවුන්හට, "නුඹලා අපට ගැතිකම් කරමින් නොසිටියෙහු" යැයි ඔවුන්ගේ හවුල් කරුවන් පවසති

29

فَكَفَىٰ بِٱللَّهِ شَهِيدًۢا بَيْنَنَا وَبَيْنَكُمْ إِن كُنَّا عَنْ عِبَادَتِكُمْ لَغَٰفِلِينَ

“(මෙයට) අපටත් ඔබටත් අතරේ අල්ලාහ්ම ප්‍රමාණවත් සාක්ෂියක් වශයෙන් ඇත්තේය. ඔබ (අපව) නැමදීම දැන ගත්තේද නැත” යයි පවසනු ඇත.

මෙහි දී අල්ලාහ් හැර දමා ඔවුන් නමදිමින් සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුන්ගෙන් ඈත් වී, “අල්ලාහ් සාක්ෂිකරුය. ඔහු ප්රමාණවත්ය. නුඹලා අපට ගැතිකම් කර සිටීම ගැන අපි පිළිනොගත්තෙමු. එය අපි නුඹලාට අණ නොකළෙමු. නුඹලාගේ නැමදුම ගැන කිසිදු හැඟීමක් අපහට නොවීය" යැයි පවසති.

30

هُنَالِكَ تَبْلُوا۟ كُلُّ نَفْسٍۢ مَّآ أَسْلَفَتْ ۚ وَرُدُّوٓا۟ إِلَى ٱللَّهِ مَوْلَىٰهُمُ ٱلْحَقِّ ۖ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

: එහි සෑම ආත්මයක්ම තමන් සිදු කර යැවූ අපරාධයන් විභාග කර, (එය පින්ද පව්ද යන්න) දැන ගනු ඇත. පසුව ඔවුන් තමන්ගේ සත්‍යය හාම්පුතා වන අල්ලාහ් දෙසටම ගෙන එනු ලබන්නාහ. ඔවුන් බොරුවට මනක්කල්පිත කරගෙන සිටි දෙවිවරුන් සියල්ල ඔවුන්ගෙන් සැඟවී යනු ඇත.

අති බිහිසුණු මෙම ස්ථානයේ සෑම ආත්මයක්ම මෙලොව ජීවිතයේ සිදු කළ ක්රියාවන් පිළිබඳ පරීක්ෂණයට ලක් කරනු ලැබේ. ආදේශ තැබූවන් ඔවුන්ගේ විනිශ්චයන් සම්බන්ධයෙන් ඔවුන්ගේ සැබෑ භාරකරු වන ඔවුන්ගේ පරමාධිපති වූ අල්ලාහ් වෙත යොමු කරවනු ඇත. ඔවුන් වෙනුවෙන් මැදිහත් වනු ඇතැයි ඔවුන් සිතූ ඔවුන්ගේ පිළිම ඔවුන්ගෙන් ඉවත් ව යනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.