Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–109 of 109

101

قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْءَايَٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍۢ لَّا يُؤْمِنُونَ

(නබියේ! ඔවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නොතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්‍රයෝජනයක් නැත.

අහෝ දූතය! සාක්ෂි හා සාධක පිළිබඳ නුඹෙන් විමසන දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන අහස්හි හා මහපොළොවේ දක්නට ඇති සාධක දෙස නුඹ කල්පනාකාරීව සිතා නොබැලුවෙහිද? විශ්වාස කිරීමට සූදානමක් නැති පිරිසකට ඔවුන් දේව ප්රතික්ෂේපයේ නිරත ව සිටින බැවින් සාක්ෂි සාධක හා දූතවරුන් කෙතරම් පහළ වුවද ඉන් කිසිදු ඵලක් නොවන්නේය."

102

فَهَلْ يَنتَظِرُونَ إِلَّا مِثْلَ أَيَّامِ ٱلَّذِينَ خَلَوْا۟ مِن قَبْلِهِمْ ۚ قُلْ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ

(නබියේ!) ඔවුන් තමන්ට පෙර ඉකුත් වූ අයට ඇති වූ අමාරුකම මෙන්ම මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වන්නෙහුද? (එබැවින් ඔවුන්ට “එවැනි අමාරු කාලයක්ම ඔබටද පැමිණෙන්නට ඇත). එබැවින් (එය) ඔබත් බලාපොරොත්තු වනු. නියත වශයෙන්ම මමත් (එය ඔබට පැමිණීම), ඔබ සමග බලාපොරොත්තුවෙන්ම සිටින්නෙමි” යයි පවසනු මැනව!.

පෙර විසූ බොරුකාර සමූහයන්ට අල්ලාහ් ඇති කළ සිදුවීම් මෙන් මිස වෙනත් කිසිවක් මෙම බොරුකාරයෝ බලාපොරොත්තු වන්නෝද? අහෝ දූතය! ඔවුනට නුඹ පවසනු. “නුඹලා අල්ලාහ්ගේ දඬුවම බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම මම ද නුඹලා සමග මාගේ පරමාධිපතිගේ ප්රතිඥාව බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් වෙමි.”

103

ثُمَّ نُنَجِّى رُسُلَنَا وَٱلَّذِينَ ءَامَنُوا۟ ۚ كَذَٰلِكَ حَقًّا عَلَيْنَا نُنجِ ٱلْمُؤْمِنِينَ

(එසේ දඬුවම පැමිණෙන කාලයෙහි) අපි අපගේ දූතයින්ව බේරා ගන්නෙමු. මෙසේම විශ්වාසය තැබූවන්වද (බේරා ගන්නෙමු. මන්දයත්) විශ්වාසය තැබූවන්ව බේරා ගැනීම අප කෙරෙහි අනිවායදැය යුතුකමක් වශයෙන්ම ඇත්තේය.

පසුව අපි ඔවුනට දඬුවම පහළ කර අපගේ දූතවරුන් හා ඔවුන් සමග විශ්වාස කළවුන් මුදවා ගන්නෙමු. ඔවුනට අත් වූ ඉරණම මොවුනට අත් වූයේ නැත. ඔවුන් සමග සිටි දූතවරුන් හා දේව විශ්වාසීන් අපි මුදවා ගත්තා සේම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමාණන් සමග සිටින දේව විශ්වාසීන් අපි මුදවා ගන්නෙමු.

104

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ إِن كُنتُمْ فِى شَكٍّۢ مِّن دِينِى فَلَآ أَعْبُدُ ٱلَّذِينَ تَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ وَلَٰكِنْ أَعْبُدُ ٱللَّهَ ٱلَّذِى يَتَوَفَّىٰكُمْ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ ٱلْمُؤْمِنِينَ

(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! ඔබ මගේ ධර්මයෙහි සැක සිතුවද, අල්ලාහ් හැර, ඔබ නමදින දැය මා කිසි කලෙක නමදින්නට යන්නේ නැත. එහෙත් ඔබගේ කිසිවෙකුගේ පණ හෝ අත්පත් කිරීමට (ශක්තියක් ඇති) අල්ලාහ්වම මා නමදින්නෙමි. විශ්වාසවන්තයින්ගෙන් මමත් කෙනෙකු වශයෙන් සිටිය යුතුය යයිම අණ කරනු ලැබ ඇත්තෙමි.

“මා නුඹලා ඇරයුම් කරන තව්හීද් හෙවත් ඒකීය දේවත්වයේ දහම වන මාගේ දහම සම්බන්ධයෙන් නුඹලා සැකයෙහි වී නම් නුඹලාගේ දහම අර්බුධකාරී දහමක් බවට මා ස්ථීර ව සිටිමි. මම එය අනුගමනය නොකරමි. අල්ලාහ්ගෙන් තොර ව නුඹලා නමදින දෑට මම නොනමදිමි. නමුත් නුඹලා ව මරණයට පත් කරන අල්ලාහ්ව නමදිමි. ඔහුට පමණක් දහම පුද කර අවංක හා නිවැරදි දේව විශ්වාසීන් අතරට මා පත්වන මෙන් ඔහු මට නියෝග කර ඇත.” යැයි අහෝ දූතය! නුඹ පවසනු.

105

وَأَنْ أَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًۭا وَلَا تَكُونَنَّ مِنَ ٱلْمُشْرِكِينَ

(නබියේ!) ඍජු මාර්ගය දෙසටම ඔබගේ මුහුණ සදාකල් හරවා තබනු මැනව! සමානයන් තබා නමදින්නන්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් නොවනු.

“එලෙසම, අන් සියලු දහම් පිළිවෙත්වලින් ඈත් ව, සත්ය දහම මත ඍජු ව සිටින මෙන් ද ඒ වෙත පමණක් පිහිටන මෙන් ද ඔහු මට නියෝග කර ඇත. එමෙන්ම ඔහුට මා ආදේශ තැබීමෙන් ඔහු මා වළක්වා ඇත.”

106

وَلَا تَدْعُ مِن دُونِ ٱللَّهِ مَا لَا يَنفَعُكَ وَلَا يَضُرُّكَ ۖ فَإِن فَعَلْتَ فَإِنَّكَ إِذًۭا مِّنَ ٱلظَّٰلِمِينَ

එබැවින් ඔබට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කිරීමට ශක්තියක් නැති අල්ලාහ් නොවන දැය (දෙවියන් යයි) ඔබ ආරාධනා නොකරනු. එසේ කළහොත් ඒ අවස්ථාවේදීම අපරාධකාරයින්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වන්නෙහිය.

අහෝ දූතය! අල්ලාහ් හැර නුඹට යම් සෙතක් කිරීමට හෝ නුඹට යම් නපුරක් කිරීමට හෝ කිසිදු ආධිපත්යයක් නොමැති පිළිම හා ගල්රූ වලට ඇරයුම් නොකරනු. නුඹ ඒවාට නමදින්නෙහි නම්, එවිට සැබැවින්ම නුඹ අල්ලාහ් සතු වගකීම හා ඔවුන් සතු වගකීම ඉක්මවා කටයුතු කළ අපරාධකරුවන් අතරට පත් වන්නෙහිය.

107

وَإِن يَمْسَسْكَ ٱللَّهُ بِضُرٍّۢ فَلَا كَاشِفَ لَهُۥٓ إِلَّا هُوَ ۖ وَإِن يُرِدْكَ بِخَيْرٍۢ فَلَا رَآدَّ لِفَضْلِهِۦ ۚ يُصِيبُ بِهِۦ مَن يَشَآءُ مِنْ عِبَادِهِۦ ۚ وَهُوَ ٱلْغَفُورُ ٱلرَّحِيمُ

අල්ලාහ් ඔබට යම්කිසි හානියක් කරන විට, එය පහ කිරීමට ඔහු හැර, වෙන කිසිවෙකුටත් නොහැකිය. ඔහු ඔබට යම්කිසි හොඳක් කිරීමට අදහස් කළහොත් ඔහුගේ එම දයාව වැළැක්වීමට කිසිවෙකුටත් නොහැකිය. තම වහලූන්ගෙන් ඔහු කැමැත්තන්ටම එය ලබා දෙන්නේය. ඔහු ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ දූතය! අල්ලාහ් ඔබට යම් විපතක් ඇති කර, පසුව එය නුඹෙන් ඉවත් කිරීමට නුඹ පැතුවේ නම් සුවිශුද්ධ ඔහු හැර එය ඉවත් කරන වෙනත් කිසිවෙකු නැත. ඔබට යම් සෙතක් ඔහු අභිමත කළේ නම්, ඔහුගේ භාග්යය වළක්වන කිසිවෙකු ද නැත. ඔහු අභිමත කරන ගැත්තන් හට ඔහුගේ භාග්ය ඇති කරයි. එය ප්රතික්ෂේප කරන කිසිවකු නැත. ඔහුගේ ගැත්තන් අතරින් පසුතැවිලි වී පාපක්ෂමාව අයැදි සිටින්නන් හට ඔහු අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

108

قُلْ يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَكُمُ ٱلْحَقُّ مِن رَّبِّكُمْ ۖ فَمَنِ ٱهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِى لِنَفْسِهِۦ ۖ وَمَن ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۖ وَمَآ أَنَا۠ عَلَيْكُم بِوَكِيلٍۢ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “මිනිසුනේ! නියත වශයෙන්ම ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන්ම මෙම සත්‍ය ධර්මය ඔබ වෙත පැමිණ ඇත්තේය. කවුරුන් (මෙය අනුගමනය කර), ඍජු මාර්ගයෙහිම ගමන් කරන්නේද ඔහු, තමන්ගේ යහපත සඳහාම (එම) ඍජු මාර්ගයෙහි යන්නේය. කවුරුන් (මෙය අනුගමනය නොකර) මාර්ගය වැරද යන්නේද, ඔහු, නියත වශයෙන්ම තමන්ට නපුරු මාර්ගයෙහිම යන්නේය. තවද මා ඔබව (බල කර) පරිපාලනය කිරීමේ බලය ලැබූ කෙනෙකු නොව.

අහෝ දූතය! නුඹ ජනයාට මෙසේ පවසනු. “අහෝ ජනයිනි! සැබැවින්ම නුඹලා වෙත නුඹලාගේ පරමාධිපතිගෙන් වූ පහළ කිරීමක් වශයෙන් අල් කුර්ආනය පැමිණ ඇත. එහෙයින් කවරෙකු එය විශ්වාස කොට යහමග ලබන්නේ ද එහි යහපත ඔහුටම නැවත හැරී එනු ඇත. ඊට හේතුව සැබැවින්ම තම ගැත්තන්ගේ අවනතභාවය ගැන අල්ලාහ්ට කිසිදු අවශ්යතාවක් නොමැති බැවිණි. කවරෙකු නොමඟ යන්නේ ද ඔහු නොමඟ යෑමේ බලපෑම ඔහුට එරෙහිව පිහිටනු ඇත. අල්ලාහ් වනාහි, තම ගැත්තන්ගේ පිටුපෑම ඔහුට කිසිදු බලපෑමක් ඇති කරන්නේ නැත. එමෙන්ම මා නුඹලාගේ ක්රියාවන් ආරක්ෂා කරන හෝ ඒ සඳහා නුඹලා ව ගණන් බලන ආරක්ෂකයකු නොවෙමි.”

109

وَٱتَّبِعْ مَا يُوحَىٰٓ إِلَيْكَ وَٱصْبِرْ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ ۚ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

(නබියේ!) වහී මගින් ඔබට දැනුම් දෙනු ලැබූ දැයම ඔබ අනුගමනය කරමින් සිටිනු. අල්ලාහ් තීන්දුවක් දෙන තුරු (සතුරන්ගෙන් ඇති වන දුක් කරදර ඉවසීමෙන් යුතුව) විඳ දරාගෙන සිටිනු. විනිශ්චය දෙන්නන්ගෙන් ඔහුම ඉතාමත් ශ්‍රේෂ්ඨය.

අහෝ දූතය! නුඹගේ පරමාධති නුඹ වෙත දන්වා ඇති දෑ පිළිපදිනු. ඒ අනුව ක්රියා කරනු. නුඹේ සමූහයා අතරින් නුඹට විරුද්ධව කටයුතු කරන නුඹ ඇරයුම් කරන දෑට එරෙහි ව ප්රචාරය කරන අය සම්බන්ධයෙන් නුඹ ඉවසීමෙන් කටයුතු කරනු. අල්ලාහ් තම ප්රඥාව අනුව මෙලොවෙහි ඔවුනට එරෙහි ව නුඹට ජය ලබා දීමෙන් හා ඔවුන්ගේ දේව ප්රතික්ෂේපය මතම ඔවුන් මිය ගියේ නම් මතුලොවෙහි ඔවුන් දඬුවමට භාජනය කිරීමෙන් අල්ලාහ් ඔවුන් අතර තීන්දු ලබා දෙන තෙක් ඒ මත අඛණ්ඩව සිටිනු.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.