Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 109

91

ءَآلْـَٰٔنَ وَقَدْ عَصَيْتَ قَبْلُ وَكُنتَ مِنَ ٱلْمُفْسِدِينَ

(එයට අපි ඔහුට) “මේ අවස්ථාවදීද (ඔබ විශ්වාස කරන්නේ!) ටිකකට කළින් දක්වා, ඔබ වෙනස්කම් කරමින් අපරාධකාරයින්ගේ එක් (ප්‍රධානියෙකු) වශයෙන්ම සිටියෙහිය.

ජීවිතයේ බලාපොරොත්තු සුන්වූවායින් පසුව ද නුඹ දෙවියන් විශ්වාස කරනුයේ? අහෝ ෆිර්අවුන්! දඬුවම පහළ වීමට පෙර අල්ලාහ්ව ප්රතික්ෂේප කරමින් හා ඔහුගේ මාර්ගයෙන් ජනයා වළක්වමින් සැබැවින්ම නුඹ ඔහුට පිටුපෑවෙහිය. තමන්ටම අපරාධකර ගත් හේතුවෙන් හා වෙනත් අයට ද අපරාධ කළ හේතුවෙන් නුඹ කලහකාරීන් අතරට පත්වූයෙහිය.

92

فَٱلْيَوْمَ نُنَجِّيكَ بِبَدَنِكَ لِتَكُونَ لِمَنْ خَلْفَكَ ءَايَةًۭ ۚ وَإِنَّ كَثِيرًۭا مِّنَ ٱلنَّاسِ عَنْ ءَايَٰتِنَا لَغَٰفِلُونَ

එහෙත් ඔබගෙන් පසු පැමිණෙන්නන්ට එක් සාක්ෂියක් වශයෙන් තැබීමට ඔබගේ දේහය (විනාශ නොවී) අපි අද දින ආරක්ෂා කර තබමු” (යයි පැවසුවෙමු). එහෙත් නියත වශයෙන්ම මිනිසුන්ගෙන් බොහොමයක් දෙනා (එවැනි) සාධකයන් ගැනද නොසැලකිලිමත්ව සිටින්නාහ.

අහෝ ෆිර්අවුන්! අද දින අපි නුඹ ව ගොඩ ගන්නෙමු. මහපොළොවේ උස් ස්ථානයක නුඹ ව තැන්පත් කරන්නෙමු. එය නුඹෙන් පසු ව පැමිණෙන්නන් හට නුඹ පාඩමක් වනු පිණිසය. සැබැවින්ම බහුතරයක් ජනයා අපගේ සාධක හා අපගේ බලය පිළිබඳ සාක්ෂි නොසලකා හරින්නන් වෙති. ඒ සම්බන්ධයෙන් කල්පනා කර නොබලති.

93

وَلَقَدْ بَوَّأْنَا بَنِىٓ إِسْرَٰٓءِيلَ مُبَوَّأَ صِدْقٍۢ وَرَزَقْنَٰهُم مِّنَ ٱلطَّيِّبَٰتِ فَمَا ٱخْتَلَفُوا۟ حَتَّىٰ جَآءَهُمُ ٱلْعِلْمُ ۚ إِنَّ رَبَّكَ يَقْضِى بَيْنَهُمْ يَوْمَ ٱلْقِيَٰمَةِ فِيمَا كَانُوا۟ فِيهِ يَخْتَلِفُونَ

නියත වශයෙන්ම අපි ඉස්රායීල පරම්පරාවේ දරුවන්ට (පොරොන්දු වූ) ඉතාමත් පහසුකමින් යුක්ත ස්ථානයක් ලබා දී හොඳ ආහාරයන්ද ඔවුන්ට ලබා දෙමින් සිටියෙමු. තවද සත්‍ය ඥානය (නමැති මෙම ධර්මය) ඔවුන් වෙත පැමිණෙන තුරු (මෙයට ඔවුන්) වෙනස්කම් දැක්වූයේ නැත. (පැමිණි පසුම මෙය ප්‍රතික්ෂේප කර වෙනස්කම් කරන්නාහ). කුමක් සඳහා ඔවුන් වෙනස්කම් කරන්නෝද, (ඒ ගැන) ඔවුන්ට විනිශ්චය දිනදී නියත වශයෙන්ම (එයයි සත්‍යය යයි) ඔබගේ දෙවියන් තීන්දුවක් දෙනු ඇත.

සමෘද්ධිමත් සිරියා දේශයේ පිළිගත් වාසස්ථානයක් හා ප්රශංසනීය සංග්රහයක් ඉස්රාඊල් දරුවන්හට සැබැවින්ම අපි පහළ කළෙමු. දැහැමි මෙන්ම අනුමත දැයින් අපි ඔවුන් පෝෂණය කළෙමු. ඔවුන්ගේ තව්රාත් ග්රන්ථයේ මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් පිළිබඳ ඔවුන් කියවන විස්තරය තහවුරු කරන්නක් ලෙසින් ඔවුන් වෙත අල් කුර්ආනය පැමිණෙන තෙක්ම ඔවුන්ගේ දහමෙහි ඔවුන් භේද වූයේ නැත. එය ඔවුන් ප්රතික්ෂේප කළ කල්හි ඔවුන්ගේ දේශ සීමාවන් ආක්රමණය කරනු ලැබීය. අහෝ දූතය! සැබැවින්ම නුඹගේ පරමාධිපති මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර කරුණක මතභේද ඇති කර ගත්තේ ද, ඒ සම්බන්ධයෙන් තීන්දු දී සුදුසු ප්රතිඵල ඔවුනට පිරිනමනු ඇත.

94

فَإِن كُنتَ فِى شَكٍّۢ مِّمَّآ أَنزَلْنَآ إِلَيْكَ فَسْـَٔلِ ٱلَّذِينَ يَقْرَءُونَ ٱلْكِتَٰبَ مِن قَبْلِكَ ۚ لَقَدْ جَآءَكَ ٱلْحَقُّ مِن رَّبِّكَ فَلَا تَكُونَنَّ مِنَ ٱلْمُمْتَرِينَ

(නබියේ!) අපි ඔබට දයාව පහළ කර ඇති මෙහි (පොඩියක් හෝ සැක නොසිතනු). ඔබ සැක කළහොත් ඔබට පෙර පහළ කරන ලද ධර්මයන් සමුදීරණය කරන්නන් වෙත ඔබ විමසා බලනු. නියත වශයෙන්ම ඔබ දෙවියන්ගේ සන්නිධානයෙන්ම සත්‍යය (වූ මෙම ධර්මය) ඔබ වෙත පැමිණ ඇත. එබැවින් සැක සිතන්නන්ගෙන් ඔබත් (කෙනෙකු) බවට පත් නොවනු.

අහෝ දූතය! නුඹ වෙත අප පහළ කළ අල් කුර්ආනයේ කිසියම් සැකයක හෝ කුතුහලයක හෝ නුඹ පසුවන්නෙහි නම් තව්රාතය කියවන යුදෙව්වන් අතර හා ඉන්ජීලය කියවන කිතුනුවන් අතර සිටින දේව විශ්වාසීන්ගෙන් විමසා බලනු. සැබැවින්ම නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සැබෑවක් බවට ඔවුන්ගේ පුස්තකයෙහි විස්තර කර තිබීම ඔවුන් දැක ඇති බැවින් ඔවුහු නුඹට ඒ ගැන තොරතුරු දන්වා සිටිනු ඇත. සැබැවින්ම නුඹේ පරමාධිපති වෙතින් කිසිදු සැකයක් නැති සත්යය නුඹ වෙත පැමිණ ඇත. එහෙයින් නුඹ සැක කරන්නන් අතරට පත් නොවනු.

95

وَلَا تَكُونَنَّ مِنَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِ ٱللَّهِ فَتَكُونَ مِنَ ٱلْخَٰسِرِينَ

තවද අල්ලාහ්ගේ ආයාවන් බොරු කරන්නන් සමග ඔබ එක්කාසු නොවනු. එසේ වුවහොත් පරාජිතයින්ගෙන් ඔබත් කෙනෙකු බවට පත් වන්නෙහිය.

අල්ලාහ්ගේ සාක්ෂි හා ඔහුගේ සාධක බොරු කරන්නන් අතරට නුඹ පත් නොවනු. එමගින් නුඹ තම ප්රතික්ෂේපය හේතුකොට ගෙන විනාශයේ සාධක ගෙන ඒමෙන් තමන්ට පාඩු අත්කරගත් අය අතරට පත් වන්නෙහිය. මේ සියලු අවවාද සැකයේ හා බොරු කිරීමෙහි භයානක කම විස්තර කිරීමකි. එසේ නොවන්නට, මේ කිසිවක් හෝ හට ගැනීමෙන් නබි තුමාණන් ආරක්ෂා කරනු ලැබ ඇත්තේය.

96

إِنَّ ٱلَّذِينَ حَقَّتْ عَلَيْهِمْ كَلِمَتُ رَبِّكَ لَا يُؤْمِنُونَ

නියත වශයෙන්ම කවුරුන් මත (පාපතරයන් යයි) ඔබ දෙවියන්ගේ පොරොන්දුව (තීන්දුව) ආවේද, ඔවුන් විශ්වාස කරන්නේම නැත.

නියත වශයෙන්ම දෙවියන් ප්රතික්ෂේප කළ තත්ත්වයේ හිඳිමින් ඔවුන් මිය ගිය බැවින් ඔවුන් වෙත වූ අල්ලාහ්ගේ තීන්දුව සහතික වූවන් කිසිවිටෙක දෙවියන් විශ්වාස කරන්නේ නැත.

97

وَلَوْ جَآءَتْهُمْ كُلُّ ءَايَةٍ حَتَّىٰ يَرَوُا۟ ٱلْعَذَابَ ٱلْأَلِيمَ

වේදනා ගෙන දෙන දඬුවමම ඔවුන් (දෑසින්) දකින තුරු සාක්ෂීන් සියල්ල ඔබ ඔවුන් වෙත ගෙන ආවා වුවද, (ඔවුන් විශ්වාස කරන්නේම නැත).

ආගමික හෝ ලෞකික සියලු සාධක හා සාක්ෂි ඔවුන් වෙත පැමිණිය ද වේදනීය දඬුවම ඔවුන් දකින තෙක්, ඔවුන් එලෙසෙම පසුවෙති. දේව විශ්වාසය ඔවුනට ඵලක් නොවන අවස්ථාවේ ඔවුන් විශ්වාස කරති.

98

فَلَوْلَا كَانَتْ قَرْيَةٌ ءَامَنَتْ فَنَفَعَهَآ إِيمَٰنُهَآ إِلَّا قَوْمَ يُونُسَ لَمَّآ ءَامَنُوا۟ كَشَفْنَا عَنْهُمْ عَذَابَ ٱلْخِزْىِ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَمَتَّعْنَٰهُمْ إِلَىٰ حِينٍۢ

තමන්ගේ විශ්වාසය ප්‍රයෝජනවත් වන අන්දමට (දඬුවම පැමිණීමට පෙරම දඬුවමේ සළකුණු දුටු වහාම, විශ්වාස කර, දඬුවමෙන් බේරුණු) යූනුස්ගේ ජනතාව මෙන් අනිත් ගම්වාසීන් සිටිය යුතු නොවේද? ඔවුන් (දඬුවමේ සළකුණු දුටු වහාම, දඬුවම පැමිණීමට පෙරම) විශ්වාසය තැබූ බැවින් මෙලොව ජීවිතයෙහි අවමන් ගෙන දෙන දඬුවම ඔවුන්ගෙන් අපි පහ කර හැරියෙමු. තවද සුළු කාලයක් සැප සම්පත් විඳින්නට ඔවුන්ව අත්හැර දැමුවෙමු.

අපගේ දහම් දූතයින් එවනු ලැබු ගම්මාන අතරින් යූනුස්ගේ ගම්වාසීන් හැර දඬුවම දෑසින් දකින්නට පෙර ඔහු ගැන හා ඔහුගේ පැමිණීම ගැන විශ්වාසය ඵලක් කර ගත් කිසිදු ගම්මානයක් නොවීය. යූනුස්ගේ ජනයා සැබෑ ලෙස විශ්වාස කළ කල්හි මෙලොව ජීවිතයේ දී පහත් හා අපහාසාත්මක දඬුවම ඔවුන්ගෙන් අපි ඉවත් කළෙමු. ඔවුන්ගේ නියමිත කාලය අවසන් වන තෙක්ම අපි ඔවුනට භුක්ති විඳින්නට ඉඩ හැරියෙමු.

99

وَلَوْ شَآءَ رَبُّكَ لَءَامَنَ مَن فِى ٱلْأَرْضِ كُلُّهُمْ جَمِيعًا ۚ أَفَأَنتَ تُكْرِهُ ٱلنَّاسَ حَتَّىٰ يَكُونُوا۟ مُؤْمِنِينَ

ඔබගේ දෙවියන් අදහස් කර තිබුනේ නම්, භූමියෙහි ඇති සියල්ලන්ම ඒකරාශී වී විශ්වාස කර ඇත්තෙහුය. (එබැවින්) මිනිසුන් (සියල්ලන්ම) විශ්වාසවන්තයින් විය යුතුය යයි ඔවුන්ව ඔබට බල කළ හැකිද?

අහෝ දුතය! මිහිතලයේ වෙසෙන සියල්ලන් විශ්වාස කළ යුතු යැයි නුඹේ පරමාධිපති අභිමත කළේ නම් ඔවුන් සියලු දෙනා විශ්වාස කරන්නට තිබුණි. නමුත් යම් කිසි ප්රඥාවක් මත ඒ සඳහා ඔහු අභිමත වූයේ නැත. එහෙයින් ඔහු අභිමත කරන්නන් ඔහුගේ යුක්ති ධර්මය අනුව නොමඟ යන්නට ඉඩ හරින්නේය. ජනයාට බලකරමින් ඔවුන් දෙවියන් විශ්වාස කරන්නන් බවට පත් කිරීමට නුඹට හැකියාවක් නැත. ඔවුනට දේව විශ්වාසය ආශිර්වාද කිරීමේ වගකීම අල්ලාහ් සතු කාර්යයකි.

100

وَمَا كَانَ لِنَفْسٍ أَن تُؤْمِنَ إِلَّا بِإِذْنِ ٱللَّهِ ۚ وَيَجْعَلُ ٱلرِّجْسَ عَلَى ٱلَّذِينَ لَا يَعْقِلُونَ

කුමන ආත්මයක් හෝ අල්ලාහ්ගේ දයාව නොමැතිව විශ්වාසය තැබිය නොහැක. නමුත් බුද්ධියක් නොමැත්තන් (වන අපරාධකාරයින්) මත (ඔවුන්ගේ නපුරෙහි හේතුවෙන්) පාපයන්හි බර පටවන්නේය.

අල්ලහ්ගේ අවසරයෙන් මිස කිසිදු ආත්මයක් තමන් විසින්ම විශ්වාසය ඇති කරලීමට කිසිදු ආත්මයකට අවශ්ය නොවීය. ඔහුගේ අභිමතයෙන් තොර ව විශ්වාසය පිහිටන්නේ නැත. ඔවුන් ගැන පසුතැවිලි වන්නට ඔබ කරදර විය යුතු ද නැත. අල්ලාහ්ගේ සාධක ඔහුගේ නියෝග හා ඔහුගේ තහනම හඳුනා නොගත් අය හට අවමානය හා දඬුවම ඔහු ඇති කරනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.