فَلَمَّآ أَلْقَوْا۟ قَالَ مُوسَىٰ مَا جِئْتُم بِهِ ٱلسِّحْرُ ۖ إِنَّ ٱللَّهَ سَيُبْطِلُهُۥٓ ۖ إِنَّ ٱللَّهَ لَا يُصْلِحُ عَمَلَ ٱلْمُفْسِدِينَ
(එසේ) ඔවුන් වීසි කර (සූනියම) කළ වහාම මූසා (ඔවුන්ට) “ඔබ කළ සියල්ල නිකම්ම නිකම් සූනියමකි. නියත වශයෙන්ම ඉතා ඉක්මනින් අල්ලාහ් මේවා විනාශ කර දමනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් (සූනියම් කර) නපුරක් කළ අයගේ ක්රියාවන් සාර්ථක කරන්නේ නැත”.
ඔවුන් සතු ඉන්ද්රජාලයන් ඔවුන් විසි කළ කල්හි “නුඹලා මතු කළ දෑ ඉන්ද්රජාලයකි. නුඹලා සිදු කළ දෑ නිෂ්ඵල මෙන් ම එය බල රහිත බවට සැබැවින්ම අල්ලාහ් පත් කරනු ඇත. සැබැවින්ම නුඹලාගේ සූනියම් තුළින් නුඹලා මහපොළොවේ කලහකාරී ලෙස කටයුතු කර ඇත. කලහකාරී කිසිවකුගේ ක්රියාවන් අල්ලාහ් විධිමත් කරන්නේ නැත." යැයි මූසා ඔවුනට පැවසීය.