۞ وَٱتْلُ عَلَيْهِمْ نَبَأَ نُوحٍ إِذْ قَالَ لِقَوْمِهِۦ يَٰقَوْمِ إِن كَانَ كَبُرَ عَلَيْكُم مَّقَامِى وَتَذْكِيرِى بِـَٔايَٰتِ ٱللَّهِ فَعَلَى ٱللَّهِ تَوَكَّلْتُ فَأَجْمِعُوٓا۟ أَمْرَكُمْ وَشُرَكَآءَكُمْ ثُمَّ لَا يَكُنْ أَمْرُكُمْ عَلَيْكُمْ غُمَّةًۭ ثُمَّ ٱقْضُوٓا۟ إِلَىَّ وَلَا تُنظِرُونِ
(නබියේ!) නූහුගේ ඉතිහාසය ඔබ ඔවුන්ට සමුදීරණය කර පෙන්වනු (මැනව!) ඔහු තම ජනතාවට “මගේ ජනතාවෙනි! මා (ඔබ වෙතින් පැමිණ) සිටීමද, මා (ඔබට) අල්ලාහ්ගේ වදන් කියවා පෙන්වීමද, ඔබට බරක් වශයෙන් දැනී, (ඒ වෙනුවෙන් ඔබ මා හට යම්කිසි හානියක් කිරීමට අදහස්) කළහොත් මා අල්ලාහ් මතම විශ්වාසය තබා ඇත්තෙමි. ඔබ අඩුපාඩුවක් කර දැමුවේය යයි පසුව ඔබට කණගාටුවක් නොවන සේ ඔබ, ඔබගේ සහායයන්ද එක්කාසු කර ගනිමින්, ඔබ සියල්ලන්ම එක්කාසු වී (මට හානියක් කිරීමට) එක් කාරණාවක් තීරණයක් කරගෙන, (ඒ තීරණයට අනුව) මට සිදු කර බලනු. (මෙහි) ඔබ පොඩියක් හෝ ප්රමාදයක් නොකරනු” යයි පැවසුවේය.
අහෝ දූතය! නූහ් (අලය්හිස් සලාම්) තුමා තම ජනයාට පවසා සිටි තොරතුරු දෙවියන්ට ආදේශ තබන මෙම බොරුකාරයින්ට කියා පෙන්වනු. හෙතෙම: “මාගේ ජනයිනි! නුඹලා ඉදිරියේ මාගේ ස්ථාවරය නුඹලාට බරක් වී නම්, අල්ලාහ්ගේ වදන් මා මෙනෙහි කිරීම හා මාගේ උපදෙස නුඹලාට පීඩාවක් නම්, නුඹලා මා ඝාතනය කිරීමට ස්තීර කර ගත්තා නම්, නුඹලා කරන කුමන්ත්රණය වළක්වාලීමට මම අල්ලාහ් මත පමණක් රැඳෙමි. නුඹලාගේ කටයුත්ත නුඹලාම තීන්දු කරනු. මා විනාශ කිරීමට නුඹලා ස්ථීර කර ගනු. උදව් ලබා ගැනීම සඳහා නුඹලාගේ දෙවිවරුන් කැඳවා ගනු. පසුව නුඹලාගේ කුමන්ත්රණය සැඟවුණු රහසක් නොවනු ඇත. පසුව මා ඝාතනය කිරීම සඳහා නුඹලා සැලසුම් යෙදීමෙන් පසු ව නුඹලා සඟවමින් සිටින දෑ මත ගමන් කරනු. මොහොතක් හෝ මට කල් නොදෙනු.