وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ
ඔබ කුමන තත්වයක සිටියත් කුර්ආනයෙන් ඔබ කුමක් (කුමන ආයාවක්) සමුදීරණය කළා වුවද, (ඔබගේ කාරණාවන්හි) ඔබ කළා වුවද, ඔබ ඒවායෙහි යෙදී සිටියදීම ඔබව අපි අවධානය නොකර සිටින්නේ නැත. භූමියෙහි හෝ අහස්හි හෝ ඇති දැයෙන් එක් අනු ප්රමාණයකින් හෝ (නබියේ!) ඔබගේ දෙවියන් නොදැන වැරද යන්නේ නැත. මේවාටත් වඩා කුඩා හෝ නැතහොත් ලොකු හෝ (කුමක් වුවද), ඔහුගේ පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොකර ඇත්තේ නැත.
අහෝ දූතය, ඔබ කවර කටයුත්තක නිරත ව සිටිය ද, කවර පාරායනයක් පාරායනය කළ ද, එමෙන්ම අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා කවර ක්රියාවක් සිදු කළ ද අපි නුඹලා ව අධීක්ෂණය කරමින් සිටියා මිස නැත. එමෙන්ම අපි නුඹලා පිළිබඳ මැනවින් දනිමු. නුඹලා ක්රියාශීලී ව ක්රියාවක නිරත වන විට නුඹලාට අපි සවන් දෙන්නෙමු. අහසේ හෝ මහපොළොවේ හෝ අණු ප්රමාණයක තරම් හෝ ඊට වඩා කුඩා ප්රමාණයකින් හෝ මහා ප්රමාණයකින් හෝ යම් දැනුමක් වී නම් පැහැදිලි පුස්තකයේ සටහන් කරනු මිස ඔබේ පරමාධිපතිට ඒ කිසිවක් සැඟවෙන්නේ නැත. කුඩා දෙයක් හෝ වේවා විශාල දෙයක් හෝ වේවා ඒ ගැන ඔහු සටහන් කර ගන්නා මිස නැත.