Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 109

61

وَمَا تَكُونُ فِى شَأْنٍۢ وَمَا تَتْلُوا۟ مِنْهُ مِن قُرْءَانٍۢ وَلَا تَعْمَلُونَ مِنْ عَمَلٍ إِلَّا كُنَّا عَلَيْكُمْ شُهُودًا إِذْ تُفِيضُونَ فِيهِ ۚ وَمَا يَعْزُبُ عَن رَّبِّكَ مِن مِّثْقَالِ ذَرَّةٍۢ فِى ٱلْأَرْضِ وَلَا فِى ٱلسَّمَآءِ وَلَآ أَصْغَرَ مِن ذَٰلِكَ وَلَآ أَكْبَرَ إِلَّا فِى كِتَٰبٍۢ مُّبِينٍ

ඔබ කුමන තත්වයක සිටියත් කුර්ආනයෙන් ඔබ කුමක් (කුමන ආයාවක්) සමුදීරණය කළා වුවද, (ඔබගේ කාරණාවන්හි) ඔබ කළා වුවද, ඔබ ඒවායෙහි යෙදී සිටියදීම ඔබව අපි අවධානය නොකර සිටින්නේ නැත. භූමියෙහි හෝ අහස්හි හෝ ඇති දැයෙන් එක් අනු ප්‍රමාණයකින් හෝ (නබියේ!) ඔබගේ දෙවියන් නොදැන වැරද යන්නේ නැත. මේවාටත් වඩා කුඩා හෝ නැතහොත් ලොකු හෝ (කුමක් වුවද), ඔහුගේ පැහැදිලි සටහන් පුස්තකයෙහි සටහන් නොකර ඇත්තේ නැත.

අහෝ දූතය, ඔබ කවර කටයුත්තක නිරත ව සිටිය ද, කවර පාරායනයක් පාරායනය කළ ද, එමෙන්ම අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා කවර ක්රියාවක් සිදු කළ ද අපි නුඹලා ව අධීක්ෂණය කරමින් සිටියා මිස නැත. එමෙන්ම අපි නුඹලා පිළිබඳ මැනවින් දනිමු. නුඹලා ක්රියාශීලී ව ක්රියාවක නිරත වන විට නුඹලාට අපි සවන් දෙන්නෙමු. අහසේ හෝ මහපොළොවේ හෝ අණු ප්රමාණයක තරම් හෝ ඊට වඩා කුඩා ප්රමාණයකින් හෝ මහා ප්රමාණයකින් හෝ යම් දැනුමක් වී නම් පැහැදිලි පුස්තකයේ සටහන් කරනු මිස ඔබේ පරමාධිපතිට ඒ කිසිවක් සැඟවෙන්නේ නැත. කුඩා දෙයක් හෝ වේවා විශාල දෙයක් හෝ වේවා ඒ ගැන ඔහු සටහන් කර ගන්නා මිස නැත.

62

أَلَآ إِنَّ أَوْلِيَآءَ ٱللَّهِ لَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

(විශ්වාසවන්තයිනි!) අල්ලාහ්ට අයත් හොඳ වහලූන්ට නියත වශයෙන්ම කිසිම බියක් නැත. ඔවුන් දුක් වන්නේද නැත යන්න ඔබ (ස්ථීර වශයෙන්) දැන ගනු.

දැනගනු! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඇතිවන අර්බුධයන් හමුවේ සැබැවින්ම අල්ලාහ්ගේ සමීප මිතුරන්හට කිසිදු බියක් නැත. ඔවුනට මග හැරුණු මොලොවෙහි කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.

63

ٱلَّذِينَ ءَامَنُوا۟ وَكَانُوا۟ يَتَّقُونَ

ඔවුන් (දෙවියන්ව ඇත්තෙන්ම) විශ්වාස කර (ඔහුට) බිය වීද කටයුතු කරන්නාහ.

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන විශ්වාස කිරීම සම්බන්ධයෙන් වර්ණනා කරනු ලැබූ අල්ලාහ්ගේ සමීපතයින් වනාහි, අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නෝ වූහ.

64

لَهُمُ ٱلْبُشْرَىٰ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَفِى ٱلْءَاخِرَةِ ۚ لَا تَبْدِيلَ لِكَلِمَٰتِ ٱللَّهِ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

මෙලොව ජීවිතයෙහිද, පරලොවෙහිද ඔවුන්ට ශුභාරංචි ඇත. (උසස් වූ පදවීන් ඔවුන්ට ලබා දෙන බවට පවසා ඇති) අල්ලාහ්ගේ පොරොන්දුවල කිසිම වෙනසක් නැත. මෙයම ඉමහත් වූ විශාල භාග්‍යයකි.

දැහැමි සිහින දැකීමෙන් හෝ ජනයා ඔවුන් පැසසුමට ලක් කිරීමෙන් හෝ ඔවුන්ගේ පරමාධිපති විසින් ඔවුන් සතුටු වන සුබාසිරි ඔවුනට මෙලොවෙහි ඇත. එමෙන්ම ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නා විට ද, මිය ගිය පසු ද, එක්රැස් කරන විට ද මලක්වරුන්ගේ සුබාසිරි ද ඔවුනට ඇත. අල්ලාහ් කවර දෙයක් ඔවුනට ප්රතිඥා දුන්නේ ද එහි කිසිදු වෙනසක් ඇති වන්නේ නැත. එම ප්රතිඵලය මහත් වූ ජයග්රහණයයි. එය ඔවුන් පතන දෑ ඔවුනට එහි ඇති බැවින් හා බියෙන් ඔවුන් මිදී සිටින බැවිණි.

65

وَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّ ٱلْعِزَّةَ لِلَّهِ جَمِيعًا ۚ هُوَ ٱلسَّمِيعُ ٱلْعَلِيمُ

(නබියේ! ඔබව අවමන් කර කතා කරන) ඔවුන්ගේ වදන් ඔබව සසළ නොකෙරෙත්වා! නියත වශයෙන්ම ගෞරවයන් සියල්ල අල්ලාහ්ටම අයත්ය! (ඔහු කැමැත්තන්ට ඒවා ලබා දෙන්නේය). ඔහු සවන් දෙන්නෙකු වශයෙන්ද, (සියල්ල) හොඳින් දන්නෙකු වශයෙන්ද සිටින්නේය.

අහෝ දූතය! ඔබේ දහම සම්බන්ධයෙන් මොවුන් නගන දොස් හා චෝදනාවන් ගැන ඔබ දුක් නොවනු. සැබැවින්ම යටත් කිරීම හා ජය යන සියල්ල අල්ලාහ් සතුය. කිසිවෙක් ඔහු අබිබවා යා නොහැක. ඔහු ඔවුන්ගේ ප්රකාශවලට මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ මැනවින් දන්නාය. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

66

أَلَآ إِنَّ لِلَّهِ مَن فِى ٱلسَّمَٰوَٰتِ وَمَن فِى ٱلْأَرْضِ ۗ وَمَا يَتَّبِعُ ٱلَّذِينَ يَدْعُونَ مِن دُونِ ٱللَّهِ شُرَكَآءَ ۚ إِن يَتَّبِعُونَ إِلَّا ٱلظَّنَّ وَإِنْ هُمْ إِلَّا يَخْرُصُونَ

අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල නියත වශයෙන්ම අල්ලාහ්ටම අයිතිය යන්න ඔබ දැන ගනු. (මෙසේ තිබියදී) අල්ලාහ් හැර අනිත් දැය දෙවිවරුන් යයි ආරාධනා කරන්නන් කුමක් නම් අනුගමනය කරන්නෙහුද? පුහු සැකය මිස, (වෙන කිසිවක්) ඔවුන් අනුගමනය කරන්නේ නැත. තවද ඔවුන් පුහු මනක්කල්පිත කරන්නන්ය!.

අහස්හි ආධිපත්යය හා මහපොළොවෙහි ආධිපත්යය අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. අල්ලාහ්ගෙන් තොර ව ඔහු සම කරන්නන්හට වැඳුම් පිඳුම් කරන ආදේශකයින් පිළිපදිනුයේ කවර කරුණක් ද? ඔවුන් යථාර්ථයෙන්ම සැකය මිස අනුගමනය නොකරති. ඔවුන් අල්ලාහ් වෙත හවුල්කරුවන් සම්බන්ධ කරමින් බොරු පවසනවාක් මිස නැත. ඔවුන් කරන ප්රකශයෙන් අල්ලාහ් අති උත්තරීතරය.

67

هُوَ ٱلَّذِى جَعَلَ لَكُمُ ٱلَّيْلَ لِتَسْكُنُوا۟ فِيهِ وَٱلنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِى ذَٰلِكَ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَسْمَعُونَ

ඔබ සනීපයක් අත් කර ගැනීම සඳහා රාත්‍රියද, (ඔබ සියල්ල පැහැදිලිව) බලා ගැනීම සඳහා ද හවලද, ඔබට ඔහුම සලස්වා ඇත. (ඔහුගේ ආයාවන්ට) සවන් දෙන ජනතාවට නියත වශයෙන්ම මෙහි බොහොමයක් සාධකයන් ඇත්තේය.

අහෝ ජනයිනි! වෙහෙස මහන්සියෙන් හා කටයුතු වලින් දුරස් ව නුඹලා සැනසුම ලබනු පිණිස නුඹලාට රාත්රිය ඇති කළේ ඔහුය. එමෙන්ම නුඹලාගේ ජීවන ගමනෙහි නුඹලාට සෙත සලසන අයුරින් එහි ජීවනෝපාය සඳහා දහවල අලෝකමත් කළේද ඔහුය. පිළිගෙන සාවධානයෙන් සවන් දෙන පිරිසකට එහි පැහැදිළි සාධක ඇත.

68

قَالُوا۟ ٱتَّخَذَ ٱللَّهُ وَلَدًۭا ۗ سُبْحَٰنَهُۥ ۖ هُوَ ٱلْغَنِىُّ ۖ لَهُۥ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَمَا فِى ٱلْأَرْضِ ۚ إِنْ عِندَكُم مِّن سُلْطَٰنٍۭ بِهَٰذَآ ۚ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

අල්ලාහ්ට පරම්පරාවේ දරුවන් ඇතැයි ඔවුන් පවසන්නාහ. ඔහු නම්, (මෙම සිතුවිල්ලෙන්) ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔහු (දරුවන්ගේ) අවශ්‍යතාවයක් නැත්තෙකි. අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල ඔහුටම අයිතිය. (ඔහුට පරම්පරාවේ දරුවන් ඇතැයි කියන) මෙයට, ඔබ අත කිසිම සාක්ෂ්‍යක් නැත. ඔබ (නියත වශයෙන්ම) නොදැනම අල්ලාහ් කෙරෙහි (මෙසේ බොරු) කියන්නෙහුද?

දෙවියන්ට ආදේශ තැබූ පිරිසක්, “අල්ලාහ් දේව දූතයින් ගැහැණු දරුවන් ලෙස ගෙන ඇතැ”යි පවසති. ඔවුන්ගේ ප්රකාශයෙන් අල්ලාහ් සුවි ශුද්ධය. ඔහු ඔහුගේ සියලු මැවීම්වල අවශ්යතාවන් ගෙන් තොරය. අහස්හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය ඔහු සතුය. නුඹලාගේ මේ ප්රකාශය සඳහා කිසිදු සාධකයක් නුඹලා වෙත නැත. කිසිදු සාධකයකින් තොරව නුඹලා යථාර්ථය නොදැන අල්ලාහ්ට දරුවෙක් ඇති බව ඈඳමින් ඔහු කෙරෙහි අති බැරෑරුම් ප්රකාශයක් කරන්නෙහු ද?

69

قُلْ إِنَّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ لَا يُفْلِحُونَ

“කවුරුන් අල්ලාහ් කෙරෙහි (මෙසේ) මනක්කල්පිතව බොරු කියන්නෙහුද, ඔවුන් නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නේ නැත” යයි (නබියේ!) ඔබ පවසනු (මැනව!)

අහෝ දූතය, නුඹ ඔවුනට මෙසේ පවසනු: “සැබැවින්ම අල්ලාහ් වෙත දරුවෙකු ඈඳමින් ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නන් වනාහි ඔවුන් පතන දැයින් ඔවුහු ජය නොලබති. ඔවුන් බියවන දැයින් ඔවුන් මිදෙන්නේද නැත.

70

مَتَٰعٌۭ فِى ٱلدُّنْيَا ثُمَّ إِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ نُذِيقُهُمُ ٱلْعَذَابَ ٱلشَّدِيدَ بِمَا كَانُوا۟ يَكْفُرُونَ

(මෙවැන්නන්) මෙලොවෙහි සුළු සැපතක් විඳිය හැකිය. පසුව (පරලොවදී නම්), අප වෙතම ඔවුන් පැමිණිය යුතුව ඇත්තේය. පසුව (සත්‍යය මෙසේ) ඔවුන් ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුවෙන් ඔවුන් දරුණු දඬුවම විඳින ලෙසට අපි සලස්වන්නෙමු.

ඔවුන් භුක්ති විදින මෙලොවෙහි ආශාවන් හා එහි ඇති සුවපහසුකම් ඔවුන් රවටා නොදැමිය යුතුය. එය ඉතා අල්ප භුක්ති විඳීමක් පමණි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අප වෙත නැවත හැරී ආ යුතුව ඇත. ඔවුන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළ බැවින් ද ඔහුගේ දූතයාණන්ව බොරු කළ බැවින් ද බලවත් දඬුවමක් අපි ඔවුනට භුක්ති විඳීමට සලසන්නෙමු.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.