Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 109

51

أَثُمَّ إِذَا مَا وَقَعَ ءَامَنتُم بِهِۦٓ ۚ ءَآلْـَٰٔنَ وَقَدْ كُنتُم بِهِۦ تَسْتَعْجِلُونَ

“(මේ අවස්ථාවේදී ඔබ ඉක්මන් කරමින් සිටින) එය පැමිණි පසුද එය ඔබ විශ්වාස කරන්නේ? (ඒ අවස්ථාවේදී ඔබ එය විශ්වාස කිරීමෙහි කිසිම ප්‍රයෝජනයක් නැත). ඔබ ඉක්මන් කරමින් සිටි දැය මෙන්න පැමිණ ඇත!” (යයිම මේ අවස්ථාවේදී කියනු ලබන්නාහ).

නුඹලාට ප්රතිඥා දුන් දඬුවම නුඹලාට අත් වූ පසු ද නුඹලා එය විශ්වාස කරනුයේ? මීට පෙර විශ්වාස නොකළ විශ්වාසයෙන් කිසිදු ආත්මයකට සෙතක් ලැබෙන්නේ නැත. නුඹලා දැන් විශ්වාස කරනුයේ ද?. දඬුවම බොරු යැයි පවසමින් එය නුඹලා ඉක්මන් කරන මෙන් පැතුවෙහුය.

52

ثُمَّ قِيلَ لِلَّذِينَ ظَلَمُوا۟ ذُوقُوا۟ عَذَابَ ٱلْخُلْدِ هَلْ تُجْزَوْنَ إِلَّا بِمَا كُنتُمْ تَكْسِبُونَ

තවද එම අපරාධකරුවන්ට “ස්ථීර වූ මෙම දඬුවම විඳිමින් සිටිනු. ඔබ සොයා ගත් (නපුරු) විපතට සරිලන ඵලවිපාකම ඔබට දෙනු ලැබීය” යයි කියනු ලැබේ.

ඔවුන් දඬුවමට ලක් කිරීමෙන් පසු ව ඉන් පිට වන්නට ඔවුහු ඉල්ලා සිටිති. එවිට ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මතුලොවෙහි සදා දඬුවම නුඹලා භුක්ති විඳිනු. පාපකම් හා දේව ප්රතික්ෂේපය පදනම් කර ගෙන නුඹලා සිදු කරමින් සිටි දෑ සඳහා මිස නුඹලාට කුසල් පිරිනමන ලබන්නෙහු ද?"

53

۞ وَيَسْتَنۢبِـُٔونَكَ أَحَقٌّ هُوَ ۖ قُلْ إِى وَرَبِّىٓ إِنَّهُۥ لَحَقٌّۭ ۖ وَمَآ أَنتُم بِمُعْجِزِينَ

(නබියේ!) “එය අත්තක්ද?”යි ඔවුන් ඔබගෙන් විමසන්නාහ. (එයට) ඔබ මෙසේ පවසනු: “ඇත්තය! මගේ දෙවියන් මත සත්තකින්ම! නියත වශයෙන්ම එය ඇත්තය! (එය) ඔබට වළක්වා දැමිය නොහැක.

අහෝ දූතය! “අපට ප්රතිඥා දුන් මෙම දඬුවම සැබෑවක් දැ?"යි දේව ප්රතික්ෂේපකයෝ නුඹගෙන් තොරතුරු විමසති. "එසේය" යැයි නුඹ ඔවුනට පවසනු. අල්ලාහ් මත (දිවුරමි) එය සත්යයකි. නුඹලා ඔහුගෙන් මිදෙන්නන් නොවෙති.

54

وَلَوْ أَنَّ لِكُلِّ نَفْسٍۢ ظَلَمَتْ مَا فِى ٱلْأَرْضِ لَٱفْتَدَتْ بِهِۦ ۗ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ ۖ وَقُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ ۚ وَهُمْ لَا يُظْلَمُونَ

(අපගේ) දඬුවම ඇසින් දකින ඒ අවස්ථාවේදී අපරාධ කළ සෑම ආත්මයකින්ම ලොවෙහි ඇති (වස්තූන්) සියල්ල තිබුණද, ඒවා සියල්ලම (තමන්ට) වන්දි වශයෙන් දෙන්නට අදහස් කරති! තවද තමන්ගේ ලැජ්ජාව සඟවා ගන්නටද අදහස් කරති! (එදිනදී) ඒවාට සාධාරණවම විනිශ්චය දෙනු ලැබේ. (අනු ප්‍රමාණයකින් හෝ) ඒවාට අසාධාරණයක් කරනු නොලබයි.

අල්ලාහ්ට ආදේශ තබන සෑම කෙනෙකු සතුවම මහපොළොවේ ඇති වටිනා සම්පත් සියල්ල තිබුණොත් අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට ඔහු ඔවුන්ට අවස්ථාව දුන්නේ නම් ඉන් මිදීම සඳහා ඔවුන් ඒවා ඔහු ඉදිරියේ වන්දි වශයෙන් තබනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ දෙවියන්ට ආදේශ තබන්නන් එම දඬුවම දෑසින් දකින කල්හි ඔවුන්ගේ ප්රතික්ෂේපය මත පිහිටන පසතැවිල්ල ඔවුහු සඟවා ගනිති. ඔවුන් අතර ඉතා සාධාරණ අයුරින් අල්ලාහ් තීන්දු පිරිනමනු ඇත. කිසිදු අසාධාරණයක් සිදු කරනු නොලැබේ. ඔවුනට ප්රතිඵල පිරිනමනු ලබනුයේ ඔවුන්ගේ ක්රියාවන්ට අනුකූලවය.

55

أَلَآ إِنَّ لِلَّهِ مَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۗ أَلَآ إِنَّ وَعْدَ ٱللَّهِ حَقٌّۭ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَعْلَمُونَ

(මිනිසුනේ!) අහස්හිද, භූමියෙහිද ඇති සියල්ල අල්ලාහ්ටම අයත්ය යන්න නියත වශයෙන්ම දැන ගනු. අල්ලාහ්ගේ පොරොන්දුව සත්‍යය යන්නද නියත වශයෙන්ම දැන ගනු. එහෙත් ඔවුන්ගෙන් බොහොමයක් (මෙය) දැන ගන්නේ නැත.

අහස්හි ඇති දෑහි ආධිපත්යයත් මහපොළොවේ ඇති දෑහි ආධිපත්යයත් අල්ලාහ්ට පමණක් සතු බව දැනගනු. දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට අල්ලාහ් ප්රතිඥා කළ දඬුවම කිසිදු සැකයකින් තොර ව සිදු වන බවත් දැනගනු. නමුත් ඔවුන් අතර සිටින බහුතරයක් දෙනා ඒ බව නොදනිති. ඔවුන් ඒ ගැන සැක කරති.

56

هُوَ يُحْىِۦ وَيُمِيتُ وَإِلَيْهِ تُرْجَعُونَ

ඔහුම (ඔබට) පණ දෙන්නේය. ඔහුම (ඔබව) මරණයට පත් කරන්නේය. පසුව ඔහු වෙතම (පරලොවදී) ඔබව ගෙන එනු ලබන්නෙහුය.

මියගියවුන් යළි අවදි කරනුයේ ඔහුය. එමෙන්ම ජීවත් වන්නන් මරණයට පත් කරන්නේද ඔහුමය. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත හැරී යන්නේ ඔහු වෙතට පමණය. නුඹලාගේ ක්රියාවන් සඳහා ඔහු නුඹලාට ප්රතිඵල පිරිනමනු ඇත.

57

يَٰٓأَيُّهَا ٱلنَّاسُ قَدْ جَآءَتْكُم مَّوْعِظَةٌۭ مِّن رَّبِّكُمْ وَشِفَآءٌۭ لِّمَا فِى ٱلصُّدُورِ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّلْمُؤْمِنِينَ

මිනිසුනේ! ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් නියත වශයෙන්ම එක් හොඳ ඔවදනක් පැමිණ ඇත්තේය. (ඔබගේ) හෘදයන්හි ඇති අසනීපයන්ට එය එක්තරා පිළියමකි. තවද (එය) විශ්වාසය තැබූවන්ට ඍජු මාර්ගය පෙන්වන්නක් වශයෙන්ද එක් වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.

අහෝ ජනයිනි! නුඹලා වෙත කුර්ආනය පැමිණ ඇත. එහි මෙනෙහි කිරීම්, දිරි ගැන්වීම් හා බිය ගැන්වීම් ඇත. මෙය සැකය, කුතුහලය වැනි හදවත් රෝග සඳහා වූ ප්රතිකාරයකි. සත්ය මග පෙන්වන්නකි. දෙවියන් විශ්වාස කරන්නන්හට එහි ආශිර්වාදයක් ඇත. එමගින් ඔවුන් ප්රයෝජනය ලබනු ඇත.

58

قُلْ بِفَضْلِ ٱللَّهِ وَبِرَحْمَتِهِۦ فَبِذَٰلِكَ فَلْيَفْرَحُوا۟ هُوَ خَيْرٌۭ مِّمَّا يَجْمَعُونَ

“(මෙය) අල්ලාහ්ගේ වරප්‍රසාදයක් වශයෙන්ද, ඔහුගේ ආදර කරුණාවක් වශයෙන්ද, (උපයෝගී කර) ඒ වෙනුවෙන් ඔවුන් සතුටට පත් විය යුතුය. මෙය ඔවුන් එක්රැස් කර තබා ඇති (අනිත් වස්තූන්) සියල්ලට වඩා ඉතාමත් උසස්ය” යයිද (නබියේ!) ඔබ පවසනු මැනව!.

අහෝ දූතය! නුඹ ජනතාවට මෙසේ පවසනු, "මා අල් කුර්ආනයෙන් කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේද, එය නුඹලා වෙත අල්ලාහ්ගෙන් වූ භාග්යයකි. ඔහුගෙන් වූ ආශිර්වාදයකි. අල් කුර්ආනය පහළ කිරීම තුළින් අල්ලාහ් නුඹලා වෙත පිරිනැමූ භාග්යය හා ඔහුගේ ආශිර්වාදය හේතුවෙන් නුඹලා සතුටු වනු. එය ඒ දෙක හැර වෙනත් දෙයක් හේතුවෙන් නොවේ. ඔවුන් රැස් කරන ඉතා පහත් ලෞකික සුන්බුන් වලට වඩා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ට ඔහුගේ පරමාධිපතිගෙන් පැමිණි දෑ උතුම් වේ.

59

قُلْ أَرَءَيْتُم مَّآ أَنزَلَ ٱللَّهُ لَكُم مِّن رِّزْقٍۢ فَجَعَلْتُم مِّنْهُ حَرَامًۭا وَحَلَٰلًۭا قُلْ ءَآللَّهُ أَذِنَ لَكُمْ ۖ أَمْ عَلَى ٱللَّهِ تَفْتَرُونَ

(තවද නබියේ!) ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ වෙනුවෙන් අල්ලාහ් පහළ කර ඇති ආහාර ද්‍රව්‍ය ඔබ අවධානය කර බැලූවෙහුද? ඒවායෙන් සමහරක් අනුමත නැත යයිද, සමහරක් අනුමත ඇත යයිද (ඔබගේ කැමැත්තට අනුව) ඔබ පත් කර ගන්නෙහුද! (මෙසේ ඔබගේ කැමැත්තට අනුව කර ගැනීමට) අල්ලාහ් ඔබට අනුමැතිය ලබා දී ඇත්තේද? නැතහොත් අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව (බොරු) පවසන්නෙහුද?”යි ඔබ විමසනු (මැනව!)

අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන ඔවුනට නුඹ මෙසේ පවසනු. "පෝෂණ සම්පත් පහළ කිරීමෙන් අල්ලාහ් නුඹලා වෙත දක්වා ඇති අනුග්රහය පිළිබඳ තොරතුරු මා වෙත දන්වා සිටිනු. නමුත් නුඹලා එහි නුඹලාගේ ආශාවන්ට අනුව ක්රියා කරන්නෙහුය. ඒවායින් සමහරක් නුඹලා තහනම් කර ගන්නා අතර තවත් සමහරක් අනුමත කර ගන්නෙහුය. නුඹලා අනුමත කරන දෑහි අනුමත කිරීමටත් තහනම් කළ දෑහි තහනම් කිරීමටත් අල්ලාහ් නුඹලාට අනුමත කර තිබේ ද? එසේ නැතහොත් නුඹලා ඔහු කෙරෙහි බොරු ගොතා පවසන්නෙහුද?"

60

وَمَا ظَنُّ ٱلَّذِينَ يَفْتَرُونَ عَلَى ٱللَّهِ ٱلْكَذِبَ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ إِنَّ ٱللَّهَ لَذُو فَضْلٍ عَلَى ٱلنَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ

අල්ලාහ් කෙරෙහි මනක්කල්පිතව බොරු ගොතන්නන් විනිශ්චය දිනය ගැන කුමක් නම් සිතන්නෙහුද? (එය බොරුවක් යයි සිතන්නෙහුද?) නියත වශයෙන්ම අල්ලාහ් මිනිසුන් කෙරෙහි ඉමහත් දයාබරවන්තයෙකු වශයෙන් සිටින්නේය. (නැතහොත් ඔවුන්ව එවෙලෙ එවෙලේම දඬුවම් කර ඇත්තේය). මෙසේ තිබියදී ඔවුන්ගෙන් බොහොමයක් (ඔහුට) කෘතඥ වන්නේ නැත.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ බොරු ගොතන්නන්හට අත්වන ඉරණම පිළිබඳ ඔවුන් අනුමාන කරනුයේ කවර අයුරින් ද? ඔවුනට සමාව දෙනු ලැබේවි යැයි ඔවුහු සිතන්නෝද? අහෝ පවතින කුතුහලය! සැබැවින්ම අල්ලාහ් ජනයින්ට ඉක්මනින් දඬුවම් නොදී ඔවුනට අවකාශය දෙමින් ඔවුනට භාග්ය පිරිනමන්නා වෙයි. නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාද ප්රතික්ෂේප කරන්නෝ වෙති. ඒ සඳහා කෘතඥ නොවෙති.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.