Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 109

41

وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ

(නබියේ!) ඔබව බොරුකාරයා යයි ඔවුන් පැවසුවහොත් (ඔබ ඔවුන්ට “පින් හෝ පව් හෝ) මගේ ක්‍රියාවන්ගේ (ඵලවිපාක) මට අයත්ය. (එසේම) ඔබගේ ක්‍රියාවන්ගේ (ඵලවිපාක) ඔබට අයත්ය. මගේ ක්‍රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් ඔබ අත්හැර දැමූ අයයි. ඔබගේ ක්‍රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් මා අත්හැර දැමූ අයයි” යයි පවසනු (මැනව!).

අහෝ දූතය! ඔබේ සමූහයා ඔබ ව බොරු කරන්නේ නම් ඔබ: “මාගේ ක්රියාවෙහි කුසල් මා සතුය. මාගේ ක්රියාවෙහි ප්රතිවිපාකය මා විසින් දරමි. නුඹලාගේ ක්රියාවේ කුසල් නුඹලා සතුය එහි දඬුවමද නුඹලා සතුය. මා විසින් සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් නුඹලා නිදහස් වෙති. නුඹලා සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් මම නිදිහස් වෙමි.”යැයි ඔවුනට පවසනු.

42

وَمِنْهُم مَّن يَسْتَمِعُونَ إِلَيْكَ ۚ أَفَأَنتَ تُسْمِعُ ٱلصُّمَّ وَلَوْ كَانُوا۟ لَا يَعْقِلُونَ

ඔවුන්ගෙන් ඔබගේ වදන් ඇසූ අය (මෙන් භාවිතා කරන්නන්)ද සිටින්නාහ. (එබැවින් ඔවුන් ඔබට අවනත වූහ යයි ඔබ සිතා ගත්තෙහිද? ඕනෑම දැයක් සවන් දී) දැන ගත නොහැකි (පූරණ) බිහිරන්ව අසන්නට සැලැස්වීමට ඔබට හැකිද?

අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් ඔබ වෙත සවන් දෙන අය ද සිටිති. ඔබ අල් කුර්ආනය ඇසෙන්නට කිය වූ විට එය පිළිගැනීමට හා එයට අනුගත වීමට එකග නොවෙති. එසේ නම්, හොරෙන් සවන් දෙන්නන්හට නියම අයුරින් සවන් දීම සඳහා කටයුතු කිරීමට නුඹ හැකියාව දරනුයේ කෙසේ ද? සත්ය සවන් දීමෙන් බිහිරන් ලෙස කටයුතු කර එය වටහා නොගන්නා මොවුනට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත.

43

وَمِنْهُم مَّن يَنظُرُ إِلَيْكَ ۚ أَفَأَنتَ تَهْدِى ٱلْعُمْىَ وَلَوْ كَانُوا۟ لَا يُبْصِرُونَ

ඔබව බලන්නන්ද ඔවුන්ගෙන් බොහොමයක් සිටින්නාහ. (එබැවින් ඔවුන් ඔබව දැන ගත්තාහ යයි සිතා ගත්තෙහිද? කිසිවක්) බැලිය නොහැකි (උත්පත්තියෙන්) අන්ධයින්ව බලන්නට සැලැස්වීමට ඔබට හැකිද?

අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන්නන් අතරින් මනා අධීක්ෂණයෙන් නොව, බාහිර බැල්මෙන් ඔබ වෙත බලන අය ද සිටිති. හොර බැල්මෙන් බලන අය වෙත පෙන්වීමට නුඹට හැකි වන්නේ ද? සැබැවින්ම ඔබ එයට හැකියාව නොදරනු ඇත. දැක්මක් නැත්තන්ට මඟ පෙන්වීමට ඔබට කිසිසේත් හැකිවන්නේ නැත.

44

إِنَّ ٱللَّهَ لَا يَظْلِمُ ٱلنَّاسَ شَيْـًۭٔا وَلَٰكِنَّ ٱلنَّاسَ أَنفُسَهُمْ يَظْلِمُونَ

නියත වශයෙන්ම මිනිසුන්ට එක් අනු ප්‍රමාණයකින් හෝ හානියක් කරන්නේ නැත. එහෙත් මිනිසුන් (නපුරු අපරාධයන් කර), තමන්ට තමන්ම අපරාධ කර ගන්නාහ.

නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්හට අපරාධ කිරීමෙන් ඉවත් වූවෙකි. අනු ප්රමාණයක් හෝ ඔහු ඔවුනට අසාධාරණ යක් හෝ අපරාධයක් නොකරයි. නමුත් ඔවුන්මය ඔවුන්ටම ව්යාජ දෑ සඳහා වූ නොහික්මීම, අහංකාරකම හා මුරණ්ඩුකම යනාදී හේතූන් මත විනාශකාරී කටයුතු ගෙන එමින් අපාරාධ කර ගත්තෝ.

45

وَيَوْمَ يَحْشُرُهُمْ كَأَن لَّمْ يَلْبَثُوٓا۟ إِلَّا سَاعَةًۭ مِّنَ ٱلنَّهَارِ يَتَعَارَفُونَ بَيْنَهُمْ ۚ قَدْ خَسِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِلِقَآءِ ٱللَّهِ وَمَا كَانُوا۟ مُهْتَدِينَ

(විනිශ්චය සඳහා) ඔවුන්ව ඒකරාශී කරන දිනදී එක් දහවලක සුළු කාලයකදී මිස, (මෙලොවදී) තමන් රැඳී සිටියේ නැත යයි ඔවුන් සිතන අතර තමන් තුළ කෙනෙකුට කෙනෙකුව හඳුනා ගන්නාහ. (නමුත් කෙනෙකුට කෙනෙකු උදව් කිරීමට ඉදිරිපත් වන්නේ නැත). අල්ලාහ්ගේ හමුවීම බොරු කළ අයද, ඍජු මාර්ගයෙහි ඇතුළු නොකළ අයද, නියත වශයෙන්ම (එදිනදී) පරාජිත වී සිටිනු ඇත.

ජනයා විනිශ්චය සඳහා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් එක්රැස් කරන දින ඔවුන්ගේ මෙලොව ජීවිතයේ හා මිනීවල ජීවිතයේ දිවා කාලයේ හෝරාවක් මිස ඊට අමතර වේලාවක් රැඳී නොසිටියාක් මෙන් ඔවුනට හැඟෙනු ඇත. එහිදී ඇතෙමෙක් ඇතැමෙකුව දැන හඳුන ගනිති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින ව්යසනයන් දැක එහි ඇති බිහිසුණුකම හේතුවෙන් ඔවුන් හඳුනාගත්තද වෙන්ව යයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ තම පරමාධිපතිගේ හමුව බොරු කළවුනට අලාභය අත් විය. ඔවුන් අලාභය අත්වන තුරුම මළවුන් කෙරෙන් යළි අවදි කරවනු ලැබීම මෙලොවෙහි විශ්වාස කරන්නන් ලෙස නොසිටියෝය.

46

وَإِمَّا نُرِيَنَّكَ بَعْضَ ٱلَّذِى نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِلَيْنَا مَرْجِعُهُمْ ثُمَّ ٱللَّهُ شَهِيدٌ عَلَىٰ مَا يَفْعَلُونَ

(නබියේ!) අපි ඔවුන්ට පොරොන්දු වී ඇති (දඬුවම් වලින්) සමහරක් ඔබගේ ජීවිත කාලයේදීම) ඔබ දකින සේ සලස්වන්නෙමු. නැතහොත් (ඒවා පැමිණීමට පෙර) අපි ඔබව අත්පත් කර ගන්නෙමු. කෙසේ වෙතත් ඔවුන් අප වෙතම පැමිණිය යුතුව ඇත්තේය. අල්ලාහ් ඔවුන් කරන දැය බලාගෙනම සිටින්නේය.

අහෝ දූතය! ඔවුනට ප්රතිඥා දුන් දඬුවමින් කොටසක් නුඹගේ මරණයට පෙර අපි නුඹට පෙන්නුව ද ඊට පෙර අපි නුඹව මරණයට පත් කළ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒ තත්ත්වයන් දෙකෙහිම ඔවුන් සියලු දෙනා නැවත පැමිණෙනුයේ අප වෙතමය. අනතුරුව අල්ලාහ් ඔවුන් සිදු කරමින් ආ දෑ දෙස බලයි. ඉන් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔවුන්ගේ ක්රියාවන් සඳහා ඔහු ඔවුනට ප්රතිඵල දෙනු ඇත.

47

وَلِكُلِّ أُمَّةٍۢ رَّسُولٌۭ ۖ فَإِذَا جَآءَ رَسُولُهُمْ قُضِىَ بَيْنَهُم بِٱلْقِسْطِ وَهُمْ لَا يُظْلَمُونَ

සෑම සමුහයකටම (අප විසින් යවන ලද) එක් දූතයෙකු ඇත. ඔවුන්ගේ දූතයා (ඔවුන් වෙත) පැමිණෙන අවස්ථාවේදී, (ඔහුව අනුගමනය කරන්නන්ව ආරක්ෂා කරද, බොරු කළ අයව විනාශ කරද), ඔවුන් අතරේ සාධාරණවම විනිශ්චය කරනු ලබයි. ඔවුන් (අනු ප්‍රමාණයකින් හෝ) අසාධාරණ නොකරනු ලබන්නාහ.

පෙර විසූ සෑම සමූහයකටම ඔවුන් වෙත එවනු ලැබූ දහම් දූතයෙකු විය. තමන්ට ප්රතිචාරය කරන මෙන් නියෝග කරනු ලැබූ දෑ ඔහු ඔවුන් වෙත දන්වා, ඔවුන් ඔහු බොරු කළ විට ඔවුන් අතර හා ඔහු අතර සාධාරණ ව තීන්දු කරනු ලැබීය. අල්ලාහ්ගේ භාග්යයෙන් අල්ලාහ් ඔහු මුදවා ගෙන ඔහුගේ සාධාරණත්වය හේතුවෙන් ඔවුන් ව විනාශ කර දැමීය. ඔවුන්ගේ ක්රියාවන්වල ප්රතිඵල කිසිවකට අසාධාරණයක් සිදු කරනු නොලැබේ.

48

وَيَقُولُونَ مَتَىٰ هَٰذَا ٱلْوَعْدُ إِن كُنتُمْ صَٰدِقِينَ

“ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් (ඔබ බිය ගන්වන) දඬුවම කවදා (එන්නේද)?”යි ඔවුන් විමසන්නාහ.

දෙවියන් ප්රතික්ෂේප කරන මෙම මුරණ්ඩු හා නොහොබිනා ජනයා නුඹලා කවර කරුණක් වාද කරමින් සිටින්නෙහු ද ඒ සම්බන්ධයෙන් නුඹලා සත්යවාදීහු නම් අපට ප්රතිඥා දෙනු ලැබූ දඬුවම පැමිණෙනුයේ කවර කාලයක දැ?යි විමසා සිටිති.

49

قُل لَّآ أَمْلِكُ لِنَفْسِى ضَرًّۭا وَلَا نَفْعًا إِلَّا مَا شَآءَ ٱللَّهُ ۗ لِكُلِّ أُمَّةٍ أَجَلٌ ۚ إِذَا جَآءَ أَجَلُهُمْ فَلَا يَسْتَـْٔخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ

(එයට නබියේ!) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ් අදහස් කළ දැය මිස, කිසිම හොඳක් හෝ නරකක් හෝ මා මටම සොයා ගැනීමට ශක්තියක් නොමැත්තෙකි. සෑම සමුහයකටම එක්තරා නියමිත කාල අවකාශයක් ඇත. ඔවුන්ගේ වාරය පැමිණෙන අවස්ථාවේදී පැයක් පමා කිරීමද නොකරන්නාහ. ඉදිරියට ගැනීමද නොකරන්නාහ. (එම වාරයෙහිම ඔවුන්ගේ කාරණාව අවසන් කරනු ලැබේ).

අහෝ දූතය! "මට හානියක් කිරීමට හෝ එයින් මා ආරක්ෂා කිරීමට හෝ කිසිදු හානියක් කිරීමේ බලයක් මා සතුව නැත. එමෙන්ම මටම සෙත සලසා ගැනීමට හෝ කිසිදු සෙතක බලයක් මා සතුව නැත. එසේ තිබිය දී ඒ සඳහා අල්ලාහ් අභිමත කර ඇත්නම් මිස මා නොවන වෙනත් අය වෙත මා සෙත සලසනුයේ කෙසේද? ඔහුගේ ගුත්ප දෑ මා දැන ගත හැක්කේ කෙසේද? සෑම සමූහයකටම ඔවුන් විනාශ කිරීම සඳහා වූ නියමිත විනාශ කාලයක් අල්ලාහ් ඔවුනට ප්රතිඥා කර තිබිණ. එය අල්ලාහ් මිස වෙන කිසිවකු නොදන්නේය. ඔවුන්ගේ විනාශ කාලය පැමිණි විට ඉන් කිසිදු කාලයක් ප්රමාද නොකරනු ඇත. එමෙන්ම ඉක්මන් ද නොකරනු ඇත යැයි නුඹ ඔවුනට පවසනු.

50

قُلْ أَرَءَيْتُمْ إِنْ أَتَىٰكُمْ عَذَابُهُۥ بَيَٰتًا أَوْ نَهَارًۭا مَّاذَا يَسْتَعْجِلُ مِنْهُ ٱلْمُجْرِمُونَ

(තවද) ඔබ මෙසේ පවසනු: “කවුරුන්ගේ දඬුවම රාත්‍රියේදී හෝ දහවලේදී හෝ (කුමන වේලාවකදී හෝ) ඔබ වෙත පැමිණෙන අවස්ථාවේදී (එය ඔබට වළක්වා ගත හැකිදැයි යන්න) අවධානය කර බැලූවෙහුද?” (නබියේ!) කුමක් නිසා මෙම වැරදිකරුවන් (දඬුවම කවදා එන්නේද? කවදා එන්නේදැ?යි අසමින්) ඉක්මන් කරන්නෙහුද?

අහෝ දූතය! “දඬුවම ඉක්මනින් පතන මොවුනට, "දහවලක හෝ රාත්රියක හෝ කවර වේලාවක හෝ වේවා අල්ලාහ්ගේ දඬුවම නුඹලා වෙත පැමිණීමෙන් පසු නුඹලා ඉක්මණින් පැතූ දඬුවම ගැන නුඹලා මා වෙත දන්වා සිටිනු” යැයි නුඹ ඔවුනට පවසනු.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.