وَإِن كَذَّبُوكَ فَقُل لِّى عَمَلِى وَلَكُمْ عَمَلُكُمْ ۖ أَنتُم بَرِيٓـُٔونَ مِمَّآ أَعْمَلُ وَأَنَا۠ بَرِىٓءٌۭ مِّمَّا تَعْمَلُونَ
(නබියේ!) ඔබව බොරුකාරයා යයි ඔවුන් පැවසුවහොත් (ඔබ ඔවුන්ට “පින් හෝ පව් හෝ) මගේ ක්රියාවන්ගේ (ඵලවිපාක) මට අයත්ය. (එසේම) ඔබගේ ක්රියාවන්ගේ (ඵලවිපාක) ඔබට අයත්ය. මගේ ක්රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් ඔබ අත්හැර දැමූ අයයි. ඔබගේ ක්රියාවන්හි (ඵලවිපාකයන්)ගෙන් මා අත්හැර දැමූ අයයි” යයි පවසනු (මැනව!).
අහෝ දූතය! ඔබේ සමූහයා ඔබ ව බොරු කරන්නේ නම් ඔබ: “මාගේ ක්රියාවෙහි කුසල් මා සතුය. මාගේ ක්රියාවෙහි ප්රතිවිපාකය මා විසින් දරමි. නුඹලාගේ ක්රියාවේ කුසල් නුඹලා සතුය එහි දඬුවමද නුඹලා සතුය. මා විසින් සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් නුඹලා නිදහස් වෙති. නුඹලා සිදු කරන දෑ සඳහා වූ දඬුවමින් මම නිදිහස් වෙමි.”යැයි ඔවුනට පවසනු.