Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 109

31

قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ أَمَّن يَمْلِكُ ٱلسَّمْعَ وَٱلْأَبْصَٰرَ وَمَن يُخْرِجُ ٱلْحَىَّ مِنَ ٱلْمَيِّتِ وَيُخْرِجُ ٱلْمَيِّتَ مِنَ ٱلْحَىِّ وَمَن يُدَبِّرُ ٱلْأَمْرَ ۚ فَسَيَقُولُونَ ٱللَّهُ ۚ فَقُلْ أَفَلَا تَتَّقُونَ

(නබියේ!) ඔබ (ඔවුන්ට) “අහස්වලින්ද, භූමියෙන්ද ඔබට ආහාර ලබා දෙන්නේ කවරෙක්ද? (ඔබගේ) සවණටද, බැල්මටද අයිතිකරුවා කවරෙක්ද? පණ නැති දැයෙන් පණ ඇති දැයද, පණ ඇති දැයෙන් පණ නැති දැයද ඉකුත් කරන්නේ කවරෙක්ද? (ලොවෙහි) සියලූම කාරණාවන්ද සැලසුම් කර ක්‍රියාත්මක කරන්නේ කවරෙක්ද?”යි විමසනු මැනව! එයට ඔවුන් “අල්ලාහ්” යයි පවසනු ඇත. එසේ නම්, “(ඔහුට) ඔබ බිය විය යුතු නොවේද?”යි විමසනු මැනව!

අහෝ දූතය! අල්ලාහ්ට ආදේශ තබන මොවුන්ගෙන් නුඹ මෙසේ විමසනු. අහසින් නුඹලාට වර්ෂාව පහළ කරවා නුඹලාගේ පෝෂණය නුඹලාට පිරිනමනුයේ කවුරුන්ද? මහපොළොවෙන් පැලෑටි හා නුඹලා පරිහරනය කරන ඛනිජ වස්තු හට ගන්වා එමගින් නුඹලාට පෝෂණය ලබා දෙන්නේ කවුරුන් ද? මිනිසා ශුක්රාණුවෙන් හා පක්ෂීන් බිත්තරයෙන් යනාදී ආකාරයෙන් අප්රාණ වස්තුවකින් ජීවී වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? එමෙන්ම සතුන්ගෙන් ශුක්රාණුව හා පක්ෂීන්ගෙන් බිත්තරය යනාදී ආකාරයෙන් ජීවී වස්තුවකින් අප්රාණික වස්තූන් මතු කරනුයේ කවුරුන් ද? අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති සෙසු මැවීම් ද සැලසුම් කරනුයේ කවුරුන් ද? යැයි විමසනු. එවිට ඔවුන්ගේ පිළිතුරු වනුයේ සැබැවින්ම මේ සියල්ල සිදු කරන්නා අල්ලාහ්ය යන්නයි. එවිට නුඹ ඔවුනට මෙසේ පවසනු. ඒ පිළිබඳ නුඹලා දැනුවත් විය යුතු නොවේ ද? අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට භක්තිමත් ව කටයුතු කළ යුතු නොවේ ද?

32

فَذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمُ ٱلْحَقُّ ۖ فَمَاذَا بَعْدَ ٱلْحَقِّ إِلَّا ٱلضَّلَٰلُ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ

“ඇත්තෙන්ම ඔහුම ඔබව උත්පාදනය කර, පෝෂණය කරන අල්ලාහ්ය! මෙම සත්‍යයෙන් පසුව, (ඔබ ඔහුට යටහත් පහත් නොවී සිටීම) දුර්මාර්ගය මිස, වෙන කිසිවක් නැත. (මෙම සත්‍යයෙන්) ඔබ කොහේට නම්, හැරෙනු ලබන්නෙහුද?” (යයිද නබියේ! ඔබ විමසනු මැනව!)

අහෝ ජනයිනි! මේ සියල්ල සිදු කරන නුඹලාගේ සැබෑ මැවුම්කරු හා නුඹලාගේ සියලු කටයුතු සැලසුම් කරන්නා අල්ලාහ්ය. සත්ය දැනගත් පසු ඉන් දුරස් වීමට හෝ විනාශවී යාමට ඇත්තේ කුමක් ද? පැහැදිලි සත්යයෙන් නුඹලාගේ බුද්ධිය පහ ව ගොස් ඇත්තේ කොයිබට ද?

33

كَذَٰلِكَ حَقَّتْ كَلِمَتُ رَبِّكَ عَلَى ٱلَّذِينَ فَسَقُوٓا۟ أَنَّهُمْ لَا يُؤْمِنُونَ

“(මොවුන් විශ්වාස නොකළ) මේ අන්දමටම පාපයෙහි ගැලී සිටින අනිත් අයද විශ්වාස කරන්නේම නැත” යයි ඔබගේ දෙවියන්ගේ පොරොන්දුව සත්‍යය වී ගියේය.

සැබැවින්ම සියල්ල මවා සැලසුම් කර පෝෂණය කිරීම යන දේව පරිපාලනත්වය තහවුරු වූවාක් මෙන් අහෝ දූතය! මුරණ්ඩුකමින් සත්යයෙන් බැහැර වූවන් සැබැවින්ම ඔවුන් විශ්වාස නොකරන බවට වූ නුඹගේ පරමාධිතිගේ නියමයේ වදන අනිවාර්යය විය.

34

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۚ قُلِ ٱللَّهُ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ ۖ فَأَنَّىٰ تُؤْفَكُونَ

(තවද ඔවුන්ට) “අළුතින් උත්පාදනයන් ඇති කළ හැකි හා (මරණයෙන්) පසු ඒවා මිදීමට හැකි ඔබ සමානයන් තබා නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ දැයක් ඇත්ද?”යි (නබියේ!) ඔබ විමසනු (මැනව!). (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ගෙන්) “උත්පාදනයන් පළමුවෙන්ම උත්පාදනය කරන්නාද, (මැරුණායින්) පසු ඒවා මුදා ගන්නාද අල්ලාහ්ය” (යයිද පවසා “මෙම සත්‍යයෙන්) ඔබ කොහේ නම්, යන්නෙහුද?”යි විමසනු (මැනව!)

"අහෝ දූතය! දෙවියන්ට ආදේශ තබන මොවුනට නුඹ මෙසේ පවසනු. 'නුඹලා නමදිමින් සිටින නුඹලාගේ හවුල්කරුවන් අතර කිසිදු පූර්ව ආදර්ශයකින් තොර ව මැවීම් උත්පාදනය කොට, පසුව එය විනාශ වී ගිය පසු යළි අවදි කරවන කිසිවෙකු හෝ සිටී ද?' ඔවුනට නුඹ මෙසේ පවසනු, "කිසිදු පූර්ව ආදර්ශයකින් තොරව සියල්ල උත්පාදනය කරන්නා අල්ලාහ්ය. පසු ව ඒවා මියගිය පසු යළි අවදි කරවනු ඇත. අහෝ දෙවියන්ට ආදේශ තබන්නනි, මෙසේ තිබිය දී නුඹලා සත්යයෙන් පෙරළී අසත්ය වෙත හැරෙනුයේ කෙසේ ද?"

35

قُلْ هَلْ مِن شُرَكَآئِكُم مَّن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ ۚ قُلِ ٱللَّهُ يَهْدِى لِلْحَقِّ ۗ أَفَمَن يَهْدِىٓ إِلَى ٱلْحَقِّ أَحَقُّ أَن يُتَّبَعَ أَمَّن لَّا يَهِدِّىٓ إِلَّآ أَن يُهْدَىٰ ۖ فَمَا لَكُمْ كَيْفَ تَحْكُمُونَ

(තවද) “සත්‍යය (මාර්ගයෙහි) ඇතුළු කළ හැකි ඔබ නමදින දෙවිවරුන්ගෙන් කුමක් හෝ ඇත්තේද?” යයිද විමසනු. (එයට ඔවුන් දෙන පිළිතුර කුමක්ද? ඔබම ඔවුන්ට) “අල්ලාහ්ම සත්‍ය (ධර්ම)යෙහි ඇතුළු කළ හැකි අයයි. සත්‍ය (මාර්ග)යෙහි ඇතුළු කළ හැකි අයව අනුගමනය කිරීම සුදුසුද? නැතහොත් අනුන් මාර්ගය පෙන්වා නොදී තමන් විසින්ම මාර්ගයෙහි යා නොහැකි දැය අනුගමනය කිරීම සුදුසුද? ඔබට කුමන (වින්නැහියක්) සිදු වී ඇත්ද? (මෙයට වෙනස්ව) ඔබ කෙසේ නම් තීරණය කළ හැකිද?” යයිද ඔබ පවසනු මැනව!.

අහෝ දූතය! ඔවුනට නුඹ මෙසේ පවසනු, "අල්ලාහ් නැමදීමෙන් ඉවත් වී නුඹලා නමදිමින් සිටින නුඹලාගේ හවුල්කරුවන් අතර සත්ය වෙත මග පෙන්වන වෙනත් කිසිවෙකු හෝ සිටී ද? ඔවුනට නුඹ මෙසේ පවසනු. සත්ය වෙත මග පෙන්වනුයේ අල්ලාහ් පමණය. සත්ය වෙත ජනයාට මග පෙන්වා ඒ වෙත ඔවුන් ඇරයුම් කරන්නාට වඩා පිළිපදිනු ලබන්නට හෝ නැමදුම් ලබන්නට හෝ වෙනත් සුදුස්සෙකු සිටී ද? තමන්ට පවා මග ලැබිය නොහැකි තත්ත්වයේ වෙනත් අයට ඔවුන් මග පෙන්විය හැක්කේ කෙසේද? සැබැවින්ම ඔවුන් අල්ලාහ්ගේ හවුල්කරුවන් යැයි නුඹලා තරයේ විශ්වාස කරන විට ව්යාජ දෑ පිළිබඳ නුඹලා තීන්දු කරනුයේ කෙසේ ද? නුඹලාට කුමක් වී ද? නුඹලා කරන ප්රකාශයෙන් අල්ලාහ් අතිශයින් උසස් විය."

36

وَمَا يَتَّبِعُ أَكْثَرُهُمْ إِلَّا ظَنًّا ۚ إِنَّ ٱلظَّنَّ لَا يُغْنِى مِنَ ٱلْحَقِّ شَيْـًٔا ۚ إِنَّ ٱللَّهَ عَلِيمٌۢ بِمَا يَفْعَلُونَ

ඔවුන්ගෙන් වැඩි දෙනෙකු පුහු දිව්රුම ම මිස, අනුගමනය කරන්නේ නැත. නියත වශයෙන්ම පුහු සැකය, ඇත්ත දැන ගැනීමට පොඩියක් හෝ ප්‍රයෝජනවත් වන්නේ නැත. නියත වශනේම අල්ලාහ් ඔවුන් කරන දැය හොඳින් දන්නෙකු වශයෙන්ම සිටින්නේය.

දෙවියන්ට ආදේශ කරන බහුතරයක් දෙනා ඔවුනට කිසිදු දැනුමක් නැති දෑ මිස වෙනත් කිසිවක් පිළිපදින්නේ නැත. එහෙයින් ඔවුන් පිළිපදිනුයේ සැකය හා අනුමානය පමණි. සැබැවින්ම සැකය දැනුවත්කම නම් ස්ථානයේ පිහිටන්නේ නැත. එය එයට අවශ්ය වන්නේ ද නැත. සැබැවින්ම අල්ලාහ් ඔවුන් සිදු කරන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔවුන්ගේ ක්රියාවන්ගෙන් කිසිවක් ඔහුට සැඟ වී යන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිඵල පිරිනමනු ඇත.

37

وَمَا كَانَ هَٰذَا ٱلْقُرْءَانُ أَن يُفْتَرَىٰ مِن دُونِ ٱللَّهِ وَلَٰكِن تَصْدِيقَ ٱلَّذِى بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ ٱلْكِتَٰبِ لَا رَيْبَ فِيهِ مِن رَّبِّ ٱلْعَٰلَمِينَ

මෙම කුර්ආනය අල්ලාහ් විසින් (පහළ කළා) මිස, (වෙන කිසිවෙකු විසින්) බොරුවට මනක්කල්පිත කර ගත් දැයක් නොව. තවද මෙය, මෙයට පෙර ඇති ධර්මයන් සත්‍යය කර තබා ඒවායේ ඇති දැය විවරණය කර පවසන්නක් වශයෙන්ද ඇත්තේය. එබැවින් (මෙය) ලෝකවාසී සියල්ලන්වම උත්පාදනය කර පෝෂණය කරන්නාගෙන් පැමිණියේය යන්නෙහි කිසිම සැකයක් නැත.

මෙම අල් කුර්ආනයට යමක් ගොතා එය අල්ලාහ් වෙත සම්බන්ධ කරමින් පැවසීම සුදුසු නොවන අතරම එවැනි යමක් ගෙන ඒම මිනිසුනට කළ නොහැක්කකි. සැබැවින්ම මෙය මීට පෙර පහළ වූ දෑ සත්ය කරවන්නක් හා එහි ඇති නීති රීති පූර්ණ ලෙස පැහැදිලි කරන්නක් වේ. එහෙයින් සියලු මැවීම්හි පරමාධිපතියාණන්ගෙන් මෙය පහළ වූවක් බවට කිසිදු සැකයක් නැත.

38

أَمْ يَقُولُونَ ٱفْتَرَىٰهُ ۖ قُلْ فَأْتُوا۟ بِسُورَةٍۢ مِّثْلِهِۦ وَٱدْعُوا۟ مَنِ ٱسْتَطَعْتُم مِّن دُونِ ٱللَّهِ إِن كُنتُمْ صَٰدِقِينَ

මෙය (අපගේ දූතයා වන) “ඔහු බොරුවට මනක්කල්පිත කර ගත්තේය” යයි ඔවුන් කියන්නෙහුද? (එසේ නම් නබියේ!) ඔබ මෙසේ පවසනු: “ඔබ සත්‍යය පවසන්නන් වශයෙන් සිටින්නෙහු නම් අල්ලාහ් හැර, ඔබට පුළුවන් දැය (ඔබට සහායට) කැඳවාගෙන (ඔබ සියල්ලන්ම ඒකරාශී වී) මෙහි ඇති දැය මෙන් පරිච්ඡේදයක් (නිර්මාණය කර) ගෙන එනු”.

සැබැවින්ම මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් විසින්ම මෙය ගොතා ඇති බවත් ඔහු එය අල්ලාහ් වෙත ඈදා පවසන බවත් දෙවියන්ට ආදේශ තබන මොවුන් ප්රකාශ කර සිටින්නේ ද? අහෝ දූතය, ඔවුනට පිළිතුරු වශයෙන් මෙසේ පවසනු. සැබැවින්ම අල් කුර්ආනය බොරුවෙන් ගොතන ලද්දක් බව නුඹලා වාද කරමින් සිටින දෑහි නුඹලා සත්යවාදීන් නම් එමෙන්ම මා ද නුඹලා මෙන් මිනිසෙකු ව සිටිය දී එවැන්නක් මා විසින් ගෙනැවිත් තිබුණා නම් නුඹලා ද එවැනි පරිච්ඡේදයක් ගෙනැවිත් ප්රසිද්ධියේම නුඹලා ඇරයුම් කරනු. නමුත් නුඹලා එයට හැකියාව නොදරන්නේමය. (නුඹලා චතුර ලෙස කතා කරන්නන් හා දක්ෂයින් ලෙස සිටිය ද) නුඹලා ඒ සඳහා ශක්තිය නොදරනු ඇත. සැබැවින්ම අල් කුර්ආනය අල්ලාහ් වෙතින් පහළ වූවක් බව එය පෙන්වා දෙයි.

39

بَلْ كَذَّبُوا۟ بِمَا لَمْ يُحِيطُوا۟ بِعِلْمِهِۦ وَلَمَّا يَأْتِهِمْ تَأْوِيلُهُۥ ۚ كَذَٰلِكَ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلظَّٰلِمِينَ

කිමෙක්ද! ඔවුන් තමන්ගේ බුද්ධියෙන් දැන ගත නොහැකි දැයද, (සිදු වනු ඇතැයි) එහි සඳහන්ව ඇති දැය නොසිදු වී තිබියදී ඒවාද, (එහි සඳහන්ව ඇති වෙනත් දැයද), බොරු යයි ඔවුන් පවසන්නාහ. ඔවුන්ට පෙර විසූවන්ද ඒ ආකාරයටම (තමන්ගේ බුද්ධියට ළඟා කර ගත නොහැකි දැයද, තමන් නොදැක්ක දැයද) බොරු යයි පවසමින් සිටියහ. එබැවින් එම අපරාධකාරයින්ගේ අවසානය කෙසේ වූයේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු (මැනව!).

එසේ නොව, ඔවුන් එයට පිළිතුරු නොදෙනු ඇත. නමුත් එය වටහා ගැනීමට හා පරිශීලනය කිරීමට පෙර එහි අවවාද කරනු ලැබූ දඬුවම ඇති වීමට පෙර ඔවුහු අල් කුර්ආනය බොරු කිරීමට ඉක්මන් වූහ. පෙර විසූ සමූහයා බොරු කළාක් මෙන් මෙවන් බොරු කිරීමක් ගෙන එන්නට බැලීය. නමුත් පහළ විය යුතු දඬුවම එමගින් පහළ විය. අහෝ දූතය! බොරුකාර සමූහයාගේ අවසානය කෙසේ වී දැයි මදක් සිතා බලනු. සැබැවින්ම අල්ලාහ් ඔවුන් විනාශ කර දැමීය.

40

وَمِنْهُم مَّن يُؤْمِنُ بِهِۦ وَمِنْهُم مَّن لَّا يُؤْمِنُ بِهِۦ ۚ وَرَبُّكَ أَعْلَمُ بِٱلْمُفْسِدِينَ

(ශුද්ධ වූ කුර්ආනයෙහි සඳහන් කරනු ලැබ ඇති දැය සිදු වන්නේය යයි) එය විශ්වාස කරන්නන්ද ඔවුන්ගෙන් ඇත. (සිදු වූ පසුද), එය විශ්වාස නොකරන්නන්ද ඔවුන්ගෙන් ඇත. (එය විශ්වාස නොකළ) මෙම අපරාධකරුවන්ව ඔබගේ දෙවියන් හොඳින් දැන ගන්නේය.

දෙවියන්ට ආදේශ කරන්නන් අතරින් තමන්ගේ මරණයට පෙර අල් කුර්ආනය විශ්වාස කරන්නන් සිටිති. එමෙන්ම ඔවුන් අතරින් මිය යන තෙක්ම මුරණ්ඩුකමින් හා අහංකාරයෙන් එය විශ්වාස නොකරන්නන් ද සිටිති. අහෝ දූතය! තම ප්රතික්ෂේපය මත අඛණ්ඩව නිරතව සිටින්නන් කවුරුන් දැයි නුඹේ පරමාධිපති මැනවින් දනී. ඔවුන්ගේ ප්රතික්ෂේපය සඳහා වූ විපාක ඔහු ඔවුනට පිරිනමනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.