Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 11–20 of 109

11

۞ وَلَوْ يُعَجِّلُ ٱللَّهُ لِلنَّاسِ ٱلشَّرَّ ٱسْتِعْجَالَهُم بِٱلْخَيْرِ لَقُضِىَ إِلَيْهِمْ أَجَلُهُمْ ۖ فَنَذَرُ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا فِى طُغْيَٰنِهِمْ يَعْمَهُونَ

පින් අයිති කර ගැනීමට (ඔවුන්) ඉක්මන් කරන්නාක් මෙන් අල්ලාහ්ද (වැරදි කළ) මිනිසුන්ට හානියක් කිරීමට ඉක්මන් වුවහොත්, (මේ වන විටත්) නියත වශයෙන්ම ඔවුන්ගේ කාලය ඔවුන්ට අවසන් වී ඇත්තේය. එහෙත් (පරලොව) අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකළ අයද, ඔවුන්ගේ දුර්මාර්ගයෙහිම දඟලමින් ඒ මේ අත ඉල්ලා ඇවිදින්නට (මෙලොවෙහි ටික කලකට) අපි අත්හැර දමන්නෙමු.

ජනයා ඔවුන්ගේ ප්රාර්ථනාවෙහි අයැද සිටින යහපත් කටයුතු සඳහා ඔවුනට පිළිතුරු සපයනු ලබනවාක් මෙන් ඔවුන් කෝප වූ අවස්ථාවක තමන්ටත් තම දරුවන්ටත් තම වස්තුවටත් එරෙහි ව නපුරක් සඳහා ඔවුන් කරන ප්රාර්ථනාවට පිළිතුර අල්ලාහ් ඉක්මන් කරන්නේ නම් ඔවුන් විනාශ වී යනු ඇත. නමුත් අල්ලාහ් ඔවුනට කල් දී ඇත. ඔහු ව හමුවීම බලාපොරොත්තු නොවූවන් අත හැර දමා ඇත. හේතුව සැබැවින්ම ඔවුන් දඬුවමට බිය නොවන කුසල් බලාපොරොත්තු නොවන පිරිසක් වන බැවිණි. විනිශ්චය දිනය ගැන අවිනිශ්චිතව සිටින, ඒ ගැන සැක කරන, එහි ව්යාකූලභාවයට පත්වන්නන් ලෙස ඔහු ඔවුන් අතහැර දමනු ඇත.

12

وَإِذَا مَسَّ ٱلْإِنسَٰنَ ٱلضُّرُّ دَعَانَا لِجَنۢبِهِۦٓ أَوْ قَاعِدًا أَوْ قَآئِمًۭا فَلَمَّا كَشَفْنَا عَنْهُ ضُرَّهُۥ مَرَّ كَأَن لَّمْ يَدْعُنَآ إِلَىٰ ضُرٍّۢ مَّسَّهُۥ ۚ كَذَٰلِكَ زُيِّنَ لِلْمُسْرِفِينَ مَا كَانُوا۟ يَعْمَلُونَ

මිනිසුන්ට යම්කිසි විපතක් සිදු වුවහොත් (එය පහ කරන මෙන්) ඔහු තමන්ගේ (නිදා සිටින) යහනාවෙහිද, වාඩි වී සිටියදීද, (සිටගෙන) සිටින තත්වයෙහිද, අප වෙතම ප්‍රාර්ථනා කරන්නේය. නමුත් ඔහුගේ දුක් කරදරය අපි ඔහුගෙන් පහ කර හැරියහොත් නම්, ඔහු තමන්ට සිදු වූ විපත පහ කරන මෙන් අප වෙත ප්‍රාර්ථනා කළේම නැත්තාක් මෙන් (ප්‍රතික්ෂේප කර) යන්නේය. සීමාව ඉක්මවා යන්නන්ට ඔවුන් කරන කාරණාවන් මෙසේ අලංකාරවත් කර හැරියේය.

මිනිසාට තමන් විනාශ කර දමන ව්යාධියක් හෝ නපුරු තත්ත්වයක් ඇති වූ විට, තමන්ට අත් වූ එම නපුර ඉවත් කර ගැනීමේ අපේක්ෂාවෙන් තම ඇළ පැත්තට ඇළ වී හෝ වාඩි වී හෝ සිටිගෙන හෝ ඉතා යටහත් පහත් ව අපගෙන් ප්රාර්ථනා කරනු ඇත. ඔහුගේ ප්රාර්ථනාවට අප පිළිතුරු දී ඔහුට අත් වූ නපුර ඉවත් කළ කල්හි තමන්ට අත් වූ නපුර ඉවත් කරන මෙන් ප්රාර්ථනා නොකළාක් මෙන් කටයුතු කරනු ඇත. මුළාවෙහි පසුවන මෙසේ අඛණ්ඩ ව නිරතවන්නාට එහි නිරතවීම අලංකාරවත් කළාක් මෙන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් සීමාවන් ඉක්මවා ගියවුන්ට ඔවුන් සිදු කරමින් ආ දේව ප්රතික්ෂේපය පාපය ඔවුනට අලංකාරවත් කර පෙන්වනු ලැබේ. එවිට ඔවුන් එය අත් නොහරිති.

13

وَلَقَدْ أَهْلَكْنَا ٱلْقُرُونَ مِن قَبْلِكُمْ لَمَّا ظَلَمُوا۟ ۙ وَجَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَٰتِ وَمَا كَانُوا۟ لِيُؤْمِنُوا۟ ۚ كَذَٰلِكَ نَجْزِى ٱلْقَوْمَ ٱلْمُجْرِمِينَ

(මිනිසුනේ!) ඔබට පෙර විසූ බොහොමයක් පරම්පරාවන්වඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් නියත වශයෙන්ම අපි විනාශ කර දැමුවෙමු. ඔවුන් වෙත (අප විසින්) යවනු ලැබූ ඔවුන්ගේ දූතයින් පැහැදිලි සාධකයන්ම ගෙන ආවාහ. එහෙත් (ඒවා) ඔවුන් විශ්වාස කළේ නැත. වැරදි කරන අනිත් ජනතාවටද මේ අන්දමටම අපි ඵලවිපාක (ලබා දී දඬුවම්) කරමු.

අහෝ ආදේශ තබන්නනි! නුඹලාට පෙර විසූ ජන සමූහයා අල්ලාහ්ගේ දූතවරුන් බොරු කළ හෙයින් ද ඔවුන් පාපකම් සිදු කළ හෙයින් ද අපි ඔවුන් විනාශ කළෙමු. ඔවුන් වෙත අප එවූ ඔවුන්ගේ දූතවරුන් ඔවුන් කවර කරුණක් තම පරමාධිපති වෙතින් ගෙන ආවේ ද ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ සත්යභාවය පෙන්වා දෙන පැහැදිළි සාධක ඔවුන් වෙත ගෙන ආවෝය.නමුත් දෙවියන් විශ්වාස කිරීමට ඔවුන් සූදානම් නොවූ බැවින් විශ්වාස කිරීම ඔවුනට ස්ථීර නොවීය. එහෙයින් අල්ලාහ් ඔවුන් පහත් තත්ත්වයට පත් කළේය. ඒ සඳහා ඔවුනට ආශිර්වාද නොකළේය. මෙම අපරාධකාරී සමූහයාට අපි ප්රතිඵල පිරුනැමුවාක් මෙන් සෑම කාලයකම සෑම ස්ථානයකම ඔවුන් මෙන් හැසිරෙන්නන්හට අපි ප්රතිඵල පිරිනමන්නෙමු.

14

ثُمَّ جَعَلْنَٰكُمْ خَلَٰٓئِفَ فِى ٱلْأَرْضِ مِنۢ بَعْدِهِمْ لِنَنظُرَ كَيْفَ تَعْمَلُونَ

ඔවුන්ගෙන් පසු අපි ඔබව (ඔවුන්ගේ) භූමියට අධිපතීන් වශයෙන් (පත් කර), ඔබ කෙසේ කටයුතු කරන්නේද යන්න අවධානය කර බලමින් සිටින්නෙමු.

අහෝ ජනයිනි! නුඹලා ක්රියා කරනුයේ කෙසේ දැයි අප නිරීක්ෂණය කිරීම සඳහා අප විනාශ කර දැමූ එම බොරුකාර සමූහයින්ට පසු නියෝජිතභාවය අපි නුඹලාට නියම කළෙමු. නුඹලා යහපතක් සිදු කර ඒ සඳහා කුසල් ලබා ගැනීම හෝ නුඹලා අයහපතක් සිදු කර ඒ සඳහා දඬුවම් ලැබීම හෝ නුඹලා සතු කාර්යයක් වන්නේය.

15

وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ ءَايَاتُنَا بَيِّنَٰتٍۢ ۙ قَالَ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا ٱئْتِ بِقُرْءَانٍ غَيْرِ هَٰذَآ أَوْ بَدِّلْهُ ۚ قُلْ مَا يَكُونُ لِىٓ أَنْ أُبَدِّلَهُۥ مِن تِلْقَآئِ نَفْسِىٓ ۖ إِنْ أَتَّبِعُ إِلَّا مَا يُوحَىٰٓ إِلَىَّ ۖ إِنِّىٓ أَخَافُ إِنْ عَصَيْتُ رَبِّى عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

(කළින් විනාශ වී ගිය අයගේ ස්ථානයෙහි වාඩි වීමට සලස්වනු ලැබූ) මොවුන්ට අපගේ පැහැදිලි ආයාවන් සමුදීරණය කර පෙන්වනු ලැබුවහොත් (පරලාවදී) අපව හමුවීම විශ්වාස නොකළ මොවුන් (ඔබට) “මෙය නොවන වෙනත් කුර්ආනයක් ඔබ ගෙන එනු. නැතහොත් (අපගේ කැමැත්තට අනුව) මෙය වෙනස් කර දමනු” යයි පවසන්නාහ. (එයට ඔවුන්ට “ඔබගේ කැමැත්ත වෙනුවෙන්) මම ම (මගේ කැමැත්තට අනුව) වෙනස් කර හැරීමට මට කිසිම ශක්තියක් නැත. වහී මගින් මා හට දැනුම් දෙන ලද දැය හැර, (වෙන කිසිවක්) මා අනුගමනය කිරීමට දැයක් නැත. මගේ දෙවියන්ට මා වෙනස්කම් කළහොත් ඉමහත් වූ දිනයේ දඬුවමට (ලක් වීමට සිදු වනු ඇතැයි) නියත වශයෙන්ම මා බිය වන්නෙමි” යයි (නබියේ!) ඔබ පවසනු මැනව!.

අල්ලාහ්ගේ ඒකීයත්වය නිරූපණය කරන පැහැදිලි අල් කුර්ආනීය පාඨ ඔවුන් වෙත කියවා පෙන්වනු ලබන විට, කුසල් බලාපොරොත්තු නොවන, දඬුවමට බිය නොවන, නැවත නැගිටුවීම පිළිකුල් කරන්නන්, “අහෝ මුහම්මද්! අපගේ ආශාවන්ට අනුකූල ව පැවැති ඇතැම් දෑ හෝ මුළුමණින්ම හෝ වෙනස් කරන, පිළිමවලට හෝ ඒ හැර වෙනත් දෑට වැඳුම් පිඳුම් කිරීම ගැන දොස් නගන කරුණු ඇතුළත් මෙම කුර්ආනය හැර වෙනත් කුර්ආනයක් අප වෙත ගෙන එන්න.” යැයි පවසති. අහෝ දූතය! ඔවුනට මෙසේ පවසනු. “එය වෙනස් කිරීමට මා සුදුස්සෙකු නො වෙමි. එමෙන්ම ඒ හැර වෙනත් දෙයක් ගෙන එන්නට ද මා හැකියාව නො දරමි. එහි ඇති දෑ තම කැමැත්තට අනුව වෙනස් කරන්නා ඒකීය අල්ලාහ්ය. මා වෙත අල්ලාහ් දන්වා සිටින දෑ හැර වෙනත් දෙයක් මම අනුගමනය නො කරමි. නුඹලා පතන දෑ සඳහා මම නුඹලාට පිළිතුරු දීමෙන් මම අල්ලාහ්ට පිටුපෑවේ නම් මහත් වූ දිනයේ දඬුවමට ලක්වීම ගැන සැබැවින්ම මම බිය වෙමි. එය මළවුන් කෙරෙනු නැගිටුවනු ලබන දිනයයි.

16

قُل لَّوْ شَآءَ ٱللَّهُ مَا تَلَوْتُهُۥ عَلَيْكُمْ وَلَآ أَدْرَىٰكُم بِهِۦ ۖ فَقَدْ لَبِثْتُ فِيكُمْ عُمُرًۭا مِّن قَبْلِهِۦٓ ۚ أَفَلَا تَعْقِلُونَ

(තවද) ඔබ මෙසේ පවසනු: (ඔබ වෙනුවෙන් මා මෙය සමුදීරණය කර නොපෙන්විය යුතුය යයි) අල්ලාහ් අදහස් කළේ නම්, මා මෙය ඔබට සමුදීරණය කර පෙන්වා ඇත්තේද නැත. ඔහු ඔබට මෙය දැනුම් දී ඇත්තේද නැත. නියත වශයෙන්ම මා මීට පෙරද දීර්ඝ කාලයක් ඔබත් සමග වාසය කර ඇත්තෙමි (නොවෙද? මා බොරු කියන්නෙකු නොව යන්න ඔබ හොඳින් දන්නෙහුය. මෙතරම් දැයක් වත්) ඔබට දැන ගත නොහැකිද?”

"අහෝ දූතය! නුඹලා වෙත මා අල් කුර්ආනය නොකියවීමට අල්ලාහ් අභිමත කළේ නම් නුඹලා වෙත මම අල් කුර්ආනය කියවා නොපෙන්වමි. නුඹලාට එය මා දැනුම් නොදෙමි. මාගේ දිවෙන් අල් කුර්ආනය මා නුඹලාට ඉගැන්වීම අල්ලාහ් අභිමත කළේය. මා නුඹලා අතර වසර හතළිහක පමණ දිගු කාලයක් රැඳී සිටියෙමි. නමුත් කිසිවක් මා නුඹලාට කියවා නොපෙන්වූ යෙමි. නොලිව්වෙමි. මෙම කරුණ සම්බන්ධයෙන් මා ඉල්ලා නොසිටියෙමි. ඒ ගැන මම නොසෙව්වෙමි. මම කවර කරුණක් නුඹලා වෙත ගෙන ආවේ ද එය අල්ලාහ් වෙතින් බවත් ඒ සම්බන්ධයෙන් මට කිසිදු කරුණක් නොමැති බවත් නුඹලා බුද්ධිමය වශයෙන් වටහා නොගන්නෙහු දැ?යි පවසනු.

17

فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۚ إِنَّهُۥ لَا يُفْلِحُ ٱلْمُجْرِمُونَ

අල්ලාහ් කෙරෙහි බොරු කියන්නාට වඩා හෝ නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නාට වඩා හෝ අපරාධකරුවා කවරෙක්ද? නියත වශයෙන්ම (මෙවැනි) වැරදිකරුවන් ජයග්‍රහණය කරන්නේම නැත.

අල්ලාහ්ට බොරු ගොතා පවසන්නාට වඩා වෙනත් අපරාධ කරුවෙකු නැත. එහෙයින් ඔහු මත බොරුවක් ගොතා, අල් කුර්ආනය වෙනස් කර මා පැවසිය හැක්කේ කෙසේ ද? සැබෑ කරුණ නම්, සැබැවින්ම අල්ලාහ් මත බොරු ගොතා ඔහුගේ සීමාවන් උල්ලංඝණය කරන්නන් වනාහි ඔවුන්ගේ ඉල්ලීම් අනුව ඔවුන් ජය නොලබන බවයි.

18

وَيَعْبُدُونَ مِن دُونِ ٱللَّهِ مَا لَا يَضُرُّهُمْ وَلَا يَنفَعُهُمْ وَيَقُولُونَ هَٰٓؤُلَآءِ شُفَعَٰٓؤُنَا عِندَ ٱللَّهِ ۚ قُلْ أَتُنَبِّـُٔونَ ٱللَّهَ بِمَا لَا يَعْلَمُ فِى ٱلسَّمَٰوَٰتِ وَلَا فِى ٱلْأَرْضِ ۚ سُبْحَٰنَهُۥ وَتَعَٰلَىٰ عَمَّا يُشْرِكُونَ

(සමානයන් තබන්නන්) තමන්ට යම්කිසි හොඳක් හෝ නරකක් හෝ කරන්නට නොහැකි අල්ලාහ් නොවන දැය නමදින අතර “මේවා අල්ලාහ් වෙත අප වෙනුවෙන් මැදිහත් වන දැයයි” යයිද පවසන්නාහ. (එබැවින් නබියේ! ඔබ ඔවුන්ට) “අහස්හිද, භූමියෙහිද අල්ලාහ් නොදන්නා දැයක් (ඇත්තේද?) ඒවා, (මේවා මගින්) ඔබ ඔහුට දැනුම් දෙන්නෙහුද? (ඔහු නම්, සියල්ල හෙඳින් දන්නෙකි). ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. ඔවුන් සමානයන් තබන දැයට වඩා ඉතාමත් ශ්‍රේෂ්ඨයෙකි” යයි පවසනු.

දෙවියන්ට ආදේශ තබන්නන් අල්ලාහ් ව හැරදමා දෙවිවරන් යැයි කියා ගන්නා කිසිදු සෙතක් හෝ හානියක් හෝ සැලසිය නොහැකි දෙවිවරුන් නමදිති. සැබෑ ලෙස නැමදුමට ලක් වන්නා ඔහු අභිමත කරන විට සෙත සළසනු ඇත. එමෙන්ම ඔහු අභිමත කරන විට හානිය ද ඇති කරනු ඇත. ඔවුන් නැමදුම් කරන දෑ පිළිබඳව මෙසේ පවසති. “මොවුන් අල්ලාහ් අබියස අප වෙනුවෙන් පෙනී සිටින මැදිහත්කරුවෝ වෙති. එහෙයින් අපගේ පාපකම් හේතුවෙන් ඔහු අපට දඬුවම් නොකරනු ඇත.” අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු."අහස් හි හෝ මහපොළොවෙ හි කිසිදු හවුල්කරුවකු සිටින බව ඔහුට දැනගන්නට නැති තත්ත්වයේ සැබැවින්ම තමන්ට හවුල්කරුවෙකු සිටින බව නුඹලා ඔහුට තොරතුරු දන්වා සිටින්නෙහු ද? ව්යාජ ලෙස හා අසත්ය ලෙස දෙවියන්ට ආදේශ තබන්නන් පවසන දැයින් ඔහු පිවිතුරුය. සුවිශුද්ධය."

19

وَمَا كَانَ ٱلنَّاسُ إِلَّآ أُمَّةًۭ وَٰحِدَةًۭ فَٱخْتَلَفُوا۟ ۚ وَلَوْلَا كَلِمَةٌۭ سَبَقَتْ مِن رَّبِّكَ لَقُضِىَ بَيْنَهُمْ فِيمَا فِيهِ يَخْتَلِفُونَ

මිනිසුන් සියල්ලන්ම (ආරම්භයේදී එකම ධර්මයක් අනුගමනය කරන) එකම සමූහයක් වශයෙන් සිටියහ. පසුව (තමන් තුළ ඇති වූ ඊර්ෂ්‍යාවේ හේතුවෙන් විවිධ සමූහයන් වශයෙන්) ඛෙදී ගියහ. (අපරාධයට වූ ඵලවිපාක පරලොවදී පූරණ වශයෙන් දෙනු ලබන්නේය යයි නබියේ!) ඔබ දෙවියන්ගේ පොරොන්දුව දැනටමත් ඇති නොවුනේ නම්, ඔවුන් කරමින් සිටි අපරාධයන්හි හේතුවෙන් ඔවුන්ගේ කාරණාව (මේ වන විටත්) අවසන් වී ඇත්තේය!

මිනිසා ඒකීය දෙවියන් විශ්වාස කරන එකම සමූහයක් මිස නැත. නමුත් ඔවුහු භේදබින්න වූහ. එහෙයින් ඔවුන් අතර දෙවියන් විශ්වාස කරන්නන් ද දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද වෙති. ගත වූ දෑ අල්ලාහ්ගේ තීන්දුවක් නොවී නම් ඔවුන් මෙලොවෙහි භේද ඇති කර ගත් දෑහි ඔවුන් අතර ඔහු තීන්දු පිරි නොනමා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් අතර තීන්දු පිරිනමන්නට තිබුණි. ඔවුන් කවර විෂයයක මතභේද ඇති කර ගත්තේ ද ඒ සම්බන්ධයෙන් මෙලොවෙහි ඔවුන් අතර වූ තීන්දුවක් වෙනුවෙන් එය නොවී නම් යහමඟ සිටින්නා මුළාවෙහි සිටින්නාගෙන් පැහැදිලි වනු ඇත.

20

وَيَقُولُونَ لَوْلَآ أُنزِلَ عَلَيْهِ ءَايَةٌۭ مِّن رَّبِّهِۦ ۖ فَقُلْ إِنَّمَا ٱلْغَيْبُ لِلَّهِ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ

තවද “(අපි කැමති ආකාරයට) කුමක් හෝ සාක්ෂියක් (දෙවියන්ගේ නබිවරයා වන) ඔහු කෙරෙහි ඔහුගේ දෙවියන් විසින් පහළ කළ යුතු නොවේද?” යයිද ඔවුන් පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “(ඔබ කැමති ප්‍රකාර සාක්ෂිය පහළ නොකර සිටීමට හේතුව ඔබට ගුප්ත දැයකි). ගුප්ත දැය සියල්ල අල්ලාහ්ටම අයත්ය. (එබැවින් එය ඔබ දැන ගැනීමට අදහස් කළහොත්) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමත් (ඔබගේ නපුරු වදනින් ඔබට කුමන වින්නැහියක් පැමිණෙන්නේද යන්න) ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි”.

"ඔහුගේ සත්යතා ව තහවුරු කරන පරිදි ඔහුගේ පරමාධිපතිගෙන් වූ සංඥාවක් මුහම්මද්ට පහළ විය යුතු නොවේ දැ?"යි දෙවියන්ට ආදේශ තබන්නන් විමසා සිටිති. එහෙයින් දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. සංඥාවන් පහළ වීම යනු අල්ලාහ්ගේ දැනුමට පමණක් විශේෂිත වූ ගුප්ත කාරණාවකි. එහෙයින් නුඹලා යෝජනා කරන ආධ්යාත්මික වදන් පිළිබඳ නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම එය බලාපොරොත්තුවෙන් සිටින්නන් අතරින් මා ද නුඹලා සමග වෙමි.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.