قُلِ ٱنظُرُوا۟ مَاذَا فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۚ وَمَا تُغْنِى ٱلْءَايَٰتُ وَٱلنُّذُرُ عَن قَوْمٍۢ لَّا يُؤْمِنُونَ
(නබියේ! ඔවුන්ට) “අහස්හිද භූමියෙහිද ඇති දැය කුමක්ද යන්න (පොඩියක්) අවධානය කර බලනු” යයි පවසනු මැනව! එහෙත් විශ්වාසය නොතැබූ ජනතාවට (අපගේ) සාධකයන්ද, බිය ගන්වා අනතුරු ඇඟවීමද කිසිම ප්රයෝජනයක් නැත.
අහෝ දූතය! සාක්ෂි හා සාධක පිළිබඳ නුඹෙන් විමසන දේව ආදේශකයින්හට නුඹ මෙසේ පවසනු. "අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුගේ බලය පෙන්වා දෙන අහස්හි හා මහපොළොවේ දක්නට ඇති සාධක දෙස නුඹ කල්පනාකාරීව සිතා නොබැලුවෙහිද? විශ්වාස කිරීමට සූදානමක් නැති පිරිසකට ඔවුන් දේව ප්රතික්ෂේපයේ නිරත ව සිටින බැවින් සාක්ෂි සාධක හා දූතවරුන් කෙතරම් පහළ වුවද ඉන් කිසිදු ඵලක් නොවන්නේය."