Muslim99Muslim99
← Tafsir library

10. Yunus

Jonas · Meccan · 109 ayahs

سُورَةُ يُونُسَ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 109

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓر ۚ تِلْكَ ءَايَٰتُ ٱلْكِتَٰبِ ٱلْحَكِيمِ

අලිෆ්. ලාම්. රා. මේවා ඥානයෙන් පිරි මෙම ධර්මයෙහි (සමහර) ආයාවන් වන්නේය.

(අලිෆ්, ලාම්, රා) සූරාවක ආරම්භයේ පැමිණෙන මෙවන් අක්ෂර මාළා භාවිතය පිළිබඳ දැක්ම සූරා අල් බකරා ආරම්භයේ සඳහන් කෙරී ඇත. මෙම සූරාවෙහි කියවනු ලබන පාඨ ප්රඥාව හා නීතී ඇතුළත් නීතිමය ව්යූහයෙන් යුත් පාඨ වෙති.

2

أَكَانَ لِلنَّاسِ عَجَبًا أَنْ أَوْحَيْنَآ إِلَىٰ رَجُلٍۢ مِّنْهُمْ أَنْ أَنذِرِ ٱلنَّاسَ وَبَشِّرِ ٱلَّذِينَ ءَامَنُوٓا۟ أَنَّ لَهُمْ قَدَمَ صِدْقٍ عِندَ رَبِّهِمْ ۗ قَالَ ٱلْكَٰفِرُونَ إِنَّ هَٰذَا لَسَٰحِرٌۭ مُّبِينٌ

(නබියේ!) මිනිසුන්ට බිය ගන්වා අනතුරු අඟවන මෙන් (මිනිස් වර්ගයාට අයත්) ඔවුන්ගෙන් කෙනෙකුට වහී මගින් අපි නියෝග කරන්නේ නම්, මෙම මිනිසුන්ට පුදුමයක් වශයෙන් ඇත්තේද? (නබියේ!) ඇත්තෙන්ම විශ්වාසය තැබූවන්ට තම දෙවියන්ගේ සන්නිධානයෙන් ඉමහත් වූ පදවීන් ඇතැයි ශුභාරංචි දෙනු මැනව! (එහෙත් මෙසේ පවසන ඔබ ගැන) “නියත වශයෙන්ම මොහු පැහැදිලි සූනියම්කරුවෙකුය” යයි මෙම ප්‍රතික්ෂේප කරන්නන් පවසන්නාහ.

අල්ලාහ්ගේ දඬුවම ගැන ඔවුනට අවවාද කරන මෙන් අණ කරමින් මිනිස් වර්ගයා අතරින්ම වූ මිනිසෙකු වෙත දිව්යමය පණිවිඩ අපි පහළ කර තිබීම ඔවුන් මවිතයට පත් වන කරුණක් වීද? අහෝ දූතය! අල්ලාහ් ව විශ්වාස කළවුනට ඔවුන් සතුටු වන පරිදි ඔවුන් කල් ඇතිව සිදු කළ ක්රියාවන් සඳහා ප්රතිඵල වශයෙන් උසස් නිලයක් ඔවුන්ගේ පරමාධිපති අසළ ඇති බව දන්වා සිටිනු. දෙවියන් ප්රතික්ෂේප කළවුන් මෙම පාඨය ගෙන ආ මෙම පුද්ගලයා පැහැදිලි ව හූනියම් කරුවෙකි යැයි පවසා සිටියෝය.

3

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ ۖ يُدَبِّرُ ٱلْأَمْرَ ۖ مَا مِن شَفِيعٍ إِلَّا مِنۢ بَعْدِ إِذْنِهِۦ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ فَٱعْبُدُوهُ ۚ أَفَلَا تَذَكَّرُونَ

(මිනිසුනේ!) ඔබගේ දෙවියන් වන එම අල්ලාහ්ම අහස්ද භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජ්‍යය ස්ථාපිත කළේය. (මේවා සම්බන්ධයෙන් වූ) සියලූ කාරණාවන්ද ඔහුම සැලසුම් කර (පරිපාලනය කරමින්) සිටින්නේය. ඔහුගේ අනුමැතියෙන් තොරව (ඔබ වෙනුවෙන් ඔහු වෙත) මැදිහත් වී කතා කරන්නන් කිසිවෙකුත් නැත. එම අල්ලාහ්ම ඔබව උත්පාදනය කර පෝෂණය කරන්නාය. එබැවින් ඔහුවම (ඔහු එක් කෙනෙකුවම) ඔබ නමදිනු. (හොඳ හැඟීමක් ලබා ගැනීමට මේවා ගැන) ඔබ සිතා බැලිය යුතු නොවේද?

අහෝ එසේ පුදුමයට පත් වන්නනි! සැබැවින්ම නුඹලාගේ පරමාධිපති දින හයකින් අති විශාලව පවතින අහස් හා පුළුල් ව විහිදී පවතින මහපොළොව මවා පසුව අර්ෂ් හෙවත් දේව රාජධානිය ඉහළට නැග ස්ථාපිත විය. නුඹලාගේම වර්ගයාගෙන් වූ මිනිසෙකු වෙත එය පහළ කිරීම ගැන නුඹලා පුදුමයට පත් වනුයේ කෙසේද? ඔහුගේ විශාල අධිරාජ්යය තුළ සියල්ල සැලසුම් කර තීන්දු කරනුයේ ඔහු තනිවමය. මැදිහත් වන්නෙකුට ඔහු අවසර දීමෙන් හා ඔහු ව පිළිගැනීමෙන් පසුව මිස කිසිදු කටයුත්තක දී ඔහු ඉදිරියේ මැදිහත් වන්නට කිසිවෙකු නැත. මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ ඔහු නුඹලාගේ පරමාධිපති වන අල්ලාහ්ය. එහෙයින් ඔහුට පමණක් අවංක ලෙස නුඹලා ගැතිකම් කරනු. මේ සියලු සාධක හා සාක්ෂි තුළින් නුඹලා ඔහුගේ ඒකීයත්වය ගැන උපදෙස් ලැබිය යුතු නොවේ ද? කවරෙකු අවම වශයෙන් හෝ උපදෙස් ලබන්නේද ඔහු එය දැන ඔහු ගැන විශ්වාසය තබනු ඇත.

4

إِلَيْهِ مَرْجِعُكُمْ جَمِيعًۭا ۖ وَعْدَ ٱللَّهِ حَقًّا ۚ إِنَّهُۥ يَبْدَؤُا۟ ٱلْخَلْقَ ثُمَّ يُعِيدُهُۥ لِيَجْزِىَ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ بِٱلْقِسْطِ ۚ وَٱلَّذِينَ كَفَرُوا۟ لَهُمْ شَرَابٌۭ مِّنْ حَمِيمٍۢ وَعَذَابٌ أَلِيمٌۢ بِمَا كَانُوا۟ يَكْفُرُونَ

(තවද මරණයෙන් පසුවද), ඔබ සියල්ලන්ම ඔහු වෙතම යා යුතුව ඇත්තේය. අල්ලාහ්ගේ (මෙම පොරොන්දුව සත්‍යයකි. නියත වශයෙන්ම ඔහුම උත්පාදනයන් පළමු වතාවටද උත්පාදනය කරන්නේය. (මරණයට පත් වීමෙන් පසු, නැවත වරක්ද) ඔවුන්ට පණ දී ඔවුන්ගේ විශ්වාසය තබා දැහැමි ක්‍රියාවන් කළ අයට සාධාරණ ලෙස (හොඳ) ඵලවිපාක ලබා දෙන්නේය. (මෙය) කවුරුන් ප්‍රතික්ෂේප කරන්නෝද, ඔවුන්ට පැසී (උතුරණ) ලෝදිය (පරලොවදී) බීමට ලැඛෙනු ඇත. තවද (මෙය) ප්‍රතික්ෂේප කරමින් සිටි හේතුව නිසා (ඔවුන්ට) ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙත පමණි. එය නුඹලාගේ ක්රියාවන්ට ප්රතිඵල පිරිනැමීම සඳහාය. මේ ගැන අල්ලාහ් සැබෑ ලෙසින්ම ජනයාට ප්රතිඥා දී ඇත. ඔහු එය කඩ නොකරයි. සැබැවින්ම ඔහු ඒ සඳහා බලය ඇත්තාය. පෙර නිදසුනකින් තොරව සියලු මැවීම් ආරම්භයේම හට ගැන්වූයේ ඔහුය. පසුව මිය ගිය පසු ඔහු ඔහු ව යළි කැඳවා ගනු ඇත. එය දෙවියන් විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළ අයට සාධාරණ ව ප්රතිඵල පිරිනමනු පිණිසය. ඔවුන්ගේ යහපත් ක්රියාවන් කිසිවක් ඔහු අඩු කරන්නේ නැත. එමෙන්ම ඔවුන්ගේ නපුරු ක්රියාවන් අතර කිසිවක් වැඩි කරන්නේ ද නැත. අල්ලාහ් හා ඔවුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වනාහි, ඔවුනට උපරිමයෙන් රත් කරනු ලැබූ ලෝ දිය පානය ඇත. ඔවුන්ගේ බඩවැල් එමගින් කැපී යයි. එමෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව ප්රතික්ෂේප කළ හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇත.

5

هُوَ ٱلَّذِى جَعَلَ ٱلشَّمْسَ ضِيَآءًۭ وَٱلْقَمَرَ نُورًۭا وَقَدَّرَهُۥ مَنَازِلَ لِتَعْلَمُوا۟ عَدَدَ ٱلسِّنِينَ وَٱلْحِسَابَ ۚ مَا خَلَقَ ٱللَّهُ ذَٰلِكَ إِلَّا بِٱلْحَقِّ ۚ يُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

ඔහුම සූයදැයා (දීප්තිමත් ආලෝකයක් වශයෙන්ද, චන්ද්‍රයා (අලංකාරවත්) ආලෝකය ලබා දෙන්නක් බවටද පත් කර අවුරුදු සංඛ්‍යාවද, (මාසයන්හි) ගණනයද ඔබ දැන ගැනීම පිණිස, (චන්ද්‍රයා වන) එයට (මාරුවෙන් මාරුවට පැමිණිය හැකි) අවස්ථාවන්ද මනක්කල්පිත කළේය. සත්‍යය වූ (නියමිත) කාරණාවක් නොමැතිව මේවා අල්ලාහ් උත්පාදනය කළේ නැත. දැන ගත හැකි ජනතාව වෙනුවෙන් (තම බලසම්පන්නකමට අයත්) සාධකයන් (මෙසේ) විවරණය කරන්නේය.

ආලෝකය නිපදවා එය විහිදුවාලන පරිදි ඔහු හිරු මවා ඇත්තේය. එමෙන්ම එමගින් ආලෝකය හට ගන්නා පරිදි සඳු ඇති කළේය. එහි ගමන් මාර්ගය අදියර විසි අටක් ඔහු සැලසුම් කළේය. එසේ සිදු කර ඇත්තේ සෑම දහවලක් හා රැයක් ගත වන කාල ප්රමාණයේ අදියරය නම් වේ. අහෝ ජනයිනි! දින ගණනය සඳහා සූර්යා ද මාස හා වර්ෂ ගණනය සඳහා සදු ද පිහිටුවා ඇති බව නුඹලා දැන ගනු පිණිසය. අහස්වල හා මහපොළොවේ ඇති කිසිවක් යුක්ති ධර්මතාවයකින් තොර ව අල්ලාහ් මවා නැත. එය ඔහුගේ බලය හා මහිමය මිනිසුනට නිරූපණය කරනු පිණිසය. මෙම පැහැදිළි සාක්ෂි හා අව්යාජ සාධක ඔහුගේ ඒකීයත්වය තහවුරු කිරීම සඳහා වූ සාක්ෂි වශයෙන් ගන්නා ඒ ගැන හඳුනන ජනයාට අල්ලාහ් පැහැදිළි කරන්නේය.

6

إِنَّ فِى ٱخْتِلَٰفِ ٱلَّيْلِ وَٱلنَّهَارِ وَمَا خَلَقَ ٱللَّهُ فِى ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ لَءَايَٰتٍۢ لِّقَوْمٍۢ يَتَّقُونَ

රාත්‍රිය හා දහවල මාරුවෙන් මාරුවට පැමිණීමෙහිද, අහස්හිද, භූමියෙහිද අල්ලාහ් උත්පාදනය කර ඇති දැයෙහිද, භය භක්තියෙන් යුතු ජනතාවට (හැඟීමක් ලබා දිය හැකි) බොහෝ සාධකයන් නියත වශයෙන්ම ඇත්තේය.

ගැත්තන් හට රාත්රිය හා දහවල එකිනෙකට පරව ගමන් කිරීම, ඒවාට අදාළ ව අන්ධකාරය හා ආලෝකය පිහිටා තීබීම, ඒ දෙකින් එකක කාලය විටෙක කෙටියෙන් ද විටෙක දීර්ඝ ව ද පිහිටීම, අහස් හා මහපොළොවෙහි පවතින සෙසු මැවීම් යනාදී සියල්ල අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් පසුවන ජනයාට අල්ලාහ්ගේ ශක්තිය විදහා පාන සාක්ෂි හා සළකුණු වන්නේය.

7

إِنَّ ٱلَّذِينَ لَا يَرْجُونَ لِقَآءَنَا وَرَضُوا۟ بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَٱطْمَأَنُّوا۟ بِهَا وَٱلَّذِينَ هُمْ عَنْ ءَايَٰتِنَا غَٰفِلُونَ

නියත වශයෙන්ම කවුරුන් අපගේ හමුවීම (පොඩියක් හෝ) විශ්වාස නොකර මෙලොව ජීවිතයම ආශා කර එමගින්ම සෑහීමට පත් වී (එහිම ගැලී) ගියෝද ඔවුන්ද, තවත් කවුරුන් අපගේ ආයාවන් (ප්‍රතික්ෂේප කර) දමා නොසැලකිලිමත්ව සිටින්නෝද ඔවුන්ද (ආදී) -

අල්ලාහ්ගේ හමු ව සිදුවන්නක් බව අපේක්ෂා නොකරන, ඒ ගැන බිය නොවන, ඒ සම්බන්ධයෙන් කැමැත්තක් නොදක්වන, සදා ශේෂව පවතින මතුලොව ජීවිතය වෙනුවට, විනාශ වී යන තාවකාලික මෙලොව ජීවිතය ගැන පමණක් තෘප්තිමත් වන, එහි ඇති සතුට වෙත තම ආත්මය සැනසුමට පත් කරවා ගන්නා, දෙවියන් ප්රතික්ෂේප කරන්නන් ද අල්ලාහ්ගේ වදන් හා සාධක හාස්ය ලෙස පිටු දකින්නන් ද වනාහි...

8

أُو۟لَٰٓئِكَ مَأْوَىٰهُمُ ٱلنَّارُ بِمَا كَانُوا۟ يَكْسِبُونَ

මෙවැන්නන් සොයා ගත් (නපුරු) විපත් වල හේතුවෙන් මොවුන් රැෙඳන ස්ථානය නිරයයි.

මෙම ගුණාංගවලින් වර්ණනා කරනු ලැබූ මොවුන් යොමුවන ස්ථානය නිරා ගින්නය. එය ඔවුන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය ප්රතික්ෂේප කරමින් හා එය බොරු කරමින් උපයා ගත් දෑ හේතුවෙනි.

9

إِنَّ ٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ يَهْدِيهِمْ رَبُّهُم بِإِيمَٰنِهِمْ ۖ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ فِى جَنَّٰتِ ٱلنَّعِيمِ

නියත වශයෙන්ම කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන් කරන්නෝද, ඔවුන්ව දෙවියන් ඔවුන්ගේ විශ්වාසයෙහි හේතුවෙන් ජල දහරා සදා ගලමින් ඇති ඉමහත් සැපතක් ගෙන දෙන ස්වර්ගයට අයත් මාර්ගයෙහි ඇතුළු කරන්නේය.

සැබැවින්ම අල්ලාහ් ව විශ්වාස කොට දැහැමි ක්රියාවන් සිදු කළවුන් වනාහි, ඔවුන් තුළ පවතින දේව විශ්වාසය හේතුවෙන්, තම තෘප්තිය වෙත සේන්දු කරවන දැහැමි ක්රියාවන් සඳහා වූ මඟපෙන්වීම අල්ලාහ් ඔවුනට පිරිනමනු ඇත. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා සදා ස්වර්ග උයන් තුළට ප්රවේශ කරනු ඇත.

10

دَعْوَىٰهُمْ فِيهَا سُبْحَٰنَكَ ٱللَّهُمَّ وَتَحِيَّتُهُمْ فِيهَا سَلَٰمٌۭ ۚ وَءَاخِرُ دَعْوَىٰهُمْ أَنِ ٱلْحَمْدُ لِلَّهِ رَبِّ ٱلْعَٰلَمِينَ

ඒවායෙහි ඔවුන් (ඇතුළු වූ වහාම) “අපගේ අල්ලාහ් දෙවියන් වහන්ස! ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි. (ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි)” යයි පවසන්නාහ. එහි (තමන්ගේ මිතුරන්ව හමු වන සෑමවිටම) “සලාමුන් (අලෙයිකුම්)” යයි ශූභ පැතුම් කරන්නාහ. අවසානයේදී “ප්‍රශංසා සියල්ල සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධනය කර, පරිපාලනයකරන්නා වූ අල්ලාහ්ටම අයිතිය” යයි (ප්‍රශංසා කර) සුවිශුද්ධ කරමින් සිටින්නාහ.

ස්වර්ගයේ ඔවුන්ගේ පැතුම අල්ලාහ් ව ශුද්ධත්වයට පත් කිරීම හා පිවිතුරු කිරීමය. ඔවුන් සඳහා වූ අල්ලාහ්ගේ ආචාරය මලක්වරුන්ගේ ආචාරය හා ඇතැමෙකු විසින් ඇතැමෙකුට දක්වන ආචාරය සලාම් නොහොත් ශාන්තියේ ආචාරයයි. ඔවුන්ගේ අවසන් පැතුම සියලු මැවීම්හි පරමාධිපති වන අල්ලාහ් පැසසුමට ලක් කිරීමය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.