Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 121–129 of 129

121

وَلَا يُنفِقُونَ نَفَقَةًۭ صَغِيرَةًۭ وَلَا كَبِيرَةًۭ وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ ٱللَّهُ أَحْسَنَ مَا كَانُوا۟ يَعْمَلُونَ

තවද මොවුන් ලොකුද, පොඩිද, (අල්ලාහ්ගේ මාර්ගයෙහි) කුමක් වියදම් කළද, (ඒ ආකාරයටම අල්ලාහ්ගේ මාර්ගයෙහි) කුමන භූමියක් පසු කළා වුවද, ඔවුන් වෙනුවෙන් එය සටහන් කරනු ලබන්නේය. ඔවුන් කළ මේ දැයට වඩා ඉතාමත් අලංකාරවත් ඵලවිපාක අල්ලාහ් ඔවුන්ට ලබා දෙන්නේය.

ඔවුන් සුඵ පරිමාණයෙන් හෝ මහා පරිමාණයෙන් යමක් වියදම් කළ ද යම් මිටියාවතක් තරණය කළ ද එසේ වියදම් කිරීම හා ගමන් කිරීම හේතුවෙන් අල්ලාහ් ඔවුනට ප්රමාණවත් තරමට ඔවුන් සිදු කළ ක්රියාවන් ඔවුන් වෙනුවෙන් සටහන් කර ගනු මිස නැත. පසු ව ඔවුන් සිදු කරමින් ආ දෑට වඩා යහපත් ප්රතිඵලයක් මතු ලොවෙහි ඔහු ඔවුනට පිරිනමනු ඇත.

At-Tawba 9:121Listen in Qur'an →
122

۞ وَمَا كَانَ ٱلْمُؤْمِنُونَ لِيَنفِرُوا۟ كَآفَّةًۭ ۚ فَلَوْلَا نَفَرَ مِن كُلِّ فِرْقَةٍۢ مِّنْهُمْ طَآئِفَةٌۭ لِّيَتَفَقَّهُوا۟ فِى ٱلدِّينِ وَلِيُنذِرُوا۟ قَوْمَهُمْ إِذَا رَجَعُوٓا۟ إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ

(ඔබගේ සතුරන් ඔබව විනාශ කර දමන අවස්ථාව බලාපොරොත්තුවෙන් සිටීම නිසා) විශ්වාසවන්තයින් සියල්ලන්ම (තමන්ගේ රටගම අත්හැර) පිටමං වී යාම කිසිම අවස්ථාවක සුදුසු නැත. ධර්ම කාරණාවන් දැන ගැනීමට (අදහස් කළහොත් ඒ වෙනුවෙන්) ඔවුන්ගෙන් සෑම සමුහයකින්ම සමහරෙක් පමණක් පිටත්ව ගියහොත් මදිද? (ඔවුන් ධර්ම කාරණාවන් ඉගෙන ගෙන) තමන්ගේ දරුවන් වෙත ආපසු හැරී පැමිණ ඔවුන්ට (තමන් ඉගෙන ගත් දැය පවසා) බිය ගන්වා අනතුරු අඟවන්නාහ. (ගමේ සිටිනවුන්) ප්‍රවේසමෙන් සිට (තම ජනතාව ආරක්ෂා කර) ගන්නාහ.

සතුරන් දේවත්වය විශ්වාස කරන්නන් සමග සටන් කිරීමට එළැඹෙන විට දේවත්වය විශ්වාස කරන්නන් මුළුමණින්ම තුරන් කරනු නොලැබීම පිණිස ඔවුන් සියල්ලෝම එක් වී යුද්ධය සඳහා පිටත් වීම ඔවුනට අවශ්ය වන්නේ නැත. එවන් තත්ත්වයක ඔවුන් අතරින් පිරිසක් ජිහාද් සඳහා පිටත් ව යා යුතු අතර තවත් පිරිසක් අල්ලාහ්ගේ දූතයාණන් සමග සිට එතුමාණන් උගන්වන අල් කුර්ආනීය ඉගැන්වීම් හා ආගමික නීතීන්ට සවන් දී දහම පිළිබඳ අවබෝධය ලැබිය යුතුය. පසු ව ආපසු හැරී එන පිරිසට අල්ලාහ්ගේ දඬුවමින් ඔවුන් ප්රවේශම් වන පරිදි තමන් ඉගෙන ගත් දෑ ඔවුනට පවසා අවවාද කළ යුතුය. එවිට ඔවුන් අල්ලාහ්ගේ නියෝගය පිළිපදිනු ඇත. ඔහු තහනම් කළ දැයින් වැළකී සිටිනු ඇත. මෙවන් වාතාවරණයක් අල්ලාහ්ගේ දූතයාණන් විසින් ප්රදේශවලට යවන ලද කණ්ඩායම් අතර විය. ඒ සඳහා ඔහුගේ මිතුරන් අතරින් පිරිසක් ඔහු තෝරා ගත්තේය.

At-Tawba 9:122Listen in Qur'an →
123

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ قَٰتِلُوا۟ ٱلَّذِينَ يَلُونَكُم مِّنَ ٱلْكُفَّارِ وَلْيَجِدُوا۟ فِيكُمْ غِلْظَةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ

විශ්වාසවන්තයිනි! ඔබට සමීපව සිටින (අපරාධකරුවන් වන) ප්‍රතික්ෂේප කරන්නන් සමග යුද්ධ කරනු. ඔවුන් ඔබ වෙත පරුෂකම ම දකිත්වා! නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්න ස්ථීර වශයෙන් ඔබ දැන ගනු.

දෙවියන් විශ්වාස කරන්නන් අසළ සිටින දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතදාරීන් සමග යුද වදින මෙන් අල්ලාහ් නියෝග කර ඇත. එය ඔවුන්ගේ සමීපකම හේතුවෙන් දෙවියන් විශ්වාස කරන්නන් හට අනතුරක් වන්නට ඉඩ ඇති බැවිණි. ඔවුන්ගේ නපුරුකම් වළක්වන හා ඔවුන් බිය වද්දන පරිදි බලවත්කම හා දරුණුකම නිරූපණය කරන මෙන් ද ඔහු ඔවුනට අණ කළේය. අල්ලාහ්, ඔහු පිළිබඳ මතකයෙන් කටයුතු කරන විශ්වාසීන්හට ඔහුගේ උපකාරය හා ඔහුගේ ස්ථාවරත්වය සමග ඔහු සිටිනු ඇත.

At-Tawba 9:123Listen in Qur'an →
124

وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ فَمِنْهُم مَّن يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِۦٓ إِيمَٰنًۭا ۚ فَأَمَّا ٱلَّذِينَ ءَامَنُوا۟ فَزَادَتْهُمْ إِيمَٰنًۭا وَهُمْ يَسْتَبْشِرُونَ

යම්කිසි (අළුත්) පරිච්ඡේදයක් පහළ කරනු ලැබූවහොත් “ඔබගෙන් කවුරුන්ගේ විශ්වාසය මෙය වැඩිකරන්නේද?”යි (සමච්චලයෙන් මෙන්) විමසන අයද ඔවුන්ගෙන් බොහොමයක් සිටින්නාහ. (ඇත්තෙන්ම) කවුරුන් විශ්වාසය තබා ඇත්තෙහුද, ඔවුන්ගේ විශ්වාසය (මෙය) වැඩි කර හැරියේය. (මේ ගැන) ඔවුන් සතුටට පත් වන්නාහ.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත අල්ලාහ් පරිච්ඡේදයක් පහළ කරන විට කුහකයින් අතර සිටි ඇතැමෙක් එය සරදමට හා හාස්යට ලක් කරමින්, "මුහම්මද් ගෙන ආ දැයින් පහළ වූ මෙම සූරාව කවර කරුණක් දේව විශ්වාසයෙන් වර්ධනය කර ඇත්දැ"යි විමසා සිටියේය. නමුත් අල්ලාහ්ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් සත්ය බව පිළිගත් අය වනාහි, ඔවුන්ගේ විශ්වාසය පෙර පැවති විශ්වාසයට වඩා වැඩි විශ්වාසයක් මෙම සූරාව ඔවුනට වර්ධනය කළේය. දිව්යමය වාක්ය පහළ වීමෙන් එහි ඇති මෙලොව හා මතුලොව යහපත හා ප්රයෝජන හේතුවෙන් ඔවුහු සතුටට පත් වූවෝය.

At-Tawba 9:124Listen in Qur'an →
125

وَأَمَّا ٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌۭ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا۟ وَهُمْ كَٰفِرُونَ

නමුත් කවුරුන්ගේ හෘදයන්හි අසනීපය ඇත්තේද, ඔවුන්ගේ (හෘදයන්හි ඇති) අපිරිසිදුභාවය සමග නැවත නැවතත් අපිරිසිදුභාවයම (එය) ඔවුන්ට වැඩි කර හැරියේය! ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන්ම සිටියහ.

කුහකයින් වනාහි, අල් කුර්ආනයේ ඇති නීති රීති හා කතා සමග එය පහළ වීම ඔවුන්ගේ ව්යාධිය හා කිලිටිකම ඔවුනට වර්ධනය කරනු ඇත. එය පහළ කරනු ලැබූ දෑ ඔවුන් බොරු කරමින් සිටි හේතුවෙනි. අල් කුර්ආනය අධික ලෙස පහළ වීම තුළින් ඔවුන්ගේ හදවත් ද ව්යාධී බවින් වැඩි විය. ඊට හේතුව සැබැවින්ම ඔවුනට යම් කිසි දෙයක් පහළ වන සෑම කල්හිම එහි ඇති දෑ ගැන පැමිණිලි කරමින් සිටි අතර දේව ප්රතික්ෂේපය මත ම මිය ගිය බැවිණි.

At-Tawba 9:125Listen in Qur'an →
126

أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِى كُلِّ عَامٍۢ مَّرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ

“සෑම අවුරුද්දක් පාසාම වරක් හෝ නැතහොත් දෙවරක් හෝ ඔවුන්ව අපහසුතාවයට පත් කර (පිරික්සුමට) ලක් කරනු ලබන්නාහ” යන්න ඔවුන් දුටුවේ නැද්ද? මෙසේ තිබියදී ඔවුන් පසුතැවිලි වූවේ නැත. හොඳ හැඟීමක් ලබා ගත්තේද නැත.

කුහකයින්ගේ තත්ත්වය හෙළි කරමින් ඔවුන්ගේ කුහකත්වය ප්රසිද්ධියට පත් කරමින් සෑම වසරකම වරක් හෝ දෙවරක් අල්ලාහ් ඔවුන් පරීක්ෂාවට ලක් කිරීම ඔවුන් සැලකිල්ලෙන් නොබැලුවෝ ද? පසු ව සැබැවින්ම අල්ලාහ් ඔවුනට එසේ සිදු කර ඇතැයි ඔවුන් දැන ගැනීමත් සමගම ඔවුන්ගේ ප්රතික්ෂේපයෙන් ඔවුන් මිදුණේ නැත. ඔවුන්ගේ කුහකත්වයෙන් ඔවුන් ඉවත් වූයේ නැත. ඔවුනට අත් වූ දෑ සැබැවින් එය අල්ලාහ්ගෙන් වූවක් බව ඔවුන් මෙනෙහි කරන්නේ ද නැත.

At-Tawba 9:126Listen in Qur'an →
127

وَإِذَا مَآ أُنزِلَتْ سُورَةٌۭ نَّظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَىٰكُم مِّنْ أَحَدٍۢ ثُمَّ ٱنصَرَفُوا۟ ۚ صَرَفَ ٱللَّهُ قُلُوبَهُم بِأَنَّهُمْ قَوْمٌۭ لَّا يَفْقَهُونَ

යම්කිසි අළුත් පරිච්ඡේදයක් පහළ කරනු ලැබුවහොත් ඔවුන්ගෙන් සමහරෙක්, සමහරෙකුව බලා (ඇසින් ඉඟියක් කර) “ඔබව කවුරුන් හෝ බලා ගත්තෙහුද?”යි (විමසා) පසුව, (එතැනින්) ආපසු හැරෙන්නාහ. නියත වශයෙන්ම ඔවුන් (සත්‍යය) දැන ගැනීමට නොහැකි ජනතාවක් වශයෙන් සිටින බැවින් අල්ලාහ් ඔවුන්ගේ හෘදයන්ද හරවා දැමුවේය.

අල්ලාහ් තම දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත අල් කුර්ආනීය පරිච්ඡේදයක් පහළ කරන විට එහි සඳහන් කුහකයින්ගේ තත්ත්වයන් මෙනෙහි කිරීම දැක ඔවුන්ගෙන් ඇතැමෙක් ඇතැමෙකු දෙස බලා "කිසිවකු හෝ ඔබ දකින්නේ දැ?"යි විමසා සිටියි. එවිට කිසිවෙකු ඔවුන් නුදුටුවේ නම් සභාවෙන් ඔවුන් හැරී යති. දැනගනු. අල්ලාහ් ඔවුන්ගේ හදවත් යහමග හා යහකමින් වෙනතකට යොමු කළේය. ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන් පහත් තත්ත්වයට පත් විය.

At-Tawba 9:127Listen in Qur'an →
128

لَقَدْ جَآءَكُمْ رَسُولٌۭ مِّنْ أَنفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُم بِٱلْمُؤْمِنِينَ رَءُوفٌۭ رَّحِيمٌۭ

(විශ්වාසවන්තයිනි!) ඔබගෙන් නියත වශයෙන්ම (අපගේ) එක් දූතයෙකු පැමිණ ඇත්තේය. (ඔබට යම්කිසි දුකක් කරදරයක් ඇති වී) ඔබ දුෂ්කරතාවයකට මුහුණ දුන්නහොත් (එය) ඔහුට ඉතාමත් දුකක් ගෙන දෙන්නක් බවට වනු ඇත. (එතරම් දුරට ඔබ කෙරෙහි ආදර කරුණාවෙන් යුක්ත වූවෙකි). තවද ඔබට (යහපතක්ම) ඉමහත් සේ කැමැත්තක් දක්වන්නෙකු වශයෙන්ද, විශ්වාසවන්තයින් (වන ඔබ) කෙරෙහි ඉතාමත් ආදරයද හා කරුණාවද ඇත්තෙකු වශයෙන්ම සිටින්නේය.

අහෝ අරාබි ජනයිනි! නුඹලාගෙන්ම වූ දූතයෙකු සැබැවින්ම නුඹලා වෙත පැමිණ ඇත. ඔහු නුඹලා මෙන්ම අරාබි ජාතිකයෙකි. නුඹලාට පීඩා ගෙන දෙන දෑ ඔහුට ද පීඩා ගෙන දෙනු ඇත. නුඹලා යහමගට යොමුවීම ගැන දැඩි ආශාවෙන් පසුවන්නෙකි. නුඹලා ගැන සැලකිලිමත් වන්නෙකි. විශේෂයෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් කෙරෙහි හිතවත් මෙන්ම කාරුණිකය.

At-Tawba 9:128Listen in Qur'an →
129

فَإِن تَوَلَّوْا۟ فَقُلْ حَسْبِىَ ٱللَّهُ لَآ إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ ٱلْعَرْشِ ٱلْعَظِيمِ

(නබියේ! මින්) පසුවද, ඔවුන් (ඔබව අනුගමනය නොකර) ඈත් වුවහොත් (ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “අල්ලාහ්ම මා හට ප්‍රමාණවත්ය. ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. (මගේ කාරණාවන් සියල්ලෙහි) ඔහු කෙරෙහි මා පූරණ විශ්වාසය තබා ඇත්තෙමි. ඔහුම අති විශාල වූ අර්ෂ්හි අධිපතිය”.

එහෙයින් ඔවුන් නුඹට පිටුපා නුඹ ගෙන ආ දෑ ඔවුන් නොකළේ නම්, අහෝ දූතය! “මට අල්ලාහ් ප්රමාණවත්ය. සැබෑ ලෙස නැමදුම් ලබන්නට ඔහු මිස වෙනත් කිසිවෙකු නැත. ඔහු මත ම රැඳී සිටිමි. ඔහු ශුද්ධ වූ අති මහත් අර්ෂ් හෙවත් රාජධානියේ හිමිපාණන්ය.” යැයි පවසනු.

At-Tawba 9:129Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.