لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا۟ لِلَّهِ وَرَسُولِهِۦ ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍۢ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ
ඛෙලහීනයන්ද, රෝගීන්ද, (යුද්ධයට) වියදම් කිරීමට වස්තූන් නොලදවුන්ද, අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද මිශ්ර නොවූ (විශ්වාසවන්තයින්) වශයෙන් සිටියහොත් (ප්රමාණවත්ය. ඔවුන් යුද්ධයට නොගියා වුවද, ඒ ගැන ඔවුන් කෙරෙහි) කිසිම වැරැද්දක් නැත. මෙවැනි හොඳ අය කෙරෙහි (ෙදාස් නැගීමට) කිසිම මගක් නැත. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය.
කාන්තාවන්, දරුවන්, රෝගීන්, වයෝවෘධයින්, අන්ධයින්, වියදම් කිරීමට ධනය නොමැති දිළින්දන් යනාදී නිදහසට කරුණු ඇත්තන්හට යුද්ධය සඳහා සූදානම් වීමේ අවශ්යතාවක් නැත. ඒ සියලු දෙනාටම යුද්ධයට නොයා පසුබැසීමට සාධාරණ හේතුවක් ඇති බැවින් ඔවුනට පවක් අත් වන්නේ නැත. ඊට හේතුව ඔවුන් නිදහසට කරුණු ඇති උදවිය වීමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් අවංකව කටයුතු කොට, ඔහුගේ පිළිවෙත ක්රියාවට නැංවූ විට නිදහසට කරුණු ඇති එවන් ජනයා අතරින් දැහැමියන් හට දඬුවම අත්වීම සඳහා කිසිදු මාර්ගයක් නැත. දැහැමියන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.