Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 129

81

فَرِحَ ٱلْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَٰفَ رَسُولِ ٱللَّهِ وَكَرِهُوٓا۟ أَن يُجَٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ فِى سَبِيلِ ٱللَّهِ وَقَالُوا۟ لَا تَنفِرُوا۟ فِى ٱلْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّۭا ۚ لَّوْ كَانُوا۟ يَفْقَهُونَ

(යුද්ධයට නොගොස්) පසුබට වී නැවතී සිටියවුන් අල්ලාහ්ගේ දූතයාට (ඔහුගේ නියෝගයන්ට) වෙනස් ලෙස (තමන්ගේ නිවෙස්වල) තමන් නැවතී සිටීම ගැන සතුටට පත් වන්නාහ. තවද අල්ලාහ්ගේ මාර්ගයෙහි තමන්ගේ වස්තූන්ද, පණද පූජා කර, යුද්ධ කිරීම පිළිකුල් කර (අනිත් අයට) “මෙම උෂ්ණවත් (කාලයෙහි) ඔබ (යුද්ධයට) නොයනු” යයිද පවසන්නාහ. (එයට නබියේ! ඔවුන්ට) “නිරයෙහි ගින්න (මීටත් වඩා) ඉතාමත් උෂ්ණය” යයි ඔබ පවසනු මැනව! (මෙය) ඔවුන් දැන ගත යුතු නොවේද?.

තබූක් යුද්ධයට නොගොස් පසුගාමී වූවෝ අල්ලාහ්ගේ දූතයාණන්ට පිටුපාමින් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් වැදීමෙන් ඉවත් ව ඔවුන් රැඳී සිටීම ගැන සතුටු වූහ. දේව විශ්වාස කරන්නන් ජිහාද් කරන්නාක් මෙන් තම වස්තුව හා තම ප්රාණ පරදුවට තබා අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම ඔවුහු පිළිකුල් කළෝය. තම සහෝදර කුහකයන් හට, "නුඹලා මේ අව්රශ්නයේ ගමන් නොකරනු." යැයි පැවසූහ. තබූක් යුද්ධය අධික උෂ්ණ කාලයේ සිදුවිය. අහෝ දූතය! කුහකයින් සඳහා අපේක්ෂාවෙන් සිටින නිරා ගින්න ඔවුන් පළා යන මෙම උෂ්ණත්වයට වඩා දරුණුය. ඒ ගැන ඔවුන් දැන ගන්නේ නම් මැනවි.

82

فَلْيَضْحَكُوا۟ قَلِيلًۭا وَلْيَبْكُوا۟ كَثِيرًۭا جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ

(මෙලොවදී) ඔවුන් ඉතාමත් සුළු වශයෙන්ම සිනහසිය යුතුය. (මන්දයත්) ඔවුන් කරමින් සිටි (නපුරු) හානියට ඵලවිපාක වශයෙන් (පරලොවදී) අධික වශයෙන්ම හඞන්නට සිදු වනු ඇත!

ජිහාද් කිරීමට පසුගාමී වූ මෙම කුහකයෝ විනාශ වී යන ඔවුන්ගේ මෙලොව ජීවිතයේ ස්වල්පයක් ගැන සතුටු වෙත්වා! සදා පවතින ඔවුන්ගේ මතු ලොව ජීවිතයේ අධික ව හඬා වැළපෙත්වා! එය ඔවුන් මෙලොවෙහි ඉපැයූ පාපකම් අපරාධ හා දේව ප්රතික්ෂේපය හේතුවෙන් ලැබෙන ප්රතිවිපායන් වශයෙනි.

83

فَإِن رَّجَعَكَ ٱللَّهُ إِلَىٰ طَآئِفَةٍۢ مِّنْهُمْ فَٱسْتَـْٔذَنُوكَ لِلْخُرُوجِ فَقُل لَّن تَخْرُجُوا۟ مَعِىَ أَبَدًۭا وَلَن تُقَٰتِلُوا۟ مَعِىَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُم بِٱلْقُعُودِ أَوَّلَ مَرَّةٍۢ فَٱقْعُدُوا۟ مَعَ ٱلْخَٰلِفِينَ

(නබියේ!) ඔබ (යුද්ධයෙහි ජයග්‍රහණය අත් කර ගත් අය වශයෙන්) ඔවුන්ගෙන් එක් සමූහයක් වෙත ආපසු පැමිණෙන ලෙසට අල්ලාහ් සලස්වා, (ඔබගේ ජයග්‍රහණයද ඔබ ගෙන ආ වස්තූන්ද ඔවුන් දැක, ඔබ සමග තවත් යුද්ධයකට) පිටත්ව යාමට ඔබ වෙත අනුමැතිය ඉල්ලා සිටියහොත් (ඔවුන්ට) “ඔබ (යුද්ධයට) කිසි කලෙක මා සමග පිටත්ව නොඑනු. මා සමග එක්කාසු වී කිසිම සතුරෙකු සමග ඔබ යුද්ධ නොකළ යුතුය. මන්දයත් නියත වශයෙන්ම ඔබ පළමු වතාවේදී (නිවසෙහි) නැවතී සිටීමට කැමති වූවෙහුය. එබැවින් (මේ අවස්ථාවේදීද) ඔබ (නිවසෙහි) නැවතී සිටින්නන් සමග නැවතී සිටිනු” යයි ඔබ පවසනු.

අහෝ නබිවරය! කුහකත්වයේ රැඳී සිටින මෙම කුහකයින් වෙත නැවත වාරයක් අල්ලාහ් ඔබ එව්වේ නම් තවත් යුද්ධයක දී ඔබ සමග ජිහාද් සඳහා පිටත් වීමට ඔබෙන් අවසර පතති. "අහෝ කුහකයිනි! නුඹලාට දඬුවමක් වශයෙන් කිසිවිටෙක අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම සඳහා නුඹලා මා සමග පිටත් නොවිය යුතුය" යැයි ඔවුනට ඔබ පවසනු. එය මා සමග නුඹලා වීමෙන් පෙළගැසෙන කලහකාරීත්වයට අනතුරු ඇඟවීමක් වශයෙනි. තබූක් යුද්ධයේදී රැඳී සිටීම හා පසුබෑම නුඹලා පිළිගත්තෙහුය. එහෙයින් රෝගීන්, කාන්තාවන් හා කුඩා දරුවන් යන පසුගාමීන් සමගම නුඹලා ද වාඩි වී රැඳී සිටිනු.

84

وَلَا تُصَلِّ عَلَىٰٓ أَحَدٍۢ مِّنْهُم مَّاتَ أَبَدًۭا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِۦٓ ۖ إِنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ وَمَاتُوا۟ وَهُمْ فَٰسِقُونَ

තවද ඔවුන්ගෙන් කවුරුන් මරණයට පත් වුවද, ඔහු කෙරෙහි කිසි විටෙකත් (ජනාසා) සලාතයද සලාත් නොකරනු. මන්දයත් නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද, ප්‍රතික්ෂේප කර හැරිය අතර පාපතරයන් වශයෙන්ම මරණයට පත් වී ඇත්තාහ.

අහෝ දූතය! කුහකයින් අතරින් මිය ගිය කිසිවකු වෙනුවෙන් කිසිවිටෙක සලාතය මෙහෙය නොවනු. ඔහු වෙනුවෙන් පාප ක්ෂමාව අයැදීම සඳහා ඔහුගේ මිනී වළ අසල සිට නොගනු. එය ඔවුන් අල්ලාහ් ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් ව ප්රතික්ෂේප කළ බැවින් හා අල්ලාහ්ට අවනත වීමෙන් බැහැර වූ බැවිණි. කවරෙකු එසේ සිටින්නේ ද, ඔහු වෙනුවෙන් සලාතය මෙහෙයවනු නොලැබේ. එමෙන්ම ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කරනු ද නොලැබේ.

85

وَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَأَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ أَن يُعَذِّبَهُم بِهَا فِى ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ

ඔවුන්ගේ වස්තූන්ද, ඔවුන්ගේ පරම්පරාවේ දරුවන්ද (වැඩි වී තිබීම) ඔබව පුදුමයට පත් නොකෙතේවා! (මන්දයත්) ඒවා මගින් මෙලොවදීම ඔවුන්ව වේදනා ගෙන දීමද, ඔවුන් (ගර්විතව) ප්‍රතික්ෂේප කරමින්ම ඔවුන්ගේ පණ යාමද අල්ලාහ් කැමති වන්නේය.

අහෝ දූතය! මෙම කුහකයින්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් ගැන ඔබ පුදුමයට පත් නොවනු. අල්ලාහ් ඒවායින් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ ඒවා මගින් ඔවුට දඬුවම් කිරීමටය. එය ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා සහ ඔවුන් අත්විඳින අවාසනාවන් මගිනි. එමෙන්ම ඔවුන් ප්රතික්ෂේපය මත සිටිය දීම ඔවුන්ගේ ශරීර වලින් ඔවුන්ගේ ප්රාණය බැහැර කිරීමට ද ඔහු අපේක්ෂා කරයි.

86

وَإِذَآ أُنزِلَتْ سُورَةٌ أَنْ ءَامِنُوا۟ بِٱللَّهِ وَجَٰهِدُوا۟ مَعَ رَسُولِهِ ٱسْتَـْٔذَنَكَ أُو۟لُوا۟ ٱلطَّوْلِ مِنْهُمْ وَقَالُوا۟ ذَرْنَا نَكُن مَّعَ ٱلْقَٰعِدِينَ

අල්ලාහ්ව විශ්වාස කර ඔහුගේ දූතයා සමග එක්කාසු වී යුද්ධ කරන මෙන් යම්කිසි පරිච්ඡේදයක් පහළ කරනු ලැබූවහොත් ඔවුන්ගෙන් වූ ධනපතියන් (යුද්ධයට නොගොස් සිටීමට) ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා “අපව අත්හැර දමනු. (නිවසෙහි) නැවතී සිටින්නන් සමග අපිත් නැවතී සිටින්නෙමු” යයි පවසන්නාහ.

අල්ලාහ් තම නබිවරයාණන් වන මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්හට අල්ලාහ් කෙරෙහි විශ්වාස කරන මෙන් ද ඔහුගේ මාර්ගයේ ජිහාද් කරන මෙන් ද වූ නියෝගය ඇතුළත් පරිච්ඡේදයක් පහළ කළ විට ඔවුන් අතර සිටින පොහොසත් ජනයා රැඳී සිටින්නට ඔබෙන් අවසර පතති. ඔවුහු, "ඔබ අප අතහැර දමන්න. දුර්වලයින් හා වයෝවෘද්ධයින් මෙන් නිදහසට කරනු සහිත ජනයා සමග අපි ද පසුබසින්නෙමු." යැයි පැවසුවෝය.

87

رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ

(කුඩා දරුවන්, මහල්ලන්, ගැහැනුන් ආදී යුද්ධයට යාමට නොහැකිව නිවසෙහි) නැවතී සිටින්නන් සමග තමන්ද නැවතී සිටීමටම ඔවුන් කැමති වන්නාහ. ඔවුන්ගේ හෘදයන් මුද්‍රා කරනු ලැබීය. එබැවින් (මෙහි ඇති අවමානය) ඔවුන් වටහා ගන්නේ නැත.

මෙම කුහකයින් නිදහසට කරුණු දක්වන ජනයා සමගම තමන් ද ප්රමාද වීම ගැන තෘප්තියට පත් අවස්ථාවේ තමන්ට අත්වන අවමානය හා අපහාසය ද පිළිගත්තෝය. ඔවුන්ගේ ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔවුන්ගේ හදවත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. එබැවින් ඔවුනට එහි ඇති යහපත පිළිබඳ කිසිවක් ඔවුහු නොහඳුනති.

88

لَٰكِنِ ٱلرَّسُولُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَهُۥ جَٰهَدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۚ وَأُو۟لَٰٓئِكَ لَهُمُ ٱلْخَيْرَٰتُ ۖ وَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

එහෙත් (අල්ලාහ්ගේ) දූතයාද, ඔහු සමග සිටින විශ්වාසවන්තයින්ද, තමන්ගේ වස්තූන්ද, පණද පූජා කර යුද්ධ කරන්නාහ. (මෙලොව, පරලොව) පින් ඇති දෑ සියල්ල මොවුන්ටම අයත්ය. නියත වශයෙන්ම මොවුන්ම ජයග්‍රහණය කළ අයයි.

සැබැවින්ම දූතයාණන් හා එතුමාණන් සමග සිටි දෙවියන් විශ්වාස කරන්නන් වනාහි, ඔවුහු කුහකයින් මෙන් අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීමට පසුබට නොවූහ. ඔවුන් ජිහාද් කළේ ඔවුන්ගේ ධනය හා ප්රාණය පරදුවට තබමිනි. අල්ලාහ් අබියසින් ඔවුන්ගේ ප්රතිඵල වශයෙන් ජය හා යුද භාණ්ඩ මෙන් මෙලොව යහපත හිමි විය. මතුලොව යහපත ද හිමි වනු ඇත. ඒ අතරින් ස්වර්ගයට පිවිසීම ද ඉන් එකකි. එමෙන්ම අපේක්ෂා කළ ජය හා බියෙන් තොර ආරක්ෂාව ද හිමි වනු ඇත.

89

أَعَدَّ ٱللَّهُ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

අල්ලාහ් ඔවුන් වෙනුවෙන් ස්වර්ගයන් සැලසුම් කර ඇත්තේය. ඒවායෙහි ජල දහරා සදා ගලමින්ම ඇත්තේය. ඒවායෙහි ඔවුන් (සදහටම) රැඳී සිටිනු ඇත. මෙය නම්, ඉමහත්වූ භාග්‍යයකි.

ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා ස්වර්ග උයන් ඔවුන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇත්තේය. ඔවුහු එහි සදා වාසය කරති. ඔවුනට විනාශය අත් වන්නේ නැත. එම ප්රතිඵලය වනුයේ කිසිදු ජයග්රහණයකට ළඟා කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.

90

وَجَآءَ ٱلْمُعَذِّرُونَ مِنَ ٱلْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ ٱلَّذِينَ كَذَبُوا۟ ٱللَّهَ وَرَسُولَهُۥ ۚ سَيُصِيبُ ٱلَّذِينَ كَفَرُوا۟ مِنْهُمْ عَذَابٌ أَلِيمٌۭ

පිටිසර අරාබිවරුන්ගෙන් සමහරක් (යුද්ධයට නොගොස් සිටීමට) තමන් වෙනුවෙන් අනුමැතිය ඉල්ලන්නාහ. එහෙත් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද බොරු කළ අය නම්, (අනුමැතිය නොඉල්ලාම නිවසෙහි) වාඩි ගත්හ. එබැවින් මොවුන්ගෙන් වූ (මෙම) ප්‍රතික්ෂේප කරන්නන්ව ඉතාමත් ඉක්මනින් ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම විත් සේන්දු වනු ඇත.

මදීනා නගරවාසීන් හා ඒ අවට විසූ අරාබිවරුන් අතරින් පිරිසක් අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කිරීම සඳහා පිටත් නොවී පසුබසින්නට අවසර පතා නිදහසට කරුණු දක්වමින් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් වෙත පැමිණියෝය. පිටත් නොවීම සඳහා නිදහසට කිසිදු කරුණක් නොදැක්වූ තවත් පිරිසක් ද පසුබැස්සෝය. එය ඔවුන් නබිවරයාණන් ලෙස එතුමාව පිළිනොගැනීම හා අල්ලාහ්ගේ ප්රතිඥාව පිළිබඳ ඔවුන්ගේ විශ්වාසය නොමැති බැවිණි. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් වේදනා සහගත දඬුවමක් ඔවුන් අත් කර ගනු ඇත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.