Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 129

71

وَٱلْمُؤْمِنُونَ وَٱلْمُؤْمِنَٰتُ بَعْضُهُمْ أَوْلِيَآءُ بَعْضٍۢ ۚ يَأْمُرُونَ بِٱلْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ ٱلْمُنكَرِ وَيُقِيمُونَ ٱلصَّلَوٰةَ وَيُؤْتُونَ ٱلزَّكَوٰةَ وَيُطِيعُونَ ٱللَّهَ وَرَسُولَهُۥٓ ۚ أُو۟لَٰٓئِكَ سَيَرْحَمُهُمُ ٱللَّهُ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ حَكِيمٌۭ

විශ්වාසය තැබූ පිරිමින්ද, විශ්වාසය තැබූ ගැහැනුන්ද (තමන් තුළ) කෙනෙකුට කෙනෙකු සමීප සහායයන් වශයෙන් සිටින්නාහ. ඔවුන් (කෙනෙකු අනිත් කෙනාව) හොඳක් කරන මෙන් පොළඹවාද, පාපයන් නොකරන මෙන් වළක්වාද, සලාතය නොකඩවා ඉටු කරද, සකාත් ගෙවමින්ද සිටින්නාහ. අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද අවනත වී කටයුතු කරන්නාහ. මෙවැන්නන්ට ඉතාමත් ඉක්මනින් අල්ලාහ් දයාව පහළ කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් බලසම්පන්නයෙකු හා ඥානවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

දෙවියන් විශ්වාස කරන පිරිමින් හා දෙවියන් විශ්වාස කරන කාන්තාවන් අතරින් ඇතැමෙකු ඇතමෙකුට පිහිට වන්නෝ වෙති. ඔවුනට උපකාර කරන්නෝ වෙති. එය ඔවුන් අතර දේව විශ්වාසය බැඳී ඇති නිසාවෙනි. ඔවුහු යහපත විධානය කරති. එනම් අල්ලාහ්ට අවනත වන පරිදි ඒකදේවත්වය, සලාතය වැනි සියලු ආකාරයේ ඔහුට ප්රියමනාප දෑ ය. එමෙන්ම පිළිකුල් සහගත දැයින් වළක්වති. එනම් දේව ප්රතික්ෂේපය, පොලිය වැනි පාපකම් හේතුවෙන් අල්ලාහ් ඒ ගැන කෝපයට පත් වන සියලු දෑ ය. එමෙන්ම පූර්ණ ස්වරූපයෙන් සලාතය පූර්ණව ඉටු කරති. අල්ලාහ්ට අවනත වෙති. ඔහුගේ දූතයාණන්ටත් අවනත වෙති. මෙම ප්රශංසනීය ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබූවන් අල්ලාහ් තම කරුණාව තුළට ඇතුළත් කරති. සැබැවින්ම අල්ලාහ් සර්ව බලධාරීය. ඔහුගේ මැවීම ඔහුගේ සැලසුම හා ඔහුගේ ආගමානුගත කිරීම යනාදියෙහි ඔහු මහා ප්රඥාවන්තය.

72

وَعَدَ ٱللَّهُ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَٰتِ جَنَّٰتٍۢ تَجْرِى مِن تَحْتِهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَا وَمَسَٰكِنَ طَيِّبَةًۭ فِى جَنَّٰتِ عَدْنٍۢ ۚ وَرِضْوَٰنٌۭ مِّنَ ٱللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

විශ්වාසය තැබූ පිරිමින්ට හා ගැහැනුන්ට අල්ලාහ් ස්වර්ගයන් පොරොන්දු වී ඇත්තේය. ඒවායෙන් ජල දහරා සදා ගලමින්ම ඇත. ඔවුන් ඒවායෙහිම (සදාකල්) රැඳී සිටිනු ඇත. (එම) සදාකල් නිත්‍ය ස්වර්ගයන්හි පරිශුද්ධ වූ (අලංකාරවත් උසස්) මාලිගාවන්ද (පොරොන්දු වී ඇත්තේය. ඒවා එහි ඔවුන්ට ලැඛෙණු ඇත). නමුත් (මෙවා සියල්ලට වඩා) අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස ඉතාමත් විශාලය. (එයද එහි ඔවුන්ට ලැඛෙණු ඇත. සියල්ලට වඩා) මෙය ඉමහත් වූ භාග්‍යයක් වන්නේය.

අල්ලාහ් ව විශ්වාස කළ දේව විශ්වාසී පිරිමින් හා කාන්තාවන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් වලට ඇතුළත් කරන බවත් ඔවුන් එහි සදා වෙසෙන බවත් ඔවුන් එහි අමරණීය බවත් එහි ඇති ඔවුන් සතු පහසුකම් කිසි විටෙක විසන්ධි නොවන බවත් අල්ලාහ් ඔවුනට ප්රතිඥා දුන්නේය. එමෙන්ම තමන් කැමති සදා ස්ථාපිත උයන්හි අලංකාර නිවහන් වලට ඇතුළත් කරන බවත් ප්රතිඥා දුන්නේය. මේ සියල්ලට වඩා ඉමහත් ලෙස අල්ලාහ් ඔවුනට එය අනුමත කර ඇත. මෙනෙහි කරනු ලැබූ එම ප්රතිඵල කිසිදු ජයග්රහණයට කිට්ටු කළ නොහැකි අතිමහත් ජයග්රහණයකි.

73

يَٰٓأَيُّهَا ٱلنَّبِىُّ جَٰهِدِ ٱلْكُفَّارَ وَٱلْمُنَٰفِقِينَ وَٱغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ ٱلْمَصِيرُ

නබියේ! ප්‍රතික්ෂේප කරන්නන් සමගද, වංචනිකයින් සමගද ඔබ යුද්ධ කරනු මැනව! ඔවුන්ව (කිසි සැලකිල්ලක් නොදක්වා) දැඩි ලෙස හසුරවනු. ඔවුන් රැෙඳන ස්ථානය නිරයයි. (එය) ඉතාමත් නපුරු වාසස්ථානයකි.

අහෝ දූතය! දෙවියන් ප්රතික්ෂේප කරන දැඩි මතධාරීන් සමග අසිපතින් සටන් කරනු. කුහකයින් සමග වචනයෙන් හා පැහැදිලි සාධක තුළින් සටන් කරනු. එම කණ්ඩායම් දෙක මත දැඩි ව සිටිනු. ඔවුන් එයට අදාළ පුද්ගලයෝ වෙති. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගේ ස්ථානය නිරයයි. ඔවුන් නවාතැන් ගන්නා නවාතැන ඉතා නපුරුය.

74

يَحْلِفُونَ بِٱللَّهِ مَا قَالُوا۟ وَلَقَدْ قَالُوا۟ كَلِمَةَ ٱلْكُفْرِ وَكَفَرُوا۟ بَعْدَ إِسْلَٰمِهِمْ وَهَمُّوا۟ بِمَا لَمْ يَنَالُوا۟ ۚ وَمَا نَقَمُوٓا۟ إِلَّآ أَنْ أَغْنَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ مِن فَضْلِهِۦ ۚ فَإِن يَتُوبُوا۟ يَكُ خَيْرًۭا لَّهُمْ ۖ وَإِن يَتَوَلَّوْا۟ يُعَذِّبْهُمُ ٱللَّهُ عَذَابًا أَلِيمًۭا فِى ٱلدُّنْيَا وَٱلْءَاخِرَةِ ۚ وَمَا لَهُمْ فِى ٱلْأَرْضِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ

(විශ්වාසවන්තයිනි! වංචනිකයින් වන) මොවුන් ප්‍රතික්ෂේප වදන් ඇත්තෙන්ම පවසා තිබියදී (එය) අපි පැවසුවේම නැතැයි අල්ලාහ් මත දිව්රන්නාහ. තවද මොවුන් ඉස්ලාමයෙහි එක්කාසු වීමෙන් පසු (එය) ප්‍රතික්ෂේප කරද ඇත්තාහ. (ඔවුන් ඔබට හානියක් කිරීමට අදහස් කර) තමන් විසින් කර ගත නොහැකි වූ කාරණාවක් කිරීමටද උත්සාහ කරන්නාහ. අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔහුගේ දයාව මගින් මොවුන්ව ධනපතියන් බවට පත් කිරීම නිසාද (මුස්ලීම්වරුන් වන ඔබව) ඔවුන් පිළිකුල් කරන්නේ? මින් පසුව හෝ ඔවුන් පසුතැවිලි වී (ඈත් වුවහොත් එය) ඔවුන්ට හොඳක් වනු ඇත. තවද ඔවුන් ප්‍රතික්ෂේප කළහොත් නම්, මෙලොව හා පරලොවද අල්ලාහ් ඔවුන්ව ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවමින් වේදනා කරනු ඇත. ඔවුන්ව ආරක්ෂා කරන්නන් හෝ උදව් කරන්නන් හෝ මෙලොවදී (කිසිවෙකුත්) නැත.

ඔවුන් නුඹට දොස් නැගීම හා නුඹේ දහමට අඩුපාඩු කීම පිළිබඳ ඔවුන් ගැන නුඹට දැනගන්නට ලැබූ දෑ ඔවුන් නොපැවසූ බවට කුහකයෝ අල්ලාහ් මත දිවුරා බොරු පවසති. එසේ ඔවුන් ප්රතික්ෂේප කරන දෑ සම්බන්ධයෙන් ඔවුන් ගැන නුඹට දැන ගන්නට ලැබූ දෑ, සැබැවින්ම ඔවුහු පවසා ඇත්තාහ. දේව විශ්වාසය ඔවුන් හෙළි කළ පසු ව දේව ප්රතික්ෂේපය හෙළි කළෝය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් ගැන පැවසීමෙන් තමන්ට එමගින් සෙතක් නොවන මාරාන්තික කරුණු පවසන්නට ඔවුහු තැත් කළෝය. පිළිකුල් නොකළ යුතු කරුණක් මිස ඔවුන් පිළිකුල් කළේ නැත. ඔහුගේ නබිවරයාට පිරිනැමූ යුද වස්තුවෙන් ඔවුනට ද පිරිනමා තිබීම සැබැවින්ම අල්ලාහ්ගෙන් වූ භාග්යයක් විය. ඔවුන්ගේ කුහකත්වයෙන් මිදී පාප සමාව අයැද අල්ලාහ් වෙත යොමු වූයේ නම් එම වරද මත රැඳී සිටීමට වඩා ඔවුන්ගේ එම පාප ක්ෂමාව උතුම් වන්නේය. ඔවුන් අල්ලාහ්ගෙන් පාපක්මාව අයැද නොසිටියේ නම්, මෙලොව ඝාතනයට ලක් කිරීමෙන් හා සිරගත කිරීමෙන් මෙලොවෙහි ඔහු ඔවුන් දඬුවම් කරනු ඇත. මතු ලොවෙහි ද නිරයේ වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. එවිට ඔවුන්ව භාර ගෙන එම දඬුවමින් මුදවා ගන්නට කිසිදු භාරකරුවකු නැත. එමෙන්ම එම දඬුවමින් වළක්වන කිසිදු උදව්කරුවකු ද ඔවුනට නැත.

75

۞ وَمِنْهُم مَّنْ عَٰهَدَ ٱللَّهَ لَئِنْ ءَاتَىٰنَا مِن فَضْلِهِۦ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ ٱلصَّٰلِحِينَ

ඔවුන්ගෙන් සමහරෙක් සිටින්නාහ; ඔවුන් “අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් අපට යම් කිසිවක් දුන්නහොත් නියත වශයෙන්ම අපි (එය දැහැමි මාර්ගයෙහි ඕනෑතරම්) දානමාන කර, නියත වශයෙන්ම අපි දැහැමි වහලූන් වශයෙන්ද පත් වන්නෙමු” යයි අල්ලාහ් වෙත පොරොන්දු දුන්හ.

අල්ලාහ් අපට තම භාග්යය පිරිමන්නේ නම් අවශ්යතා ඇත්තන්හට අපි ද දන් දෙන්නෙමු. තම ක්රියාවන් දැහැමිභාවයට පත් කර ගත් දැහැමියන් අතරට අපි ද පත් වන්නෙමු' යැයි පවසා අල්ලාහ්ට ප්රතිඥා දුන් අය ද එම කුහකයින් අතර සිටිති.

76

فَلَمَّآ ءَاتَىٰهُم مِّن فَضْلِهِۦ بَخِلُوا۟ بِهِۦ وَتَوَلَّوا۟ وَّهُم مُّعْرِضُونَ

ඔහු (එසේ) ඔවුන්ට තම සැප සම්පත් ලබා දුන් විට, ඔවුන් මසුරුකම් කර, (තමන්ගේ පොරොන්දුවෙන්) වෙනස් වී හැරී ගියහ.

ශුද්ධ වූ අල්ලහ් ඔවුනට ඔහුගේ භාග්යයෙන් යමක් පිරිනැමූ කල්හි ඔවුන් කවර දෙයක් සම්බන්ධයෙන් අල්ලාහ්ට ප්රතිඥා දුන්නේ ද එය ඔවුහු ඉටු නොකළෝය. ඔවුන්ගේ ධනය ඔවුහු වළක්වා ගත්තෝය. කිසිවක් පරිත්යාග කළේ නැත. දේව විශ්වාසය පිටුදකිමින් ඔවුහු හැරී ගියෝය.

77

فَأَعْقَبَهُمْ نِفَاقًۭا فِى قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُۥ بِمَآ أَخْلَفُوا۟ ٱللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا۟ يَكْذِبُونَ

එබැවින් ඔහුව මුණ ගැසෙන (අවසාන) දින දක්වා ඔවුන්ගේ හෘදයන්හි වංචනිකභාවය ඇතුළු කර හැරියේය. මෙහි හේතුව ඔවුන් අල්ලාහ්ට ලබා දුන් පොරොන්දු වලට වෙනස්කම් කිරීමෙන්ද, බොරු කරමින්ද සිටීම වන්නේය.

ඔවුනට හිමි දඬුවම වශයෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය දක්වා ඔවුන්ගේ හදවත් තුළ කුහකත්වය තැන්පත් කරන ලදී. එය අල්ලාහ්ගේ ප්රතිඥාවට ඔවුන් විරුද්ධවීම හා ඔවුන්ගේ බොරු ප්රකාශය නිසාවෙන් ඔවුනට හිමි ප්රතිවිපාකයක් වශයෙනි.

78

أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَىٰهُمْ وَأَنَّ ٱللَّهَ عَلَّٰمُ ٱلْغُيُوبِ

ඔවුන් (තමන්ගේ සිත්හි) සඟවා තබා ඇති දැයද, (තමන් තුළ) ඔවුන් රහසිගතව කතා කර ගත් දැයද නියත වශයෙන්ම අල්ලාහ් හොඳින් දන්නේය යන්න සමග නියත වශයෙන්ම අල්ලාහ් (ඔවුන්ගේ අනිත්) රහස් සියල්ලද හොඳින් දන්නේය යන්නද, ඔවුන් දැන ගත යුතු නොවේද?

තම රැස්වීම්හි සඟවමින්, රහසිගත ව මෙහෙයවන කුමන්ත්රණ හා කූටකම් අල්ලාහ් දන්නා බවත්, සැබැවින්ම සියලු මහිමය හිමි අල්ලාහ්, ගුප්ත දෑ සියල්ල පිළිබඳ මැනවින් දන්නා බවත් කුහකයෝ නොදන්නෝද? ඔවුන්ගේ කිසිදු ක්රියාවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඒ සඳහා ඔහු ඔවුනට ප්රතිවිපාක පිරිනමනු ඇත.

79

ٱلَّذِينَ يَلْمِزُونَ ٱلْمُطَّوِّعِينَ مِنَ ٱلْمُؤْمِنِينَ فِى ٱلصَّدَقَٰتِ وَٱلَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ ٱللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

මොවුන් කෙබන්ඳන්දයත්, විශ්වාසවන්තයින්ගෙන් වූ ධනපතියන් (තමන්ගේ වස්තූන් දැහැමි මාර්ගයෙහි ඕනෑතරම්) දානමාන කිරීම ගැන ෙදාස් නගන්නාහ. (එහිද විශේෂයෙන්) කුලී වැඩ කර, හරි හම්බ කරන්නන් (තමන්ගේ වස්තූන් මෙසේ දානමාන කිරීම) ගැනද ඔවුන් සමච්චල් කරන්නාහ. අල්ලාහ් (විශ්වාසවන්තයින්ව සමච්චල් කරන) ඔවුන්ව සමච්චල් කරන්නේය. තවද (පරලොවදී) වේදනා ගෙන දෙන දඬුවම්ද ඔවුන්ට ඇත.

තම කැමැත්තෙන් සුළු වශයෙන් දානමාන සඳහා වියදම් කරන, තමන්ට ප්රමාණවත් ස්වල්ප යමක් මිස වෙනත් කිසිවක් නොලබන දේව විශ්වාසීන්හට දොස් නගන්නන් වනාහි, ඔවුහු ඔවුනට සරදම් කරමින්, ‘ඔවුන්ගේ දානයෙන් කුමක් ලැබුවේදැ?’යි විමසති. ඔවුන් දේව විශ්වාසීන්හට සරදම් කිරීමේ ප්රතිවිපාක වශයෙන් අල්ලාහ් ඔවුන් අපහාසයට ලක් කළේය. ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

80

ٱسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِن تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةًۭ فَلَن يَغْفِرَ ٱللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَرَسُولِهِۦ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْفَٰسِقِينَ

(නබියේ!) ඔවුන්ට පව් ක්ෂමාව ඉල්ලා සිටියද, නැතහොත් ඔබ ඔවුන්ට පව් ක්ෂමාව නොඉල්ලා සිටියද, (දෙකම එක සමානය. මන්දයත්) ඔවුන්ට සමාව දෙන මෙන් ඔබ හැත්තෑ වාරයක් ඉල්ලා සිටියද, නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ට සමාව දෙන්නේම නැත. නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්වද, ඔහුගේ දූතයාවද (සිතට නොඑකඟව) ප්‍රතික්ෂේප කිරීමම මෙයට හේතුව වේ. අල්ලාහ් පාපයන් කරන (මෙවැනි) ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

අහෝ දූතය! ඔබ ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටින්න, එසේ නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටින්න. ඔබ හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද, සැබැවින්ම එය ඊටත් වඩා වැඩි වුවද, එය ඔවුන් සඳහා අල්ලාහ්ගේ සමාවට සේන්දු වන්නේ නැත. ඊට හේතුව ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කළවුන් වන බැවිණි. උවමනාවෙන් හා හිතාමතාම තම පිළිවෙතින් බැහැරවන්නන්හට සත්යය සඳහා අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.