وَمِنْهُمُ ٱلَّذِينَ يُؤْذُونَ ٱلنَّبِىَّ وَيَقُولُونَ هُوَ أُذُنٌۭ ۚ قُلْ أُذُنُ خَيْرٍۢ لَّكُمْ يُؤْمِنُ بِٱللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌۭ لِّلَّذِينَ ءَامَنُوا۟ مِنكُمْ ۚ وَٱلَّذِينَ يُؤْذُونَ رَسُولَ ٱللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌۭ
“(මෙම නබිවරයා වෙත කවුරුන් කුමක් පැවසුවද, එයට) සවන් දෙන්නෙකු වශයෙන් ඔහු සිටින්නේය” යි පවසා, (අපගේ) නබිවරයාව වේදනා ගෙන දෙන්නන්ද ඔවුන්ගෙන් බොහොමදෙනෙකු සිටින්නාහ. (එයට නබියේ!) ඔබ මෙසේ කියනු: “(එසේ ඔහු) සවන් දීම ඔබටම හොඳය. ඔහු අල්ලාහ්වද, විශ්වාස කරන්නේය. විශ්වාසවන්තයින්වද විශ්වාස කරන්නේය. තවද ඔබගෙන් විශ්වාසය තැබූවන් කෙරෙහි ඉතාමත් දයාබරවද සිටින්නේය”. එබැවින් (ඔබගෙන්) කවුරුන් (මෙසේ පවසා) අල්ලාහ්ගේ දූතයාව වේදනා ගෙන දෙන්නේද, ඔවුන්ට ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම් ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්)හට වචනයෙන් හිංසා කරන්නන්ද කුහකයින් අතර වෙති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ඉවසීම ඔවුන් දුටු කල්හි, සැබැවින්ම ඔහු සෑම කෙනෙකුගෙන්ම අසා දැන ගෙන එය ඔහු තහවුරු කරයි. සත්ය හා අසත්ය අතර වෙන් කර හඳුනා නොගනියි යැයි පවසති. "අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. සැබැවින්ම දූතයා යහපත මිස වෙනත් කිසිවකට සවන් දෙන්නේ නැත. අල්ලාහ් සත්ය බව තහවුරු කරයි. එමෙන්ම දෙවියන් විශ්වාස කරන්නන් විසින් කවර තොරතුරක් ගෙන එන්නේ ද එය ද සත්ය බව තහවුරු කරයි. අල්ලාහ් ඔවුනට කරුණා කරත්වා! සැබැවින්ම එතුමාණන් ව එවා ඇත්තේ එතුමාණන් විශ්වාස කළ අයට ආශිර්වාදයක් වශයෙනි. කවර වර්ගයක වේදනාවක් කවරෙකු එතුමාණන්ට ගෙන දෙන්නේ ද ඔවුනට වේදනා සහගත දඬුවමක් ඇත." යැයි ඔවුනට පවසනු.