Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 129

51

قُل لَّن يُصِيبَنَآ إِلَّا مَا كَتَبَ ٱللَّهُ لَنَا هُوَ مَوْلَىٰنَا ۚ وَعَلَى ٱللَّهِ فَلْيَتَوَكَّلِ ٱلْمُؤْمِنُونَ

(එබැවින් නබියේ! ඔවුන්ට) “අල්ලාහ් අපට නියම කළ දැය මිස, වෙන කිසිවක් නියත වශයෙන්ම අපට ළඟා වන්නේ නැත. ඔහුම අපගේ ආරක්ෂකයාය” යයි ඔබ පවසනු මැනව! විශ්වාසවන්තයින් සියල්ල අල්ලාහ් මතම විශ්වාසය තබා සිටිය යුතුය.

අහෝ දූතය! එම කුහකයින්ට ඔබ මෙසේ පවසනු. "අල්ලාහ් අපට නියම කළ දෑ මිස වෙන කිසිවක් අප ලබා ගන්නේ නැත. ඔහු අති පිවිතුරුය. අපගේ හිමිකරුය. අප යොමු වන ස්ථානයේ ස්ථානාධිපතිය. අපගේ කටයුතුවලදී ඔහු මත පමණක් සියල්ල භාර කරන්නෙමු. දෙවියන් විශ්වාස කරන්නන් ඔවුන්ගේ සියලු කටයුතු පවරනුයේ ඔහු වෙත පමණය. ඔහු ඔවුනට ප්රමාණවත්ය. එම භාරකරු ඉතා යහපත්ය."

52

قُلْ هَلْ تَرَبَّصُونَ بِنَآ إِلَّآ إِحْدَى ٱلْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَن يُصِيبَكُمُ ٱللَّهُ بِعَذَابٍۢ مِّنْ عِندِهِۦٓ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوٓا۟ إِنَّا مَعَكُم مُّتَرَبِّصُونَ

(තවද නබියේ!) ඔබ මෙසේ පවසනු: (ජයග්‍රහණය නැතහොත් වීර ස්වර්ගය ආදී) ඉතාමත් ශ්‍රේෂ්ඨ මෙම හොඳ දැයෙන් එකක් මිස, (වෙන කිසිම නපුරක්) ඔබ අප වෙනුවෙන් බලාපොරොත්තු විය හැකිද? (එබැවින් මේ දෙකෙන් කුමක් ලැබුණද, අපට හොඳය). එහෙත් ඔබට නම්, අල්ලාහ් තම දඬුවම මගින් හෝ නැතහොත් ඔබගේ දෑත් මගින් හෝ ඔබට අමාරුකමක් ඇති කිරීමම අපි බලාපොරොත්තු වන්නෙමු. එබැවින් ඔබ (අපට පැමිණිය යුතු දැය) බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම අපිද (ඔබට පැමිණිය යුතු දැය) ඔබ සමග බලාපොරොත්තු වන්නෙමු.

"අහෝ දූතය! අපට උපකාරයක් හෝ සාධකයක් හෝ ලැබීම මිස වෙනත් කිසිවක් නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? අප බලාපොරොත්තු වනුයේ නුඹලා සමග සටන් කිරීමට අල්ලාහ් අපට අවසරය දුන් විට ඔහු වෙතින් නුඹලාට දඬුවමක් පහළ වී නුඹලා විනාශ කර දමා අපගේ අතින්ම නුඹලා ඝාතනයට ලක් වීමෙන් හෝ සිරගත වීමෙන් නුඹලා දඬුවමට ලක්වීමය. එහෙයින් අපගේ දඬුවම නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. සැබැවින්ම නුඹලාට අත්වන දඬුවම ගැන අපි අපේක්ෂාවෙන් සිටින්නෙමු." යැයි පවසනු.

53

قُلْ أَنفِقُوا۟ طَوْعًا أَوْ كَرْهًۭا لَّن يُتَقَبَّلَ مِنكُمْ ۖ إِنَّكُمْ كُنتُمْ قَوْمًۭا فَٰسِقِينَ

(තවද) “ඔබ කැමැත්තෙන්ම හෝ නැතහොත් පිළිකුලෙන් හෝ (කුමක්) දානමාන වශයෙන් දුන්නද, (එය) ඔබ වෙතින් බාර ගනු ලබන්නේම නැත. මන්දයත් නියත වශයෙන්ම ඔබ පාපතරයන් වශයෙන්ම සිටින්නෙහුය” යයිද (නබියේ! ඔබ) කියා හරිනු.

අහෝ දූතය! නුඹ ඔවුනට මෙසේ පවසනු. ‘කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරන වස්තුව නුඹලා වියදම් කරනු. නුඹලාගේ ප්රතික්ෂේපය හා අල්ලාහ්ට අවනත වීමෙන් නුඹලා බැහැර වූ හේතුවෙන් නුඹලා වියදම් කරන දෑ නුඹලාගෙන් කිසිවිටෙක පිළිගන්නේ නැත.’

54

وَمَا مَنَعَهُمْ أَن تُقْبَلَ مِنْهُمْ نَفَقَٰتُهُمْ إِلَّآ أَنَّهُمْ كَفَرُوا۟ بِٱللَّهِ وَبِرَسُولِهِۦ وَلَا يَأْتُونَ ٱلصَّلَوٰةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنفِقُونَ إِلَّا وَهُمْ كَٰرِهُونَ

ඔවුන් කරන දානමානය ඔවුන්ගෙන් බාර ගනු ලබන්නේ නැත යයි (දෙවියන්) ඔවුන්ට වළක්වා දමා තිබීමට හේතුව, නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ටද, ඔහුගේ රසූල්වරයාටද වෙනස්කම් කිරීමය. තවද ඔවුන් ඉතාමත් අළසකමින් මිස, සලාත් කරන්නේ නැත. පිළිකුලෙන්ම මිස, ඔවුන් දානමාන කරන්නේද නැත.

ඔවුන් කරන වියදම් පිළිගනු ලැබීමෙන් ඔවුන් වළක්වාලනුයේ කරුණු තුනකි. එනම් ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ප්රතික්ෂේප කිරීම, ඔවුන් සලාත් ඉටු කරන විට ඔවුනට එය බරක් වීම හා ඔවුන් මැළිකම් දැක්වීම, තම වස්තුව කැමැත්තෙන් වියදම් නොකිරීම යනාදියයි. ඔවුන් ඒවා වියදම් කරනුයේ අකමැත්තෙනි. ඊට හේතුව ඔවුන්ගේ සලාතයේ හෝ ඔවුන් කරන වියදමෙහි ඔවුන් කුසල් අපේක්ෂා නොකරන බැවිණි.

55

فَلَا تُعْجِبْكَ أَمْوَٰلُهُمْ وَلَآ أَوْلَٰدُهُمْ ۚ إِنَّمَا يُرِيدُ ٱللَّهُ لِيُعَذِّبَهُم بِهَا فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا وَتَزْهَقَ أَنفُسُهُمْ وَهُمْ كَٰفِرُونَ

(නබියේ!) ඔවුන්ගේ වස්තූන්ද ඔවුන්ගේ ජනතාවද, (වැඩි වී තිබීම) ඔබව මවිතයට පත් නොකෙරෙත්වා! අල්ලාහ් (ඒවා ඔවුන්ට ලබා දී) ඒවා මගින් ඔවුන්ව මෙලොව ජීවිතයේම දඬුවම් කිරීමට නියත වශයෙන්ම අදහස් කරන්නේය. තවද ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටියදී ඔවුන්ගේ පණ යාමද (අදහස් කරන්නේය).

අහෝ දූතය! කුහකයින් සතු වස්තුව, ඔවුන්ගේ දරුවන් පිළිබඳව විමතියට පත් නොවනු. ඒවා ආකර්ෂණීය ලෙස නොගනු. ඔවුන්ගේ වස්තුවේ හා දරුවන්ගේ අවසානය නපුරකි. ඒවා ලබා ගැනීම සඳහා ගන්නා වෙහෙස හා උත්සාහය ඔවුනට වේදනාවක් බවට අල්ලාහ් පත් කරනු ඇත. එමෙන්ම ඔවුන් සත්යය ප්රතික්ෂේප කරමින් සිටියදීම ඔවුන්ගේ ප්රාණය අල්ලාහ් බැහැර කරන තෙක් ඒවායෙහි අර්බුද පහළ කිරීමෙන් ද ඔවුන් දඬුවමට ලක් කරනු ඇත. ඔහු නිරා ගින්නෙහි පහළම තලයේ තනි ව දඬුවම් කරනු ලබනු ඇත.

56

وَيَحْلِفُونَ بِٱللَّهِ إِنَّهُمْ لَمِنكُمْ وَمَا هُم مِّنكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌۭ يَفْرَقُونَ

නියත වශයෙන්ම තමන්ද ඔබට අයත් අය යයි ඔවුන් අල්ලාහ් මත දිව්රන්නාහ. එහෙත් ඔවුන් ඔබට අයත් අය නොව. ඔවුන් (තමන්ගේ නියම ස්වරූපය එළිදරව් කිරීමට බිය වන) බියගුල්ලන්ය.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! බොරුකාර කුහකයෝ සැබැවින්ම ඔවුන් ද නුඹලාගේ කණ්ඩායමේ පිරිසක් වෙතැයි සහතික කොට පවසති. ඔවුන් නුඹලා අතරින් යැයි පෙන්නුම් කළ ද ඔවුන් ඇතුළාන්තයේ නුඹලා අතරින් නොවෙති. ඔවුන්, දෙවියන්ට ආදේශ තැබූවන් අත් වූ මරණය හා සිරගත වීම් වැනි දෑ තමන්ට ද අත්වනු ඇතැයි බිය වූ පිරිසකි. එහෙයින් ආරක්ෂාව පිණිස ඔවුහු තම ඉස්ලාමය පෙන්නුම් කරති.

57

لَوْ يَجِدُونَ مَلْجَـًٔا أَوْ مَغَٰرَٰتٍ أَوْ مُدَّخَلًۭا لَّوَلَّوْا۟ إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ

බේරී සිටිය හැකි යම්කිසි ස්ථානයක් නැතහොත් (කඳු) ගුහාවන්, නැතහොත් එක් බිං ගෙයක් ඔවුන් දුටුවහොත් නම්, (ඔබගෙන් ඈත් වී) ඒවා දෙසට වේගයෙන් පලා යන්නාහ.

මෙම කුහකයෝ තමන් ආරක්ෂා කර ගත හැකි ආරක්ෂිත ස්ථානයක් දුටුවේ නම් හෝ කඳු වල සැඟවිය හැකි ගුහාවන් දුටුවේ නම් හෝ රිංගිය හැකි උමගක් දුටුවේ නම් හෝ ඔවුන් ඒ වෙත පිවිස රැකවරණය ලබන්නට බලති. ඒ වෙත වේගයෙන් පිවිසෙති.

58

وَمِنْهُم مَّن يَلْمِزُكَ فِى ٱلصَّدَقَٰتِ فَإِنْ أُعْطُوا۟ مِنْهَا رَضُوا۟ وَإِن لَّمْ يُعْطَوْا۟ مِنْهَآ إِذَا هُمْ يَسْخَطُونَ

(නබියේ!) ඔබ දානමානයන් ඛෙදා දීමෙහි පක්ෂපාතී යයි ඔබට ෙදාස් නගන්නන්ද ඔවුන්ගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. (ඔවුන්ගේ කැමැත්තට අනුව) එයින් ඔවුන්ට දෙනු ලැබුවහොත් ඔවුන් සෑහීමට පත් වන්නාහ. එයින් (ඔවුන්ගේ කැමැත්තට අනුව) ඔවුන්ට දෙනු නොලැබුවහොත් නම්, කෝපයට පත් වන්නාහ.

අහෝ දූතය! දානයක් බෙදා දිමේදී තමන් ප්රිය කරන දෑ තමන්ට නොලැබුනු අවස්ථා වලදී ඔබට දොස් පවරන්නන් ද කුහකයින් අතර වෙති. එහෙයින් ඔබ ඒවායින් ඔවුන් පතන දෑ පිරිනැමුවෙහි නම් ඔබෙන් එය පිළිගන්නා අතර ඒවායින් ඔවුන් නොපතන දෑ ඔබ ඔවුනට පිරිනැමුවෙහි නම් ඔවුන් මැසිවිලි නගති.

59

وَلَوْ أَنَّهُمْ رَضُوا۟ مَآ ءَاتَىٰهُمُ ٱللَّهُ وَرَسُولُهُۥ وَقَالُوا۟ حَسْبُنَا ٱللَّهُ سَيُؤْتِينَا ٱللَّهُ مِن فَضْلِهِۦ وَرَسُولُهُۥٓ إِنَّآ إِلَى ٱللَّهِ رَٰغِبُونَ

අල්ලාහ්ද ඔහුගේ දූතයාද ඔවුන්ට දීම ගැන සෑහීමට පත් වී “අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් තම වරප්‍රසාදයන් මගින් නැවතත් දයාව පහළ කරනු ඇත. ඔහුගේ දූතයාද (තවත් දයාව පහළ කළ හැකිය). නියත වශයෙන්ම අපි අල්ලාහ්වම විශ්වාස කර ඇත්තෙමු” යයි ඔවුන් පැවසිය යුතු නොවේද?.

දානයන් බෙදා දීමේදී ඔබට දොස් නගන මෙම කුහකයින් ඔවුනට අල්ලාහ් නියම කළ දෑ ද ඒවායින් ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ද පිළිගෙන "අපට අල්ලාහ් ප්රමාණවත්ය. ඔහුගේ භාග්යයෙන් ඔහු අභිමත කරන දෑ ඔහු අපට පිරිනමනු ඇත. අල්ලාහ් පිරිනැමූ දැයින් ඔහුගේ දූතයාණන්ද අපට පිරිනමනු ඇත. ඔහුගේ භාග්යයෙන් අප වෙත පිරීනැමූ දෑ ප්රිය කරන්නන් ලෙසින් ඔහු වෙත පමණක් අප යොමු වන්නෙමු" යැයි පවසා සිටියේ නම් එසේ සිදු කළේ නම් ඔවුන් ඔබට දොස් නැගීමට වඩා එය ඔවුනට යහපත් වනු ඇත.

60

۞ إِنَّمَا ٱلصَّدَقَٰتُ لِلْفُقَرَآءِ وَٱلْمَسَٰكِينِ وَٱلْعَٰمِلِينَ عَلَيْهَا وَٱلْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِى ٱلرِّقَابِ وَٱلْغَٰرِمِينَ وَفِى سَبِيلِ ٱللَّهِ وَٱبْنِ ٱلسَّبِيلِ ۖ فَرِيضَةًۭ مِّنَ ٱللَّهِ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

(සකාත් නමැති) දානමානය නම්, දිළින්දන්ටද, දුප්පතුන්ටද, සකාත් එක්කාසු කරන්නන්ටද, අළුතින් ඉස්ලාමය වැළඳ ගත් අයටද, වහලූන්ව නිදහස් කිරීමටද, ණය බරෙන් මිරිකී සිටින අයටද, අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කළ අයටද, මැගියන්ටද, (අයිති දැය වශයෙන්) අල්ලාහ් නියම කර ඇති අනිවායදැය යුතුකමකි. අල්ලාහ් (සියල්ල) ඉතාමත් දැනුවත්ව හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අනිවාර්යයෙන් ලබා දිය යුතු සකාත් වනාහි, එය පිරිනමනු ලැබිය යුත්තේ දිළිඳුන්හටත් (ඔවුන් අවශ්යතාවන්ගෙන් පෙළෙන්නෝ වෙති. යම් වෙළදාමකින් හෝ රැකියාවකින් යම් මුදලක් ඔවුන් ලැබුව ද එය ඔවුනට ප්රමාණවත් නැත. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ දැනුම්වත් කරන්නේද නැත.) එමෙන්ම දුප්පතුන්හටත් (කිසිවක් අයිති කර ගැනීමේ තත්ත්වයක් ඔවුනට නැත. ඔවුන්ගේ ස්වරූපය හා ඔවුන්ගේ ප්රකාශ හේතුවෙන් ඔවුන්ගේ දුප්පත්කම ජනයාට සැඟවිය නොහැක.) එමෙන්ම සකාත් රැස්කිරීම සඳහා ප්රධානියා විසින් එවනු ලබන ඒ පිළිබඳ ව කටයුතු කරන්නන්හටත්, ඉස්ලාමය වැලඳ ගැනීමට කැමැත්තෙන් සිටින මුස්ලිම් නොවන්නන් හට හෝ තම විශ්වාසය පිළිබඳ දුර්වල අයට ඔවුන්ගේ විශ්වාසය බලවත් කිරීමට හෝ එය ලබා දීමෙන් නපුර වැළක්වීමට හැකි වන අයටත්, නිදහස් කිරීමට නියමිත වහලුන් විෂයෙහි වියදම් කිරීමටත්, එමෙන්ම නාස්තිකාරී හෝ පාපකාරී නොවන කටයුතුත්තක් සඳහා ණය වී එම ණය පියවා ගත නොහැකි තත්ත්වයක් උදා වූ ණයකරුවන්හටත්, අල්ලාහ්ගේ මාර්ගයේ නිරතවීමට සූදානම් කිරීම සඳහා වියදම් කිරීමටත් තම වියදම සඳහා මුදල් අහිමි වූ මගියාහටත් විය යුතුය. අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් මොවුන් අතර සකාතය සීමා කළ යුතුය. තම ගැත්තන්ගේ යහපත පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. එමෙන්ම ඔහුගේ සැලසුමෙහි හා ආගමානුගත කිරීමෙහි ඔහු මහා ප්රඥාවන්තය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.