Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 129

41

ٱنفِرُوا۟ خِفَافًۭا وَثِقَالًۭا وَجَٰهِدُوا۟ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ

ඔබ ආයුධ සුළු ප්‍රමාණයකින් යුක්තව සිටියා වුවද කම් නැත, සම්පූර්ණ ආයුධ වලින් සන්නද්ධව සිටියා වුවද කම් නැත, ඔබ (පයින් ගමනින් හෝ වාහනයන් මත නැගී හෝ) පිටත්ව ගොස්, අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ කරනු. ඔබ දැනුම ඇත්තවුන් වශයෙන් සිටින්නෙහු නම්, මෙයම ඔබට ඉතාමත් හොඳය.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! පහසුකම් ඇති තත්ත්වයේ ද පහසුකම් නොමැති තත්ත්වයේ ද තරුණයින් හා මහල්ලන් වශයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමට පිටත් ව යනු. නුඹලාගේ ප්රාණ හා නුඹලාගේ වස්තුව පරදුවට තබා කැපවනු. එසේ යුද්ධය සඳහා පිටත් වීමත්, ප්රාණය හා වස්තුව පරදුවට තැබීමත්, යුද්ධයට සහභාගී නොවී රැඳී සිටීම හෝ වස්තුවට හා ප්රාණයට ඇලී සිටීමට වඩා මෙලොව මෙන්ම මතු ලොවට වඩාත් ප්රයෝජනවත් වන්නේය. ඒ ගැන නුඹලා දැන සිටියෙහු නම් ඒ සඳහා ප්රිය කරනු.

42

لَوْ كَانَ عَرَضًۭا قَرِيبًۭا وَسَفَرًۭا قَاصِدًۭا لَّٱتَّبَعُوكَ وَلَٰكِنۢ بَعُدَتْ عَلَيْهِمُ ٱلشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِٱللَّهِ لَوِ ٱسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنفُسَهُمْ وَٱللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَٰذِبُونَ

(නබියේ!) එවෙලේම යම්කිසි වස්තූන් ලැඛෙන්නට තිබී, (ඔබ ගිය ස්ථානය) සමීපයෙහිද වූවේ නම්, නියත වශයෙන්ම ඔවුන් ඔබව අනුගමනය කර පැමිණෙමින්ම සිටිනු ඇත. එහෙත් (ඔබ ගිය ස්ථානය) ඔවුන්ට ඉතාමත් ඈත්ව හා ඉතාමත් දුෂ්කර එකක් බවට හැඟුණි. (එබැවින්ම ඔවුන් ඔබව අනුගමනය කර පැමිණියේ නැත. එබැවින් ඔබ ඔවුන්ගෙන් “ඔබ කුමක් නිසා පැමිණියේ නැද්ද?”යි විමසුවහොත් එයට ඔවුන්) “අපට හැකි එකක් බවට වූවේ නම්, නියත වශයෙන්ම අපි ඔබ සමග අනිවායදැයෙන්ම පැමිණ ඇත්තෙමු” යයි අල්ලාහ් මත දිව්රා (පවසනු) ඇත. (මෙසේ බොරු දිව්රීම් කරන) ඔවුන් තමන්වම විනාශ කර ගන්නාහ. නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යන්න අල්ලාහ් හොඳින් දන්නේය.

කුහකයින් අතරින්, ප්රමාදවීමට නුඹගෙන් අවසර පතන්නන්ව නුඹලා කවර කරුණක් වෙත ඇරයුම් කරන්නේ ද, එය පහසුවෙන් අත්පත් කර ගත හැකි යුද භාණ්ඩයක් හෝ කිසිදු අසීරුතාවක් නොමැති ගමනක් වී නම් ඔවුන් නුඹ පසුපස හඹා එනු ඇත. නමුත් අහෝ නබිවරය! සතුරන් වෙත යෑම සඳහා නුඹ ඔවුන් ඇරයුම් කළ දුර ප්රමණය දිගු විය. කුහකයින් අතරින් ප්රමාද වීමට අවසර පැතූ මොවුන් වෙත නුඹ ගිය කල්හි ඔවුහු අල්ලාහ් මත දිවුරමින් "නුඹලා සමග ජිහාද් කිරීමට පිටත් වීමට අපට හැකියාව ඇත්නම් අප ද පිටත් ව එන්නට තිබුණි." යැයි පවසන්නට වූහ. ඔවුන්ගේ ප්රමාදයට නිදහසට කරුණු ඉදිරිපත් කිරීම හා මෙම බොරු විශ්වාසය හේතුවෙන් අල්ලාහ්ගේ දඬුවමට ඉදිරියේ ඔවුන් ඔවුන්වම විනාශ කර ගත්තෝය. ඔවුන් වාද කරමින් සිටින දෑ හි මෙන්ම ඔවුන්ගේ මෙම විශ්වාසයේ ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ් දනී.

43

عَفَا ٱللَّهُ عَنكَ لِمَ أَذِنتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ ٱلَّذِينَ صَدَقُوا۟ وَتَعْلَمَ ٱلْكَٰذِبِينَ

(නබියේ!) අල්ලාහ් ඔබට සමාව දී දයාව පහළ කරනු මැනව! (ඔවුන් ඔබ සමග යුද්ධයට නොගොස් නැවතී සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටි අවස්ථාවේදී), ඔවුන්ගෙන් ඇත්ත කියන්නේ කවුරුන්දැයි ඔබට පැහැදිලි වන තුරුද, බොරුකාරයින් කවුරුදැයි යන්නද ඔබ නොදැනුවත්ව සිටියදීද, ඔබ ඔවුන්ට කුමක් නිසා අනුමැතිය දුන්නෙහිද?.

අහෝ දූතය! ප්රමාද වීමට ඔවුනට අවසර දීමේ ඔබේ උත්සහයට අල්ලාහ් ඔබට සමාව දෙත්වා! ඔබට ඔවුන් ඉදිරිපත් කළ හේතු සාධක වල සත්යවාදීන් කවුරුන්ද බොරුකාරයින් කවුරුන්ද යැයි ඔබට පැහැදිලි වන තෙක් එහිදී ඔවුනට එසේ අනුමැතිය පිරිනැමුවේ කුමක් නිසාවෙන් ද? එසේ වූයේ නම් ඔවුන් අතර සිටි බොරුකාරයින්ට හැර සත්ය පවසන්නන්ට පමණක් අනුමැතිය දෙන්නට තිබිණ.

44

لَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ أَن يُجَٰهِدُوا۟ بِأَمْوَٰلِهِمْ وَأَنفُسِهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلْمُتَّقِينَ

අල්ලාහ්වද, අවසාන දිනයද (ඇත්තෙන්ම) විශ්වාසය තැබූවන් තමන්ගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ නොකර සිටීමට ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේම නැත. භය භක්තියෙන් පිරි මොවුන්ව අල්ලාහ් හොඳින් දන්නේය.

අහෝ දූතය! සැබෑ විශ්වාසයකින් යුතුව අල්ලාහ් හා මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ තම වස්තුව හා තම ජීවිත පරදුවට තබා කැපවීම සඳහා ප්රමාද වීමට ඔබෙන් අනුමැතිය පැතීම ඔවුන්ගේ කටයුත්තක් නොවන්නේය. ඔවුන්ගේ කරුණ වනුයේ ඔබ ඔවුන් කැඳ වූ අවස්ථාවේ එසේ පෙරළා පැමිණ ඔවුන්ගේ ප්රාණය හා වස්තුව පරදුවට තබා සටන් කිරීමය. ඔබ සමග පිටත් වීමට ඔවුන් වැළැක් වූ හේතු සාධක නිසාවෙන් මිස එසේ ඔබෙන් අනුමැතිය නොඉල්ලූ තම බැතිමත් ගැත්තන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.

45

إِنَّمَا يَسْتَـْٔذِنُكَ ٱلَّذِينَ لَا يُؤْمِنُونَ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَٱرْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِى رَيْبِهِمْ يَتَرَدَّدُونَ

(යුද්ධයට නොගිහින් සිටීමට) ඔබ වෙතින් අනුමැතිය ඉල්ලා සිටින්නේ අල්ලාහ්වද, අවසාන දිනයද ඇත්තෙන්ම විශ්වාස නොකරන අයයි. ඔවුන්ගේ හෘදයන් සැකයෙහි ගැලී ගියේය. එබැවින් ඔවුන් තමන්ගේ සැකයෙහිම දඟලන්නාහ.

අහෝ දූතය! අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා ප්රමාදවීමේ අනුමැතිය ඔබෙන් පැතූ අය වනාහි, අල්ලාහ් ව විශ්වාස නොකරන මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස නොකරන කුහකයෝ වෙති. එමෙන්ම තම හදවත් තුළ අල්ලාහ්ගේ දහම විෂයයෙහි සැක ඇත්තෝ වෙති. ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙමින් සිටිති. සත්ය වෙත මග නොලබති.

46

۞ وَلَوْ أَرَادُوا۟ ٱلْخُرُوجَ لَأَعَدُّوا۟ لَهُۥ عُدَّةًۭ وَلَٰكِن كَرِهَ ٱللَّهُ ٱنۢبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ ٱقْعُدُوا۟ مَعَ ٱلْقَٰعِدِينَ

ඔවුන් (ඔබ සමග යුද්ධයට) පිටත්ව යාමට (ඇත්තෙන්ම) අදහස් කර සිටියෙහු නම්, එයට අවශ්‍යය ආම්පන්න (කළින්ම) ඔවුන් පිළියෙල කර ඇත්තෙහුය. එහෙත් (ඔබ සමග) ඔවුන් පිටත්ව යාම අල්ලාහ් පිළිකුල් කර, ඔවුන්ව පිටත්ව නොයා වළක්වා හැරියේය. එබැවින් (මහල්ලන්, දරුවන්, කාන්තාවන් වැනි යුද්ධයට යාමට නොහැකි නිවෙස්වල) රැඳී සිටින්නන් සමග ඔබත් රැඳී සිටිනු” යයි (ඔවුන්ට) කියනු ලැබූවාක් (වැනිය!)

සැබැවින්ම ඔබ සමග අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා පිටත් වීමට ඔවුන් අපේක්ෂා කරන බවට ඔවුන් තබන වාදයේ ඔවුන් සත්යවාදීහු නම්, ඒ සඳහා අවශ්ය කළමනා සූදානම් කරන්නට තිබුණි. නමුත් ඔබ සමග ඔවුන් පිටත් වීම අල්ලාහ් හෙළා දැක්කේය. ඔවුන්ගේ නිවෙස් වලටම වී රැඳී සිටීමට බලපෑමක් ඇති කරන තරමට එසේ පිටත් වීම ඔවුනට බරක් විය.

47

لَوْ خَرَجُوا۟ فِيكُم مَّا زَادُوكُمْ إِلَّا خَبَالًۭا وَلَأَوْضَعُوا۟ خِلَٰلَكُمْ يَبْغُونَكُمُ ٱلْفِتْنَةَ وَفِيكُمْ سَمَّٰعُونَ لَهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌۢ بِٱلظَّٰلِمِينَ

ඔවුන් ඔබ අතරේ පැමිණ සිටියෙහු නම්, අවිනීතව හැසිරෙනවා මිස, (වෙන කිසිම හොඳක්) ඔවුන් ඔබට වැඩි කර හරින්නේ නැත. නපුර අදහස් කරමින් ඔබ අතරේ අවලක්ෂණයද ඇති කරන්නට ඉඩ තිබුණි. ඔවුන්ට (ඔවුන්ගේ නපුරු වදන් වලට) සවන් දෙන්නන්ද ඔබගෙන් බොහොමයක් දෙනා සිටින්නාහ. නමුත් අල්ලාහ් මෙවැනි අපරාධකරුවන්ව හොඳින් දන්නේය.

මෙම කුහකයින් නුඹලා සමග පිටත් ව නොයෑම යහපතකි. ඔවුන් නුඹලා සමග පිටත් ව ගියේ නම් ඔවුන් නුඹලා අතර පහත් කිරීම, සැකය ඇති කිරීම යනාදී කටයුතු වල නිරත වී අර්බුදයක් ඇති කිරීම මිස වෙනත් කිසිවක් වර්ධනය කරන්නේ නැත. නුඹලා අතර විභේද කිරීම සඳහා කේලම් කියමින් නුඹලාගේ බල ඇණියන් අතර සැරිසරනු ඇත. අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! නුඹලා අතර බොරුව ප්රවර්ධනය කරන දෑ ට සවන් දෙන අය ද වෙති. ඔවුන් එය පිළිගෙන පතුරුවාලති. එවිට නුඹලා අතර මතභේද හට ගනියි. දෙවියන් විශ්වාස කරන්නන් අතර සැක ඇති කරන විෂ පොවන කුහකයින් අතර සිටින අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.

48

لَقَدِ ٱبْتَغَوُا۟ ٱلْفِتْنَةَ مِن قَبْلُ وَقَلَّبُوا۟ لَكَ ٱلْأُمُورَ حَتَّىٰ جَآءَ ٱلْحَقُّ وَظَهَرَ أَمْرُ ٱللَّهِ وَهُمْ كَٰرِهُونَ

ඔවුන් පිළිකුල් කළද, සත්‍යය එළිදරව් වී අල්ලාහ්ගේ නියෝගයන් ජයග්‍රහණය කරන තුරු, මෙයට පෙරද ඔවුන් නපුර කිරීමට අදහස් කර, ඔබගේ කාරණාවන් (උඩු යටිකුරු කර) පෙරළමින්ම සිටියහ.

මෙම කුහකයෝ දෙවියන් විශ්වාස කළවුන්ගේ ප්රකාශයේ බෙදීම් ඇති කර තබූක් යුද්ධයට පෙර ම ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කරමින් කලහකම් කිරීමට ආශා කළෝය. අහෝ දූතය! කුමන්ත්රණශීලී ලෙස සියලු කටයුතු නුඹ වෙත හරවන්නට බලති. එය ඔවුන්ගේ කුමන්ත්රණය හරහා ජිහාද් පිළිබඳ ඇති නුඹගේ අධිෂ්ඨානයට බලපෑමක් ඇති කරනු පිණිසය. අවසානයේ අල්ලාහ්ගේ උපකාරය පැමිණ එය ඔබට තහවුරු විය. අල්ලාහ් ඔහුගේ දහම ගෞරවයට ලක් කළේය. ඔවුන් පිළිකුල් කළ ද ඔහුගේ සතුරන් ඔහු මැඩලීය. එය ඔවුන් සත්යයට එරෙහි ව අසත්ය ජය ගැනීම ඔවුන් ආශා කරමින් සිටි බැවිණි.

49

وَمِنْهُم مَّن يَقُولُ ٱئْذَن لِّى وَلَا تَفْتِنِّىٓ ۚ أَلَا فِى ٱلْفِتْنَةِ سَقَطُوا۟ ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌۢ بِٱلْكَٰفِرِينَ

‘(නබියේ! යුද්ධයට කැඳවා) ඔබ මාව පිරික්සුමට ලක් නොකරම (නිවසෙහි මා රැඳී සිටීමට) මා හට අනුමැතිය දෙනු මැනව!’යි ඉල්ලා සිටින්නන්ද ඔවුන්ගෙන් සමහරෙක් සිටින්නාහ. (එහෙත් මෙසේ ඉල්ලා සිටින) ඔවුන් (අමාරු විවිධ) පිරික්සුමෙහිම ගැලී නොසිටියෙහුද? ප්‍රතික්ෂේප කරන්නන්ව නියත වශයෙන්ම නිරය වට කරගෙන සිටින්නේය.

අර්බුදකාරී තත්ත්වයන් හී නිදහසට කරුණු දක්වන අය ද කුහකයින් අතර වෙති. ඔවුහු ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජිහාදයෙන් පසුබෑමට මට අවසර දෙන්න. රෝම සතුරන්ගේ කාන්තාවන් දුටු විට ඔවුන්ගේ අර්බුදය හේතුවෙන් පාපයක් ඇති නොවනු පිණිස ඔබ සමග පිටත් වීමෙන් පාපයේ බර උසුලන්නට මා හට අවකාශය නොදෙන්න’ යැයි පවසති. දැනගන්න. ඔවුන් සිතන දෑ ට වඩා අතිමහත් අර්බුදයකට ඔවුන් වැටී ඇත. එය කුහකත්වයේ හා පසුගාමිත්වයේ අර්බුදයයි. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කළවුන්ව නිරය සර්ව ප්රකාරයෙන් වටලා ගනු ඇත. ඔවුන් අතරින් කිසිවකු එය මග හරින්නේ නැත. ඉන් පලා යන්නට ස්ථානයක් ඔවුන් ලබන්නේ ද නැත.

50

إِن تُصِبْكَ حَسَنَةٌۭ تَسُؤْهُمْ ۖ وَإِن تُصِبْكَ مُصِيبَةٌۭ يَقُولُوا۟ قَدْ أَخَذْنَآ أَمْرَنَا مِن قَبْلُ وَيَتَوَلَّوا۟ وَّهُمْ فَرِحُونَ

(නබියේ!) ඔබට යම්කිසි හොඳක් සිදු වන්නේ නම්, (එය) ඔවුන්ට දුක ගෙන දෙන්නේය. ඔබට යම්කිසි හානියක් සිදු වුවහොත් නම්, “නියත වශයෙන්ම අපි අපගේ කාරණාවෙහි (ඔබව සම්බන්ධ නොකර) දැනටමත් ප්‍රවේසමෙන් සිටියෙමු” යයි පවසා ඉතාමත් සතුටින් (ඔබගෙන්) ඈත් වී ගියහ.

අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට සහනයක් ලෙස යම් උපකාරයක් හෝ යුද පිටියේ වස්තුවක් වැනි අල්ලාහ්ගේ ආශිර්වාදයක් හිමි වූයේ නම් එය ඔවුහු පිළිකුල් කරති. ඒ ගැන දුක් වෙති. යම් දරුණු ව්යසනයක් හෝ සතුරු පාර්ශවයට යම් ජයක් ලැබුණු විට එම කුහකයෝ, "අපි අප ගැන බලා ගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් පිට ව ගියාක් මෙන් අප පිටව නොයෑමෙන් ස්ථාවරත්වය ලැබුවෙමු. ඔවුනට අත්විය යුතු මරණය හා සිරගත වීම ඔවුනට අත් විය." යැයි පවසා එම කුහකයෝ ඔවුන්ගේ පවුල වෙතත් ඉතා සතුටින් සුරක්ෂිත ව හැරී යති.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.