ٱنفِرُوا۟ خِفَافًۭا وَثِقَالًۭا وَجَٰهِدُوا۟ بِأَمْوَٰلِكُمْ وَأَنفُسِكُمْ فِى سَبِيلِ ٱللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
ඔබ ආයුධ සුළු ප්රමාණයකින් යුක්තව සිටියා වුවද කම් නැත, සම්පූර්ණ ආයුධ වලින් සන්නද්ධව සිටියා වුවද කම් නැත, ඔබ (පයින් ගමනින් හෝ වාහනයන් මත නැගී හෝ) පිටත්ව ගොස්, අල්ලාහ්ගේ මාර්ගයෙහි ඔබගේ වස්තූන්ද, පණද, පූජා කර යුද්ධ කරනු. ඔබ දැනුම ඇත්තවුන් වශයෙන් සිටින්නෙහු නම්, මෙයම ඔබට ඉතාමත් හොඳය.
අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! පහසුකම් ඇති තත්ත්වයේ ද පහසුකම් නොමැති තත්ත්වයේ ද තරුණයින් හා මහල්ලන් වශයෙන් අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීමට පිටත් ව යනු. නුඹලාගේ ප්රාණ හා නුඹලාගේ වස්තුව පරදුවට තබා කැපවනු. එසේ යුද්ධය සඳහා පිටත් වීමත්, ප්රාණය හා වස්තුව පරදුවට තැබීමත්, යුද්ධයට සහභාගී නොවී රැඳී සිටීම හෝ වස්තුවට හා ප්රාණයට ඇලී සිටීමට වඩා මෙලොව මෙන්ම මතු ලොවට වඩාත් ප්රයෝජනවත් වන්නේය. ඒ ගැන නුඹලා දැන සිටියෙහු නම් ඒ සඳහා ප්රිය කරනු.