ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَٰنَهُمْ أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَٰهًۭا وَٰحِدًۭا ۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَٰنَهُۥ عَمَّا يُشْرِكُونَ
මොවුන් අල්ලාහ් හැර තමන්ගේ පූජකයින්වද, පඬිවරුන්වද, මර්යම්ගේ පුත් මසීහ්වද, (තමන්ගේ) දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. එහෙත් එකම දෙවියන්ව මිස, වෙන කිසිවෙකුවත් නැමදිය යුතු නැතැයිම මොවුන් (සියල්ලන්ම) නියෝග කරනු ලැබ ඇත්තාහ. නැමදුමට යුතු දෙවියන්, ඔහු හැර වෙන කිසිවෙකුත් නැත. ඔවුන් සමානයන් තබන මේවා වලින් ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.
යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය.