Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 129

31

ٱتَّخَذُوٓا۟ أَحْبَارَهُمْ وَرُهْبَٰنَهُمْ أَرْبَابًۭا مِّن دُونِ ٱللَّهِ وَٱلْمَسِيحَ ٱبْنَ مَرْيَمَ وَمَآ أُمِرُوٓا۟ إِلَّا لِيَعْبُدُوٓا۟ إِلَٰهًۭا وَٰحِدًۭا ۖ لَّآ إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَٰنَهُۥ عَمَّا يُشْرِكُونَ

මොවුන් අල්ලාහ් හැර තමන්ගේ පූජකයින්වද, පඬිවරුන්වද, මර්යම්ගේ පුත් මසීහ්වද, (තමන්ගේ) දෙවිවරුන් වශයෙන් ඇර ගන්නාහ. එහෙත් එකම දෙවියන්ව මිස, වෙන කිසිවෙකුවත් නැමදිය යුතු නැතැයිම මොවුන් (සියල්ලන්ම) නියෝග කරනු ලැබ ඇත්තාහ. නැමදුමට යුතු දෙවියන්, ඔහු හැර වෙන කිසිවෙකුත් නැත. ඔවුන් සමානයන් තබන මේවා වලින් ඔහු ඉතාමත් පරිශුද්ධවන්තයෙකි.

යුදෙව්වන් තම ආගමික විද්වතුන් ද, කිතුනුවන් තම වන්දනාකරුවන් ද අල්ලාහ් හැර දමා තම දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔවුන්ට අල්ලාහ් තහනම් කළ දෑ ඔවුන් මත අනුමත කර ගනිති. අල්ලාහ් ඔවුනට අනුමත කළ දෑ ඔවුන් මත තහනම් කර ගනිති. කිතුනුවන් අල්ලාහ් සමගම මර්යම්ගේ පුත් ඊසාව දෙවියකු ලෙස ගත්තෝය. යුදෙව් විද්වතුන්ට, කිතුනු වන්දනාකරුවන්ට, උසෙයිර්ට හා මර්යම්ගේ පුත් ඊසාට අල්ලාහ් අණ කර සිටියේ ඔහුට පමණක් හැර වෙනත් කිසිවකුට නොනමදින ලෙසත් කිසිවක් ඔහුට ආදේශ නොකරන ලෙසත්ය. ඔහු සුවිශුද්ධ ඒකීය දෙවියාය. ඔහු හැර නැමදුමට සුදුසු වෙනත් කිසිවෙකු නැත. ඔහු සුපිවිතුරුය. දෙවියන්ට ආදේශ කරන්නන් හෝ වෙනත් අය පවසා සිටින පරිදි ඔහුට කිසිදු හවුල්කරුවකු සිටීමෙන් ඔහු පිවිතුරුය.

32

يُرِيدُونَ أَن يُطْفِـُٔوا۟ نُورَ ٱللَّهِ بِأَفْوَٰهِهِمْ وَيَأْبَى ٱللَّهُ إِلَّآ أَن يُتِمَّ نُورَهُۥ وَلَوْ كَرِهَ ٱلْكَٰفِرُونَ

මොවුන් තමන්ගේ මුවින්ම (පිඹ) අල්ලාහ්ගේ ආලෝකය නිවා දැමීමට අදහස් කරන්නාහ. එහෙත් මෙම ප්‍රතික්ෂේප කරන්නන් පිළිකුල් කළද, අල්ලාහ් තමන්ගේ ආලෝකය පූරණය කර නොතබා සිටින්නට යන්නේ නැත.

දේවත්වය ප්රතික්ෂේප කරන මොවුන් හා දේව ප්රතික්ෂේපයේ පිළිවෙත් මත සිට බොරු ගොතමින් හා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ගෙන ආ දෑ බොරු කරමින් සිටි ජනයා අපේක්ෂා කරනුයේ, ඉස්ලාමය විනාශ කිරීමටත් එය නිෂ්ඵල කිරීමටත්, අල්ලාහ්ගේ ඒකීයත්වය මත ඔහුගේ දූතයාණන් ගෙන ආ සත්යය තහවුරු කරන පැහැදිලි සාක්ෂි හා පහැදිලි සාධක ව්යාජ කිරීමටත් ය. සැබැවින් ඔහුගේ දූතයාණන් ගෙන ආ දෑ සත්යය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද අල්ලාහ් තම දහම සම්පූර්ණ කිරීමටත්, එය හෙළි කිරීමටත් සෙසු පිළිවෙත් වලට වඩා එය ඉහළින් තැබීමටත් අපේක්ෂා කරයි. වෙනත් කරුණු ඔහු ප්රතික්ෂේප කරයි. සැබැවින්ම අල්ලාහ් එය සම්පූර්ණ කරන්නාය. එය හෙළි කරන්නාය. එය ඉහළ නංවන්නාය. අල්ලාහ් යමක් අපේක්ෂා කළ විට වෙනත් අයගේ අපේක්ෂාවන් ශුන්ය වී යයි.

33

هُوَ ٱلَّذِىٓ أَرْسَلَ رَسُولَهُۥ بِٱلْهُدَىٰ وَدِينِ ٱلْحَقِّ لِيُظْهِرَهُۥ عَلَى ٱلدِّينِ كُلِّهِۦ وَلَوْ كَرِهَ ٱلْمُشْرِكُونَ

ඔහුම තමන්ගේ දූතයාව ඍජු මාර්ගය මගින්ද, සත්‍යය ධර්මය මගින්ද යවා ඇත්තේය. සමානයන් තබා නමදින්නන් (එය) පිළිකුල් කළද, (ලොවෙහි) ඇති ධරමයන්ගෙන් එම සත්‍යය ධර්මය අනිවායදැයෙන්ම ජයග්‍රහණය කරන්නේය.

මිනිසුනට මාර්ගෝපදේශයක් වූ අල් කුර්ආනය හා සත්ය දහම වන ඉස්ලාම් දහම සමග දූතයකු ලෙස මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් එව්වේ පිවිතුරු අල්ලාහ්ය. එය දෙවියන් ප්රතික්ෂේප කරන්නන් පිළිකුල් කළ ද සෙසු දහම් වලට වඩා නීති රීති සාක්ෂි හා සාධක තුළින් එය උසස් කරනු පිණිස ය.

34

۞ يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوٓا۟ إِنَّ كَثِيرًۭا مِّنَ ٱلْأَحْبَارِ وَٱلرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَٰلَ ٱلنَّاسِ بِٱلْبَٰطِلِ وَيَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ ۗ وَٱلَّذِينَ يَكْنِزُونَ ٱلذَّهَبَ وَٱلْفِضَّةَ وَلَا يُنفِقُونَهَا فِى سَبِيلِ ٱللَّهِ فَبَشِّرْهُم بِعَذَابٍ أَلِيمٍۢ

විශ්වාසවන්තයිනි! නියත වශයෙන්ම (ඔවුන්ගේ) පූජකවරුන්ද, පඬිවරුන්ද, බොහොමයක් දෙනා ජනතාවගේ වස්තූන් වැරදි ආකාරයෙන් ගිල දමන අතර (ජනතාව) අල්ලාහ්ගේ මාර්ගයෙහි යාමද වළක්වන්නාහ. එබැවින් (මොවුන්ටද, තවද කවුරුන්) රත්‍රන්ද, රිදීද එක්කාසු කර තබා, එය අල්ලාහ්ගේ මාර්ගයෙහි වියදම් නොකර සිටින්නෝද ඔවුන්ටද, (නබියේ!) ඔබ වේදනා ගෙන දෙන දඬුවම මගින් ශුභාරංචි දෙනු මැනව!

අහෝ දෙවියන් විශ්වාස කොට අල්ලාහ් ආගමානුගත කළ දෑ ඉටු කරන්නනි! යුදෙව්වන් අතර සිටින විද්වතුන් බොහෝ දෙනා හා කිතුනුවන් අතර සිටින වන්දනාකරුවන් බොහෝ දෙනා කිසිදු ආගමික න්යයකින් තොර ව මිනිසුන්ගේ වස්තුව සූරා කති. ඔවුන් අල්ලස් හා (එවැනි නිත්යානුකූල නොවන) වෙනත් දෑ ගනිති. අල්ලාහ්ගේ දහම තුළට ජනයා පිවිසීමෙන් ඔවුන් වළක්වති. රන් හා රිදී රැස් කර, ඔවුනට අනිවාර්යය වූ සකාතය ඉටු නොකරන්නන් වනාහි අහෝ දූතය! මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කළ වැරදි හේතුවෙන් වේදනීය දඬුවමක් ඔවුනට ඇති බව දන්වා සිටිනු.

35

يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِى نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنفُسِكُمْ فَذُوقُوا۟ مَا كُنتُمْ تَكْنِزُونَ

(රත්‍රන්, රිදී ආදී) දැය නිරා ගින්නෙන් රත් පැහැ ගැන්වෙන තුරු රත් කර, එමගින් ඔවුන්ගේ නළල් වලද, ඉළඇට පෙදෙස්වලද, ඔවුන්ගේ පිට කොන්දෙහිද පුළුස්සා ‘ඔබ වෙනුවෙන් ඔබ එක්කාසු කර තැබූ දැය මෙයයි. එබැවින් ඔබ එක්කාසු කර තිබූ මේවා (පොඩියක්) විඳ බලනු’ යයි කියනු ලබන දින (නබියේ! ඔබ ඔවුන්ට මතක් කර දෙනු).

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නෙහි ඔවුන් එක් රැස් කොට තමන් විසින් නිකුත් කළ යුතු දැයින් වළක්වා ගත් දෑ ඉන්ධන බවට පත් කරයි. එහි උෂ්ණත්වය දැඩි වූ විට ඔවුන්ගේ නළල්, ඔවුන්ගේ ඉලපත් හා ඔවුන්ගේ පිටවල් මත තබනු ලැබේ. ඉතා පිළිකුල් සහගත අයුරින් ඔවුනට මෙසේ පවසනු ලැබේ. “මෙය නුඹලා එක්රැස් කළ මෙන්ම එහි අනිවාර්යය වගකීම ඉටු නොකළා වූ නුඹලාගේ වස්තුව වේ. එහෙයින් නුඹලා රැස් කරමින් හා එහි යුතුකම් ඉටු නොකරමින් සිටි දෑ හි ප්රතිවිපාක හා එහි දඬුවම භුක්ති විඳිනු."

36

إِنَّ عِدَّةَ ٱلشُّهُورِ عِندَ ٱللَّهِ ٱثْنَا عَشَرَ شَهْرًۭا فِى كِتَٰبِ ٱللَّهِ يَوْمَ خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ مِنْهَآ أَرْبَعَةٌ حُرُمٌۭ ۚ ذَٰلِكَ ٱلدِّينُ ٱلْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا۟ فِيهِنَّ أَنفُسَكُمْ ۚ وَقَٰتِلُوا۟ ٱلْمُشْرِكِينَ كَآفَّةًۭ كَمَا يُقَٰتِلُونَكُمْ كَآفَّةًۭ ۚ وَٱعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ مَعَ ٱلْمُتَّقِينَ

නියත වශයෙන්ම අල්ලාහ්ගේ සන්නිධානයෙහි මාසයන්ගේ ගණනය (එක් වසරකට) ෙදාළහකි. (මෙසේම) අහස්ද, භූමියද උත්පාදනය කළ දින සිට අල්ලාහ් විසින් මනක්කල්පිත කරනු ලැබ ඇත්තේය. ඒවායෙන් (මාස) හතරක් පරිශුද්ධය. මෙයයි ඍජු ධර්මය. එබැවින් මේවායෙහි (ඔබ යුද්ධ කර), ඔබටම ඔබ හානියක් කර නොගත යුතුය. එහෙත් සමානයන් තබා නමදින සියල්ලන්ම (එම මාසයන්හිදීද) ඔබ සමග යුද්ධ කළහොත්, එසේම ඔබත් (ඔවුන්ට විරුද්ධව) සියල්ලන් සමගම (එම මාසයන්හිදීද) යුද්ධ කරනු. නියත වශයෙන්ම අල්ලාහ් භය භක්තිකයින් සමග සිටින්නේය යන්න ස්ථීර වශයෙන් දැන ගනු.

අහස් හා මහ පොළොව මැවූ දා පටන් සටහන් පුවරුවේ අල්ලාහ් ස්ථීර කර ඇති පරිදි අල්ලාහ්ගේ නියමයේ හා න්යායයේ වසරේ මාස ගණන දොළොසකි. එම මාස දොළොසින් මාස හතරක යුද වැදීම අල්ලාහ් තහනම් කළේය. එය එකිනෙක පර ව එන දුල් කඃදා, දුල් හිජ්ජා සහ මුහර්රම් යන මාස තුන හා වෙනමම එන රජබ් මාසයයි. සඳහන් කරනු ලැබූ මේ මාස ගණන හා ඒ අතරින් තහනම් කරන ලද මාස හතර වනාහි ඍජු ධර්මතාව එයයි. මෙම පිවිතුරු මාස වල යුද්ධ ඇති කරමින් නුඹලා නුඹලාටම අපරාධ නොකරනු. එහි ගෞරවය නොකෙලසනු. ඔවුන් නුඹලා සියල්ලන් සමග සටන් කරන්නාක් මෙන් නුඹලා ද ඔවුන් සියල්ලන් සමග සටන් කරනු. අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට භක්තිමත් ව කටයුතු කරන්නන් සමග ජයග්රහණයේ දී හා ජය තහවුරු කිරීමේ දී අල්ලාහ් සිටින බව දැන ගනු. කවරෙකු සමග අල්ලාහ් සිටින්නේ ද එවිට කිසිවකු ඔහු අභිබවා යා නොහැක.

37

إِنَّمَا ٱلنَّسِىٓءُ زِيَادَةٌۭ فِى ٱلْكُفْرِ ۖ يُضَلُّ بِهِ ٱلَّذِينَ كَفَرُوا۟ يُحِلُّونَهُۥ عَامًۭا وَيُحَرِّمُونَهُۥ عَامًۭا لِّيُوَاطِـُٔوا۟ عِدَّةَ مَا حَرَّمَ ٱللَّهُ فَيُحِلُّوا۟ مَا حَرَّمَ ٱللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوٓءُ أَعْمَٰلِهِمْ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلْكَٰفِرِينَ

(යුද්ධ කිරීම නොකළ යුතුය යයි තහනම් කරන ලද මාසයන්හි, ඔවුන් තමන්ගේ කැමැත්තට අනුව) ඉදිරියට පස්සට ගැනීම මගින් ප්‍රතික්ෂේපය වැඩි කරන්නේය. මෙමගින් ප්‍රතික්ෂේප කරන්නන්වම මාර්ගය වැරද යවනු ලබන්නාහ. (මන්දයත් ඔවුන් තමන්ගේ කැමැත්තට අනුව මාසයන් ඉදිරියට පස්සට කර) එක් අවුරුද්දකදී එය (එම මාසයන්හි යුද්ධ කිරීම) අනුමැතිය දෙනු ලැබූවක් බවට පත් කර ගන්නාහ. වෙනත් අවුරුද්දකදී (එම මාසයන්හිම යුද්ධ කිරීම තහනම් යයි) වළක්වා හරින්නාහ. (මෙසේ ඔවුන් කිරිමේ අපේක්ෂාව නම්, තමන් තහනම් කරන ලද මාසයන්හි ගණනය), අල්ලාහ් තහනම් කරන ලද මාසයන්හි ගණනයට සම කර, අල්ලාහ් තහනම් කළ මාසයන්ද තමන් අනුමත කර ගැනීමටය. ඔවුන්ගේ මෙම (නපුරු) ක්‍රියාවන් (ෂෙයිතාන් විසින්) ඔවුන්ට අලංකාරවත් කරනු ලැබ ඇත්තේය. අල්ලාහ් ප්‍රතික්ෂේප කරන මෙම ජනතාව ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

(අරාබිවරු අඥාන යුගයේ සිදු කළාක් මෙන්) ශුද්ධ වූ මාසයේ පාරිශුද්ධතාව වෙනුවට ශුද්ධ නොවන මාසය දක්වා ප්රමාද කිරීමත්, එය එම ස්ථානයේ තැබීමත් අල්ලාහ් පිළිබඳ ඔවුන්ගේ ප්රතික්ෂේපය වඩ වඩාත් වර්ධනය කරනු ඇත. එය ශුද්ධ වූ මාසය තුළ පවතින ඔහුගේ ප්රඥාව ඔවුන් විසින් ප්රතික්ෂේප කරන පරිදිය. මෙම නරක වසර ඔවුනට බලාත්මක වන විට ෂෙයිතාන් එමගින් අල්ලාහ් ව ප්රතික්ෂේප කළවුන් නොමග යවනු ඇත. ඔවුන් වසරක් ශුද්ධ මාසය අනුමත මාස වලින් එක් මාසයක් බවට පෙරළමින් අනුමත කර ගනිති. අල්ලාහ් තහනම් කළ මාස ගණනට අනුකූල වනු පිණිස වසරක් එහි තහනම්භාවය මත රැඳී සිටිති. එහි සැලකිය යුතු කරුණකට විරුද්ධවූයේ නම් එක් මාසයක් තවත් මාසයක ස්ථානයේ තබා ඔවුන් එය තහනම් කරනවාක් මිස මාසය අනුමත කරගන්නේ නැත. ඒ අනුව ඔවුන් අල්ලාහ් තහනම් කළ ශුද්ධ මාස අනුමත කර ගනිති. එහි ඇති ප්රඥාවට විරුද්ධ වෙති. ෂෙයිතාන් විසින් නපුරු ක්රියාවන් ඔවුනට අලංකාරවත් කරයි. ඔවුහු එය ඉටු කරති. ඒ අතරින් ප්රමාදය පිළිබඳ නව ක්රමවේදයක් ආරම්භ කිරීමත් ඇතුළත් වේ. තම ප්රතික්ෂේපයේ නිරත ව සිටින ප්රතික්ෂේපකයින් හට අල්ලාහ් ආශිර්වාද නොකරන්නේය.

38

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ ٱنفِرُوا۟ فِى سَبِيلِ ٱللَّهِ ٱثَّاقَلْتُمْ إِلَى ٱلْأَرْضِ ۚ أَرَضِيتُم بِٱلْحَيَوٰةِ ٱلدُّنْيَا مِنَ ٱلْءَاخِرَةِ ۚ فَمَا مَتَٰعُ ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا فِى ٱلْءَاخِرَةِ إِلَّا قَلِيلٌ

විශ්වාසවන්තයිනි! අල්ලාහ්ගේ මාර්ගයෙහි (යුද්ධ කිරීමට) ඔබ පිටත් වනු යයි ඔබට කියනු ලැබුවහොත් (එසේ පිටත් නොවී) ඔබ ගමේ රැඳී සිටීමෙහි හේතුව කුමක්ද? පරලොවට වඩා මෙලොව ජීවිතය මගින් ඔබ සෑහීමට පත් වූවෙහුද? පරලොව (ජීවිතය) ඉදිරියේ මෙලොව ජීවිතයෙහි සුවය ඉතාමත් අල්පය!

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව විශ්වාස කර තමන් වෙනුවෙන් ආගමානුගත කළ දෑ පිළිපදින්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීමට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවීම සඳහා නුඹලා ඇරයුම් කරනු ලබන විට, නුඹලා ප්රමාද වී නුඹලාගේ වාසස්ථාන වල රැඳී සිටීමට ගිය කාරණාව කුමක් ද? අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කරන සටන්කාමීන් සඳහා අල්ලාහ් සූදානම් කර ඇති සදාතනික මතු ලොව සැප සම්පත් වෙනුවට ඉතා පහත් මෙන්ම එහි සැප පහසුකම් බිඳී යන මෙලොව ජීවිතයේ සැප පහසුකම් පිළිබඳ නුඹලා තෘප්තියට පත් වන්නෙහු ද? මෙලොව සැප පහසුකම් මතු ලොව පැත්තෙන් බලන විට ඉතා අල්පයක් මිස නැත. සදා පවතින්නක් වෙනුවට විනාශ වී යන්නක් හා අති මහත් දෙයක් වෙනුවට අල්ප දෙයක් තෝරා ගැනීම බුද්ධිමතෙකුට කෙසේ නම් විය හැකි ද?

39

إِلَّا تَنفِرُوا۟ يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًۭا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْـًۭٔا ۗ وَٱللَّهُ عَلَىٰ كُلِّ شَىْءٍۢ قَدِيرٌ

(ඔබ යුද්ධයට කැඳවනු ලැබ) ඔබ නොගියහොත්, ඔබව ඉතාමත් වේදනා ගෙන දෙන දඬුවම මගින් වද දෙනු ඇත. තවද (ඔබව යවා) ඔබගේ ස්ථානයෙහි වෙනත් අයව පත් කර හරිනු ඇත. (මෙයට) ඔබ ඔහුට කිසිම හානියක් කිරීමට නොහැක. (මන්දයත්) අල්ලාහ් සියල්ල කෙරෙහි ඉතාමත් බලසම්පන්නයෙකි.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාගේ සතුරන් සමග සටන් කිරීම සඳහා අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා පිටත් ව නොයන්නේ නම් අවමානය, පරාජය හා වෙනත් කරුණු තුළින් අල්ලාහ් නුඹලාට දඬුවම් කරනු ඇත. එමෙන්ම ජිහාද් සඳහා පිටත්වන්නට ඇරයුම් කරන විට එසේ පිටත් ව යන අල්ලාහ්ට කීකරු තවත් පිරිසක් නුඹලා වෙනුවට ඔහු පෙරළා බිහි කරනු ඇත. ඔහුගේ නියෝගයට නුඹලා පිටුපෑම හේතුවෙන් ඔහුට කිසිවක් හානි කරන්නේ නැත. ඔහු නුඹලාගේ අවශ්යතාවෙන් තොරය. ඔහු වෙත අවශ්යතාව ඇත්තෝ නුඹලාය. අල්ලාහ් සියලු දෑ කෙරෙහි සර්ව බලධාරීය. ඔහු ඔහුගේ දහමට ඔහුගේ නබිවරයාට නුඹලා නොමැතිවම ජය ලබා දීමට බලය ඇත්තාය.

40

إِلَّا تَنصُرُوهُ فَقَدْ نَصَرَهُ ٱللَّهُ إِذْ أَخْرَجَهُ ٱلَّذِينَ كَفَرُوا۟ ثَانِىَ ٱثْنَيْنِ إِذْ هُمَا فِى ٱلْغَارِ إِذْ يَقُولُ لِصَٰحِبِهِۦ لَا تَحْزَنْ إِنَّ ٱللَّهَ مَعَنَا ۖ فَأَنزَلَ ٱللَّهُ سَكِينَتَهُۥ عَلَيْهِ وَأَيَّدَهُۥ بِجُنُودٍۢ لَّمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ ٱلَّذِينَ كَفَرُوا۟ ٱلسُّفْلَىٰ ۗ وَكَلِمَةُ ٱللَّهِ هِىَ ٱلْعُلْيَا ۗ وَٱللَّهُ عَزِيزٌ حَكِيمٌ

(අපගේ දූතයා වන) ඔහුට ඔබ උදව් නොකළහොත් (එමගින් ඔහුට කිසිම පාඩුවක් ඇති වන්නේ නැත. මන්දයත්) ප්‍රතික්ෂේප කරන්නන් ඔහුව (රටෙන්) පිටමං කළ අවස්ථාවේදී නියත වශයෙන්ම අල්ලාහ් ඔහුට උදව් කරමින්ම සිටියේය. (තවුර් නමැති කඳු) ගුහාවෙහි සිටි දෙදෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සිටිය (විට, සතුරන් පැමිණ වට කර ගත්) අවස්ථාවේදී තමන් සමග (ගල් ගුහාවෙහි) සිටි සහායයා (අබූබක්කර්)ට “ඔබ කණගාටු නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමග සිටින්නේය” යයි (සැනසුම් වදන්) පැවසූ විට, අල්ලාහ් ඔහුට තමන්ගේ ශාන්තිය පහළ කළේය. (තබූක් වැනි වෙනත් යුද්ධයන්හිද) ඔබට දැක ගත නොහැකි සේනාවන් මගින් ඔහුට උදව් කර, ප්‍රතික්ෂේප කරන්නන්ගේ පොරොන්දුව (ඉටු නොකර) පහත දැමුවේය. (මන්දයත්) අල්ලාහ්ගේ පොරොන්දුවම (සෑම විටම) ඉදිරියෙන් සිටින්නේය. තවද අල්ලාහ් (සියල්ලන්ටම) බලසම්පන්යෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා අල්ලාහ්ගේ දූතයාණන්හට උදව් නොකළේ නම් හෝ අල්ලාහ්ගේ මාර්ගයේ යුද වදින්නට එතුමාණන් ඇරයුම් කරන විට නුඹලා එයට පිළිතුරු නොදුන්නේ නම් හෝ සැබැවින්ම නුඹලා එතුමාණන් සමග නොවුව ද, අල්ලාහ් එතුමාට උදව් කරනු ඇත. දෙවියන් ආදේශ කරන්නන් විසින් එතුමාණන් ව හා අබූ බක්කර් තුමා ව පිටුවහල් කරන අවස්ථාවේ ඔවුන් දෙදෙනා සොයා ආ දේව ප්රතික්ෂේපකයින්හට බියෙන් සව්ර් ගුහාවේ සිටියදී ඔවුන් දෙදෙනා සමග තුන්වැන්නෙකු නොවීය. දේව ප්රතික්ෂේපකයින්ගේ ග්රහණයට හසුවනු ඇතැයි බිය වූ එතුමාණන්ගේ මිතුරු අබූ බක්කර් තුමාට, "ඔබ දුක් නොවනු. සැබවින් අල්ලාහ් ජය තහවුරු කිරීමට හා උදව් කිරීමට අප සමග සිටින්නේය" යැයි පැවසූ අවස්ථාවේ අල්ලාහ් ඔහුගේ දූතයාණන්ගේ සිතට සැනසුම පහළ කළේය. එතුමාණන් ශක්තිමත් කරන ඔවුන් නොදුටු මලක්වරුන් ද පහළ කළේය. දේවත්වය ප්රතික්ෂේප කරන්නන්ගේ ප්රකාශය පහත් කොට, ඉස්ලාමය උසස් වීමට සලස්වා අල්ලාහ්ගේ වදන උසස් කළේය. අල්ලාහ් ඔහුගේ ස්වභාවයේ හා ඔහුගේ බලයේ හා ඔහුගේ ආධිපත්යයේ සර්ව බලධාරීය. කිසිවකුට ඔහු අබිබවා යා නොහැක. සැලසුම් කිරීමෙහි ද ඔහුගේ නියමයෙහි හා ඔහු ආගමානුගත කිරීමෙහි ද ඔහු මහා ප්රඥාවන්තය.

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.