۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّۭا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُوا۟ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ
අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ පණද, වස්තූන්ද, නියත වශයෙන්ම ඔවුන්ට ස්වර්ගය දෙන බවට (පවසා), ඇත්තෙන්ම මිලට ගත්තේය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර ඔවුන් (සතුරන්ව) කපා දමන්නාහ. (නැතහොත්) කපනු ලැබ (මරණයට) පත් වන්නාහ. (මේ තත්වයන් දෙකෙහිම ඔවුන්ට ස්වර්ගය දෙන බවට) තව්රාතයෙහිද, ඉන්ජීල්හිද, කුර්ආනයෙහිද, (අල්ලාහ්) පොරොන්දු දී, තමන් කෙරෙහි අනිවායදැය කරගෙන ඇත්තේය. අල්ලාහ්ට වඩා පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරන්නා කවරෙක්ද? එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ ඔවුන් වෙත කර ගත් මෙම ව්යාපාරය ගැන සතුටට පත් වනු. නියත වශයෙන්ම මෙය ඉමහත් වූ භාග්යයකි!.
නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන්ගේ ආත්මාවන් අල්ලාහ් සතු වුව ද එයට ගෞරව කිරීමක් වශයෙන් ඉතා වටිනා මිලකින් ඔහු ඔවුන්ගේ ආත්මාවන් මිලට ගෙන ඇත. එය ස්වර්ගයයි. එය අල්ලාහ්ගේ වදන උසස් වීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමග සටන් වැද දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කොට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් විසින් ඔවුන් ද ඝාතනය වන පරිදිය. ඒ ගැන මූසා අලයිහිස් සලාම් තුමා ට හිමි තව්රාතයේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ඉන්ජීලයේ ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට හිමි කුර්ආනයේ ද අල්ලාහ් සත්ය ප්රතිඥාවක් දී ඇත. ශුද්ධ වූ අල්ලාහ්ගෙන් වූ ප්රතිඥත ගිවිසුම මෙන් වඩාත් පූර්ණවත් වෙනත් කිසිවෙකුගෙන් නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා කවර කරුණක් අල්ලාහ් සමග ගිවිස ගත්තේ ද නුඹලාගේ එම ගිවිසුම ගැන නුඹලා ප්රීති වනු. සතුටු වනු. නුඹලා එහි අතිමහත් ලාභයක් ලබා ඇත්තෙහුය. එම ව්යාපාරය අතිමහත් ජයග්රහණයයි.