Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 111–120 of 129

111

۞ إِنَّ ٱللَّهَ ٱشْتَرَىٰ مِنَ ٱلْمُؤْمِنِينَ أَنفُسَهُمْ وَأَمْوَٰلَهُم بِأَنَّ لَهُمُ ٱلْجَنَّةَ ۚ يُقَٰتِلُونَ فِى سَبِيلِ ٱللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّۭا فِى ٱلتَّوْرَىٰةِ وَٱلْإِنجِيلِ وَٱلْقُرْءَانِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِۦ مِنَ ٱللَّهِ ۚ فَٱسْتَبْشِرُوا۟ بِبَيْعِكُمُ ٱلَّذِى بَايَعْتُم بِهِۦ ۚ وَذَٰلِكَ هُوَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

අල්ලාහ් විශ්වාසවන්තයින්ගේ පණද, වස්තූන්ද, නියත වශයෙන්ම ඔවුන්ට ස්වර්ගය දෙන බවට (පවසා), ඇත්තෙන්ම මිලට ගත්තේය. ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙහි යුද්ධ කර ඔවුන් (සතුරන්ව) කපා දමන්නාහ. (නැතහොත්) කපනු ලැබ (මරණයට) පත් වන්නාහ. (මේ තත්වයන් දෙකෙහිම ඔවුන්ට ස්වර්ගය දෙන බවට) තව්රාතයෙහිද, ඉන්ජීල්හිද, කුර්ආනයෙහිද, (අල්ලාහ්) පොරොන්දු දී, තමන් කෙරෙහි අනිවායදැය කරගෙන ඇත්තේය. අල්ලාහ්ට වඩා පොරොන්දුව පූරණ වශයෙන් ඉටු කරන්නා කවරෙක්ද? එබැවින් (විශ්වාසවන්තයිනි!) ඔබ ඔවුන් වෙත කර ගත් මෙම ව්‍යාපාරය ගැන සතුටට පත් වනු. නියත වශයෙන්ම මෙය ඉමහත් වූ භාග්‍යයකි!.

නියත වශයෙන්ම දේවත්වය විශ්වාස කරන්නන්ගේ ආත්මාවන් අල්ලාහ් සතු වුව ද එයට ගෞරව කිරීමක් වශයෙන් ඉතා වටිනා මිලකින් ඔහු ඔවුන්ගේ ආත්මාවන් මිලට ගෙන ඇත. එය ස්වර්ගයයි. එය අල්ලාහ්ගේ වදන උසස් වීමට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් සමග සටන් වැද දේවත්වය ප්රතික්ෂේප කරන්නන් ඝාතනය කොට දේවත්වය ප්රතික්ෂේප කරන්නන් විසින් ඔවුන් ද ඝාතනය වන පරිදිය. ඒ ගැන මූසා අලයිහිස් සලාම් තුමා ට හිමි තව්රාතයේ ද ඊසා (අලයිහිස් සලාම්) තුමාට හිමි ඉන්ජීලයේ ද මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාට හිමි කුර්ආනයේ ද අල්ලාහ් සත්ය ප්රතිඥාවක් දී ඇත. ශුද්ධ වූ අල්ලාහ්ගෙන් වූ ප්රතිඥත ගිවිසුම මෙන් වඩාත් පූර්ණවත් වෙනත් කිසිවෙකුගෙන් නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලා කවර කරුණක් අල්ලාහ් සමග ගිවිස ගත්තේ ද නුඹලාගේ එම ගිවිසුම ගැන නුඹලා ප්රීති වනු. සතුටු වනු. නුඹලා එහි අතිමහත් ලාභයක් ලබා ඇත්තෙහුය. එම ව්යාපාරය අතිමහත් ජයග්රහණයයි.

At-Tawba 9:111Listen in Qur'an →
112

ٱلتَّٰٓئِبُونَ ٱلْعَٰبِدُونَ ٱلْحَٰمِدُونَ ٱلسَّٰٓئِحُونَ ٱلرَّٰكِعُونَ ٱلسَّٰجِدُونَ ٱلْءَامِرُونَ بِٱلْمَعْرُوفِ وَٱلنَّاهُونَ عَنِ ٱلْمُنكَرِ وَٱلْحَٰفِظُونَ لِحُدُودِ ٱللَّهِ ۗ وَبَشِّرِ ٱلْمُؤْمِنِينَ

පාපයන්ගෙන් ඈත් වූවන්ද, (දෙවියන් එක් කෙනෙකුවම) නමදින්නන්ද, (රාත්‍රියෙහි හා දහවලෙහි ඔහුවම සුවිශුද්ධ කර) ප්‍රශංසා කරන්නන්ද, (උපවාසයේ යෙදෙන්නන්ද, ධර්ම අධ්‍යාපනය ඉගෙන ගැනීම, ධර්ම ප්‍රචාරයන් කිරීම වැනි ධර්ම කාරණාවන් වෙනුවෙන්) සංචාරයෙහි යෙදෙන්නන්ද, නැවී හිස නවා (සලාත්) කරන්නන්ද, දැහැමි කාරණාවන් කරන මෙන් පොළඹවන්නන්ද, පාපතර කාරණාවන් වළක්වන්නන්ද, අල්ලාහ්ගේ සීමාවන්ට අනුකූලව කටයුතු කරන්නන්ද, ආදී මෙවැනි (සත්‍ය) විශ්වාසවන්තයින්ට (ස්වර්ගය ලැඛෙණු ඇතැයි නබියේ!) ඔබ ශුභාරංචි දෙනු මැනව!.

මෙම ප්රතිඵල නෙළා ගන්නන් වන මොවූහු අල්ලාහ් පිළිකුල් කරන හා ඔහු කෝප වන දැයින් ඉවත් ව ඔහු ප්රිය කරන ඔහු තෘප්තියට පත්වන දෑ වෙත යොමවන්නෝ වෙති. අල්ලාහ්ට බියෙන් ඔහුට යටහත් පහත් ව අවනත වන්නට වෙර දරන්නෝ වෙති. සෑම තත්ත්වයකම ඔවුන්ගේ පරමාධිපතිට ප්රශංසා කරන්නෝ වෙති. උපවාසයේ නිරත වන්නෝ වෙති. සලාත් නැමදුම් ඉටු කරන්නෝ වෙති. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් නියෝග කර ඇත්තේ ද ඒවා නියෝග කරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් කවර දෙයක් තහනම් කළේද එයින් වැළකී සිටින්නෝ ද වෙති. අල්ලාහ්ගේ නියෝගවලට යටත් වෙමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඒවා සුරක්ෂිත ව පිළිපදින්නෝ වෙති. අහෝ දූතය! මෙම ගුණාංගවලින් සපිරුණු දෙවියන් විශ්වාස කරන්නන් හට මෙලොවෙහි මෙන්ම මතු ලොවෙහි ඔවුනට සතුට ඇති කරන දෑ ගැන තොරතුරු දන්වා සිටිනු.

At-Tawba 9:112Listen in Qur'an →
113

مَا كَانَ لِلنَّبِىِّ وَٱلَّذِينَ ءَامَنُوٓا۟ أَن يَسْتَغْفِرُوا۟ لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوٓا۟ أُو۟لِى قُرْبَىٰ مِنۢ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَٰبُ ٱلْجَحِيمِ

සමානයන් තබා නමදින්නන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාට හෝ විශ්වාසවන්තයින්ට හෝ සුදුසු දැයක් නොව. ඔවුන් (මොවුන්ට) සමීප ඥාතීන් වශයෙන් සිටියද කම් නැත! ඔවුන් නියත වශයෙන්ම නිරාවාසීන්ය යයි මොවුන්ට පැහැදිලි වූවායින් පසු, (කෙසේ නම් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටිය හැකිද?).

සැබැවින්ම දෙවියන් ප්රතික්ෂේප කරන්නන් නිරා ගින්නේ සගයින් බව පැහැදිලි වූවායින් පසු ව ඔවුන් සමීපතයින් වුව ද ඔවුන් ආදේශ තැබීම මත ම මිය ගිය බැවින් ඔවුන් වෙනුවෙන් සමාව ඉල්ලා සිටීම නබිවරයාණන්ට හෝ මුඃමින්වරුන්ට හෝ යුතු නොවන්නේය.

At-Tawba 9:113Listen in Qur'an →
114

وَمَا كَانَ ٱسْتِغْفَارُ إِبْرَٰهِيمَ لِأَبِيهِ إِلَّا عَن مَّوْعِدَةٍۢ وَعَدَهَآ إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُۥٓ أَنَّهُۥ عَدُوٌّۭ لِّلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَٰهِيمَ لَأَوَّٰهٌ حَلِيمٌۭ

ඉබ්රාහීම් (නබි) තම පියා වෙනුවෙන් සමාව ඉල්ලා සිටියේ, ඔහු තම පියාට දී තිබූ එක් පොරොන්දුවකට මිස, වෙන කිසිවක් නැත. (ඔහුගේ පියා) අල්ලාහ්ට විරුද්ධවාදියෙක් යයි පැහැදිලිව දැන ගත් වහාම, එයින් (ඔහු වෙනුවෙන් සමාව ඉල්ලා සිටීමෙන්) ඔහු ඈත් වූවේය. නියත වශයෙන්ම ඉබ්රාහීම් ඉතාමත් කරුණාවන්ත හා යටහත් පහත්භාවයෙන්ද පිරි කෙනෙකු වශයෙන් සිටියේය.

ඉබ්රාහීම් තුමා තම පියාණන් වෙනුවෙන් සමාව අයැද සිටියේ ඔහු ඉස්ලාමය පිළිගනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් තමන් එය ඉල්ලා සිටින බවට පොරොන්දු වූ නිසාවෙන් මිස නොවීය. තම පියාණන්ට කළ උපදෙස් ප්රයෝජනවත් නොවූ බැවින් සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරෙකු බව දැන ගැනීම හේතුවෙන් හෝ සැබැවින්ම ඔහු දේව ප්රතික්ෂේපකයෙකු ලෙස මිය යන බවට දේව පණිවිඩ ලැබීම හේතුවෙන් හෝ එතුමා ඔහුගෙන් ඉවත් විය. ඔහු වෙනුවෙන් එතුමා සමාව අයැද සිටීම ඔහුගේ උත්සාහය මත සිදු වූවකි. අල්ලාහ් ඔහු වෙත එවූ දේව පණිවිඩයේ නීතියට විරුද්ධව කළ දෙයක් නොවන්නේය. සැබැවින්ම ඉබ්රාහීම් (අලය්හිස් සලාම්) තුමා අල්ලාහ් වෙත අධික ලෙස යටහත්භාවයට පත්වූ අයෙකි. ඔහුගේ අපරාධකාරී ජනයාට සමාව දී නොසලකා අත්හැර දැමූ අයෙකි.

At-Tawba 9:114Listen in Qur'an →
115

وَمَا كَانَ ٱللَّهُ لِيُضِلَّ قَوْمًۢا بَعْدَ إِذْ هَدَىٰهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُم مَّا يَتَّقُونَ ۚ إِنَّ ٱللَّهَ بِكُلِّ شَىْءٍ عَلِيمٌ

එක් සමූහයක් අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කළ පසු, ඔවුන් ඈත් විය යුතු කාරණාවන් කුමක්ද යන්න ඔහු, ඔවුන්ට පැහැදිලිව දැනුම් දෙන තුරු, ඔවුන් වැරදි කරන ලෙසට ඔහු අත්හැර දමන්නේ නැත. නියත වශයෙන්ම අල්ලාහ් සියල්ල ඉතාමත් හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

පිරිසකට යහමග සඳහා අල්ලාහ් ආශිර්වාද කළ පසුව ඔවුන් වැළකී සිටිය යුතු තහනම් දෑ ඔවුනට ඔහු පැහැදිලි කරන තෙක් ඔවුන් නොමග යවමින් ඔවුනට එරෙහි ව තීන්දු ගැනීම අල්ලාහ්ට නොවීය. ඔහු තහනම් කළ දෑ පැහැදිලි කිරීමෙන් පසු ව ඔවුන් වැරදි කරන්නේ නම් ඔවුනට මුළාව තීන්දු කරනු ඇත. සැබැවින්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව මැනවින් දන්නාය. ඔහුට කිසිවක් සැඟවී යන්නේ නැත. නුඹලා නොදැන සිටි දෑ සැබැවින්ම ඔහු නුඹලාට ඉගැන්නුවේය.

At-Tawba 9:115Listen in Qur'an →
116

إِنَّ ٱللَّهَ لَهُۥ مُلْكُ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضِ ۖ يُحْىِۦ وَيُمِيتُ ۚ وَمَا لَكُم مِّن دُونِ ٱللَّهِ مِن وَلِىٍّۢ وَلَا نَصِيرٍۢ

අහස් හා භූමියෙහි රාජ්‍යය අල්ලාහ්ටම අයිතිය! (ඔහුම) පණ දෙන්නේය. මරණයටද පත් කරන්නේය. එබැවින් අල්ලාහ් හැර ඔබට උදව් කරන්නෙකුද නැත. ඔබව ආරක්ෂා කරන්නෙකුද නැත.

අහස් හි ආධිපත්යය හා මහපොළොවේ ආධිපත්යය සැබැවින්ම අල්ලාහ් සතුය. ඒ දෙකෙහි ඔහුට කිසිදු හවුල්කරුවෙකු නොමැත. ඒ දෙකෙහි කිසිදු රහසිගත දෙයක් ඔහුට සැඟවෙන්නේ ද නැත. ජීවත් කිරීමට ඔහු අභිමත කරන අය ජීවත් කරවයි. මරණයට පත් කිරීමට ඔහු අභිමත කරන අය මරණයට පත් කරවයි. නුඹලාගේ කටයුතු භාර ව කටයුතු කරන්නට අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාර කරුවෙකු නුඹලාට නැත. එමෙන්ම නපුර නුඹලාගෙන් වළක්වන්නට හෝ නුඹලාගේ සතුරන්ට එරෙහිව නුඹලාට උදව් කරන්නට හෝ කිසිදු උදව්කරුවෙකු නුඹලාට නැත.

At-Tawba 9:116Listen in Qur'an →
117

لَّقَد تَّابَ ٱللَّهُ عَلَى ٱلنَّبِىِّ وَٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ ٱلَّذِينَ ٱتَّبَعُوهُ فِى سَاعَةِ ٱلْعُسْرَةِ مِنۢ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍۢ مِّنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُۥ بِهِمْ رَءُوفٌۭ رَّحِيمٌۭ

නබිවරයා කෙරෙහි නියත වශයෙන්ම අල්ලාහ් දයාව පහළ කළේය. (එසේම) දුෂ්කර කාලයන්හි ඔහුව අනුගමනය කළ මුහාජිර්වරුන් කෙරෙහිද, අන්සාරිවරුන් කෙරෙහිද (දයාව පහළ කළේය). ඔවුන්ගෙන් එක් සමුහයකගේ හෘදයන් කළබල වී තිබීමෙන් පසුවද, ඔවුන්ට සමාව දී (ඔවුන් කෙරෙහි දයාව පහළ) කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන් කෙරෙහි ආදර කරුණාවෙන් යුතු කෙනෙකු වශයෙන් සිටින්නේය.

තබූක් යුද්ධයෙන් පසුබැසීම සඳහා මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් කුහකයින්ට අවසර දුන් අවස්ථාවේ අල්ලාහ් එතුමාණන්ට සමාව දානය කළේය. එමෙන්ම යුද්ධ කිරීමට පසු නොබැස්සා වූ මක්කාවෙන් නික්ම ගිය මුහාජිර්වරුන්ටත් මදීනාවේ ඔවුනට උපකාර කළ අන්සාර්වරුන්ටත් අල්ලාහ් සමාව දානය කළේය. සතුරන් බලවත් ව සිටියදී තමන් සතු යුධ ආම්පන්න හා සේනා බලය අඩුවෙන් තිබිය දී දැඩි අව් රෂ්ණ කාලයක පැවැති තබූක් යුද්ධයේ දී එහි පවතින දැඩි දුෂ්කරතා හේතුවෙන් යුද්ධය අතහැර දැමීමට ඔවුන් අතරින් පිරිසකගේ හදවත් නැඹුරු වීමෙන් පසු ව පවා ඔවුහු එතුමාණන් පිළිපැද්දෝය. පසුව අල්ලාහ් ඔවුනට ස්ථාවරත්වය සහ සතුරා වෙත පිටත්ව යෑම සඳහා ආශිර්වාද කළේය. ඔවුනට සමාව දුන්නේය. සැබැවින්ම සුවි ශුද්ධවූ අල්ලාහ් ඔවුනට මහා කාරුණිකය. සෙනෙහෙවන්තය. පාපක්ෂමාව ඔවුනට ආශිර්වාද කිරීමත් එය ඔවුන්ගෙන් පිළිගැනීමත් ඔහුගේ කරුණාවෙන් වූවකි.

At-Tawba 9:117Listen in Qur'an →
118

وَعَلَى ٱلثَّلَٰثَةِ ٱلَّذِينَ خُلِّفُوا۟ حَتَّىٰٓ إِذَا ضَاقَتْ عَلَيْهِمُ ٱلْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنفُسُهُمْ وَظَنُّوٓا۟ أَن لَّا مَلْجَأَ مِنَ ٱللَّهِ إِلَّآ إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوٓا۟ ۚ إِنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

(අල්ලාහ්ගේ නියෝගය බලාපොරොත්තුවෙන් තීන්දුව නොදී) අත්හැර දමා තිබූ තිදෙනාටම (අල්ලාහ් සමාව දුන්නේය). භූමිය මෙතරම් විස්තීරණව තිබියදී (එය) ඔවුන්ට ඉතාමත් හකුළුවා ඔවුන් ජීවත් වීමද ඉතාමත් දුෂ්කර කර හැරියේය. අල්ලාහ් හැර ඔහුගෙන් බේරී ආරක්ෂක ස්ථානයක් ඔවුන්ට ඇත්තේම නැත යන්නද ඔවුන් ඉතාමත් ප්‍රත්‍යයක්ෂව දැන ගත්හ. එබැවින් ඔවුන් (පාපයන්ගෙන්) ඈත් වනු පිණිස, ඔවුන්ව (ඔවුන්ගේ වැරදිවලට) සමාව දී (ඔවුන්ට දයාව පහළ) කළේය. නියත වශයෙන්ම අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා දයාබරවන්තයෙකුද වශයෙන් සිටින්නේය.

ප්රමාද වූ කඃබ් ඉබ්නු මාලික්, මුරාරා ඉබ්නු අර් රබීඃ හා හිලාල් ඉබ්නු උමෙය්යා යන තිදෙනාගේ පශ්චාත්තාපය පිළිගෙන අල්ලාහ් ඔවුනට සමාව දානය කළේය. අල්ලාහ්ගේ දූතයාණන් සමග තබූක් යුද්ධය සඳහා පිටත් වීමෙන් ඔවුන් පසුබැස්සායින් පසු ඔවුන්ගේ පශ්චාත්තාපය භාර ගැනීම ප්රමාද කරනු ලැබීය. එහෙයින් ඔවුන්ගෙන් ඈත් ව කටයුතු කරන මෙන් නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා ජනයාට නියෝග කළේය. මහපොළොවේ විශාලත්වය ඔවුනට පටුවන තරමට එම කරුණ ඔවුනට දුක හා වේදනාව ගෙන දුන්නේය. ඔවුනට අත් වූ තනිකම හේතුවෙන් ඔවුන්ගේ හදවත් පීඩනයට පත් විය. අල්ලාහ් වෙත පමණක් යොමු වීමෙන් මිස යොමුවන්නට වෙනත් තැනක් නොමැති බව ඔවුන් වටහා ගත්තෝය. පසුව අල්ලාහ් පාප ක්ෂමාව සඳහා ඔවුනට ආශිර්වාද කිරීමෙන් ඔවුනට කරුණාව දැක්වීය. පසුව ඔවුන්ගේ පශ්චාත්තාය පිළිගත්තේය. සැබැවින් ඔහු තම ගැත්තන් හට අති ක්ෂමාශීලීය. ඔවුන් කෙරෙහි මහා කාරුණිකය.

At-Tawba 9:118Listen in Qur'an →
119

يَٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱتَّقُوا۟ ٱللَّهَ وَكُونُوا۟ مَعَ ٱلصَّٰدِقِينَ

විශ්වාසවන්තයිනි! ඔබ අල්ලාහ්ට බිය වී (වචනයෙන්ද, ක්‍රියාවෙන්ද) සත්‍යවන්තයින් වශයෙන් සිටිනු.

අහෝ අල්ලාහ් ව විශ්වාස කොට ඔහුගේ දූතයාණන් පිළිපැද ඔහු ආගමානුගත කළ අයුරින් ක්රියා කරන්නනි! අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහු පිළිබඳ සවිඥානකත්වයෙන් යුතු ව කටයුතු කරනු. සත්යවාදීන්ගේ දේව විශ්වාසය, ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාවන් අතර නුඹලා ද ඔවුන් සමගම වනු. සත්යයෙහි මිස වෙනත් ගැලවීමක් නුඹලාට නැත.

At-Tawba 9:119Listen in Qur'an →
120

مَا كَانَ لِأَهْلِ ٱلْمَدِينَةِ وَمَنْ حَوْلَهُم مِّنَ ٱلْأَعْرَابِ أَن يَتَخَلَّفُوا۟ عَن رَّسُولِ ٱللَّهِ وَلَا يَرْغَبُوا۟ بِأَنفُسِهِمْ عَن نَّفْسِهِۦ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌۭ وَلَا نَصَبٌۭ وَلَا مَخْمَصَةٌۭ فِى سَبِيلِ ٱللَّهِ وَلَا يَطَـُٔونَ مَوْطِئًۭا يَغِيظُ ٱلْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّۢ نَّيْلًا إِلَّا كُتِبَ لَهُم بِهِۦ عَمَلٌۭ صَٰلِحٌ ۚ إِنَّ ٱللَّهَ لَا يُضِيعُ أَجْرَ ٱلْمُحْسِنِينَ

මදීනාවාසීන් වුවද කම් නැත, නැතහොත් ඔවුන් වටා වාසය කරන පිටිසර අරාබිවරුන් වුවද කම් නැත, ඔවුන් අල්ලාහ්ගේ දූතයාගෙන් (ඈත් වී) පසුබට වී නැවතී සිටීමද, (අල්ලාහ්ගේ) දූතයාගේ පණට වඩා තමන්ගේ පණම ලොකු යයි අදහස් කිරීමද සුදුසු නැත. මන්දයත් අල්ලාහ්ගේ මාර්ගයෙහි මොවුන්ට ඇති වන දුෂ්කරතාවය, බඩ ගින්න, පිපාසය (ආදී දැයද), ප්‍රතික්ෂේප කරන්නන්ව කෝපයට පත් කරන ස්ථානයෙහි පය ගැසීම හා එමගින් සතුරන්ගේ පැත්තෙන් යම්කිසි දුක් කරදරයක් අත් වීම, ආදී මේ සියල්ල ඔවුන්ගේ දැහැමි ක්‍රියාවන් වශයෙන්ම සටහන් කරනු ලැබේ. නියත වශයෙන්ම අල්ලාහ් මෙවැනි දැහැමි ක්‍රියාවන් කරන්නන්ගේ ඵලවිපාක අපතේ හරින්නේ නැත.

අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) සටන් කිරීම සඳහා පිටත් ව යන විට මදීනා වාසීන් හෝ ඔවුන් අවට වෙසෙන ගම්බද ජනයා එතුමාණන්ගෙන් ඉවත් ව ඉන් පසුබෑම ඔවුනට සුදුසු නොවීය. නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන්ගේ ජීවිතයෙන් ඈත් වී තම ආත්මයන් හිරකර ආරක්ෂා කර තබා ගැනීම ද ඔවුනට සුදුසු නොවීය. නමුත් එතුමාණන් නොමැති ව හෝ තමන් ව කැප කිරීම අනිවාර්යය වන්නේය. ඊට හේතුව අල්ලාහ්ගේ මාර්ගයේ ඔවුන් කිසිදු තිබහක් හෝ වෙහෙසක් හෝ කුසගින්නක් හෝ අත් විඳින්නේ නම් හෝ දේව ප්රතික්ෂේපකයින්ගේ කෝපය ඔවුන් හමුවේ උසිගන්වන ස්ථානයකට ඔවුන් ගොඩ බැස්සේ නම් හෝ එමෙන්ම සතුරෙකු විසින් ඝාතනය කරනු ලැබීමක්, සිරගත වීමක්, යුද පිටියේ දමා ගිය වස්තුව අත්පත් කර ගැනීමක් පරාජයක් වැනි යමක් ඔවුනට අත් වන්නේ නම් හෝ එමගින් දැහැමි ක්රියාවක කුසල් අල්ලාහ් ඔවුනට නියම කරනු මිස නැත. ඔවුන්ගෙන් ඔහු එය පිළිගනියි. සැබැවින්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්රතිඵල නිෂ්ඵල කරන්නේ නැත. ඔවුනට පූර්ණ වශයෙන් ඔහු ආශිර්වාද කරයි. එය ඔවුනට වර්ධනය කරයි.

At-Tawba 9:120Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.