وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍۢ
(විශ්වාසවන්තයිනි!) ඔබ වටා ඇති (ග්රාමයන්හි වාසය කරන) පිටිසර අරාබිවරුන්ගෙන් වංචනිකයින් බොහොමයක් ඇත. (එයින්ද) මදීනාවේ සිටින බොහොමයක් වංචනිකභාවයෙහිම ගැලී ඇත්තාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දැන ගන්නේ නැත. අපිම ඔවුන්ව හොඳින් දන්නෙමු. ඉතාමත් ඉක්මනින් අපි ඔවුන්ව දෙගුණයක් (දැඩි ලෙස) දඬුවම් කරන්නෙමු. අවසානයේදී ඉමහත් වූ දඬුවම දෙසට ඔවුන්ව එළවා දමනු ලබන්නාහ.
මදීනා ව අසල වෙසෙන ගම්බදවාසීන් අතර කුහකයෝ ද වෙති. එමෙන්ම මදීනා වාසීන් අතර ද කුහකයෝ වෙති. ඔවුන් කුහකත්වය මත රැඳී ස්ථාවර ව සිටිති. අහෝ දූතය! ඔබ ඔවුන් ගැන නොදනියි. අල්ලාහ් ඔවුන් ගැන දනී. අල්ලාහ් දෙවතාවක්ම ඔවුනට දඬුවම් කරනු ඇත. වරක් ඔවුන්ගේ කුහකත්වය හෙළි කරමින් ඔවුන් ඝාතනයට ලක් කරමින් හා ඔවුන් සිරගත කරමින් මෙලොවෙහි දඬුවමට ලක් කරයි. තවත් වරක් කබ්ර් හි වේදනාව තුළින් දඬුවමට ලක් කරයි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ අඩියේ ඇති දැඩි දඬුවම වෙත යොමු කරනු ලබති.