Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 101–110 of 129

101

وَمِمَّنْ حَوْلَكُم مِّنَ ٱلْأَعْرَابِ مُنَٰفِقُونَ ۖ وَمِنْ أَهْلِ ٱلْمَدِينَةِ ۖ مَرَدُوا۟ عَلَى ٱلنِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُم مَّرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍۢ

(විශ්වාසවන්තයිනි!) ඔබ වටා ඇති (ග්‍රාමයන්හි වාසය කරන) පිටිසර අරාබිවරුන්ගෙන් වංචනිකයින් බොහොමයක් ඇත. (එයින්ද) මදීනාවේ සිටින බොහොමයක් වංචනිකභාවයෙහිම ගැලී ඇත්තාහ. (නබියේ!) ඔබ ඔවුන්ව දැන ගන්නේ නැත. අපිම ඔවුන්ව හොඳින් දන්නෙමු. ඉතාමත් ඉක්මනින් අපි ඔවුන්ව දෙගුණයක් (දැඩි ලෙස) දඬුවම් කරන්නෙමු. අවසානයේදී ඉමහත් වූ දඬුවම දෙසට ඔවුන්ව එළවා දමනු ලබන්නාහ.

මදීනා ව අසල වෙසෙන ගම්බදවාසීන් අතර කුහකයෝ ද වෙති. එමෙන්ම මදීනා වාසීන් අතර ද කුහකයෝ වෙති. ඔවුන් කුහකත්වය මත රැඳී ස්ථාවර ව සිටිති. අහෝ දූතය! ඔබ ඔවුන් ගැන නොදනියි. අල්ලාහ් ඔවුන් ගැන දනී. අල්ලාහ් දෙවතාවක්ම ඔවුනට දඬුවම් කරනු ඇත. වරක් ඔවුන්ගේ කුහකත්වය හෙළි කරමින් ඔවුන් ඝාතනයට ලක් කරමින් හා ඔවුන් සිරගත කරමින් මෙලොවෙහි දඬුවමට ලක් කරයි. තවත් වරක් කබ්ර් හි වේදනාව තුළින් දඬුවමට ලක් කරයි. පසුව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා ගින්නේ අඩියේ ඇති දැඩි දඬුවම වෙත යොමු කරනු ලබති.

At-Tawba 9:101Listen in Qur'an →
102

وَءَاخَرُونَ ٱعْتَرَفُوا۟ بِذُنُوبِهِمْ خَلَطُوا۟ عَمَلًۭا صَٰلِحًۭا وَءَاخَرَ سَيِّئًا عَسَى ٱللَّهُ أَن يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌ

තවත් සමහරෙක් (සිටින්නාහ. ඔවුන්) තමන්ගේ වැරදි බාර ගන්නාහ. (නොදැනුවත්කම නිසා) දැහැමි කාරණාවන්, නපුරු (කාරණාවන්) සමග මිශ්‍ර කර ක්‍රියාවට නැංවුහ. අල්ලාහ් ඔවුන්(ගේ වැරදි)වලට සමාව දිය හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් ක්ෂමා කරන්නෙකු හා දයාව පහළ කරන්නෙකු වශයෙන් සිටිනනේය.

කිසිදු සාධාරණ හේතුවකින් තොර ව යුද්ධ කිරීමෙන් පසුබට වන තවත් පිරිසක් ද මදීනා වාසීන් අතර වූහ. සැබැවින්ම ඔවුහු තමන්ට කිසිදු සාධාරණ හේතුවක් නොතිබූ බව පිළිගත් අතරම ව්යාජ හේතූන් කිසිවක් ඉදිරිපත් කළේ නැත. අල්ලාහ්ට අවනත වීමෙන් ඔහුගේ ආගමික පිළිවෙත් පිළිපදිමින් හා ඔහුගේ මාර්ගයේ සටන් කරමින් ඔවුන් පෙර කළ ඔවුන්ගේ දැහැමි ක්රියාවන් සමග පාපක්රියාවන් ද මුසු කර ගත්තෝය. ඔවුන් වෙත අල්ලාහ් සමාව දෙනු ඇතැයි ඔවුහු අපේක්ෂා කරති. තම ගැත්තන් අතරින් සමාව අයැද සිටින්නන් හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.

At-Tawba 9:102Listen in Qur'an →
103

خُذْ مِنْ أَمْوَٰلِهِمْ صَدَقَةًۭ تُطَهِّرُهُمْ وَتُزَكِّيهِم بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَوٰتَكَ سَكَنٌۭ لَّهُمْ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌ

(නබියේ! ඔවුන් තමන්ගේ වැරදිවලට වන්දි වශයෙන් ගෙනැවිත් ඇති) ඔවුන්ගේ වස්තූන් දානමාන වශයෙන් ඔබ ඇරගෙන (ඇතුළත හා පිටත) ඔවුන්ව පරිශුද්ධ කර තබා, එමගින් ඔවුන්ව පරිශුද්ධ කර (භාග්‍යවන්තයින් බවට පත් කිරීමට) ඔවුන්ට ආශීර්වාද කරනු මැනව! ඔබගේ ආශීර්වාදය නියත වශයෙන්ම ඔවුන්ට සැනසීමක් වනු ඇත. අල්ලාහ් සවන් දෙන්නෙකු හා ඉතාමත් දැනුම ඇත්තෙකු වශයෙන් සිටින්නේය.

අහෝ දූතය, ඔවුන්ගේ ධනයෙන් පාපකම් හා අකුසල් පිරිසිදු කරන සකාත් බද්ධ ගනු. එමගින් ඔවුනට යහපත වර්ධනය කරනු ලැබේ. ඔවුන්ගෙන් එය ගත් පසු ඔවුන් නිදහස් කරනු. සැබැවින්ම ඔබේ ප්රාර්ථනාව ඔවුනට ආශිර්වාදයකි. එමෙන්ම සැනසුමකි. ඔබේ ප්රාර්ථනාවට අල්ලාහ් මැනවින් සවන් දෙන්නාය. ඔවුන්ගේ ක්රියාවන් හා ඔවුන්ගේ චේතනාවන් පිළිබඳ මැනවින් දන්නාය.

At-Tawba 9:103Listen in Qur'an →
104

أَلَمْ يَعْلَمُوٓا۟ أَنَّ ٱللَّهَ هُوَ يَقْبَلُ ٱلتَّوْبَةَ عَنْ عِبَادِهِۦ وَيَأْخُذُ ٱلصَّدَقَٰتِ وَأَنَّ ٱللَّهَ هُوَ ٱلتَّوَّابُ ٱلرَّحِيمُ

නියත වශයෙන්ම අල්ලාහ් තම වහලූන්ගේ සමාව ඉල්ලා සිටීම බාර ගන්නේය යන්නද, දානමානයන් ඔහුම බාර ගන්නේය යන්නද, නියත වශයෙන්ම අල්ලාහ් පාපයන්ට සමාව දී දයාව පහළ කරන්නා යන්නද, ඔවුන් දැන ගත්තේ නැද්ද?

සටන් කිරීමෙන් පසුබට වූවන් හා අල්ලාහ් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන් සැබැවින්ම අල්ලාහ් තමන් වෙත පාපක්ෂමාව අයැද සිටින්නන්හට සමාව දානය කරන බවත්, සැබැවින්ම දානයන් ඔහු පිළිගන්නා බවත්, ඒ ගැන ඔහුට කිසිදු අවශ්යතාවක් නොමැති බවත්, දානය පිරිනමන්නාහට ඔහුගේ දානය වෙනුවෙන් කුසල් පිරිනමන බවත්, සැබැවින්ම තම ගැත්තන් ඔහුගෙන් පාපක්ෂමාව ඇයැද සිටින විට පාපක්ෂමාව පිරිනමන බවත්, ඔවුන් කෙරෙහි මහා කාරුණික බවත් දැන ගනු ඇත.

At-Tawba 9:104Listen in Qur'an →
105

وَقُلِ ٱعْمَلُوا۟ فَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ وَٱلْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

(නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ කරන දැයක් කරනු. නියත වශයෙන්ම අල්ලාහ්ද, ඔහුගේ දූතයාද, අනිත් විශ්වාසවන්තයින්ද, ඔබගේ ක්‍රියාවන් බලමින්ම සිටින්නාහ. තවද රහස්ද, නොරහස්ද දන්නා දෙසට නියත වශයෙන්ම ගෙන යනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය (කෙබඳු ඒවාදැයි යන්න) ඒ අවස්ථාවේදී ඔබට දැනුම් දෙනු ඇත”.

අහෝ දූතය! දෙවියන්ගේ මාර්ගයේ සටන් කිරීමට පසුබටවූවන්ට හා තම පාපකම් සඳහා පාපක්ෂමාව අයැද සිටින්නන්හට නුඹ මෙසේ පවසනු: නුඹලාට අතපසු වූ අඩුපාඩු පුරවාලනු. නුඹලාගේ ක්රියාවන් අල්ලාහ් වෙනුවෙන් අවංක ලෙස ඉටු කරනු. ඔහු තෘප්තිමත් වන දෑ අනුව ක්රියා කරනු. එවිට අල්ලාහ්, ඔහුගේ දූතයාණන් හා දේව විශ්වාසීන් නුඹලාගේ ක්රියාවන් දකිනු ඇත. මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සියලු දෑ දන්නා නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා හැරී යනු ඇත. නුඹලා සඟවන දෑ ද ප්රසිද්ධියේ සිදු කරන දෑ ද ඔහු දනී. මෙලොවෙහි නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ තොරතුරු ඔහු නුඹලාට දන්වා සිටියි. එමෙන්ම ඒ සඳහා ඔහු නුඹලාට කුසල් පිරිනමනු ඇත.

At-Tawba 9:105Listen in Qur'an →
106

وَءَاخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ ٱللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

අල්ලාහ්ගේ නියෝගය බලාපොරොත්තුවෙන් (තීන්දුව දීම නවතා තබා) ඇති වෙනත් සමහරෙක්ද සිටින්නාහ. (අල්ලාහ්) ඔවුන්ට දඬුවම් කළ හැකිය. නැතහොත් ඔවුන්ට සමාව දිය හැකිය. අල්ලාහ් (ඔවුන්ගේ කි්‍රයාවන්) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

තබූක් යුද්ධයෙන් පසුබට වූවන් අතර කිසිදු සාධාරණ හේතුවක් නොවූ තවත් පිරිසක් ද වූහ. ඔවුහු තම විෂයයෙහි අල්ලාහ්ගේ තීන්දුව හා තීරණය ප්රමාද වූවන් වූහ. ඔහු අභිමත කරන දෑ ඔවුන් විෂයයෙහි ඔහු තීන්දු කරයි. ඔහු වෙත පාපක්ෂමාවෙහි නිරත නොවූයේ නම් ඔහු ඔවුනට දඬුවම් කිරීම හෝ ඔවුන් පාපක්ෂමාවේ නිරත වූයේ නම් ඔවුනට සමාව දීම හෝ ඔහුගේ අභිමතය අනුව සිදුවන්නකි. ඔහුගේ දඬුවමට භාජනය වීමට සුදුස්සන් කවුරුන් දැයි ද තම සමාවට සුදුස්සන් කවුරුන් දැයි ද ඔහු මැනවින් දන්නාය. ඔහු ආගමානුගත කළ කරුණු වලදී හා ඔහුගේ සැලසුමෙහි ඔහු මහා ප්රඥාවන්තය. ඔවුන් වනාහි: මුරාරා ඉබ්නු අර්-රබීඃ, කඃබ් ඉබ්නු මාලික් හා හිලාල් ඉබ්නු උමෙය්යා.

At-Tawba 9:106Listen in Qur'an →
107

وَٱلَّذِينَ ٱتَّخَذُوا۟ مَسْجِدًۭا ضِرَارًۭا وَكُفْرًۭا وَتَفْرِيقًۢا بَيْنَ ٱلْمُؤْمِنِينَ وَإِرْصَادًۭا لِّمَنْ حَارَبَ ٱللَّهَ وَرَسُولَهُۥ مِن قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَآ إِلَّا ٱلْحُسْنَىٰ ۖ وَٱللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَٰذِبُونَ

කවුරුන් (විශ්වාසවන්තයින්ට) හානියක් කිරීමටද, ප්‍රතික්ෂේපය විසිරුවා හැරීමටද, විශ්වාසවන්තයින් අතරේ වෙන්වීමක් ඇති කිරීමටද, පළමුවෙන් අල්ලාහ් සමගද, ඔහුගේ දූතයා සමගද, යුද්ධ කළ අයට සැඟවෙන ස්ථානයක් බවට තිබීමටද, එක් නැමදුම්පළක් ඉදි කර ඇත්තෝද ඔවුන්, (තමන්ගේ වැරදි සඟවා ගැනීමට අදහස් කර) “නියත වශයේම අපි හොඳක්ම මිස (නපුරක්) අදහස් කළේ නැත” යයි දිව්රන්නාහ. නමුත් අල්ලාහ් නම්, නියත වශයෙන්ම ඔවුන් බොරුකාරයින් යයි සාක්ෂි දරන්නේය.

අල්ලාහ්ට අවනත වීම සඳහා නොව මුස්ලිම්වරුන්ට හානි පමුණුවීමටත් කුහකවාසීන්ගේ බලාධිකාරිය තුළින් දේව ප්රතික්ෂේප හෙළි කිරීමටත් දෙවියන් විශ්වාස කරන්නන් අතර බෙඳුම් ඇති කිරීමටත් මස්ජිදය ගොඩනැගිල්ල ඉදිරියේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් සමග සටන් කරන්නන් වෙනුවෙන් බලාපොරොත්තු වන හා ඔවුන් සූදානම් කරන ස්ථානයක් ලෙසටත් මස්ජිද් තනන අයද කුහකයින් අතර වෙති. එවන් කුහකයෝ නුඹලා වෙත දිවුරමින්, "සැබැවින්ම අපි මුස්ලිම්වරුන් සමග මෘදු ලෙස කටයුතු කිරීමට මිස වෙනත් කිසිවක් බලාපොරොත්තු නොවන්නෙමු." යැයි පවසති. ඔවුන් කරන මෙම වාදයේ සැබැවින්ම ඔවුන් බොරුකාරයින් බව අල්ලාහ්ම සාක්ෂි දරයි.

At-Tawba 9:107Listen in Qur'an →
108

لَا تَقُمْ فِيهِ أَبَدًۭا ۚ لَّمَسْجِدٌ أُسِّسَ عَلَى ٱلتَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَن تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌۭ يُحِبُّونَ أَن يَتَطَهَّرُوا۟ ۚ وَٱللَّهُ يُحِبُّ ٱلْمُطَّهِّرِينَ

එබැවින් (නබියේ!) ඔබ කිසි කලෙකත් (එහි ගොස්) එහි (සලාත් කිරීමට) නොසිටිනු. ආරම්භක දිනදීම (අල්ලාහ්ගේ) භය භක්තිය කෙරෙහි (පරිශුද්ධ වූ සිතුවිල්ලෙන් යුතුව) ඉදි කරන ලද නැමදුම්පළක් නම්, ඔබ (සලාත් කිරීමටද, සලාතය මෙහෙය වීමටද) සිටීමට ඉතාමත් සුදුසුය. පරිශුධ වුවන් වශයෙන් සිටීමටම කැමති වන මිනිසුන්ම එහි සිටින්නාහ. අල්ලාහ්ද (මෙවැනි) පරිශුද්ධවන්ත-යින්වම ආදරය කරන්නේය.

මෙවන් ලක්ෂණ සහිත මස්ජිදයන්හි සලාතය සඳහා එම කුහකයින් නුඹට කරන ඇරයුමට නුඹ ප්රතිචාර නොදක්වන්න. සැබැවින්ම දේව භක්තිය මත පදනම් ව ඉදි කරන ලද කුබා මස්ජිදය දේව ප්රතික්ෂේපය මත පදනම් ව ඉදි කරන ලද මෙම මස්ජිදයට වඩා උසස්ය. මස්ජිද් කුබාහි ජනයා ජලයෙන් කිලිටි හා අපවිත්ර දෑ පිරිසිදු කිරීමටත් පසුතැවිලි වීම හා පාපක්ෂමාව තුළින් පාපයන්ගෙන් පිරිසිදු වීමටත් ප්රිය කරති. පාපකම් කිලිටි හා අපවිත්ර දැයින් පිරිසිදු වන්නන්හට අල්ලාහ් ප්රිය කරයි.

At-Tawba 9:108Listen in Qur'an →
109

أَفَمَنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ تَقْوَىٰ مِنَ ٱللَّهِ وَرِضْوَٰنٍ خَيْرٌ أَم مَّنْ أَسَّسَ بُنْيَٰنَهُۥ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍۢ فَٱنْهَارَ بِهِۦ فِى نَارِ جَهَنَّمَ ۗ وَٱللَّهُ لَا يَهْدِى ٱلْقَوْمَ ٱلظَّٰلِمِينَ

කවුරුන් ශ්‍රේෂ්ඨයන් වන්නේද; අල්ලාහ්ගේ ශුද්ධ වූ සොම්නස අපේක්ෂාවෙන් පරිශුද්ධ (සිතුවිල්ල) කෙරෙහිම තම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම ඉදි කළ අයද? නැතහොත් (කඩා බිඳ වැටීමට හැකි වන සේ) ඇළ ඉව්රේ, එයත් ගරා වැටී ඔහු සමග නිරා ගින්නෙහි වැටෙන්නට හැකි වන සේ තම ගොඩනැගිල්ලෙහි අත්තිවාරම ඉදි කළ අයද? (මෙවැනි) අපරාධකාර ජනතාව, අල්ලාහ් ඍජු මාර්ගයෙහි ඇතුළු කරන්නේ නැත.

අල්ලාහ්ගේ නියෝග පිළිපැද, ඔහු තහනම් කළ දැයින් වැළකී, තම ක්රියාවන් හි අල්ලාහ්ගේ තෘප්තිය විශාල වශයෙන් බලාපොරොත්තුවෙන් මස්ජිදයක් ඉදිකරන්නා සමග දේව විශ්වාසීන් අතර බෙඳුම් ඇති කිරීමටත්, දේව ප්රතික්ෂේපය ශක්තිමත් කිරීමටත්, මුස්ලිම්වරුන්හට හිරිහැර කිරීමටත්, මස්ජිදයක් ඉදි කරන තැනැත්තකු සමාන වන්නේ ද? කිසිවිටෙක සමාන වන්නේ නැත. ඉදි කරන ලද පළමුවැන්න වඩාත් ශක්තිමත් හා බලවත් ගොඩනැගිල්ලකි. එය බිද වැටීම ගැන බියක් නැත. නමුත් මෙය සිදුරක් අසළ ඉදි කරනු ලැබ කඩා වැටුණු ගොඩනැගිල්ලක් බඳුය. එමගින් එම ගොඩ නැගිල්ල නිරයේ අඩියටම ගරා වැටෙනු අත. දේව ප්රතික්ෂේපය කුහකත්වය වැනි දුෂ්චරිත ඇති අපාරාධකාරී ජනයාට අල්ලාහ් ආශිර්වාද කරන්නේ නැත.

At-Tawba 9:109Listen in Qur'an →
110

لَا يَزَالُ بُنْيَٰنُهُمُ ٱلَّذِى بَنَوْا۟ رِيبَةًۭ فِى قُلُوبِهِمْ إِلَّآ أَن تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌ

තමන්ගේ හෘදයන්හි සැකයෙන් යුතුව ඔවුන් ඉදි කළ එම ගොඩනැගිල්ල, ඔවුන්ගේ හෘදයන් කෑලි කෑලිවලට කැඩී බිඳී යන තුරු (සැකයෙන්ම) තිඛෙණු ඇත. අල්ලාහ් (මොවුන් සියල්ලන්ම) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන් සිටින්නේය.

ඔවුන්ගේ හදවත් මරණයට පත්වීමෙන් හෝ අසිපතින් ඝාතනය කරනු ලැබීමෙන් වෙන් ව යන තරමට ඔවුන් ඉදි කළ ඔවුන්ගේ මස්ජිදය ඔවුන්ගේ හදවත් තුළ වේදනීය හිංසාවන් හා ස්ථාවර කුහකත්වය අඛණ්ඩ ව ඇති කළේය. අල්ලාහ් ඔහුගේ ගැත්තන්ගේ ක්රියාකාරකම් ගැන මැනවින් දන්නාය. යහපත හෝ අයහපත මත පිරිනමන දෑ තීරණය කිරීමේ දී ඔහු මහා ප්රඥාවන්තය.

At-Tawba 9:110Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.