Muslim99Muslim99
← Tafsir library

9. At-Tawba

The Repentance · Medinan · 129 ayahs

سُورَةُ التَّوۡبَةِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 129

91

لَّيْسَ عَلَى ٱلضُّعَفَآءِ وَلَا عَلَى ٱلْمَرْضَىٰ وَلَا عَلَى ٱلَّذِينَ لَا يَجِدُونَ مَا يُنفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا۟ لِلَّهِ وَرَسُولِهِۦ ۚ مَا عَلَى ٱلْمُحْسِنِينَ مِن سَبِيلٍۢ ۚ وَٱللَّهُ غَفُورٌۭ رَّحِيمٌۭ

ඛෙලහීනයන්ද, රෝගීන්ද, (යුද්ධයට) වියදම් කිරීමට වස්තූන් නොලදවුන්ද, අල්ලාහ්ටද, ඔහුගේ දූතයාටද මිශ්‍ර නොවූ (විශ්වාසවන්තයින්) වශයෙන් සිටියහොත් (ප්‍රමාණවත්ය. ඔවුන් යුද්ධයට නොගියා වුවද, ඒ ගැන ඔවුන් කෙරෙහි) කිසිම වැරැද්දක් නැත. මෙවැනි හොඳ අය කෙරෙහි (ෙදාස් නැගීමට) කිසිම මගක් නැත. අල්ලාහ් ඉතාමත් ක්ෂමා කරන්නෙකු හා කරුණාවන්තවද සිටින්නේය.

කාන්තාවන්, දරුවන්, රෝගීන්, වයෝවෘධයින්, අන්ධයින්, වියදම් කිරීමට ධනය නොමැති දිළින්දන් යනාදී නිදහසට කරුණු ඇත්තන්හට යුද්ධය සඳහා සූදානම් වීමේ අවශ්යතාවක් නැත. ඒ සියලු දෙනාටම යුද්ධයට නොයා පසුබැසීමට සාධාරණ හේතුවක් ඇති බැවින් ඔවුනට පවක් අත් වන්නේ නැත. ඊට හේතුව ඔවුන් නිදහසට කරුණු ඇති උදවිය වීමය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙනුවෙන් අවංකව කටයුතු කොට, ඔහුගේ පිළිවෙත ක්රියාවට නැංවූ විට නිදහසට කරුණු ඇති එවන් ජනයා අතරින් දැහැමියන් හට දඬුවම අත්වීම සඳහා කිසිදු මාර්ගයක් නැත. දැහැමියන්ගේ පාපකම්වලට අල්ලාහ් සමාව දෙන්නාය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.

92

وَلَا عَلَى ٱلَّذِينَ إِذَا مَآ أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَآ أَجِدُ مَآ أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوا۟ وَّأَعْيُنُهُمْ تَفِيضُ مِنَ ٱلدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا۟ مَا يُنفِقُونَ

(යුද්ධයට හිමි) වාහනය ඔබ ලබා දෙනු ඇතැයි ඔබ වෙත පැමිණි අයට “ඔබව පටවාගෙන යා හැකි වාහනයක් මා වෙත නැත” යයි ඔබ පැවසූ අවස්ථාවේදී, තමන් වෙතද වියදමට මුදල් නොමැති වීමේ දුකෙන් ඔවුන් තමන්ගේ ඇස්වලින් කඳුළු වෑහෙන්නට වූවන් වශයෙන් (තම වාසස්ථානයන්ට) ආපසු යන්නෙහු නම්, ඔවුන් කෙරෙහිද (යුද්ධයට නොයාම ගැන කිසිම වැරැද්දක් නැත).

එමෙන්ම අහෝ දූතය! යුද්ධය සඳහා තමන් නැග යාමට සතෙකු (ප්රවාහන පහසුකම්) ඉල්ලා නුඹ වෙත පැමිණ, නුඹලා නැග යන්නට අවශ්ය සතුන් මා සතු ව නොමැතැයි ඔවුනට නුඹ පවසා පසු ව ඔවුන් විසින් හෝ නුඹ වෙතින් හෝ වියදම් කිරීමට යමක් නොලැබීම හේතුවෙන් කනස්සල්ලට පත් වී තම ඇස් වලින් කඳුළු සලා නුඹෙන් වෙන් ව හැරී ගියවුන් කෙරෙහි ද පාපයක් නැත.

93

۞ إِنَّمَا ٱلسَّبِيلُ عَلَى ٱلَّذِينَ يَسْتَـْٔذِنُونَكَ وَهُمْ أَغْنِيَآءُ ۚ رَضُوا۟ بِأَن يَكُونُوا۟ مَعَ ٱلْخَوَالِفِ وَطَبَعَ ٱللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ

එහෙත් කවුරුන් ධනපතියන් වශයෙන්ද සිටියදී, (යුද්ධයට නොගොස් නිවෙස්හි) නැවතී සිටියවුන් සමග තමන්ද නැවතී සිටීමට කැමති වන්නෝද, ඔවුන් කෙරෙහිම (වරැද්දක් ඇල්ලීමට) යම් කිසිවක් ඇත. ඔවුන්ගේ හෘදයන් මත අල්ලාහ් මුද්‍රා තබා හැරියේය. එබැවින් ඔවුන් (මෙමගින් ඇති වන අවමානය) දැන ගන්නේ නැත.

නිදහසට කරුණු ඇති උදවියට කිසිදු ක්රියා මාර්ගක් නැතැයි පැහැදිළි කළ පසුව දඬුවමට හා ග්රහණයට සුදුසුකම් ඇත්තෝ කවුරුන්දැයි මතක් කර සිටියි. අල්ලාහ් මෙසේ ප්රකාශ කරයි: "අහෝ දූතය! දඬුවම් කිරීමේ හා ග්රහණය කිරීමේ ක්රියාමාර්ග ගනු ලබනුයේ යුද්ධය සඳහා සූදානම් වීමට පහසුකම් තිබියදීත් ඒ සඳහා හැකියාව තිබියදීත් ඉන් පසුබට වීම සඳහා ඔබෙන් අවසර පැතූවන් හටය. පසුබාමින් නිවෙස්වල රැඳී සිටියවුන් සමග තමන් ද රැඳී සිටීම හේතුවෙන් ඔවුහු අවමානය හා අපහාසය පිළිගත්තෝය. ඔවුන්ගේ සිත් මත අල්ලාහ් මුද්රා තැබුවේය. උපදෙස ඔවුනට කිසිදු බලපෑමක් සිදු නොකළේය. මෙසේ මුද්රා තැබීම හේතුවෙන් ඔවුනට එහි ඇති යහපත කුමක් ද යන්න තෝරා ගැනීමටත් ඔවුනට එහි ඇති අයහපත කුමක් ද යන්න හඳුනාගෙන ඉන් වැළකී සිටීමටත් නොහැකි වීමය."

94

يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُل لَّا تَعْتَذِرُوا۟ لَن نُّؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا ٱللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى ٱللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُۥ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَٰلِمِ ٱلْغَيْبِ وَٱلشَّهَٰدَةِ فَيُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ

(විශ්වාසවන්තයිනි! යුද්ධ කර) ඔබ (ජයග්‍රහණය සමගද ශරීර සුවයෙන්ද යුතුව) ඔවුන් වෙත ආපසු පැමිණි අවස්ථාවේදී ඔබ වෙත ඔවුන් (පැමිණ යුද්ධයට නොඒම ගැන සමාව ඉල්ලා) ප්‍රශංසා කරන්නාහ. (එයට නබියේ! ඔවුන්ට) ඔබ මෙසේ පවසනු: “ඔබ ප්‍රශංසා නොකරනු. අපි ඔබව විශ්වාස කරන්නේම නැත. ඔබගේ (වංචනික) කාරණාවන් නියත වශයෙන්ම අල්ලාහ් අපට දැනුම් දුන්නේය. අල්ලාහ්ද, ඔහුගේ දූතයාද ඉතාමත් ඉක්මනින් ඔබගේ ක්‍රියාවන් දැන ගන්නාහ. පසුව ඔබ රහස් හා නොරහස් දන්නා අය වෙත ගෙන යනු ලබන්නෙහුය. ඔබ කරමින් සිටි දැය ඒ අවස්ථාවේදී ඔහුම ඔබට දැනුම් දෙනු ඇත”.

ජිහාදයට නොගොස් පසුබැස්සා වූ කුහකයින්, මුස්ලිම්වරුන් ජිහාද්හි නිරත වී හැරී පැමිණි විට ඔවුනට දැඩි සේ නිදහසට කරුණු ඉදිරිපත් කරනු ඇත. ‘නුඹලා ව්යාජ හේතු ඉදිරිපත් කරමින් නිදහසට කරුණු නොදක්වනු. ඒවා ගැන කවර තොරතුරක් නුඹලා අපට පවසා සිටිය ද අපි එය සැබෑ ලෙස පිළි නොගනිමු. නුඹලාගේ සිත් තුළ ඇති දෑ අල්ලාහ් අපට දන්වා ඇත. නුඹලා පශ්චාත්තාප වී නුඹලාගේ පශ්චාත්තාපය අල්ලාහ් පිළිගැනීම හෝ නුඹලාගේ කුහකත්වයේම නුඹලා දිගටම රැඳී සිටිම හෝ සම්බන්ධයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ක්රියාමාර්ගයක් ගනු ඇත. පසු ව සියලු දෑ දන්නා අල්ලාහ් වෙත නුඹලා යොමු කරනු ලැබේ. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ ඔහු නුඹලාට දන්වනු ඇත. ඒ සඳහා ඔහු නුඹලාට ප්රතිඵල දෙනු ඇත. එහෙයින් පාප ක්ෂමාව හා දැහැමි ක්රියාවන් සඳහා යුහුසුලු වනු’ යැයි ඔවුනට පිළිතුරු දෙන මෙන් අල්ලාහ් ඔහුගේ නබිවරයාට හා දේවත්වය විශ්වාස කරන්නන්ට මග පෙන්වීය.

95

سَيَحْلِفُونَ بِٱللَّهِ لَكُمْ إِذَا ٱنقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا۟ عَنْهُمْ ۖ فَأَعْرِضُوا۟ عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌۭ ۖ وَمَأْوَىٰهُمْ جَهَنَّمُ جَزَآءًۢ بِمَا كَانُوا۟ يَكْسِبُونَ

(විශ්වාසවන්තයිනි! යුද්ධයෙන් පසු ජයග්‍රහණයත් සමග) ඔවුන් වෙත ඔබ ආපසු පැමිණියහොත් ඔබ ඔවුන්ව (වැරදි නොපටවා) ප්‍රතික්ෂේප කර (අත්හැර) දැමුවහොත් ඔවුන් ඔබ වෙත පැමිණ අල්ලාහ් මත දිව්රනු ඇත. එබැවින් ඔබත් ඔවුන්ව ප්‍රතික්ෂේප කර, (අත්හැර) දමනු. නියත වශයෙන්ම ඔවුන් අපිරිසිදු අයයි. ඔවුන් යන තැන නිරයයි. (එයම) ඔවුන් කරමින් සිටි (නපුරු) අපරාධයන්ට අයත් ඵලවිපාකයයි.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසුබැස්සා වූ මෙම ජනයා වෙත නුඹලා නැවත හැරී ආ විට ඔවුනට දොස් නැගීමෙන් හා ඔවුන් ගැන පිළිකුල් කිරීමෙන් නුඹලාව වැළැක්වීම සඳහා ඔවුහු නිදහසට බොරු කරණු අල්ලාහ් මත දිවුරා සහතික කොට පවසා සිටිති. එහෙයින් නුඹලා කෝපයෙන් යුතුව ඔවුන් අතහැර දමනු. ඔවුන් ව දුරස් කරනු. සැබැවින්ම ඔවුන් අභ්යන්තරයෙහි කිලිටි ඇත්තෝ වෙති. ඔවුන් පිවිසෙන ඔවුන්ගේ නවාතැන නිරයයි. එය ඔවුන් උපයා ගත් කුහකත්වය හා පාපය හේතුවෙන් ඔවුනට හිමි විපාකයයි.

96

يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا۟ عَنْهُمْ ۖ فَإِن تَرْضَوْا۟ عَنْهُمْ فَإِنَّ ٱللَّهَ لَا يَرْضَىٰ عَنِ ٱلْقَوْمِ ٱلْفَٰسِقِينَ

(විශ්වාසවන්තයිනි!) ඔවුන් ගැන ඔබ තෘප්තියට පත්වීම පිණිස, ඔවුන් ඔබ වෙත (මෙසේ බොරු) දිව්රුම් කරන්නාහ. ඔවුන් ගැන ඔබ තෘප්තියට පත් වූවා වුවද, නියත වශයෙන්ම අල්ලාහ් පාපතරයන් වන මෙම ජනතාව ගැන තෘප්තියට පත් වන්නේම නැත.

අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! පසු බැස්සා වූ ජනයා ගැන නුඹලා තෘප්තිමත් වනු පිණිස ඔවුන් නුඹලාට දිවුරා පවසති. නිදහසට කරනු පෙරළා ඉදිරිපත් කරති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් නොවනු. නුඹලා ඔවුන් ගැන තෘප්තියට පත් වූයෙහු නම්, නුඹලාගේ පරමාධිපතිට විරුද්ධ ව නුඹලා කටයුතු කරන්නෙහුය. දේව ප්රතික්ෂේපය හා කුහකත්වය හේතුවෙන් ඔහුට අවනත වීමෙන් ඉවත් වූ ජනයා පිළිබඳ ඔහු තෘප්තියට පත් වන්නේ නැත. එබැවින් අහෝ මුස්ලිම්වරුනි! අල්ලාහ් තෘප්තියට පත් නොවන අය ගැන නුඹලා තෘප්තියට පත්වීමෙන් වැළකෙනු.

97

ٱلْأَعْرَابُ أَشَدُّ كُفْرًۭا وَنِفَاقًۭا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا۟ حُدُودَ مَآ أَنزَلَ ٱللَّهُ عَلَىٰ رَسُولِهِۦ ۗ وَٱللَّهُ عَلِيمٌ حَكِيمٌۭ

ප්‍රතික්ෂේපයේද, වංචනිකභාවයේද පිටිසර අරාබිවරුන් ඉතාමත් දරුණුය. තවද අල්ලාහ් තම දූතයා කෙරෙහි පහළ කර ඇති (ධර්ම) සීමාවන් දැන ගන්නටද පහසුකම් නැත්තවුන්ය. අල්ලාහ් (සියල්ල) හොඳින් දන්නෙකු හා ඥානවන්තයෙකු වශයෙන්ද සිටින්නේය.

ගම්බද ජනයා ප්රතික්ෂේප කළේ නම් හෝ කුහක වූයේ නම් හෝ ඔවුන්ගේ ප්රතික්ෂේපය නගරයේ පදිංචි ජනයාට වඩා ඉතා දැඩි ව පිහිටයි. එමෙන්ම ඔවුන්ගේ කුහකත්වය ද මොවුනට වඩා ඉතා දරුණු වේ. ඔවුන් දහම පිළිබඳ මහත් සේ අඥානකමින් පසු වන්නේය. තම දහම් දූතයාණන්ට පහළ කර ඇති ආගමික නීති සීමාවන් සම්ප්රදායන් හා අනිවාර්යය වගකීම් පිළිබඳව නොදැන සිටීමට වඩාත් සුදුස්සන් වන්නේය. ඊට හේතුව ඔවුන්ගේ දැඩි බව, රළු බව හා අඩු ආශ්රයයි. ඔවුන්ගේ තත්ත්වය පිළිබඳ අල්ලාහ් මැනවින් දන්නාය. ඒවායින් කිසිවක් ඔහුට සැඟවෙන්නේ නැත. ඔහු සැලසුම් කිරීමේ හා ආගමානුගත කිරීමෙහි මහා ප්රඥාවන්තය.

98

وَمِنَ ٱلْأَعْرَابِ مَن يَتَّخِذُ مَا يُنفِقُ مَغْرَمًۭا وَيَتَرَبَّصُ بِكُمُ ٱلدَّوَآئِرَ ۚ عَلَيْهِمْ دَآئِرَةُ ٱلسَّوْءِ ۗ وَٱللَّهُ سَمِيعٌ عَلِيمٌۭ

(අධ්‍යාපන දැනුම නැති) පිටිසර අරාබිවරුන්ගෙන් බොහොමයක් සිටින්නාහ; ඔවුන් (දානමානය සඳහා) කරන වියදම අර්ථයක් නැති දැය යයි අදහස් කර, ඔබ (කාල) චක්‍රයෙහි පැටළී (අමාරුකමට ඇතුළු වී) යාම බලාපොරොත්තු වන්නාහ. එහෙත් ඔවුන්ගේ (හිස) මතම නරක කාලය කැරකෙමින් ඇත්තේය. අල්ලාහ් සවන් දෙන්නෙකු හා හොඳින් දන්නෙකු වශයෙන් සිටින්නේය.

කුහක ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ගේ මාර්ගයේ මුදල් වියදම් කිරීම අලාභයක් හා පාඩුවක් යැයි විශ්වාස කරන අය ද වෙති. 'එය තමන් වියදම් කළේ නම් ඒ සඳහා කුලියක් නොලැබෙයි. එය රඳවා ගත්තේ නම් අල්ලාහ් ඔහුට දඬුවම් නොකරයි' යනුවෙන් ඒ ගැන සැක කළ බැවිනි. නමුත් ඇතැම් විට මුනිච්චාවට හා රැකවරණය පැතීමට ඔවුන් එසේ වියදම් කරති. අහෝ දේවත්වය විශ්වාස කරන්නනි! නුඹලාට යම් විපත්තියක් පහළ වී නුඹලාගෙන් ඔවුන් වෙන් වන්නට අපේක්ෂා කරයි. නමුත් ඔවුන් ප්රිය කරන පරිදි දේවත්වය විශ්වාස කරන්නන්හට නපුරක් හා නපුරු කාලයේ අවෑමක් සිදු වීම වෙනුවට අල්ලාහ් ඔවුන් දඬුවමට ලක් වන අයුරින් එය පත් කළේය. ඔවුන් පවසන දෑ පිළිබඳ අල්ලාහ් සර්ව ශ්රාවකය. ඔවුන් සගවන දෑ පිළිබඳ ව මැනවින් දන්නාය.

99

وَمِنَ ٱلْأَعْرَابِ مَن يُؤْمِنُ بِٱللَّهِ وَٱلْيَوْمِ ٱلْءَاخِرِ وَيَتَّخِذُ مَا يُنفِقُ قُرُبَٰتٍ عِندَ ٱللَّهِ وَصَلَوَٰتِ ٱلرَّسُولِ ۚ أَلَآ إِنَّهَا قُرْبَةٌۭ لَّهُمْ ۚ سَيُدْخِلُهُمُ ٱللَّهُ فِى رَحْمَتِهِۦٓ ۗ إِنَّ ٱللَّهَ غَفُورٌۭ رَّحِيمٌۭ

අල්ලාහ්වද, අවසාන දිනයද මත විශ්වාසය තැබූ පිටිසර අරාබිවරුන්ගෙන් බොහොමයක් ඇත්තාහ. ඔවුන් තමන් කරන දානමානය අල්ලාහ් වෙත තමන්ව සමීප කරවීමට හා (ඔහුගේ) දූතයාගේ ආශීර්වාදයටද මාර්ගයක් බවට පත් කර ගන්නාහ. නියත වශයෙන්ම එය ඔවුන්ව (අල්ලාහ්ට) සමීප කරවන්නේය යන්න ඔබ දැන ගනු මැනව! අල්ලාහ් ඔවුන්ව ඉතාමත් ඉක්මනින් තම දයාවෙහිද ඇතුළු කරන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පව් වලට සමාව දී කරුණාව, දයාව දක්වන්නෙකු වශයෙන් සිටින්නේය.

ගම්බද වාසීන් අතරින් අල්ලාහ්ව විශ්වාස කර මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනය විශ්වාස කරන්නන් ද වෙති. එමෙන්ම අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය වියදම් කිරීම අල්ලාහ් වෙත සමීප කරවීමක් ලෙස ද ඔවුන් සලකති. අල්ලාහ්ගේ දූතයාණන්ගේ ප්රාර්ථනාව හා තමන් වෙනුවෙන් ඔහු ඉල්ලා සිටින පාපක්ෂමාව ජයග්රහණයේ මාධ්යයක් බවට පත් කර ගනිති. දැනගන්න. සැබැවින්ම අල්ලාහ්ගේ මාර්ගයේ ඔහු වියදම් කිරීමත් දහම් දූතයාණන් ඔහු වෙනුවෙන් ප්රාර්ථනා කිරීමත් අල්ලාහ් අබියස ඔහුට සමීපතා ඇති කරවන්නකි. එමෙන්ම ඒ සඳහා ඔහු අබියස ඔහුට කුසල් ඇත. එය ඔහුගේ සමාව හා ඔහුගේ ස්වර්ග උයන ආවරණය කර ඇති, අති මහත් ඔහුගේ දයාව තුළට ඔහුව ඇතුළත් කිරීමෙනි. සැබැවින්ම තම ගැත්තන් අතරින් පාපක්ෂමාව අයැදින්නන්හට අල්ලාහ් අති ක්ෂමාශීලීය. ඔවුන් පිළිබඳ මහා කාරුණිකය.

100

وَٱلسَّٰبِقُونَ ٱلْأَوَّلُونَ مِنَ ٱلْمُهَٰجِرِينَ وَٱلْأَنصَارِ وَٱلَّذِينَ ٱتَّبَعُوهُم بِإِحْسَٰنٍۢ رَّضِىَ ٱللَّهُ عَنْهُمْ وَرَضُوا۟ عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّٰتٍۢ تَجْرِى تَحْتَهَا ٱلْأَنْهَٰرُ خَٰلِدِينَ فِيهَآ أَبَدًۭا ۚ ذَٰلِكَ ٱلْفَوْزُ ٱلْعَظِيمُ

මුහාජිර්වරුන්ගෙන්ද අන්සාරිවරුන්ගෙන්ද කවුරුන් (ඉස්ලාමයෙහි) පළමුවෙන්ම ඉදිරියට (විත් විශ්වාසය) තැබූවෝද, ඔවුන්වද, දැහැමි ක්‍රියාවන්හි (ඇත්තෙන්ම) ඔවුන්ව අනුගමනය කළ අයවද, ගැන අල්ලාහ් තෘප්තියට පත් වන්නේය. ඔවුන්ද අල්ලාහ් ගැන තෘප්තියට පත් වන්නාහ. තවද සදාකල් ජල දහරා ගලා බසිමින් ඇති ස්වර්ගයන් ඔවුන් වෙනුවෙන් සැලසුම් කර තබා ඇත්තේය. ඒවායෙහිම ඔවුන් සදාකල් රැඳී සිටිනු ඇත. මෙය ඉමහත් වූ භාග්‍යයකි.

තම නිවෙස් හා තම දේශය අතහැර අල්ලාහ් වෙත නික්ම ගිය මුහාජිරීන්වරුන් අතරින් හා තම නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණන් හට උපකාර කළ අන්සාරිවරුන් අතරින් දේවත්වයේ විශ්වාසය වෙත නැඹුරු වූ ප්රාරම්භක පුරෝගාමීන් හා මුහාජිර් වරුන් හා අන්සාර්වරුන් පිළිපදිමින් ඔවුන්ගේ ප්රතිපත්තිය ඔවුන්ගේ ප්රකාශ හා ඔවුන්ගේ ක්රියාව තුළ දැහැමි ලෙස ක්රියා කොට දේව විශ්වාසය පිළිගත් ප්රමුකයෝ වනාහි, අල්ලාහ් ඔවුන් ගැන තෘප්තියට පත් විය. ඔවුන්ගේ අවනත වීම පිළිගත්තේය. ඔවුනට පිරිනැමූ ඔහුගේ අතිමහත් කුසල් සම්බන්ධයෙන් ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූවෝය. ස්වර්ග මාලිගා යටින් ගංගාවන් ගලා බස්නා උයන් ඔවුනට ඔහු සූදානම් කළේය. ඔවුහු එහි සදාතනිකව රැඳී සිටිති. එම ප්රතිඵලය අතිමහත් ජයග්රහණයකි.

At-Tawba 9:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.