Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 71–80 of 206

71

قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌۭ وَغَضَبٌ ۖ أَتُجَٰدِلُونَنِى فِىٓ أَسْمَآءٍۢ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍۢ ۚ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ

එයට ඔහු “ඔබ දෙවියන්ගේ කෝපයද, දඬුවමද, ඔබට (නියම කරනු ලැබීය. ඒවා) නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔබත් ඔබගේ පෙර සිටියවුන්ද (දෙවිවරුන් යයි) තබා ගෙන සිටි දැය (පුහු) නාමයන් ගැනද ඔබ මා සමග තර්ක කරමින් සිටින්නේ? එයට යම්කිසි සාක්ෂ්‍යක්ද අල්ලාහ් (ඔබට) පහළ කර තැබුවේ නැත. එබැවින් (ඔබට පැමිණෙන්නට යන දඬුවම) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමද ඔබ සමග බලාපොරොත්තු-වෙන් සිටින්නෙමි” යයි පැවසුවේය.

හූද් තුමා ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය ඔබ අනිවාර්යය කර ඉල්ලන්නෙහුය. එය ඔබට කිසිදු සැකයකින් තොරව සිදු වන්නේමය. ඔබ හා ඔබේ මුතුන් මිත්තන් දෙවියන් ලෙස නම් තැබූ පිළිම විෂයයෙහි මා සමග වාද කරන්නෙහුද? ඒවා සැබෑ නොවන්නේය. එහෙයින් දේවත්වය පිළිබඳ වාද කරන දෑ සඳහා සාක්ෂි වශයෙන් ගත හැකි සාධකයක් අල්ලාහ් ඔබට පහළ කළේ නැත. එහෙයින් ඔබ පතන දෑ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔබට එම දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත. මමත් ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටිමි. එය සිදුවනු ඇත යැයි පැවසුවේය.

Al-A'raaf 7:71Listen in Qur'an →
72

فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ بِرَحْمَةٍۢ مِّنَّا وَقَطَعْنَا دَابِرَ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا ۖ وَمَا كَانُوا۟ مُؤْمِنِينَ

එබැවින් ඔහුවද, ඔහුට පක්ෂපාතී අයවද අපගේ දයාවෙන් අපි බේරාගෙන අපගේ ආයාවන් බොරු කර, විශ්වාස නොකර සිටි අයව සහමුලින්ම කපා දමන්නෙමු.

හූද් (අලය්හිස් සලාම්) හා ඔහු සමග වූ දෙවියන් විශ්වාස කළවුන් අපගේ කරුණා දයාවෙන් ආරක්ෂා කළෙමු. අපගේ වදන් බොරු කළවුන් මුළුමණින්ම විනාශ කර දැමුවෙමු. ඔවුහු දේව විශ්වාසීන් ලෙස නොසිටියෙහුය. එහෙයින් ඔවුහු දඬුවමට සුදුස්සන් වූහ.

Al-A'raaf 7:72Listen in Qur'an →
73

وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَٰلِحًۭا ۗ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ قَدْ جَآءَتْكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ ۖ هَٰذِهِۦ نَاقَةُ ٱللَّهِ لَكُمْ ءَايَةًۭ ۖ فَذَرُوهَا تَأْكُلْ فِىٓ أَرْضِ ٱللَّهِ ۖ وَلَا تَمَسُّوهَا بِسُوٓءٍۢ فَيَأْخُذَكُمْ عَذَابٌ أَلِيمٌۭ

සමූද් (නමැති) ජනතාව වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව (අපගේ දූතයා වශයෙන් යැවුවෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔබට ඔහු හැර වෙන කිසිම දෙවියෙක් නැත. (මේ වෙනුවෙන්) ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් පැහැදිලි සාධකයක් ඔබ වෙත පැමිණ ඇත්තේය. මෙය අල්ලාහ්ගේ ඔටුවෙකි. (මෙය) ඔබට එක් සාධකයක් වශයෙන්ද ඇත්තේය. එබැවින් ඌව අල්ලාහ්ගේ භූමියෙහි (ඕනෑම තැනක කිසිම බාධාවකින් තොරව ඕනෑ තරම්) ආහාර ගැනීමට ඉඩ හරිනු. ඌට කිසිම හානියක් නොකරනු. (එසේ කළහොත්) වේදනා ගෙන දෙන දඬුවම ඔබව අල්ලා ගනු ඇත”යි පැවසුවේය.

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහුට නැමදුම් කරන මෙන් ඇරයුම් කරනු වස් සමූද් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව අපි එව්වෙමු. සාලිහ් ඔවුනට: මාගේ ජනයිනි, ඔබ අල්ලාහ්ට පමණක් නමදින්න. නැමදුමට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු ඔබට නැත. මම කවර කරුණක් ඔබ වෙත ගෙන ආවේද එය තහවුරු කරමින් අල්ලාහ්ගෙන් පැහැදිලි සංඥාවක් ඔබ වෙත පැමිණ ඇත. එය ඔටු දෙනක් තුළ රැව් දුනි. ඌ කළුගල් පර්වතයකින් එළියට පැමිණීය. ඌට ජලය පානය කිරීමට වේලාවක් වෙන් කර ඇත. එමෙන්ම ජලය පානය කරන්නට නියමිත දිනයක් ඔබටද වෙන් කර ඇත. එහෙයින් අල්ලාහ්ගේ භූමියේ උලා කන්නට ඌ අතහැර දමනු. ඌට ආහාර සැපයීමේ වගකීම ඔබට නැත. එමෙන්ම කිසිදු හිංසාවක් ඔබ ඌට සිදු නොකළ යුතුය. ඌට හිංසා කිරීමේ හේතුවෙන් ඔබ වේදනීය දඬුවමට ලක් වනු ඇතැයි පැවසීය.

Al-A'raaf 7:73Listen in Qur'an →
74

وَٱذْكُرُوٓا۟ إِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنۢ بَعْدِ عَادٍۢ وَبَوَّأَكُمْ فِى ٱلْأَرْضِ تَتَّخِذُونَ مِن سُهُولِهَا قُصُورًۭا وَتَنْحِتُونَ ٱلْجِبَالَ بُيُوتًۭا ۖ فَٱذْكُرُوٓا۟ ءَالَآءَ ٱللَّهِ وَلَا تَعْثَوْا۟ فِى ٱلْأَرْضِ مُفْسِدِينَ

“තවද ආද් (නමැති) ජනතාවගෙන් පසු (ඔවුන්ගේ) භූමියෙහි ඔබව පදිංචි කරවා (එයට) ඔබව අධිපතීන් බවට පත් කිරීම ගැන ඔබ සිතා බලනු. ඔබ එහි තැනිතලා භූමියෙහි මාලිගාවන් ඉදි කරද, කඳු හාරා නිවාස තනා ගන්නෙහුය. එබැවින් අල්ලාහ්ගේ මෙම වරප්‍රසාදයන් සියල්ල ඔබ සිතා බලනු. තවද භූමියෙහි අපරාධ කරමින් නොසැරිසරනු” (යයිද පැවසුවේය).

ආද් සමූහයාගෙන් පසු ඔබ මහපොළොව නියෝජනය කිරීමට පැමිණි අවස්ථාවේ අල්ලාහ් ඔබ වෙත කළ ආශිර්වාද මෙනෙහි කර බලනු. ඔබේ ඉල්ලීම් ඔබ ලබා ගත්තෙහුය. එය දේව ප්රතික්ෂේපය හා බොරුවෙහි ආද් සමූහයා ඉක්මවා යාමෙන් අනතුරු ව ඔවුන් විනාශ කළ පසුවය. පහසුකම් ඇති භූමිය මත මාළිගා තනා ගන්නෙහුය. ඔබට නිවෙස් තනා ගනු පිණිස කඳු කපා දමන්නෙහුය. අල්ලාහ්ගේ ආශිර්වාද වලට ඔබ කෘතගුණ සලකනු පිණිස ඔබ වෙත ඔහු පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කර බලනු. මහපොළොවේ සැරිසරා කලහකම් කිරීම අතහැර දමනු. එය අල්ලාහ් ව ප්රතික්ෂේප කිරීම හා පාපකම් කිරීම අතහැර දමමිනි.

Al-A'raaf 7:74Listen in Qur'an →
75

قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ مِن قَوْمِهِۦ لِلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِمَنْ ءَامَنَ مِنْهُمْ أَتَعْلَمُونَ أَنَّ صَٰلِحًۭا مُّرْسَلٌۭ مِّن رَّبِّهِۦ ۚ قَالُوٓا۟ إِنَّا بِمَآ أُرْسِلَ بِهِۦ مُؤْمِنُونَ

එයට ඔහුගේ ජනතාවගෙන් වූ උඞගුකමෙන් යුත් ප්‍රධානීන්, තමන්ට වඩා දුබලයන් යයි අදහස් කරමින් සිටි විශ්වාසවන්තයින්ගෙන් “නියත වශයෙන්ම මෙම සාලිහ් ඔහු දෙවියන් විසින් එවන ලද එක් දූතයෙකු යයි ඔබ ස්ථීර වශයෙන් දන්නෙහුද?”යි විමසූහ. එයට ඔවුන් “නියත වශයෙන්ම අපි ඔහු ගෙන ආ දූත මෙහෙවර විශ්වාස කරන්නෙමු” යයි පැවසූහ.

තම සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් තම සමූහයා අතර සිටි දුර්වලයින් ලෙස සැළකූ දේව විශ්වාස කරන්නන් දෙස බලා, “අහෝ දෙවියන් විශ්වාස කළවුනි! නියත වශයෙන්ම සාලිහ් අල්ලාහ්ගේ දූතයකු බව ඔබ සැබෑ ලෙසින්ම දන්නෙහුද?” යැයි විමසුවෝය. දුර්වල ලෙස සලකනු ලැබු දෙවියන් විශ්වාස කළවුන් ඔවුනට පිළිතුරු දෙමින්: “කවර කරුණක් සමග අප වෙත සාලිහ් එවනු ලැබුවේද, සැබැවින්ම එය සැබෑවක් ලෙස සහතික කොට පිළිගනිමු. අවනත වන්නෙමු. ඔහුගේ පිළිවෙතට අනුව ක්රියා කරන්නෙමු” යැයි පවසා සිටියෝය.

Al-A'raaf 7:75Listen in Qur'an →
76

قَالَ ٱلَّذِينَ ٱسْتَكْبَرُوٓا۟ إِنَّا بِٱلَّذِىٓ ءَامَنتُم بِهِۦ كَٰفِرُونَ

එයට උඞගු වූ ඔවුන් (එම විශ්වාසවන්තයින්ට) “ඔබ විශ්වාස කළ දැය නියත වශයෙන්ම අපි ප්‍රතික්ෂේප කරන්නෙමු” යයි පැවසූ අතර

ඔහුගේ සමූහයා අතර සිටි අහංකාරකම් පෑවෝ, “අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ඔබ කවර දෙයක් සැබෑ යැයි පවසන්නෙහුද සැබැවින්ම අපි එය ප්රතික්ෂේප කරන්නෝ වෙමු. අපි එය කිසිවිටෙක විශ්වාස නොකරන්නෙමු. ඔහුගේ පිළිවෙතට අනුව කිසිවිටෙක අපි ක්රියා නොකරන්නෙමු.” යැයි පැවසුහ.

Al-A'raaf 7:76Listen in Qur'an →
77

فَعَقَرُوا۟ ٱلنَّاقَةَ وَعَتَوْا۟ عَنْ أَمْرِ رَبِّهِمْ وَقَالُوا۟ يَٰصَٰلِحُ ٱئْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلْمُرْسَلِينَ

- තම දෙවියන්ගේ අණ නොතකා එම ඔටුවාව කුර්බාන් කර, (සාලිහ් නබිට) “ඕ සාලිහ්! ඇත්තෙන්ම ඔබ (දෙවියන්ගේ) දූතයන්ගෙන් කෙනෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ අපට බිය ගන්වන එය (එම දඬුවම) අප වෙත ගෙන එනු” යයි පැවසුවේය.

නමුත් අල්ලාහ්ගේ නියෝගය පිළිපැදීමට උඩඟු වෙමින් කිසිදු හිංසාවක් නොකළ යුතු යැයි ඔවුනට තහනම් කළ ඔටු දෙන ඔවුහු කපා හැරියෝය. සාලිහ් තුමා ඔවුනට කවර කරුණක් අවවාද කර සිටියේද ඔවුන් එයින් ඈත්ව එයට අපහාස කරමින්, “අහෝ සාලිහ්! ඔබ අල්ලාහ්ගෙන් වූ සැබෑ දූතයකු නම් ඔබ අපට අවවාද කරන එම වේදනීය දඬුවම අප වෙත ගෙන එන්නැ”යි පැවසුවෝය.

Al-A'raaf 7:77Listen in Qur'an →
78

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ

එබැවින් (කළින් ඔවුන්ට අනතුරු අඟවනු ලැබූ) භූමි කම්පාව ඔවුන්ව අල්ලා ගන්නා ලදී. එබැවින් ඔවුන් තමන්ගේ නිවෙස්වල (මැරී) වැටී සිටියදී සූර්යයා උදා විය.

දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඉක්මන් කොට ඉල්ලූ දඬුවම ඔවුන් වෙත පැමිණියේය. දැඩි භූ කම්පනයක් ඔවුන් හසු කර ගත්තේය. තම මුහුණු හා තම දණහිස් මත මහපොළොවට ඇද වැටිණ. එම විනාශයෙන් බේරීමට ඔවුන් කිසිවක් සමත් වූයේ නැත.

Al-A'raaf 7:78Listen in Qur'an →
79

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَالَةَ رَبِّى وَنَصَحْتُ لَكُمْ وَلَٰكِن لَّا تُحِبُّونَ ٱلنَّٰصِحِينَ

(ඒ අවස්ථාවේදී සාලිහ් නබි) ඔවුන්ගෙන් ඈත් වී (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! නියත වශයෙන්ම මා ඔබට මගේ දෙවියන්ගේ දූත මෙහෙවරම ගෙනහැර දක්වා ඔබට හොඳ ඔවදන් දුන්නෙමි. එහෙත් ඔබ නම්, හොඳ ඔවදන් දෙන්නන්ව ප්‍රිය කළේ නැත” යයි පැවසුවේය.

සාලිහ් (අලය්හිස් සලාම්) තුමා ඔවුන්ගේ එම පිළිතුරෙන් නිරායාසට පත්වීමෙන් පසු ඔවුන්ගෙන් හැරී, “මාගේ ජනයිනි! ඔබ වෙත කවර කරුණක් දන්වා සිටින්නැයි අල්ලාහ් මට අණ කර සිටියේද එය මා ඔබ වෙත ගෙන ආවෙමි. ඔබට අවවාද කරමින් හා සුබපතමින් උපදෙස් දුනිමි. නමුත් යහපත වෙත ඔබට මග පෙන් වන්නටත් අයහපතින් ඔබ ව දුරස් කරන්නටත් ප්රිය කරන ඔබට උපදෙස් දෙන අයවලුන් ප්රිය නොකරන සමූහයකි ඔබ.” යැයි පැවසූහ.

Al-A'raaf 7:79Listen in Qur'an →
80

وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِۦٓ أَتَأْتُونَ ٱلْفَٰحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍۢ مِّنَ ٱلْعَٰلَمِينَ

ලුත්වද (අපගේ දූතයා වශයෙන් ඔහුගේ ජනතාවට අපි යැව්වෙමු). ඔහු තම ජනතාවට “ඔබට පෙර ලොවෙහි කිසිවෙකුත් නොකළ අවමන් ගෙන දෙන ක්‍රියාවක්ම ඔබ කරන්නෙහුද?”

තවද ලූත් තම සමූහයා වෙත ඉතා පිළිකුලෙන්, “ඔබ මෙම පිළිකුල් සහගත අශික්ෂිත ක්රියාව වෙත පැමිණෙන්නෙහුද? එනම් සමලිංගික සේවනයයි. ඔබ අලුතින් පටන් ගත් මෙම ක්රියාව ඔබට පෙර සිටි කිසිවකු සිදු කළ පාපකම් අතර නොවීය."යි කීය.

Al-A'raaf 7:80Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.