Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 51–60 of 206

51

ٱلَّذِينَ ٱتَّخَذُوا۟ دِينَهُمْ لَهْوًۭا وَلَعِبًۭا وَغَرَّتْهُمُ ٱلْحَيَوٰةُ ٱلدُّنْيَا ۚ فَٱلْيَوْمَ نَنسَىٰهُمْ كَمَا نَسُوا۟ لِقَآءَ يَوْمِهِمْ هَٰذَا وَمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَجْحَدُونَ

ඔවුන් තමන්ගේ ධර්මය පුහු දැයක් වශයෙන්ද, සෙල්ලමක් වශයෙන්ද ඇර ගත් නිසාද, මෙලොව ජීවිතය ඔවුන්ව රවටා දැමූ නිසාද, ඔවුන් අපගේ ආයාවන් ප්‍රතික්ෂේප කර, මෙදින ඔවුන් (අපිව) හමු වීම අමතක කර දැමුවා සේම, අපිත් අද දින ඔවුන්ව අමතක කර දමන්නෙමු.

තම දහම විහිළුවක් හා නිෂ්ඵල දෙයක් බවට පත් කර ගත් මෙම දේව ප්රතික්ෂේපකයින්හට මෙලොව ජීවිතය එහි අලංකාරය හා ආකාර්ශනය තුළින් රවටා දමා ඇත. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ හමුවීම ඔවුන් අමතක කළාක් මෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අල්ලාහ් ඔවුන් දඬුවම විඳින්නට ඉඩ හැර ඔවුන් අමතක කර දමයි. ඔවුන් ඔහු වෙනුවෙන් කිසිදු කටයුත්තක් සිදු කළේ නැත. ඒ සඳහා සූදානම් වූයේද නැත. සැබැවින්ම එය සත්ය බව ඔවුන් දැන දැනම අල්ලාහ්ගේ සාක්ෂි හා සාධක පිළිකුල් කොට ප්රතික්ෂේප කළ බැවිනි.

Al-A'raaf 7:51Listen in Qur'an →
52

وَلَقَدْ جِئْنَٰهُم بِكِتَٰبٍۢ فَصَّلْنَٰهُ عَلَىٰ عِلْمٍ هُدًۭى وَرَحْمَةًۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

නියත වශයෙන්ම අපි ඔවුන්ට එක් ධර්මයක් දී තිබුණෙමු. එහි සෑම දැයක්ම ඥානයට අනුව විවරණය කර ඇත්තෙමු. (තවද එය) විශ්වාසය තැබූ ජනතාවට ඍජු මාර්ගය වශයෙන්ද වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.

සැබැවින්ම අපි මෙම කුර්ආනය ඔවුන් වෙත ගෙන ආවෙමු. එය මුහම්මද් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමා වෙත පහළ කරනු ලැබූ ග්රන්ථයයි. අපගේ දැනුමෙන් අප කවර දෙයක් පැහැදිළි කරමින් සිටියේ ද සැබැවින්ම එය එහි අපි පැහැදිළි කළෙමු. එය සත්යය හා නිවැරදි මග වෙත දේවත්වය විශ්වාස කරන්නනන් යොමු කරවන්නකි. මෙලොව හා මතුලොව යහපත පෙන්වා දීමෙහි එය ඔබට ආශිර්වාදයකි.

Al-A'raaf 7:52Listen in Qur'an →
53

هَلْ يَنظُرُونَ إِلَّا تَأْوِيلَهُۥ ۚ يَوْمَ يَأْتِى تَأْوِيلُهُۥ يَقُولُ ٱلَّذِينَ نَسُوهُ مِن قَبْلُ قَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ فَهَل لَّنَا مِن شُفَعَآءَ فَيَشْفَعُوا۟ لَنَآ أَوْ نُرَدُّ فَنَعْمَلَ غَيْرَ ٱلَّذِى كُنَّا نَعْمَلُ ۚ قَدْ خَسِرُوٓا۟ أَنفُسَهُمْ وَضَلَّ عَنْهُم مَّا كَانُوا۟ يَفْتَرُونَ

(මක්කාවාසීන් වන) මොවුන් (තමන්ට අනතුරු අඟවමින් තිබුණු) දඬුවම් (දිනය) පැමිණීම මිස, (වෙන කිසිවක්) බලාපොරොත්තු වන්නෙහුද? එම දඬුවම් දින පැමිණි විට, මෙයට පෙර එය (සම්පූර්ණයෙන්ම) අමතක කර දමා තිබූ මොවුන් “නියත වශයෙන්ම අපගේ දෙවියන්ගේ දූතයින් (අප වෙත) සත්‍යය (ධර්මය) ගෙන ආවාහ. (අද) අප වෙනුවෙන් මැදිහත්වී කතා කරන්නන් කිසිවෙකුත් ඇත්තේද? එසේ නම්, ඔවුන් ඔබ වෙනුවෙන් මැදිහත් වී කතා කරත්වා!නැතහොත් අපිව (ලොවට) ආපසු යවන්නද? එසේ නම්, (පෙර) අපි කරමින් සිටි දැයෙන් වැළකී වෙනත් (දැහැමි දැයම) කරන්නෙමු” යයි පවසන්නාහ. නියත වශයෙන්ම මොවුන් තමන්ට තමන්ම හානියක් කර ගත්හ. තවද මොවුන් (තමන්ගේ දෙවිවරුන්ව) බොරුවට මනක්කල්පිත කරමින් සිටි දැය සියල්ලද, (මේ අවස්ථාවේදී) මොවුන්ගෙන් ඈත් වී සැඟවී යනු ඇත.

මතු ලොවෙහි ඔවුන්ගේ විෂයය කවර කරුණක් වෙත යොමු කරනු ලබන්නේද එම වේදනීය දඬුවම සිදු වන බවට දැනුම් දෙනු ලැබූ දෑ ඔවුනට සිදුවීම මිස දේව ප්රතික්ෂේපකයෝ වෙනෙකක් බලාපොරොත්තු නොවෙති. කවර දෙයක් පිළිබඳ ඔවුනට දැනුම් දෙනු ලැබුවේද එය හා දෙවියන් විශ්වාස කරන්නන්හට කවර කුසලක් පිළිබඳ දැනුම් දෙනු ලැබුවේද එය ද පැමිණෙනු ඇත. මෙලොවෙහි අල් කුර්ආනය අමතක කොට එහි ඇති දෑ අනුව ක්රියා නොකළවුන්: "අපගේ පරමාධිපතිගේ දූතවරුන් කිසිදු සැකයක් නැති සත්යය සමග පැමිණියහ. සැබැවින්ම එය අල්ලාහ් වෙතින් බවට කිසිදු සැකයක් නැත. දඬුවමින් සැනසුම ලබා දෙනු පිණිස අල්ලාහ් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් ව කතා කරන මැදිහත්කරුවන් නොමැත්තේද? එසේත් නැතහොත් අප දැහැමි ක්රියාවන් කරනු වස් නැවතත් මෙලොව ජීවිතය වෙත යොමු කරනු ලැබිය යුතු නොවේද? අප කළ නපුරුකම් වෙනුවට දැහැමි කටයුතු කරන්නට පුළුවන. නමුත් දෙවියන් ප්රතික්ෂේප කළවුන් ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුනට අත් වූ විනාශයෙන් ඔවුන් පරාජයට පත් වූහ. අල්ලාහ් හැර ඔවුන් කවර දෑට නැමදුම් කරමින් සිටියේද ඒවා ඔවුන්ගෙන් සැඟ වී ගොස් ඇත. ඔවුන් ඔවුනට කිසිදු සෙතක් සැලසුවේ නැත.

Al-A'raaf 7:53Listen in Qur'an →
54

إِنَّ رَبَّكُمُ ٱللَّهُ ٱلَّذِى خَلَقَ ٱلسَّمَٰوَٰتِ وَٱلْأَرْضَ فِى سِتَّةِ أَيَّامٍۢ ثُمَّ ٱسْتَوَىٰ عَلَى ٱلْعَرْشِ يُغْشِى ٱلَّيْلَ ٱلنَّهَارَ يَطْلُبُهُۥ حَثِيثًۭا وَٱلشَّمْسَ وَٱلْقَمَرَ وَٱلنُّجُومَ مُسَخَّرَٰتٍۭ بِأَمْرِهِۦٓ ۗ أَلَا لَهُ ٱلْخَلْقُ وَٱلْأَمْرُ ۗ تَبَارَكَ ٱللَّهُ رَبُّ ٱلْعَٰلَمِينَ

නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වන අල්ලාහ් අහස්ද, භූමියද දින හයකින් උත්පාදනය කර, අර්ෂ් මත තම රාජධානිය ස්ථාවර කර තැබුවේය. ඔහුම රාත්‍රියෙන් දහවල වසා දමන්නේය. (දහවලෙන් රාත්‍රිය වසා දමන්නේය). එය ඉතාමත් ත්‍රීව්‍ර වශයෙන්ම එකකට පිටුපසින් එකක් වශයෙන් පිළිවෙලින් සිදු වෙමින් පවතින්නේය. සූර්යයාද, චන්ද්‍රයාද, තාරකාවන්ද ඔහුගේ නියෝගයන්ට ඇතුළත් වන්නේය. උත්පාදනයන්ද, එහි පාලනයද ඔහුටම අයත් දැය නොවෙද? සකල ලෝකයන්ම උත්පාදනය කර, පෝෂණය කර, සංවර්ධණය කරන අල්ලාහ් ඉමහත් භාග්‍යවන්තයෙකි.

අහෝ ජනයිනි! සැබැවින්ම ඔබේ පරමාධිපති වනාහි අහස් හා මහපොළොව කිසිදු පූර්වාදර්ශයකින් තොරව දින හයකින් මැවූ අල්ලාහ්ය. පසු ව ඔහු අර්ෂ් හෙවත් දේව රාජ්යය මත ඔහුගේ කීර්තියට අනුකූලව ඉහළින් ස්ථාපිත විය. එය කෙසේදැ යි අප කිසිවකු නොදනිමු. දහවල් ආලෝකය සමග රාත්රි අන්ධකාරය ඔහු ඉවත් කරන්නේය. එමෙන්ම රාත්රි අන්ධකාරය සමග දහවල් ආලෝකය ඔහු ඉවත් කරන්නේය. ඒ දෙකින් සෑම එකක්ම කිසිදු ප්රමාදයකින් තොරව ඉතා ශීඝ්රයෙන් අනෙකා සොයා එනු ඇත. එකක් ඉවත් ව ගිය විට අනෙක පැමිණෙන්නේය. ශුද්ධ වූ අල්ලාහ් ඉර මැව්වේය. එමෙන්ම සඳුද මැව්වේය. දිලිසෙමින් එල්ලී පවතින තාරකාවන් මැව්වේය. එසේ නම් ඔහුගේ සියලු මැවීම් ඔහු සතු නොවන්නේද? ඔහු හැර මැවුම්කරු වෙනත් කවුරුන්ද? සියලු කටයුතු ඔහුට පමණක් සතුය. ඔහුගේ ශ්රේෂ්ඨත්වය උතුම්ය. ඔහුගේ ත්යාගශීලිබව අධිකය. ලෝවැසියන්ගේ පරමාධිපති වූ ඔහු කීර්තිමත් හා පරිපූර්ණවත් ගුණාංග තුළින් වර්ණනා කරනු ලැබ ඇත.

Al-A'raaf 7:54Listen in Qur'an →
55

ٱدْعُوا۟ رَبَّكُمْ تَضَرُّعًۭا وَخُفْيَةً ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُعْتَدِينَ

(එබැවින් විශ්වාසවන්තයිනි!) ඔබ ඉතාමත් යටත් පහත්වද, ගුප්ත වශයෙන්ද, (සිටින එවැනි) ඔබගේ අල්ලාහ් වෙතම (ඔබට අවශ්‍ය දැය ඉල්ලා) ප්‍රාර්ථනා කරනු. නියත වශයෙන්ම ඔහු සීමාව ඉක්මවූවන්ව ප්‍රිය කරන්නේ නැත.

අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ප්රාර්ථනාවෙහි අවංකයින් ලෙසින්, රහසිගතව පූර්ණ යටහත් පහත් භාවයෙන් යුතුව ඔබේ පරමාධිපතිට කන්නලව් කරනු. ප්රාර්ථනාවෙහි ශුද්ධ වූ අල්ලාහ්ට කිසිදු ආදේශයක් නොතබා මූණිච්චාවට ඉටු නොකරනු. ප්රාර්ථනාවෙහි ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කරන්නන් හට සැබැවින්ම ඔහු ප්රිය කරන්නේ නැත. දෙවියන්හට ආදේශ තබන්නන් මෙන් ඔහු සමග වෙනත් අයකු අයැද සිටිමින් ඔහුගේ සීමාවන් ඉක්මවා කටයුතු කිරීමේ බරපතල ක්රියාවට වඩා වෙනත් යමක් තිබේද?

Al-A'raaf 7:55Listen in Qur'an →
56

وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا وَٱدْعُوهُ خَوْفًۭا وَطَمَعًا ۚ إِنَّ رَحْمَتَ ٱللَّهِ قَرِيبٌۭ مِّنَ ٱلْمُحْسِنِينَ

(මිනිසුනේ! සමාදානයද, සාමයද ඇති වී) රට පිළිසකර වූ පසු එහි අපරාධයන් කරමින් නොහැසිරෙනු. (දෙවියන්ගේ දඬුවමට) බිය වී (ඔහුගේ වරප්‍රසාදයන්) ආශා කර, ඔහු වෙත ප්‍රාර්ථනා කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ දයාව දැහැමි දැය කරන්නන්ට ඉතාමත් සමීපයෙන් ඇත්තේය.

අල්ලාහ් දහම් දූතවරු එවා ඔහුට පමණක් අවනත වීමෙන් මහපොළොවේ පාලනය විධිමත් කළ පසුව, පාපකම් කරමින් ඒ මත කලහකාරීව ඔබ නොහැසිරෙනු. ඔහුගේ දඬුවම ගැන බිය හැගීමෙන් යුතුව හා ඔහුගේ කුසල් හිමි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් යුතුව ඔහුට පමණක් කන්නලව් කරනු. සැබැවින්ම අල්ලාහ්ගේ කරුණාව දැහැමියන්හට ඉතා සමීපය. එහෙයින් ඔබද ඔවුන් අතරට පත් වනු.

Al-A'raaf 7:56Listen in Qur'an →
57

وَهُوَ ٱلَّذِى يُرْسِلُ ٱلرِّيَٰحَ بُشْرًۢا بَيْنَ يَدَىْ رَحْمَتِهِۦ ۖ حَتَّىٰٓ إِذَآ أَقَلَّتْ سَحَابًۭا ثِقَالًۭا سُقْنَٰهُ لِبَلَدٍۢ مَّيِّتٍۢ فَأَنزَلْنَا بِهِ ٱلْمَآءَ فَأَخْرَجْنَا بِهِۦ مِن كُلِّ ٱلثَّمَرَٰتِ ۚ كَذَٰلِكَ نُخْرِجُ ٱلْمَوْتَىٰ لَعَلَّكُمْ تَذَكَّرُونَ

ඔහුම ඔහුගේ වරප්‍රසාදයන්ට පෙර ශුභාරංචි වශයෙන් සිසිල් සුළඟ යවන්නේය. එය (කළුවර වී ඇති වන) ඝන වලාකුළු ඔසවා ගත් පසු එය, අපි (වියළී) මැරී ගිය භූමිය දෙසට පදවාගෙන ගොස් එයින් වැස්ස වැසීමට සලස්වන්නෙමු. පසුව එමගින් සියලූම වර්ගයේ පලතුරුද ඉකුත් කරන්නෙමු. මෙසේ මරණයට පත් වූවන්වද (ඔවුන්ගේ සමාධිවලින්) අපි ඉකුත් කරන්නෙමු. (මෙය දැනගෙන) ඔබ හොඳ වැටහීමක් ලබා ගනිත්වා!

උත්තරීතර අල්ලාහ් වර්ෂාව ගැන ශුභාරංචි දන්වන්නක් ලෙස සුළග එවයි. ජලයෙන් බර වූ වලාකුළු සුළඟ උසුලාගෙන පැමිණි විට නියං ගමකට එම වලාකුළු පහළ කරන්නෙමු. එමගින් ගමට ජලය පතිත වී එම ජලයෙන් සියලුම වර්ගයේ බවභෝග අපි හටගන්වන්නෙමු. මෙයාකාරයෙන් භෝග හට ගන්වන්නාක් මෙන්ම මියගිය ඇත්තන් ඔවුන්ගේ මිණීවලවල්වලින් ජීවමානයන් ලෙස අපි බැහැර කරන්නෙමු. අහෝ ජනයිනි! අපි එසේ කරනුයේ අල්ලාහ්ගේ ශක්තිය හා ඔහුගේ මැවීමේ ආරම්භය ගැන ඔබ මෙනෙහි කිරීමටත් සැබැවින්ම එසේ කළ හැකි අල්ලාහ්ට මියගියවුන්ට යළි ප්රාණය දීමේ ශක්තිය ඔහු සතු බවත් ඔබ මෙනෙහි කරනු පිණිසය.

Al-A'raaf 7:57Listen in Qur'an →
58

وَٱلْبَلَدُ ٱلطَّيِّبُ يَخْرُجُ نَبَاتُهُۥ بِإِذْنِ رَبِّهِۦ ۖ وَٱلَّذِى خَبُثَ لَا يَخْرُجُ إِلَّا نَكِدًۭا ۚ كَذَٰلِكَ نُصَرِّفُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَشْكُرُونَ

(එකම අන්දමේ වර්‍ෂාව ලැබුණද) සාරවත් භූමිය තම දෙවියන්ගේ නියෝගයට අනුවම තම පැළෑටි, ගස් වැල් ආදියද ඉකුත් කරන්නේය. එහෙත් කර්කෂක භූමියෙහි ඉතා ස්වල්පයෙන් මිස, පැළ වන්නේ නැත. ස්තූතිය දක්වන ජනතාවට මෙසේ විවිධ අන්දමට (අපගේ) ආයාවන් විවරණය කරන්නෙමු.

සාරවත් පොළොව අල්ලාහ්ගේ අනුහසින් එහි පැළෑටි පූර්ණවත් ලෙස සරුවට මතු කරනු ඇත. එලෙසම දේවත්වය විශ්වාස කරන්නෙකු උපදෙසට සවන් දී එමගින් ප්රයෝජන ලබනු ඇත. දැහැමි ක්රියාවන් සිදු කරනු ඇත. නිසරු ලුණු සහිත වගුරු බිම් යහපතක් නැති දුර්ලබ දෑ හැර පැළෑටි හට ගන්වන්නේ නැත. එලෙස දේව ප්රතික්ෂේපකයාද උපදෙස් මගින් ප්රයෝජන නොලබනු ඇත. තමන්ට ඵල දෙන දැහැමි ක්රියාවන් සිදු නොකරනු ඇත. මෙවන් විවිධ උත්පාදන මෙන් අල්ලාහ්ගේ ආශිර්වාදවලට කෘතගුණ සලකන, එයට ගුණමකු නොවන, තම පරමාධිපතිට අවනත වන පිරිසකට සත්යය තහවුරු කිරීම පිණිස සාක්ෂි හා සාධක විවිධ අයුරින් අපි ගෙනහැර පාන්නෙමු.

Al-A'raaf 7:58Listen in Qur'an →
59

لَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِۦ فَقَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ إِنِّىٓ أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ عَظِيمٍۢ

නියත වශයෙන්ම අපි නූහ්, ඔහුගේ ජනතාවට (අපගේ) දූතයෙකු වශයෙන් යැව්වෙමු. ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි! ඔබ අල්ලාහ්ව නමදිනු. ඔහු හැර වෙනත් හිමියෙකු ඔබට නැත. (මෙයට ඔබ වෙනස්කම් කළහොත්) නියත වශයෙන්ම මා ඔබට (පැමිණිය හැකි) ඉමහත් වූ දින දඬුවමට බිය වන්නෙමි” යයි පැවසුවේය.

සැබැවින්ම අපි නූහ්ව, ඔහුගේ සමූහයා අල්ලාහ්ගේ ඒකීයත්වය වෙත ඇරයුම් කිරීමටත්, ඔහු හැර පවතින සෙසු නැමදුම් ඔවුන් අතහැර දමන මෙන් ඇරයුම් කිරීමටත් ඔහු ඔවුන් අතරට එව්වෙමු. ඔහු තම ජනයා දෙස බලා, "මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. මාගේ ජනයිනි! දේව ප්රතික්ෂේපය මත ඔබේ අවධානය පිහිටන තත්ත්වයක මහත් වූ දිනයක දඬුවම ඔබ මත පහළ වීම ගැන සැබැවින්ම මම බිය වෙමි" යැයි පැවසුවේය.

Al-A'raaf 7:59Listen in Qur'an →
60

قَالَ ٱلْمَلَأُ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى ضَلَٰلٍۢ مُّبِينٍۢ

එයට ඔහුගේ ජනතාවගේ ප්‍රධානීන් (ඔහුට) “ඔබ ඇත්තෙන්ම ප්‍රකට වූ දුර්මාර්ගයෙහි සිටිනු අපි දකින්නෙමු” යයි පැවසුහ.

ඔහුගේ සමූහයා අතර සිටි නායකයෝ හා ප්රධානීහු "අහෝ නූහ්! නිවැරදි දැයින් ඔබ දුරස්ව සිටිනු අපි පැහැදිලිව දකින්නෙමු" යැයි ඔහුට පැවසූහ.

Al-A'raaf 7:60Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.