Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 41–50 of 206

41

لَهُم مِّن جَهَنَّمَ مِهَادٌۭ وَمِن فَوْقِهِمْ غَوَاشٍۢ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلظَّٰلِمِينَ

නිරයම ඔවුන්ගේ තොටිල්ලයි. තවද (එහි ගින්නම) ඔවුන්ගේ පොරවනයයි. අපරාධකරුවන්ට මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු.

මෙම උඩගු බොරුකාරයින් සඳහා නිරයෙන් වූ ඵලසක් ඇත. ඔවුහු එහි වාඩි වෙති. ඔවුනට ඉහලින් ගින්නෙන් වූ ආවරණයක් ඇත. අල්ලාහ්ගේ සීමාව උල්ලංඝණය කළ අයට ඔවුන්ගේ ප්රතික්ෂේපය හා පිටුපෑම හේතුවෙන් අප පිරිනමන ප්රතිවිපාකය මෙලෙසය.

Al-A'raaf 7:41Listen in Qur'an →
42

وَٱلَّذِينَ ءَامَنُوا۟ وَعَمِلُوا۟ ٱلصَّٰلِحَٰتِ لَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلْجَنَّةِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

කවුරුන් විශ්වාසය තබා (තමන් විසින් හැකි පමණින්) දැහැමි ක්‍රියාවන් කරන්නෝද, ඔවුන්ගෙන් කිසිවෙකුත් ඔවුන්ගේ ශක්ති ප්‍රමාණයට වැඩියෙන් අපි බල කරන්නේ නැත. මෙවැන්නන්ම ස්වර්ගවාසීන්ය. එහි ඔවුන් සදාකල් රැඳී සිටින්නාහ.

තම පරමාධිපතිව විශ්වාස කොට තමන්ට හැකිපමණින් දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුහුමය ස්වර්ගයට පිවිස සදා වාසය කරන ස්වර්ග වාසීහු වන්නේ. (අල්ලාහ් කිසිදු ආත්මයකට දැරිය හැකි ප්රමාණයට වඩා ඉහළින් කිසිවක් පටවන්නේ නැත.)

Al-A'raaf 7:42Listen in Qur'an →
43

وَنَزَعْنَا مَا فِى صُدُورِهِم مِّنْ غِلٍّۢ تَجْرِى مِن تَحْتِهِمُ ٱلْأَنْهَٰرُ ۖ وَقَالُوا۟ ٱلْحَمْدُ لِلَّهِ ٱلَّذِى هَدَىٰنَا لِهَٰذَا وَمَا كُنَّا لِنَهْتَدِىَ لَوْلَآ أَنْ هَدَىٰنَا ٱللَّهُ ۖ لَقَدْ جَآءَتْ رُسُلُ رَبِّنَا بِٱلْحَقِّ ۖ وَنُودُوٓا۟ أَن تِلْكُمُ ٱلْجَنَّةُ أُورِثْتُمُوهَا بِمَا كُنتُمْ تَعْمَلُونَ

තවද (මෙලොව කෙනෙකු ගැන තවත් කෙනෙකුට තිබූ) වෛරයද ඔවුන්ගේ සිත්වලින් පහ කර හරින්නෙමු. (එබැවින් කෙනෙකුට කෙනෙකු ඉතාමත් සමීප මිතුරන් බවට පත් වනු ඇත). ඔවුන්ගේ අසළින් දිය දහරා සදාකල් ගලා බසින්ම තිඛෙණු ඇත. තවද ඔවුන් “මෙම (ස්වර්ගය අත් කර ගත හැකි) ඍජු මාර්ගයෙහි අපව ඇතුළු කළ අල්ලාහ්ටම සියලූ ප්‍රශංසා අයත්ය. අල්ලාහ් අපව ඍජු මාර්ගයෙහි ඇතුළු නොකර සිටියේ නම් නියත වශයෙන්ම අපි ඍජු මාර්ගය අත් කර ගන්නේ නැත. අපගේ දෙවියන්ගේ දූතයින් (සැකයෙන් තොර) සත්‍යය (ධර්මය)ම (අපට) ගෙනැවිත් (දැනුම්) දුන්නාහ” යයි පවසන්නාහ. (එයට ප්‍රතිඋපකාරයක් වශයෙන්) “ඔබ කරමින් සිටි (දැහැමි) ක්‍රියාවන්හි හේතුවෙන්ම මෙම ස්වර්ගය ඔබ සතු කර ගත්තෙහුය” යයි කියනු ලැබේ.

ස්වර්ගයේ ඔවුන් විඳින පූර්ණ සුව පහසුකම් අතරින් ඔවුන්ගේ හදවත් වල ක්රෝධය හා ඊර්ෂ්යාව අල්ලාහ් ඉවත් කිරීමද එකකි. ඔවුනට පහළින් ගංගා ගලා බසියි. තමන් වෙත පිරිනැමූ ආශිර්වාද පිළිගනිමින් ඔවුහු: “මෙම නිලය අප ලබන සේ දැහැමි ක්රියාවන් සිදු කිරීමට අපහට ආශිර්වාද කළ අල්ලාහ්ටම සියලු ප්රශංසා. අල්ලාහ් අපට ඒ වෙත ආශිර්වාද නොකළේ නම් අපි ඒ සඳහා ආශිර්වාද ලබන්නන් නොවන්නෙමු. කිසිදු සැකයකට ඉඩ නැති සත්යය හා සැබෑ ප්රතිඥාවන් හා අවවාදයන් සමග අපගේ පරමාධිපතිගේ දූතවරුන් පැමිණියහ” යැයි පවසති. ඔවුන් අතර නිවේදකයකු මෙසේ නිවේදනය කරයි. “මෙලොව මාගේ දූතවරු කවර තොරතුරක් ඔබට දන්වා සිටියේ ද එම ස්වර්ගය මෙයයි. අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඔබ කළ දැහැමි කටයුතු හේතුවෙන් එය ඔබට ම සූදානම් කර ඇත.”

Al-A'raaf 7:43Listen in Qur'an →
44

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْجَنَّةِ أَصْحَٰبَ ٱلنَّارِ أَن قَدْ وَجَدْنَا مَا وَعَدَنَا رَبُّنَا حَقًّۭا فَهَلْ وَجَدتُّم مَّا وَعَدَ رَبُّكُمْ حَقًّۭا ۖ قَالُوا۟ نَعَمْ ۚ فَأَذَّنَ مُؤَذِّنٌۢ بَيْنَهُمْ أَن لَّعْنَةُ ٱللَّهِ عَلَى ٱلظَّٰلِمِينَ

(එදින) ස්වර්ගවාසීන් නිරාවාසීන්ට “අපගේ දෙවියන් අපට ලබා දුන් පොරොන්දු ඇත්තෙන්ම අපි දුටුවෙමු. ඔබත් ඔබගේ දෙවියන් ඔබට ලබා දුන් පොරොන්දු ඇත්තෙන්ම ඔබ දුටුවෙහුද?”යි (ශබ්ද නගා) විමසනු ඇත. එයට ඔවුන් “එසේය, (ලබා ගත්තෙමු)” යයි පවසනු ඇත. ඒ අතර ඔවුන් මධ්‍යයේ ‘මුඅස්සින්’ කෙනෙකු මෙසේ පවසන්නේය: “නියත වශයෙන්ම අල්ලාහ්ගේ ශාපය (සීමාව ඉක්මවා ගිය) අපරාධකරුවන් කෙරෙහි අත් වේවා!”

තම තමන්ට සූදානම් කරනු ලැබූ නිලයන් තුළට පිවිසීමෙන් අනතුරු ව ස්වර්ගයට අයත් ස්වර්ගවාසීහු නිරයට අයත් නිරා වැසියන් දෙස බලා: “සැබැවින්ම අපගේ පරමාධිපති අපට පොරොන්දු වූ ස්වර්ගය සැබෑ ලෙසට අපට හමු විය. ඔහු අප එයට ඇතුළත් කළේය. අහෝ දෙවියන් ප්රතික්ෂේප කළවුනි! අල්ලාහ් ඔබට අවවාද කර සිටි නිරය සැබෑ ලෙසින්ම ඔබට ලැබුණේ දැ?”යි විමසති. දෙවියන් ප්රතික්ෂේප කළවුන් “අපට අවවාද කළ නිරා ගින්න සැබෑ ලෙසින්ම අපට හමු විය” යැයි පවසති. එවිට නිවේදකයකු: “අල්ලාහ් ඔහුගේ කරුණාවෙන් අපරාධකරුවන් නෙරපා දැමීය . සැබැවින්ම ඔහුගේ කරුණාවේ දොරටු මෙලොවෙහි ඔවුනට විවෘත කර දුන්නේය. නමුත් ඔවුහු එය පිටුපැවෝය” යැයි නිවේදනය කරයි.

Al-A'raaf 7:44Listen in Qur'an →
45

ٱلَّذِينَ يَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ وَيَبْغُونَهَا عِوَجًۭا وَهُم بِٱلْءَاخِرَةِ كَٰفِرُونَ

“(මන්දයත්) ඔවුන් අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එය ඇද කිරීමට කැමත්තක් දැක්වූහ. තවද ඔවුන් පරලොවද ප්‍රතික්ෂේප කරමින් සිටියහ”.

මෙම අපරාධකරුවන් අල්ලාහ්ගේ මාර්ගයෙන් තමන් වළක්වා ගත්තා සේම සෙසු අයව ද එයින් වළක්වමින් සිටියහ. ජනයා සත්ය මාර්ගයට නොපිවිසෙන පරිදි ඔවුහු එහි අඩුපාඩු සොයමින් පසුවූහ. මතුලොවට සූදානම් නැති, එය ප්රතික්ෂේප කළවුන් ඔවුහුමය.

Al-A'raaf 7:45Listen in Qur'an →
46

وَبَيْنَهُمَا حِجَابٌۭ ۚ وَعَلَى ٱلْأَعْرَافِ رِجَالٌۭ يَعْرِفُونَ كُلًّۢا بِسِيمَىٰهُمْ ۚ وَنَادَوْا۟ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَن سَلَٰمٌ عَلَيْكُمْ ۚ لَمْ يَدْخُلُوهَا وَهُمْ يَطْمَعُونَ

(නිරාවාසීන්ද, ස්වර්ගවාසීන්ද ආදී) මේ දෙපක්ෂයටම අතරේ එක් තාප්පයක් ඇත. එහි මුදුනේ සමහර මිනිසුන් සිටිනු ඇත. (නිරාවාසීන් හා ස්වර්ගවාසීන් ආදී) සෑම කෙනෙකුම ඔවුන්ගේ (මුහුණු වල ඇති) සළකුණු මගින්ම මොවුන්ව හඳුනා ගන්නාහ. මොවුන් ස්වර්ගවාසීන්ට “(දෙවියන්ගේ) ශාන්තිය හා සමාදානයද ඔබ කෙරෙහි අත් වේවා!” යයි ශබ්ද නගා පවසන්නාහ. (මුදුනේ සිටින) මොවුන් (මෙතෙක්) ස්වර්ගයෙහි ඇතුළු වූවේ නැත. එහෙත් ඔවුන් (එහි අතුළු වීමට ඉමහත්) ආශාවෙන් බලාගෙන සිටින්නාහ.

ස්වර්ගවාසීන් හා නිරාවාසීන් අතර අල් අඃරාෆ් නමින් හඳුන්වන උස් බාධකයක් පවතී. එම උස් බාධකය මත තම යහකම් හා පාපකම් සමාන ලෙස තුලනය වූ මිනිසුන් වෙති. මුහුණෙහි පවතින දීප්තිය වැනි ඔවුන්ගේ සළකුණු මගින් ස්වර්ග වැසියන් හඳුනා ගනිති. එමෙන්ම මුහුණෙහි පවතින කළු පැහැය වැනි ඔවුන්ගේ සලකුණු මගින් නිරා වැසියන් හඳුනා ගනිති. මෙම මිනිසුන් ස්වර්ග වැසියන් අමතා ඔවුනට ගෞරවයක් වන පරිදි "ඔබට හා ස්වර්ගවාසීන්ට ශාන්තිය අත්වේවා" යැයි පවසයි. උස් බාධක මත පසුවන ජනයා ඉන්පසු ස්වර්ගයට පිවිසුනේ නැත. නමුත් ඔවුහු අල්ලාහ්ගේ කරුණාවෙන් එහි පිවිසීමට ආශා කරති.

Al-A'raaf 7:46Listen in Qur'an →
47

۞ وَإِذَا صُرِفَتْ أَبْصَٰرُهُمْ تِلْقَآءَ أَصْحَٰبِ ٱلنَّارِ قَالُوا۟ رَبَّنَا لَا تَجْعَلْنَا مَعَ ٱلْقَوْمِ ٱلظَّٰلِمِينَ

මොවුන්ගේ බැල්ම නිරාවාසීන් දෙසට හරවනු ලැබුවහොත් (ඔවුන් විඳින දඬුවම දැක තිගැස්සී) “අපගේ දෙවියනේ! එම අපරාධකාර ජනතාව සමග (නිරයෙහි) අපිවද ඔබ එක්කාසු කර නොදමනු (මැනව!)” යයි (ප්‍රාර්ථනා කරමින්) පවසන්නාහ.

අඃරාෆ්හි (උස් ස්ථානයන් හි) සිටින අයගේ බැල්ම නිරාවාසීන් වෙත හරවනු ලැබූ විට එහි ඔවුන් අත් විඳින දඬුවම දැක ඔවුන් අල්ලාහ්ගෙන් 'අපගේ පරමාධිපතියාණනි! ඔබට ආදේශ තබමින් ඔබව ප්රතික්ෂේප කරමින් අපරාධකාරී ජනයා සමග ඔබ අප පත් නොකරනු මැනව!" යැයි ප්රාර්ථනා කරති.

Al-A'raaf 7:47Listen in Qur'an →
48

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلْأَعْرَافِ رِجَالًۭا يَعْرِفُونَهُم بِسِيمَىٰهُمْ قَالُوا۟ مَآ أَغْنَىٰ عَنكُمْ جَمْعُكُمْ وَمَا كُنتُمْ تَسْتَكْبِرُونَ

එම මුදුනේ සිටින්නන් සමහර මිනිසුන්ගේ (මුහුණු වල) ඇති සළකුණු මගින් (ඔවුන් දඬුවමට ලක් වනු ඇතැයි) ඔවුන්ව හඳුනාගෙන “ඔබ (ලොවෙහි හරි හම්භ කර) එක්කාසු කර තිබූ දැයද, ඔබ ආඩම්බර බස් ෙදාඩවමින් සිටි දැයද, ඔබට ප්‍රයෝජනයක් අත් කර දුන්නේ නැත නොවෙද!” යයිද-

තම මුහුණු අඳුරු වීම, දෑස් නිල් වීම වැනි සලකුණු මගින් හඳුනාගනු ලැබූ නිරා වැසියන් අතර සිටින දේව ප්රතික්ෂේපිත මිනිසුන් දෙස බලා අඃරාෆ්හි වැසියන් මෙසේ පවසයි. ධනය හා මිනිසුන් අධිකව ඔබ හම්බ කළද ඒවා ඔබට ඵල දුන්නේ නැත. උද්දච්චකම හා උඩගුකමින් සත්යය ඔබ පිටුපෑම ඔබට කිසිදු ඵලක් නොවීය.

Al-A'raaf 7:48Listen in Qur'an →
49

أَهَٰٓؤُلَآءِ ٱلَّذِينَ أَقْسَمْتُمْ لَا يَنَالُهُمُ ٱللَّهُ بِرَحْمَةٍ ۚ ٱدْخُلُوا۟ ٱلْجَنَّةَ لَا خَوْفٌ عَلَيْكُمْ وَلَآ أَنتُمْ تَحْزَنُونَ

(ස්වර්ගයේ සිටින මොවුන්ව ගෙනහැර දක්වා) “මොවුන් කෙරෙහි අල්ලාහ් දයාව නොදක්වනු ඇත යයි (නිරාවාසීන් වන) ඔබ දිව්රා කියමින් සිටියා නොවෙද!ඔවුන් (මෙන්න ස්වර්ගයෙහි සිටින) මොවුන් නොවෙද?” යයිද පවසන්නාහ. (පසුව මුදුනේ සිටින්නන් හට) “ඔබ ස්වර්ගයට ඇතුළු වනු. ඔබට කිසිම බියක්ද නැත. ඔබ දුක් වන්නේද නැත” (යයි දෙවියන් පවසන්නේය).

දේව ප්රතික්ෂේපකයින්හට තරවටු කරමින්, "අල්ලාහ් අබියස වූ ඔහුගේ කරුණාව ඔවුනට අල්ලාහ් පිරිනොනමන බවට දිවුරා සිටි අය මොවුහුදැ?"යි අල්ලාහ් විමසා සිටියි. පසුව අල්ලාහ් විශ්වාස කරන්නන් දෙස බලා, අහෝ දෙවියන් විශ්වාස කරන්නනි! ඔබ ස්වර්ගයට පිවිසෙනු. ඔබ කවර දෙයකට මුහුණ දෙන්නේද ඒ ගැන කිසිදු බියක් ඔබට නැත. සදා සැපසම්පත් ඔබ ලබන්නට යන බැවින් මෙලොවෙහි ඔබට මග හැරුණු කොටස පිළිබඳ ඔබ දුකට පත්වන්නේද නැත."

Al-A'raaf 7:49Listen in Qur'an →
50

وَنَادَىٰٓ أَصْحَٰبُ ٱلنَّارِ أَصْحَٰبَ ٱلْجَنَّةِ أَنْ أَفِيضُوا۟ عَلَيْنَا مِنَ ٱلْمَآءِ أَوْ مِمَّا رَزَقَكُمُ ٱللَّهُ ۚ قَالُوٓا۟ إِنَّ ٱللَّهَ حَرَّمَهُمَا عَلَى ٱلْكَٰفِرِينَ

පසුව නිරාවාසීන්, ස්වර්ගවාසීන්ට “අප වෙත වතුර ටිකක් ලබා දෙනු. නැතහොත් දෙවියන් ඔබට (ආහාරයට) ලබා දී ඇති දැයෙන් (පොඩියක් හෝ අපටත් දෙනු මැනව!)” යයි (ඉතා බැගෑපත්ව) ඉල්ලා සිටිනු ඇත. එයට ඔවුන් “නියත වශයෙන්ම අල්ලාහ් (ඔබ වැනි) ප්‍රතික්ෂේප කරන්නන්ට මේ දෙකම වළක්වා හැරියේය” යයි පිළිතුරු දෙනු ඇත.

නිරා වාසීහු ස්වර්ගවාසීන් බැගෑපත් ව අමතා, "අහෝ ස්වර්ග වැසියනි! අප මත ජලය වක් කරන්න. එසේ නැතිනම් අල්ලාහ් ඔබට ලබා දුන් පෝෂණයෙන් අපහට ලබා දෙන්නැ"යි පවසති. ස්වර්ගවාසීහු, "සැබැවින්ම, දෙවියන් ප්රතික්ෂේප කළවුන් හට ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඒ දෙකම අල්ලාහ් තහනම් කර ඇත. ඔබට අල්ලාහ් තහනම් කළ දෙයකින් කිසිවිටෙක ඔබට උදව් කළ නොහැක්කේම යැ" යි පවසති.

Al-A'raaf 7:50Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.