Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 201–206 of 206

201

إِنَّ ٱلَّذِينَ ٱتَّقَوْا۟ إِذَا مَسَّهُمْ طَٰٓئِفٌۭ مِّنَ ٱلشَّيْطَٰنِ تَذَكَّرُوا۟ فَإِذَا هُم مُّبْصِرُونَ

නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නෝද, ඔවුන් තුළ ෂෙයිතාන්ගේ (වැරදි) සිතුවිලි හොල්මන් කළහොත් ඔවුන් (අල්ලාහ්ව) සිතන්නාහ. ඒ අතර ඔවුන්ගේ (ඥාන) ඇස් ඇරී අවදිය අත් කර ගන්නාහ.

අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට බැතිමත් ව කටයුතු කරන්නන් වනාහි, ඔවුන්ට ෂෙයිතාන්ගේ කොඳුරීමෙන් නපුරු සිතුවිලි ඇති වී ඔවුන් පාපකම් කළ විට, අල්ලාහ්ගේ මහිමයත්, පාපිෂ්ඨයින්ට හිමි ඔහුගේ දඬුවමත්, අවනතවන්නන්ට හිමි ඔහුගේ කුසලත් මෙනෙහි කරති. ඔවුන් කළ පාපකම් වලින් පාප ක්ෂමාව අයැද ඔවුන්ගේ පරමාධිපති වෙත යොමු වෙති. පසු ව සත්යය මත ඔවුන් ස්ථාවර වූ විට ඔවුන් සිදුකරමින් සිටි දෑ හැඩගස්වා ඒවා අවසන් කරති.

Al-A'raaf 7:201Listen in Qur'an →
202

وَإِخْوَٰنُهُمْ يَمُدُّونَهُمْ فِى ٱلْغَىِّ ثُمَّ لَا يُقْصِرُونَ

එහෙත් ෂෙයිතාන්ගේ සහෝදරයින් නම්, ඔවුන්ව දුර්මාර්ගයටම ඇදගෙන යනු ඇත. (ඔවුන්ට විපත් ඇති කිරීමෙහි) කිසිම අඩුපාඩුවක් කරන්නේ නැත.

පාපිෂ්ඨ හා දේවත්වය ප්රතික්ෂේප කරන ෂෙයිතාන්ගේ සහෝදරයින් වනාහි, ඔවුනට ෂෙයිතාන් පවකින් පසු තවත් පවක් සිදු කරන්නට සලස්වා මුළාව තව තවත් වැඩි කරනු ඇත. ඔවුන් එයින් වැළකෙන්නේ ද නැත. වැරදි කරවීමෙන් හා මුළාවට පත් කිරීමෙන් ෂෙයිතානුන් ද වැළකෙන්නේ ද නැත. මිනිසුන් අතර සිටින පාපිෂ්ඨයින් ද ඔහුට අවනත වීමෙන් හා නපුරු ක්රියාවන් සිදු කිරීමෙන් වැළකෙන්නේ ද නැත.

Al-A'raaf 7:202Listen in Qur'an →
203

وَإِذَا لَمْ تَأْتِهِم بِـَٔايَةٍۢ قَالُوا۟ لَوْلَا ٱجْتَبَيْتَهَا ۚ قُلْ إِنَّمَآ أَتَّبِعُ مَا يُوحَىٰٓ إِلَىَّ مِن رَّبِّى ۚ هَٰذَا بَصَآئِرُ مِن رَّبِّكُمْ وَهُدًۭى وَرَحْمَةٌۭ لِّقَوْمٍۢ يُؤْمِنُونَ

(ඔවුන්ගේ කැමැත්තට අනුව) යම්කිසි ආයාවක් ඔබ ඔවුන් වෙත නොගෙනාවහොත්, (එයට පිළිතුරු වශයෙන් තමන්ගේ කැමැත්තට අනුව මනක්කල්පිතව එක් ආයාවක් නිර්මාණය කර) “මෙය ඔබගේ වදනක් වශයෙන් ගත යුතු නොවේද?”යි (සමච්චලයෙන් මෙන්) පවසන්නාහ. එයට (නබියේ!) ඔබ මෙසේ පවසනු: “මගේ දෙවියන් විසින් මා හට වහී මගින් දැනුම් දෙනු ලැබූ දැයම මා අනුගමනය කරන්නෙමු. මෙයද ඔබගේ දෙවියන් විසින් (ඔබට) පහළ කරන ලද ඥානාලෝකයක් වශයෙන්ද, විශ්වාසය තැබූ ජනතාවට ඍජු මාර්ගයක් වශයෙන්ද, (දෙවියන්ගේ) වරප්‍රසාදයක් වශයෙන්ද ඇත්තේය.

අහෝ දූතය! ඔබ වදනක් ගෙන ආ විට ඔවුන් ඔබ ව බොරු කළෝය. එය ප්රතික්ෂේප කළෝය. එමෙන්ම ඔබ ඔවුන් වෙත වදනක් නොගෙනාවේ නම් ඔවුහු, ‘ඔබ විසින්ම පදයක් සකසා නිර්මාණය කළ හැකි නොවේදැ'යි පවසති. අහෝ දූතය! ඔබ ඔවුනට, 'මා විසින්ම පදයක් ගෙන එන්නට මට කිසිදු අයිතියක් නැත. මා වෙත අල්ලාහ් දන්වා සිටින දිව්යමය දෑ හැර වෙනෙකක් මම නොපිළිපදිමි. නුඹලා වෙත මා පාරායනා කර පෙන්වන මෙම අල්-කුර්ආනය අල්ලහ්ගෙන් වූ සාධකයක් හා සාක්ෂියකි. නුඹලාගේ මැවුම්කරු හා නුඹලාගේ කටයුතු සැලසුම් කරන්නා ඔහුය. එමෙන්ම එය ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන්නන්හට මග පෙන්වීමක් හා දයාවකි. දෙවියන් විශ්වාස නොකරන්නන් වනාහි, අන්ත මුළාවට පත් වූ අභාග්යවන්තයින් ඔවුන්මය.

Al-A'raaf 7:203Listen in Qur'an →
204

وَإِذَا قُرِئَ ٱلْقُرْءَانُ فَٱسْتَمِعُوا۟ لَهُۥ وَأَنصِتُوا۟ لَعَلَّكُمْ تُرْحَمُونَ

(මිනිසුනේ!) ශුද්ධ වූ කුර්ආනය සමුදීරණය කරනු ලැබුවහොත් කට පියාගෙන, හොඳින් සවන් දෙනු. (එමගින්) ඔබ (දෙවියන්ගේ) දයාව අත් කර ගත හැකිය.

අල් කුර්ආනය පාරායනය කරනු ලබන අවස්ථාවේ අල්ලාහ් නුඹලාට කරුණා කිරීමේ යහපත් අපේක්ෂාවෙන් එම පාරායනයට නුඹලා සවන් දෙනු. කතා නොකරනු වෙනත් දෑ හි නිරත නොවනු.

Al-A'raaf 7:204Listen in Qur'an →
205

وَٱذْكُر رَّبَّكَ فِى نَفْسِكَ تَضَرُّعًۭا وَخِيفَةًۭ وَدُونَ ٱلْجَهْرِ مِنَ ٱلْقَوْلِ بِٱلْغُدُوِّ وَٱلْءَاصَالِ وَلَا تَكُن مِّنَ ٱلْغَٰفِلِينَ

(නබියේ!) ඔබ මනසෙහි ඉතාමත් යටහත් පහත්වද, බියෙන්ද, (සුමුදුවද) දැඩි කටහඞක් නොමැතිවද, උදේ සවස ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින් සිටිනු මැනව!(ඔහුව) අමතක කර දමා සිටින්නන්ගෙන් ඔබත් (එක තත්පරයක් හෝ) නොසිටිනු (මැනව!)

අහෝ දූතය! නුඹේ පරමාධිපති වූ අල්ලාහ් ව ඉතා බැගෑපත් ව යටහත් පහත් ව, බියෙන් යුතු ව මෙනෙහි කරනු. දහවල ආරම්භයේ හා එහි අවසානයේ පිහිටා ඇති මහිමය නිසාවෙන් එම වේලාවන් හි හඬ උස් කිරීම හා හඬ පහත් කිරීම අතර මධ්යස්ථ හඬක් අනුගමනය කරමින් ඔබේ ප්රාර්ථනාව සකස් කර ගනු. උත්තරීතර අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් නොසැලකිලිමත් වූවන් අතරට නුඹ පත් නොවනු.

Al-A'raaf 7:205Listen in Qur'an →
206

إِنَّ ٱلَّذِينَ عِندَ رَبِّكَ لَا يَسْتَكْبِرُونَ عَنْ عِبَادَتِهِۦ وَيُسَبِّحُونَهُۥ وَلَهُۥ يَسْجُدُونَ ۩

(මලායිකාවරුන් මෙන්) කවුරුන් නියත වශයෙන්ම ඔබගේ දෙවියන් වෙත සිටින්නෝද, ඔවුන් ඔහුව නැමදීමෙහි දෙගිඩියාවක් දක්වන්නේ නැත. එහෙත් (‘ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි, ඔබ ඉතාමත් පරිශුද්ධවන්තයෙකි’ යයි) ඔහුව (සෑමවිටම) සුවිශුද්ධ කරමින්ද, ඔහුට හිස නවා සුජූද් කරමින් (නමදිමින්)ද සිටින්නාහ.

සැබැවින්ම නුඹේ පරමාධිපති අබියස සිටින මලක්වරුන් ඔහුට නැමදුම් කිරීමෙන් ඉවත් නොවෙති. ඔවුන් යටහත් පහත් ව එහි නිරත වෙති. එය අතහැර නොදමති. රාත්රියෙහි හා දහවලෙහි අල්ලාහ්ට නුසුදුසු දැයින් ඔවුන් ඔහු ව සුවිශුද්ධ කරති. ඔහුට පමණක් සිරස නමා නමස්කාරය කරති.

Al-A'raaf 7:206Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.