Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 91–100 of 206

91

فَأَخَذَتْهُمُ ٱلرَّجْفَةُ فَأَصْبَحُوا۟ فِى دَارِهِمْ جَٰثِمِينَ

එබැවින් ඔවුන්ව (ඉතාමත් දරුණු) භූමිකම්පාව අල්ලා ගත්තේය. ඔවුන් තමන්ගේ නිවෙස්වල වැටී සිටියදී හිරු උදා විය!

එසැණින් දැඩි භූ කම්පනය ඔවුන්ව ග්රහණය කළේය. ඔවුන්ගේ නිවෙස් තුළම ඔවුන් තම දණින් හා මුණිනතට වැටී මැරී මළකදන් බවට පත් ව විනාශ වූහ.

Al-A'raaf 7:91Listen in Qur'an →
92

ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًۭا كَأَن لَّمْ يَغْنَوْا۟ فِيهَا ۚ ٱلَّذِينَ كَذَّبُوا۟ شُعَيْبًۭا كَانُوا۟ هُمُ ٱلْخَٰسِرِينَ

ෂුඅයිබ්ව බොරු කළ අය තමන්ගේ ගමෙහි කිසි කලෙක වාසය නොකළාක් මෙන් කිසිම සළකුණක් නොමැතිව විනාශ වී ගියහ). කවුරුන් ෂුඅයිබ්ව බොරු කළෝද, ඔවුන්ම සම්පූර්ණයෙන් පරාජිතයින්ය. (ෂුඅයිබ්ව අනුගමනය කළ අය නොව).

ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමා ව බොරු කළවුන් සියලු දෙනා විනාශ වී ගියහ. ඔවුන් තම නිවෙස් වල ජීවත් ව භුක්ති නොවූවන් මෙන් පත් වූහ. ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමා ව බොරු කළවුන් පරාජිතයින් බවට පත් වූහ. හේතුව ඔවුන් හා ඔවුන් සතු දෑ, ඔවුන් නාස්ති කර ගත් බැවිණි. ප්රතික්ෂේප කළ මෙම බොරුකාරයින් වාද කළාක් මෙන්, ඔහුගේ සමූහයා අතර සිටි දෙවියන් විශ්වාස කළවුන් පරාජිතයින් බවට පත් නොවූහ.

Al-A'raaf 7:92Listen in Qur'an →
93

فَتَوَلَّىٰ عَنْهُمْ وَقَالَ يَٰقَوْمِ لَقَدْ أَبْلَغْتُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَنَصَحْتُ لَكُمْ ۖ فَكَيْفَ ءَاسَىٰ عَلَىٰ قَوْمٍۢ كَٰفِرِينَ

(එසේම) ෂුඅයිබ් ඔවුන්ගෙන් ඈත් වී (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!නියත වශයෙන්ම මා මගේ දෙවියන්ගේ පුවත් ඔබට ගෙනහැර දක්වා ඔබට හොඳ ඔවදන්ම දුන්නෙමි. එබැවින් (එය) ප්‍රතික්ෂේප කළ ජනතාව වෙනුවෙන් මා කෙසේ නම් දුක් වන්නද?”යි කීවේය.

ඔවුන් විනාශ වූ කල්හි ඔවුන්ගේ නබිවරයා වූ ෂුඅය්බ් (අලය්හිස් සලාම්) ඔවුන්ගෙන් හැරී ගියහ. ඔවුනට ඔහු, “අහෝ මාගේ ජනයිනි! නුඹලා වෙත දන්වා සිටින මෙන් මාගේ පරමාධිපති මට නියෝග කළ දෑ මම නුඹලාට දන්වා සිටියෙමි. මම නුඹලාට උපදෙස් දුනිමි. නමුත් නුඹලා මාගේ උපදෙස පිළි නොගත්තෙහුය. මාගේ මග පෙන්වීමට නුඹලා යටත් නොවූහ. තම අල්ලාහ් ව ප්රතික්ෂේප කොට තම ප්රතික්ෂේපයේම ගිලී සිටි ජනයා පිළිබඳ මා කෙසේ නම් දුක්වන්නදැ?”යි විමසා සිටීය.

Al-A'raaf 7:93Listen in Qur'an →
94

وَمَآ أَرْسَلْنَا فِى قَرْيَةٍۢ مِّن نَّبِىٍّ إِلَّآ أَخَذْنَآ أَهْلَهَا بِٱلْبَأْسَآءِ وَٱلضَّرَّآءِ لَعَلَّهُمْ يَضَّرَّعُونَ

මා නබිව යැවූ සෑම රටකම මිනිසුන්ව (ඔවුන් ප්‍රතික්ෂේප කර හැරියහොත්) ඔවුන් යටහත් පහත්ව පැමිණීම පිණිස දුක් ගැහැට මගින් අපි ඔවුන්ව නොඅල්ලා සිටියේ නැත.

දේශයන්ගෙන් එක් දේශයකට අල්ලාහ්ගේ නබිවරුන් අතරින් නබිවරයකු අප එවූ කල්හි එහි වැසියන් ඔහු බොරු කොට ප්රතික්ෂේප කළාක් මිස නැත. එවිට ඔවුන් ගිලී සිටි ඔවුන්ගේ ප්රතික්ෂේපය හා අහංකාරකම ඉවත දමා ඔවුන් අල්ලාහ්ට යටත් වනු ඇතැයි යන අපේක්ෂාවෙන්, අපි ඔවුනට ලෙඩ රෝග, දිළිඳුකම හා ව්යසනයන්ගෙන් ග්රහණය කළෙමු. මෙය කුරෙය්ෂ්වරුන් හා බොරු කරන, ප්රතික්ෂේප කරන සෑම කෙනෙකුටම, බොරුකාර සමූහයා අතර අල්ලාහ් ක්රියා කරන ආකාරය ගැන මතක් කරමින් කරන අවවාදයකි.

Al-A'raaf 7:94Listen in Qur'an →
95

ثُمَّ بَدَّلْنَا مَكَانَ ٱلسَّيِّئَةِ ٱلْحَسَنَةَ حَتَّىٰ عَفَوا۟ وَّقَالُوا۟ قَدْ مَسَّ ءَابَآءَنَا ٱلضَّرَّآءُ وَٱلسَّرَّآءُ فَأَخَذْنَٰهُم بَغْتَةًۭ وَهُمْ لَا يَشْعُرُونَ

පසුව අපි ඔවුන්ගේ දුක් කරදර වෙනුවට යහපතක් ලබා දුන්නේ නම්, (එමගින්) ඔවුන්ගේ සංඛ්‍යාව වැඩි වී (උඞගු වී) “අපගේ මුතුන් මිත්තන්ටද මෙවැනි දුක් ගැහැට ඇති වී ඇත” යයි (තමන් විඳ ගත් දඬුවම අමතක කර දමා) කියන්නට වූහ. එමගින් ඔවුන් (පොඩියක් හෝ) වටහා නොගත් ආකාරයකට අපි ඔවුන්ව (දඬුවම මගින්) හදිසියේම අල්ලා ගත්තෙමු.

ඔවුනට අභාග්ය හා ලෙඩ රෝග ඇති වූවායින් පසු ඒ වෙනුවට යහපත සංවර්ධනය හා ආරක්ෂාව පෙරළා දුනිමු. ඔවුන්ගේ සංඛ්යාවෙහි වර්ධනයක් අති විය. ඔවුන්ගේ සම්පත් වල දියුණුව ඇති විය. අවසානයේ ඔවුහු, "අපට අත් වූ අයහපත හා යහපත සාමාන්ය දෙයකි. මීට පෙර අපගේ මුතුන් මිත්තන්ටත් ඇති වූ තත්ත්වයකි" යැයි පැවසූහ. ඔවුනට අත් වූ අභාග්යය වනාහි, ඒ ගැන ඔවුන් අවධානය යොමු කළ යුත්තක් බවත්, ඔවුනට අත් වූ සැප පහසුකම් වනාහි, එතුළින් උද්ගමනය අපේක්ෂා කරනු ලබන බවත් ඔවුන් දැන සිටියේ නැත. එබැවින් ඔවුන් දඬුවම පිළිබඳ කිසිදු දැනුවත්භාවයකින් තොර ව හා ඒ ගැන අවධානයකින් තොර ව සිටියදී අපි ඔවුන් එකවර දඬුවමෙන් ග්රහණය කරන්නෙමු.

Al-A'raaf 7:95Listen in Qur'an →
96

وَلَوْ أَنَّ أَهْلَ ٱلْقُرَىٰٓ ءَامَنُوا۟ وَٱتَّقَوْا۟ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَٰتٍۢ مِّنَ ٱلسَّمَآءِ وَٱلْأَرْضِ وَلَٰكِن كَذَّبُوا۟ فَأَخَذْنَٰهُم بِمَا كَانُوا۟ يَكْسِبُونَ

ඒ රටවල්වල සිටි අය විශ්වාසය තබා (අල්ලාහ්ට) බිය වී කටයුතු කළේ නම්, ඔවුන් වෙනුවෙන් අහස්හිද, භූමියෙහිද ඇති භාග්‍යයන්(හි ඇති ෙදාරටු) විවෘත කර ඇත්තෙමු. එහෙත් ඔවුන් නම්, (නබිවරුන්ව විශ්වාස නොකර) බොරු කළහ. එබැවින් ඔවුන් සොයා ගත් (පාපයන්හි) හේතුවෙන් අපි (දඬුවම මගින්) ඔවුන්ව අල්ලා ගත්තෙමු.

අපි කවර ප්රදේශයකට අපගේ රසූල්වරුන් එව්වෙමු ද, එම ප්රදේශවාසීහු ඔවුන්ගේ රසූල්වරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ සැබෑවක් ලෙස විශ්වාස කොට, දේව ප්රතික්ෂේපය හා පාපකම් සිදු කිරීම අතහැර දමා, ඔහුගේ නියෝග පිළිපදිමින් ඔවුන්ගේ පරමාධිපතිට බැතියෙන් කටයුතු කර ඇත්නම්, සැබැවින්ම අපි ඔවුන් සඳහා සෑම පැතිකඩකින්ම යහපතේ දොරටු විවෘත කරන්නට තිබුණි. නමුත් ඔවුන් එය සැබෑ නොකළෝය. ඔවුන් බැතිමත් ව කටයුතු නොකළෝය. ඒ වෙනුවට ඔවුන්ගේ දහම් දූතවරුන් ඔවුන් වෙත ගෙන ආ දෑ බොරු කළෝය. ඔවුන් එසේ උපයමින් සිටි පාපකම් හා අකුසල් හේතුවෙන් නොසිතූ දඬුවමකින් අපි ඔවුන් ග්රහණය කළෙමු.

Al-A'raaf 7:96Listen in Qur'an →
97

أَفَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا بَيَٰتًۭا وَهُمْ نَآئِمُونَ

(නබියේ!) ඒ රටවැසියන් (තම නිවෙස්හි) රාත්‍රියෙහි නිදා ගෙන සිටියදීම අපගේ දඬුවම ඔවුන්ව පැමිණ ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය නොවී සිටියෙහුද?

එම ප්රදේශවාසීන් ඔවුන්ගේ සැනසුමෙහි හා විවේකයෙහි නිරත ව නිදියමින් සිටියදී රාත්රී කාලයේ ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?

Al-A'raaf 7:97Listen in Qur'an →
98

أَوَأَمِنَ أَهْلُ ٱلْقُرَىٰٓ أَن يَأْتِيَهُم بَأْسُنَا ضُحًۭى وَهُمْ يَلْعَبُونَ

නැතහොත් එම රටවැසියන් දුකක් නැතිව) දහවලෙහි සෙල්ලම් කරමින් සිටියදීම අපගේ දඬුවම ඔවුන්ට පැමිණ ළඟා නොවනු ඇතැයි ඔවුන් බිය නොවී සිටියෙහුද?

එසේ නැතහොත් දහවල කාලයේ ඔවුන් මෙලොව කාර්යයන්හි නිරත ව අනවධානයෙන් හා නොසැලකිල්ලෙන් සිටියදී ඔවුන් වෙත අපගේ දඬුවම පැමණීම ගැන ඔවුන් සුරක්ෂිත ද?

Al-A'raaf 7:98Listen in Qur'an →
99

أَفَأَمِنُوا۟ مَكْرَ ٱللَّهِ ۚ فَلَا يَأْمَنُ مَكْرَ ٱللَّهِ إِلَّا ٱلْقَوْمُ ٱلْخَٰسِرُونَ

ඔවුන් අල්ලාහ්ගේ ග්‍රහණයෙන් බිය නැති වී ගියෙහුද? (සම්පූර්ණයෙන්ම) පරාජය අත් විය හැකි ජනතාව හැර කිසිවෙකුත් අල්ලාහ්ගේ ග්‍රහණයට බිය නොවී නොසිටින්නාහ.

ඔවුනට කල් දී, ඔවුන්ගේ උද්දාමය සඳහා බලය හා විස්තීරණ පෝෂණය පිරි නමා, අල්ලාහ් ඔවුනට කළ ආශිර්වාදය දෙස සාවධානයෙන් බලනු. මෙම ප්රදේශ වාසීන් අතර බොරු කළවුන් අල්ලාහ්ගේ රහසිගත උපායයන් හා සැලසුම් පිළිබඳ අභයාදායී වන්නේද? එසේ අල්ලාහ්ගේ උපායයන්ගෙන් විනාශ වී ගිය ජනයා හැර වෙනත් කිසිවකු අභයදායී නොවූහ. ආශිර්වාද ලත් අය වනාහි, සැබැවින්ම ඔවුහු අල්ලාහ්ගේ උපායයන් පිළිබඳ බියෙන් පසු වූහ. ඔවුන් වෙත කවර ආශිර්වාදයක් පිරිනමනු ලැබුවේද ඒ මත රැවටුණේ නැත. ඔවුන් වෙත පිරිනැමූ දෑ ආශිර්වාදයක් ලෙස සලකා ඔවුහු ඔහුට කෘතඥ වූහ.

Al-A'raaf 7:99Listen in Qur'an →
100

أَوَلَمْ يَهْدِ لِلَّذِينَ يَرِثُونَ ٱلْأَرْضَ مِنۢ بَعْدِ أَهْلِهَآ أَن لَّوْ نَشَآءُ أَصَبْنَٰهُم بِذُنُوبِهِمْ ۚ وَنَطْبَعُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَسْمَعُونَ

භූමියෙහි (විනාශ වී ගිය) පෙර විසූ අයගෙන් පසු, එය අයිති කර ගත් මොවුන්වද අපි අදහස් කළෙමු නම්, මොවුන්ගේ පාපයන්හි හේතුවෙන් (ඒ ආකාරයෙන්ම විනාශ කර) දඬුවම් කරන්නෙමු යන කාරණාව මොවුන්ට ඍජු මාර්ගය පෙන්වූවේ නැද්ද? අපි මොවුන්ගේ හෘදයන් මත මුද්‍රා තබා හැරියෙමු. එබැවින් මොවුන් (හොඳ ඔවදන් වලට) සවන් නොදෙන්නාහ.

පෙර සිටි සමූහයන් ඔවුන්ගේ පාපකම් හේතුවෙන් විනාශ කරනු ලැබුවායින් අනතුරුව මහපොළොවේ පසුව (පැමිණි) උරුමකරුවන්ට එය පැහැදිලි කරනු නොලැබුවේද? ඔවුනට අත් වූ දෑ පිළිබඳ ඔවුහු නොසැලකිලිමත් ව තමන්ගේ ක්රියාවන් සිදු කරමින් ආහ. අල්ලාහ් තමා අභිමත කරන අයට ඔවුන්ගේ පාපකම් හේතුවෙන් දඬුවම් පමුණුවන බවත්, ඔහුගේ එම න්යායයට අනුව ඔවුනට එම දඬුවම ලැබිය හැකි බවත් ඔවුනට පැහැදිලි කරනු නොලැබුවේද? ඔවුන්ගේ හදවත් මත මුද්රා වැටී ඇත. උපදේසකින් ඔවුන් උපදෙස් නොලබනවාක් මෙන්ම කිසිදු මෙනෙහි කිරීමක් ඔවුනට ප්රයෝජනවත් නොවනු ඇත.

Al-A'raaf 7:100Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.