Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 81–90 of 206

81

إِنَّكُمْ لَتَأْتُونَ ٱلرِّجَالَ شَهْوَةًۭ مِّن دُونِ ٱلنِّسَآءِ ۚ بَلْ أَنتُمْ قَوْمٌۭ مُّسْرِفُونَ

“නියත වශයෙන්ම ඔබ කාන්තාවන්ව අත්හැර දමා පිරිමින් වෙත කාමාශාව සන්සිඳවා ගැනීමට යන්නෙහුය. කිමෙක්ද!ඔබ ඉතාමත් සීමාව ඉක්මවා ගිය ජනතාවක් වශයෙන් සිටින්නෙහුය” යයි පැවසුවේය.

සැබැවින්ම ඔබ කාමාශාවන් පිරිමසා ගැනීම සඳහා මවනු ලැබූ කාන්තාවන් අතහැර දමා ඒ සඳහා ඔබ පිරිමින් වෙත යන්නෙහුය. සැබැවින්ම ඔබේ මෙම ක්රියාව තුළ බුද්ධිමය තර්කාන්විත හා ස්වභාධාර්මික පදනමක් නැත. මිනිස් න්යායයේ සීමාවන් ඉක්මවා යමින් අල්ලාහ්ගේ සීමාවන් ඔබ කඩ කරන්නෝ වෙති. නිවැරැදි බුද්ධිය හා ගෞරවණීය ස්වභාධර්මය කවර කරුණක් තීන්දු කර ඇත්තේ ද එයින් ඔබ හැරී යන්නෙහුය.

Al-A'raaf 7:81Listen in Qur'an →
82

وَمَا كَانَ جَوَابَ قَوْمِهِۦٓ إِلَّآ أَن قَالُوٓا۟ أَخْرِجُوهُم مِّن قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌۭ يَتَطَهَّرُونَ

එයට ඔහුගේ ජනතාව (තම වාර්ගකයින්ට, ලුත් නබිවද, ඔහුට පක්ෂපාතී අයවද ගෙනහැර දක්වමින්) “ඔවුන්ව ඔබගේ රටින්ම පිටමං කර හරිනු. නියත වශයෙන්ම ඔවුන් ඉතාමත් පරිශුද්ධවන්තයින් බවට පත් විය හැකිය යයි උත්සාහ කරන්නාහ” යයිම පිළිතුරු දුන්හ.

ඔවුන් වෙත තහනම් කළ මෙම අශීලාචාර ක්රියාව සඳහා ඔහුගේ සමූහයා අතර සිටින වැරදිකරුවන් සත්ය ප්රතික්ෂේප කරමින්: “ඔබ ලූත් හා ඔහුගේ පවුල ඔබේ ගම්මානයෙන් පිටුවහල් කරනු. සැබැවින්ම ඔවුන් අප කරන ක්රියාවෙන් ඈත්ව සිටින මිනිස් කණ්ඩායමකි. අප අතර ඔවුන් රදවා ගන්නට කිසිදු සුදුසුකමක් අපට නැත.” යැයි පිළිතුරු වශයෙන් පවසා සිටීම මිස වෙනත් පිළිතුරක් ඔවුනට නොවීය.

Al-A'raaf 7:82Listen in Qur'an →
83

فَأَنجَيْنَٰهُ وَأَهْلَهُۥٓ إِلَّا ٱمْرَأَتَهُۥ كَانَتْ مِنَ ٱلْغَٰبِرِينَ

එබැවින් ඔහුගේ බිරිඳ හැර ඔහුවද, (අනිත්) ඔහුගේ පවුලේ උදවියද, බේරා ගත්තෙමු. (ඔහුගේ බිරිඳ වන) ඇය, (ඔහුව අනුගමනය නොකර) පසු බැස්සවුන් සමග එක්කාසු වූවාය.

දඬුවම පහළ වන ගම්මානයෙන් රාත්රියෙහිම බැහැර වන මෙන් ඔවුනට අණ කර එයින් පිටත් කරවා ඔහු හා ඔහුගේ පවුලේ උදවිය අපි ආරක්ෂා කළෙමු. නමුත් ඔහුගේ බිරිය තම ජනයා සමග රැඳී සිටින්නියක් වූවාය. ඔවුනට අත් වූ දඬුවමම ඇයටද අත් විය.

Al-A'raaf 7:83Listen in Qur'an →
84

وَأَمْطَرْنَا عَلَيْهِم مَّطَرًۭا ۖ فَٱنظُرْ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُجْرِمِينَ

ඔවුන් කෙරෙහි අපි (ගල්) වරුසාවක් වසින්නට සලස්වා, (ඔවුන්ව විනාශ කර) දැමුවෙමු. එබැවින් (මෙම) වැරදිකරුවන්ගේ අවසානය කෙසේ තිබුණේදැයි යන්න (නබියේ!) ඔබ අවධානය කර බලනු මැනව!

මැටි ගල් ඔවුන් වෙත හෙළමින් දැඩි වර්ෂාවන් ඔවුන් මත අපි පතිත කළෙමු. එම ගම්මානය පෙරළා එහි උඩු කොටස යටි කොටස බවට පත් කළෙමු. "අහෝ දූතය! ලූත් තුමාගේ අපරාධකාරී ජනයාගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. ඔවුන්ගේ අවසානය විනාශය මෙන්ම සදා අපකීර්තිය විය.

Al-A'raaf 7:84Listen in Qur'an →
85

وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًۭا ۗ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥ ۖ قَدْ جَآءَتْكُم بَيِّنَةٌۭ مِّن رَّبِّكُمْ ۖ فَأَوْفُوا۟ ٱلْكَيْلَ وَٱلْمِيزَانَ وَلَا تَبْخَسُوا۟ ٱلنَّاسَ أَشْيَآءَهُمْ وَلَا تُفْسِدُوا۟ فِى ٱلْأَرْضِ بَعْدَ إِصْلَٰحِهَا ۚ ذَٰلِكُمْ خَيْرٌۭ لَّكُمْ إِن كُنتُم مُّؤْمِنِينَ

මදියන් (නමැති නගර)වාසීන් වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අපගේ දූතයා වශයෙන් යැවුවෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහු හැර ඔබට වෙන කිසිම දෙවියෙකු නැත. ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් නියත වශයෙන්ම ඔබට පැහැදිලි වූ සාධකයක් පැමිණ ඇත්තේය. මිම්ම පූරණ වශයෙන් මැන, බර නියම ආකාරයට කිරිනු. (ඔබ දිය යුතු) මිනිසුන්ගේ භාණ්ඩ වලින් කිසිවක් ඔවුන්ට අඩු කර නොදමනු. භූමියෙහි (සාමය හා සමාදානයද ඇති වී) පිළිසකර වූ පසු එහි ආරවුල් ඇති නොකරනු. ඔබ විශ්වාසවන්තයින් නම්, මේවායින්ම ඔබට හොඳක් අත් වනු ඇත” යයි පැවසුවේය.

සැබැවින්ම අපි මද්යන් ගෝත්රය වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් (අලය්හිස් සලාම්) තුමා ව එව්වෙමු. එවිට ඔහු ඔවුනට, 'මාගේ ජනයිනි, අල්ලාහ්ට පමණක් නැමදුම් කරනු. නැමදුම් ලබන්නට සුදුසු ඔහු හැර වෙනත් කිසිවකු නැත. මාගේ පරමාධිපති වෙතින් මා කවර දෙයක් ගෙන ආවේද එය තහවුරු කරන පැහැදිලි සාක්ෂියක් හා සාධකයක් ඔහුගෙන් ඔබ වෙත පැමිණ ඇත. පූර්ණ කිරුමට හා මිම්මට මැන ජනයාගේ අයිතිය ඉටු කරනු. ඔවුන්ගේ භාණ්ඩවල අඩු පාඩු ඇති කර ඒවායෙහි ඔවුනට අකමැත්ත ඇති කර හෝ එවායෙහි අයිතිකරුවන්ට වංචා කර ජනයාහට අලාභහානි සිදු නොකරනු. පෙර නබිවරුන් එවා මිනිසුන් විධිමත් කළ පසු ව දෙවියන් ප්රතික්ෂේප කරමින් හා පාපකම් ඉටු කරමින් මහපොළොවේ කලහකම් නොකරනු. ඔබ විශ්වාස කළවුන් ලෙස සිටින්නෙහු නම් මේ සඳහන් කරනු ලැබූ දෑ ඔබට උතුම් වන්නේය. වඩාත් ප්රයෝජනවත් වන්නේය. එනම් අල්ලාහ් තහනම් කළ දැයින් වැළකී සිටිමින් පාපකම් අතහැරීමත් ඔහු නියෝග කළ දෑ සිදු කිරීමෙන් අල්ලාහ් වෙත සමීප වීමත් එතුළ ඇති බැවිණි.

Al-A'raaf 7:85Listen in Qur'an →
86

وَلَا تَقْعُدُوا۟ بِكُلِّ صِرَٰطٍۢ تُوعِدُونَ وَتَصُدُّونَ عَن سَبِيلِ ٱللَّهِ مَنْ ءَامَنَ بِهِۦ وَتَبْغُونَهَا عِوَجًۭا ۚ وَٱذْكُرُوٓا۟ إِذْ كُنتُمْ قَلِيلًۭا فَكَثَّرَكُمْ ۖ وَٱنظُرُوا۟ كَيْفَ كَانَ عَٰقِبَةُ ٱلْمُفْسِدِينَ

තවද “ඔබ සෑම මාර්ගයකම වාඩි වී සිටිමින් අල්ලාහ් මත විශ්වාසය තැබූවන්ව බිය ගන්වා ඔහුගේ මාර්ගයෙහි ඔවුන් යාම බාධා කර, එහි ඇදයක් ඇති නොකරනු. ඉතා සුළුතරයක ජනතාවක් වශයෙන් සිටි ඔබව අධික ගණනයක් බවට පත් කිරීම ගැනද සිතා (අල්ලාහ්ට ස්තූති කරමින්) සිටිනු. (භූමියෙහි) අපරාධ කරමින් ඇවිද සිටියවුන්ගේ අවසානය කෙසේ වූවේදැයි යන්නද ඔබඅවධානය කර බලනු මැනව!”

මිනිසුන්ගේ මුදල් පැහැර ගනු පිණිස ඔවුන් යන එන සෑම මාර්ගයකම ඔවුනට තර්ජනයක් වන අයුරින් වාඩි නොවනු. ජනයා අල්ලාහ්ගේ මාර්ගයේ කටයුතු නොකරන තරමට එහි අඩුපාඩු සොයමින් යහමග ලබන්නට ප්රිය කරන්නන් අල්ලාහ්ගේ දහමින් ඔබ නොවළක්වනු. අල්ලාහ්ගේ ආශිර්වාද වෙනුවෙන් ඔහුට කෘතඥවනු පිණිස ඔහුගේ ආශිර්වාද මෙනෙහි කර බලනු. නුඹලාගේ පිරිස ස්වල්පයක් ලෙස සිටියෙහුය. පසු ව නුඹලාව සංඛ්යාවෙන් වැඩි කළේය. ඔබට පෙර මහපොළොවේ විසූ කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි සිතා බලනු. එහෙයින් එම දඬුවම ඔවුනට අත් වූයේ නම් විනාශය සිදුවනු ඇත.

Al-A'raaf 7:86Listen in Qur'an →
87

وَإِن كَانَ طَآئِفَةٌۭ مِّنكُمْ ءَامَنُوا۟ بِٱلَّذِىٓ أُرْسِلْتُ بِهِۦ وَطَآئِفَةٌۭ لَّمْ يُؤْمِنُوا۟ فَٱصْبِرُوا۟ حَتَّىٰ يَحْكُمَ ٱللَّهُ بَيْنَنَا ۚ وَهُوَ خَيْرُ ٱلْحَٰكِمِينَ

“(මගේ ජනතාවෙනි!) ඔබගෙන් එක් සමුහයක් පමණක් අපි පහළ කළ ධර්මය විශ්වාස කර, තවත් සමුහයක් විශ්වාස නොකර සිටියහොත් (ඒ ගැන ඔබ කණගාටු නොවනු). අප අතරේ අල්ලාහ් තීන්දුවක් දෙන තුරු ඔබ ඉවසා සිටිනු. විනිශ්චය දෙන සියල්ලන්ගෙන් ඔහු ඉතාමත් උසස්ය” (යයිද පැවසුවේය).

නුඹලා අතුරින් වූ පිරිසක් මාගේ පරමාධිපති වෙතින් මා ගෙන ආ දෑ විශ්වාස කොට, තවත් පිරිසක් එය විශ්වාස නොකළේ නම් අහෝ බොරු කරන්නනි! නුඹලා අතර අල්ලාහ් තීන්දු දෙන දෑ නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තීන්දු දෙන්නන්ගෙන් ඔහු ශ්රේෂ්ඨය. එමෙන්ම තීරකයින්ගෙන් ඔහු වඩාත් සාධාරණීයය.

Al-A'raaf 7:87Listen in Qur'an →
88

۞ قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ ٱسْتَكْبَرُوا۟ مِن قَوْمِهِۦ لَنُخْرِجَنَّكَ يَٰشُعَيْبُ وَٱلَّذِينَ ءَامَنُوا۟ مَعَكَ مِن قَرْيَتِنَآ أَوْ لَتَعُودُنَّ فِى مِلَّتِنَا ۚ قَالَ أَوَلَوْ كُنَّا كَٰرِهِينَ

(ෂුඅයිබ් නබිව අපි අපගේ දූතයා වශයෙන් යැවූ අවස්ථාවේදී) ඔහුගේ ජනතාවගෙන් උඞගු වූ ප්‍රධානීන් (ඔහුට) “ඕ ෂුඅයිබ්!ඔබ අපගේ ධර්මයට නොහැරුණහොත් නියත වශයෙන්ම අපි ඔබවද, ඔබ සමග වූ විශ්වාසවන්තයින්වද, අපගේ රටින් එළවා දමන්නෙමු” යයි පවැසූහ. එයට ඔහු, (ඔවුන්ට “ඔබගේ ධර්මය) අපි පිළිකුල් කළා වුවද?”යි විමසුවේය.

ෂුඅයිබ් (අලෛහිස්සලාම්) තුමාණන්ගේ සමූහයා අතර සිටි නායකයින් හා ප්රධානීන් ෂුඅයිබ් (අලෛහිස් සලාම්) තුමා දෙස බලා, “අහෝ ෂුඅයිබ්! ඔබ හා ඔබ සමග සිටින ඔබව සත්යය කළ ජනයා අපගේ මේ ගම්මානයෙන් බැහැර කරන්නෙමු. එසේ නැතහොත් ඔබ අපේ දහම වෙත නැවත හැරෙනු” යැයි පැවසුවෝය. ෂුඅය්බ් තුමා හෙළා දකිමින් හා පුදුමය උපදවන අයුරින් ඔවුනට: “නුඹලා කවර කරුණක් මත සිටින්නෙහු ද එය ව්යාජ බව අප දැන සිටියදී, එය අප පිළිකුල් කරමින් සිටියදී නුඹලාගේ දහම හා නුඹලාගේ පිළිවෙත අනුව අපි නුඹලාව අනුගමනය කරන්නෙමුද?” යැයි පැවසුවේය.

Al-A'raaf 7:88Listen in Qur'an →
89

قَدِ ٱفْتَرَيْنَا عَلَى ٱللَّهِ كَذِبًا إِنْ عُدْنَا فِى مِلَّتِكُم بَعْدَ إِذْ نَجَّىٰنَا ٱللَّهُ مِنْهَا ۚ وَمَا يَكُونُ لَنَآ أَن نَّعُودَ فِيهَآ إِلَّآ أَن يَشَآءَ ٱللَّهُ رَبُّنَا ۚ وَسِعَ رَبُّنَا كُلَّ شَىْءٍ عِلْمًا ۚ عَلَى ٱللَّهِ تَوَكَّلْنَا ۚ رَبَّنَا ٱفْتَحْ بَيْنَنَا وَبَيْنَ قَوْمِنَا بِٱلْحَقِّ وَأَنتَ خَيْرُ ٱلْفَٰتِحِينَ

(තවද) “ඔබගේ ධර්මයෙන් අල්ලාහ් අපිව බේරා ගත්තායින් පසු, ඒ දෙසට අපි හැරුණහොත් නියත වශයෙන්ම අපි අල්ලාහ් කෙරෙහි බොරුව නිර්මාණය කළ අය බවට පත් වන්නෙමු. අපගේ දෙවියන් වන අල්ලාහ් අදහස් කළහොත් මිස, අපි එයින් මිදීමටම නොහැක. අපගේ දෙවියන්ගේ අධ්‍යාපන දැනුම සියල්ල වට කරගෙන ඇත්තේය. අල්ලාහ්වම අපි විශ්වාස කළෙමු” (යයි පවසා, දෙවියන්ට) “අපගේ දෙවියනේ!අපටද අපගේ ජනතාවටද අතරේ ඔබ සාධාරණ තීන්දුවක් දෙනු. නියත වශයෙන්ම ඔබම විනිශ්චය දීමෙහි ඉතාමත් ශ්‍රේෂ්ඨවන්තයා” (යයිද ප්‍රාර්ථනා කළේය).

අල්ලාහ්ගේ ආශිර්වාදයෙන් අපි ඔහුට යටත් වූවායින් පසු, නුඹලා සිටින දේව ප්රතික්ෂේපය හා දේව ආදේශය පිළිබඳ අපි විශ්වාස කළේ නම් සැබැවින්ම අපි අල්ලාහ් මත බොරු ගොතා පවසන්නන් වන්නෙමු. අපගේ පරමාධිපති වූ අල්ලාහ් අභිමත කළේ නම් මිස ඔබේ ව්යාජ පිළිවෙත වෙත අප නැවත හැරීමට සුදුසු නොවන්නේය. එමෙන්ම අපට එය ස්ථාවර නොවන්නේය. එය පිවිතුරු ඔහුගේ අභිමතයට සියලු දෙනා යටත් වී ඇති බැවිණි. අපගේ පරමාධිපති සියලු දෑ පිළිබඳ සර්වප්රකාරයෙන් දන්නේය. ඔහුට කිසිවක් සැඟවෙන්නේ නැත. ඔහු අප ඍජු මාර්ගය මත ස්ථාපිත කළ බැවින්ද, නිරයේ මාර්ගයෙන් අප ආරක්ෂා කළ බැවින්ද අපි අල්ලාහ් මත පමණක් දැඩි සේ විශ්වාසය තබන්නෙමු. අපගේ පරමාධිපතියාණනි! අප අතර හා ප්රතික්ෂේප කළ අපගේ සමූහයා අතර සැබෑ ලෙසින්ම තීන්දු කරනු මැනව. මුරණ්ඩු අපරාධකරුට එරෙහි ව අසාධාරණයට ලක් වූ සත්යයේ සගයාට සහය වනු. අපගේ පරමාධිපතියාණනි! ඔබ තීරකයින් අතර අති ශ්රේෂ්ඨය.

Al-A'raaf 7:89Listen in Qur'an →
90

وَقَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦ لَئِنِ ٱتَّبَعْتُمْ شُعَيْبًا إِنَّكُمْ إِذًۭا لَّخَٰسِرُونَ

ඔහුගේ ජනතාවගෙන් ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන් (අනිත් අයට) “ඔබ ෂුඅයිබ්ව අනුගමනය කළහොත් නියත වශයෙන්ම ඔබ පරාජිතයින්ය” යයි පැවසූහ.

ඒක දේවත්වයේ ඇරයුම ප්රතික්ෂේප කළ ෂුඅය්බ් තුමාගේ සමූහයා අතර සිටි දේව ප්රතික්ෂේපිත නායකයෝ හා ප්රධානීහු, ෂුඅය්බ් (අලය්හිස් සලාම්) තුමාණන් හා එතුමා ගෙන ආ දහම පිළිබඳ ජනයාට අවවාද කරමින්, "අපගේ ජනයිනි! නුඹලා ෂුඅය්බ්ගේ දහමට පිවිස, නුඹලාගේ දහම හා නුඹලාගේ මුතුන් මිත්තන්ගේ දහම අතහැර දැමුවෙහු නම් සැබැවින්ම නුඹලා ඒ හේතුවෙන් විනාශ වී යනු ඇත" යැයි පැවසූහ.

Al-A'raaf 7:90Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.