قَالَ قَدْ وَقَعَ عَلَيْكُم مِّن رَّبِّكُمْ رِجْسٌۭ وَغَضَبٌ ۖ أَتُجَٰدِلُونَنِى فِىٓ أَسْمَآءٍۢ سَمَّيْتُمُوهَآ أَنتُمْ وَءَابَآؤُكُم مَّا نَزَّلَ ٱللَّهُ بِهَا مِن سُلْطَٰنٍۢ ۚ فَٱنتَظِرُوٓا۟ إِنِّى مَعَكُم مِّنَ ٱلْمُنتَظِرِينَ
එයට ඔහු “ඔබ දෙවියන්ගේ කෝපයද, දඬුවමද, ඔබට (නියම කරනු ලැබීය. ඒවා) නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම පැමිණෙන්නේය. ඔබත් ඔබගේ පෙර සිටියවුන්ද (දෙවිවරුන් යයි) තබා ගෙන සිටි දැය (පුහු) නාමයන් ගැනද ඔබ මා සමග තර්ක කරමින් සිටින්නේ? එයට යම්කිසි සාක්ෂ්යක්ද අල්ලාහ් (ඔබට) පහළ කර තැබුවේ නැත. එබැවින් (ඔබට පැමිණෙන්නට යන දඬුවම) ඔබ බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මමද ඔබ සමග බලාපොරොත්තු-වෙන් සිටින්නෙමි” යයි පැවසුවේය.
හූද් තුමා ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්ගේ දඬුවම හා ඔහුගේ කෝපය ඔබ අනිවාර්යය කර ඉල්ලන්නෙහුය. එය ඔබට කිසිදු සැකයකින් තොරව සිදු වන්නේමය. ඔබ හා ඔබේ මුතුන් මිත්තන් දෙවියන් ලෙස නම් තැබූ පිළිම විෂයයෙහි මා සමග වාද කරන්නෙහුද? ඒවා සැබෑ නොවන්නේය. එහෙයින් දේවත්වය පිළිබඳ වාද කරන දෑ සඳහා සාක්ෂි වශයෙන් ගත හැකි සාධකයක් අල්ලාහ් ඔබට පහළ කළේ නැත. එහෙයින් ඔබ පතන දෑ බලාපොරොත්තුවෙන් සිටිනු. ඔබට එම දඬුවම ඉක්මණින්ම පැමිණෙනු ඇත. මමත් ඔබ සමග බලාපොරොත්තුවෙන් සිටිමි. එය සිදුවනු ඇත යැයි පැවසුවේය.