Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 61–70 of 206

61

قَالَ يَٰقَوْمِ لَيْسَ بِى ضَلَٰلَةٌۭ وَلَٰكِنِّى رَسُولٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

එයට ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!මා කිසිම දුර්මාගයක නැත. එහෙත් නියත වශයෙන්ම මා සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන දෙවියන්ගේ සන්නිධානයෙන්ම පැමිණ සිටින එක් දූතයෙකි” යයි පැවසුවේය.

නූහ් තම සමූහයා අතර සිටි ප්රධානීන් හට, "නුඹලා විශ්වාස කරන්නාක් මෙන් මම නොමඟ ගිය අයකු නොවෙමි. සැබැවින්ම මම මාගේ පරමාධිපතිගේ යහමග මත සිටිමි. සැබැවින්ම මම මාගේ පරමාධිපති වන ඔබේද පරමාධිපති වන සියලු ලෝක වැසියන්ගේද පරමාධිපති වන අල්ලාහ් වෙතින් ඔබ වෙත ආ දූතයකු වෙමි." යැයි පැවසීය.

Al-A'raaf 7:61Listen in Qur'an →
62

أُبَلِّغُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَأَنصَحُ لَكُمْ وَأَعْلَمُ مِنَ ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

(තවද) “මා මගේ දෙවියන්ගේ පුවත්ම ඔබට ගෙනහැර දක්වා ඔබට හොඳ ඔවදන් දෙන්නෙමි. ඔබ නොදන්නා දැය මා අල්ලාහ් වෙතින් දැන ගන්නෙමි”.

අල්ලාහ් මා වෙත දැනුම් දුන් දැයින්, කවර කරුණක් ඔබ වෙත දැනුම් දෙන මෙන් ඔහු ඔබ වෙත එව්වේද, එය මා ඔබට දැනුම් දෙමි. අල්ලාහ්ගේ නියෝග පිළි පැදීම හා ඒ මත පදනම් වූ කුසල් පිළිබඳ ඔබට කැමැත්ත ඇති කරමින් හා ඔහු තහනම් කළ දෑ තහනම් කර ඒ මත පදනම් වූ දඬුවම ගැන බිය ගන්වමින් ඔබට යහපත කරන්නට මම අපේක්ෂා කරමි. අල්ලාහ් මට දේව පණිවිඩ හරහා ඉගැන්වූ, ඔබ නොදන්නා දෑ මම ඔහුගෙන් දැන ගනිමි.

Al-A'raaf 7:62Listen in Qur'an →
63

أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌۭ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍۢ مِّنكُمْ لِيُنذِرَكُمْ وَلِتَتَّقُوا۟ وَلَعَلَّكُمْ تُرْحَمُونَ

“ඔබගෙන් වූ එක් මිනිසෙකු කෙරෙහි ඔබගේ දෙවියන්ගේ සන්නිධානයෙන් ඔබට හොඳ ඔවදන් පැමිණීම ගැන ඔබ පුදුම වන්නෙහුද? ඔබට බිය ගන්වා අනතුරු ඇඟවීම සඳහාද, ඔබ පරිශුද්ධවන්තයන් බවට පත් කිරීම සඳහාද (එය පැමිණ ඇත්තේය. එබැවින්) ඔබ (දෙවියන්ගේ) වරප්‍රසාදයන් ලබා ගත හැකිය” (යයිද පැවසුවේය).

ඔබ අතුරින්ම ඔබ හඳුනන මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ උපදෙසක් හා පණිවිඩයක් ඔබ වෙත පැමිණීම ඔබට පුදුමය දන්වන්නේද? මවිතයට පත් කරන්නේද? ඔබ අතරම ඔහු වැඩුණි. ඔහු බොරු කාරයකු හෝ නොමග ගිය අයකු නොවීය. වෙනත් වර්ගයක කෙනෙකු ද නොවීය. ඔබ බොරු කොට ප්රතික්ෂේප කරන විට අල්ලාහ්ගේ දඬුවම ගැන ඔබ බියවැද්දීමට ඔහු ඔබ අතරට පැමිණියේය. එමෙන්ම ඔහුගේ නියෝග පිළිපදමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් අල්ලාහ්ට භක්තිමත් වනු පිණිසද, ඔබ ඔහු විශ්වාස කරන්නේ නම් ඔබ කරුණාවට ලක්වීමේ ආශාවෙන් ඔහු ඔබ අතර පැමිණියේය.

Al-A'raaf 7:63Listen in Qur'an →
64

فَكَذَّبُوهُ فَأَنجَيْنَٰهُ وَٱلَّذِينَ مَعَهُۥ فِى ٱلْفُلْكِ وَأَغْرَقْنَا ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَآ ۚ إِنَّهُمْ كَانُوا۟ قَوْمًا عَمِينَ

පසුව ඔහුව, ඔවුන් බොරුකාරයා යයිම පැවසූහ. එබැවින් ඔහුවද, ඔහුට පක්ෂපාතී අයවද නැවෙහි (පටවා) බේරාගෙන අපගේ ආයාවන් බොරු යයි කී අයව, (විශාල ජල ගැල්මෙන්) ගිල්වා දැමුවෙමු. නියත වශයෙන්ම ඔවුන් (සත්‍යය දැක ගත නොහැකි) අන්ධයින් වශයෙන්ම සිටියහ.

ඔහුගේ ජනයා ඔහුව බොරු කළෝය. ඔහුව විශ්වාස කළේ නැත. ඔවුන්ගේ ප්රතික්ෂේපය මත ඔවුහු රැඳී සිටියෝය. ඔවුන් විනාශ කරන මෙන් ඔවුනට එරෙහිව ඔහු අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කර සිටියේය. ඔහු හා ඔහු සමග නැවෙහි ගමන් කළ දේව විශ්වාසී ජනයා දියේ ගිලීමෙන් අපි ආරක්ෂා කළෙමු. අපගේ වදන් ප්රතික්ෂේප කොට ඔවුන්ගේ ප්රතික්ෂේපය මතම රැඳී සිටි ජනයා, මහා ජලගැල්ම හේතුවෙන් දියේ ගිල්වා අපි විනාශ කළෙමු. එය ඔවුනට දඬුවමක් වශයෙනි. සැබැවින්ම ඔවුන්ගේ හදවත් සත්යයයෙන් අන්ධ වී තිබිණ.

Al-A'raaf 7:64Listen in Qur'an →
65

۞ وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًۭا ۗ قَالَ يَٰقَوْمِ ٱعْبُدُوا۟ ٱللَّهَ مَا لَكُم مِّنْ إِلَٰهٍ غَيْرُهُۥٓ ۚ أَفَلَا تَتَّقُونَ

ආද් (නමැති) ජනතාවට ඔවුන්ගේ සහෝදර හුද් ව (අපගේ දූතයා වශයෙන් යැවුවෙමු). ඔහු (ඔවුන්ට) “මගේ ජනතාවෙනි!ඔබ අල්ලාහ් එක් කෙනෙකුවම නමදිනු. ඔහු හැර ඔබට වෙන දෙවියෙකු නැත. (එබැවින්) ඔබ, (ඔහුට) බිය විය යුතු නොවේද?”යි පැවසුවේය.

ආද් ගෝත්රය වෙත ඔවුන් අතුරින් වූ දූතයකු අපි එව්වෙමු. ඔහු හූද් (අලයිහිස් සලාම්) තුමාය. හෙතෙම: "අහෝ මාගේ ජනයිනි! ඔබ අල්ලාහ්ට පමණක් නැමදුම් කරන්න. ඔහු හැර නැමදුම් ලබන්නට වෙනත් සුදුස්සෙකු නැත. අල්ලාහ්ගේ දඬුවමින් ඔබ ආරක්ෂා වනු පිණිස අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකෙමින් ඔහුට ඔබ භක්තිමත්ව කටයුතු කළ යුතු නොවේද?" යැයි පැවසීය.

Al-A'raaf 7:65Listen in Qur'an →
66

قَالَ ٱلْمَلَأُ ٱلَّذِينَ كَفَرُوا۟ مِن قَوْمِهِۦٓ إِنَّا لَنَرَىٰكَ فِى سَفَاهَةٍۢ وَإِنَّا لَنَظُنُّكَ مِنَ ٱلْكَٰذِبِينَ

එයට ඔහුගේ ජනතාවගෙන් වූ ප්‍රතික්ෂේප කරන්නන්ගේ ප්‍රධානීන්, (ඔහුට) “නියත වශයෙන්ම අපි ඔබව මෝඩකමෙහි (ගැලී) සිටින්නෙකු වශයෙන්ම දකින්නෙමු. තවද නියත වශයෙන්ම අපි ඔබව බොරුකාරයින්ගෙන් කෙනෙකු වශයෙන්ම සළකන්නෙමු” යයි පැවසූහ.

ඔහුගේ සමූහයා අතර සිටි අල්ලාහ්ව ප්රතික්ෂේප කොට ඔහුගේ දූතයාණන් බොරු කළ නායකයින් හා ප්රධානීන්, "අහෝ හූද්! සැබැවින්ම ඔබ අල්ලාහ්ට පමණක් නමදින්නටත්, පිළිම වන්දනාව අතහැරීමටත් ඔබ අප ඇරයුම් කරන අවස්ථාවේ ඔබේ බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය අපි දකින්නෙමු. සැබැවින්ම ඔබ එවනු ලැබූ රසුල්වරයකු බවට ඔබ වාද කරන විෂයයෙහි සැබැවින්ම ඔබ බොරු කාරයකු ලෙස අපි තරයේ විශ්වාස කරන්නෙමු" යැයි පැවසූහ.

Al-A'raaf 7:66Listen in Qur'an →
67

قَالَ يَٰقَوْمِ لَيْسَ بِى سَفَاهَةٌۭ وَلَٰكِنِّى رَسُولٌۭ مِّن رَّبِّ ٱلْعَٰلَمِينَ

එයට ඔහු “මගේ ජනතාවෙනි!මෝඩකමක් මා වෙත නැත. නමුත් නියත වශයෙන්ම මා සකල ලෝකයන් සියල්ල උත්පාදනය කර, පෝෂණය කරන දෙවියන්ගේ දූතයෙකි!” යයි පැවසුවේය.

තම සමූහයාට පිළිතුරු වශයෙන් හූද් තුමා මෙසේ පැවසීය: "අහෝ මාගේ ජනයිනි! බුද්ධි හීනතාව හා අඩු විචාරශීලිභාවය මාහට නැත. සැබැවින්ම මම ලෝවැසියන්ගේ පරමාධිපති විසින් එවනු ලැබූ දූතයකි."

Al-A'raaf 7:67Listen in Qur'an →
68

أُبَلِّغُكُمْ رِسَٰلَٰتِ رَبِّى وَأَنَا۠ لَكُمْ نَاصِحٌ أَمِينٌ

“(තවද) මගේ දෙවියන්ගේ පුවත්ම මා ඔබට ගෙනහැර දක්වන්නෙමි. ඇත්තෙන්ම මා (ඔබගෙන්) විශ්වාසයට හිමි (සත්‍යය) උපදේශකයෙකු වශයෙන්ද සිටින්නෙමි”.

අල්ලාහ්ගේ ඒකීයත්වය හා ඔහු ආගමානුගත කළ දෑ පිළිබඳ කවර කරුණක් ඔබ වෙත දන්වා සිටින මෙන් ඔහු මට අණ කර ඇත්තේ ද එය මම ඔබ වෙත දන්වා සිටිමි. කවර කරුණක් දන්වා සිටීමට මා අණ කරනු ලැබුවේද එය ඔබට උපදෙස් දීමෙහි මම විශ්වාසවන්තයෙකි. එහි කිසිදු එකතු කිරීමක් හෝ අඩු කිරීමක් සිදු නොකරමි.

Al-A'raaf 7:68Listen in Qur'an →
69

أَوَعَجِبْتُمْ أَن جَآءَكُمْ ذِكْرٌۭ مِّن رَّبِّكُمْ عَلَىٰ رَجُلٍۢ مِّنكُمْ لِيُنذِرَكُمْ ۚ وَٱذْكُرُوٓا۟ إِذْ جَعَلَكُمْ خُلَفَآءَ مِنۢ بَعْدِ قَوْمِ نُوحٍۢ وَزَادَكُمْ فِى ٱلْخَلْقِ بَصْۜطَةًۭ ۖ فَٱذْكُرُوٓا۟ ءَالَآءَ ٱللَّهِ لَعَلَّكُمْ تُفْلِحُونَ

“ඔබට බිය ගන්වා අනගුරු ඇඟවීම පිණිස ඔබගෙන් කෙනෙකු කෙරෙහි ඔබගේ දෙවියන් වෙතින් ඔබ වෙනුවෙන් හොඳ ඔවදන් පැමිණීම ගැනද ඔබ පුදුම වන්නේ? නුහ්ගේ ජනතාවගෙන් පසු ඔහු ඔබව (භුමියෙහි අධිපතීන් බවට පත් කර, දේහයෙන්ද, ශක්තියෙන්ද (අන් අයට වඩා) ඔබට අධික වශයෙන්ම ලබා දීම ගැනද සිතා බලනු. අල්ලාහ්ගේ මෙම වරප්‍රසාදයන් සියල්ල ඔබ සිතා බලනු. (එයින්) ඔබ ජයග්‍රහණය කළ හැකිය” (යයි පැවසුවේය).

ඔබේ වර්ගයා අතරින්ම වූ මිනිසෙකුගේ දිවෙන් ඔබේ පරමාධිපති වෙතින් වූ මෙනෙහි කිරීමක් ඔබ වෙත පැමිණීම ඔබ ට පුදුමයක් වන්නේද? ඔබ ව මවිතයට පත් කරවන්නේද? ඔහු ඔබට අවවාද කරන මලක්වරුන් හෝ ජින්වරුන්ගෙන් කෙනෙකු නොවීය. ඔබේ පරමාධිපතිට ඔබ පැසසුම් කරනු. මහ පොළොවේ ඔහු ඔබට පහසුකම් සලසා දීම වෙනුවෙන් ද, නූහ් තුමාගේ ජනයා ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් අල්ලාහ් ඔවුන් විනාශ කළ පසුව ඔබව එහි නියෝජනය කරනු පිණිස පත් කිරීම වෙනුවෙන්ද ඔබ ඔහුට කෘතඥ වනු. ඔබට සුවිශේෂී ශරීරයක්, බලයක් හා දැඩි ආක්රමණශීලී ජවයක් ලබා දීම ගැන ද ඔබ අල්ලාහ්ට කෘතඥ වනු. ඔබ බලාපොරොත්තු වූ දැයින් ජය ලැබීමේ හා පලා යා යුතු තැනින් මිදීමේ අපේක්ෂාවෙන් ඔබ වෙත අල්ලාහ් පිරිනැමූ ආශිර්වාද මෙනෙහි කරනු.

Al-A'raaf 7:69Listen in Qur'an →
70

قَالُوٓا۟ أَجِئْتَنَا لِنَعْبُدَ ٱللَّهَ وَحْدَهُۥ وَنَذَرَ مَا كَانَ يَعْبُدُ ءَابَآؤُنَا ۖ فَأْتِنَا بِمَا تَعِدُنَآ إِن كُنتَ مِنَ ٱلصَّٰدِقِينَ

එයට ඔවුන් “අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෙවිවරුන්ව ප්‍රතික්ෂේප කර දමා අල්ලාහ් එක් කෙනෙකුවම නමදින මෙන් සැලැස්වීමටද, ඔබ අප වෙත පැමිණියේ? (අපි එසේ නොකරන්නෙමු. ඇත්තෙන්ම) ඔබ සත්‍යය ප්‍රකාශ කරන්නෙකු වශයෙන් සිටින්නෙහි නම්, ඔබ අපට බිය ගන්වන දැය අප වෙත ගෙන එනු” යයි පැවසූහ.

"අහෝ හූද්! අල්ලාහ්ට පමණක් නැමදුම් කරන ලෙසත්, අපගේ මුතුන් මිත්තන් නමදිමින් සිටි දෑ අප අතහැර දමන ලෙසත් ඔබ අපට අණ කිරීමට පැමිණියෙහි ද? ඔබ වාද කරමින් සිටින දෑහි ඔබ සත්යවාදියෙකු නම් ඔබ අපට ප්රතිඥා දුන් දඬුවම අප වෙත ගෙන එන්නැ"යි ඔහුගේ සමූහයා ඔහුට පවසා සිටියේය.

Al-A'raaf 7:70Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.