Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 1–10 of 206

بِسْمِ ٱللَّهِ ٱلرَّحْمَٰنِ ٱلرَّحِيمِ

1

الٓمٓصٓ

අලිෆ්. ලාම්. මීම්. සාද්.

(අලිෆ්, ලාම්, මීම්, සාද්.) සූරා බකරා ආරම්භයේදී මෙවැනි පාඨ පිළිබඳ විස්තර කලින් සඳහන් කර ඇත.

2

كِتَٰبٌ أُنزِلَ إِلَيْكَ فَلَا يَكُن فِى صَدْرِكَ حَرَجٌۭ مِّنْهُ لِتُنذِرَ بِهِۦ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ

(නබියේ! මෙම) ධර්මය ඔබ කෙරෙහි පහළ කර ඇත්තේය. මේ ගැන ඔබගේ පපුවෙහි කිසිම අපහසුතාවයක් නොවේවා!මෙමගින් ඔබ (මිනිසුන්ට) බිය ගන්වා අනුතුරු ඇඟවීම සඳහාද, විශ්වාසය තැබූවන්ට එක් හොඳ ඔවදනක් වශයෙන්ද (පහළ කරනු ලැබ ඇත්තේය).

අහෝ දූතය! ශුද්ධ වූ කුර්ආනය ඔබ වෙත අල්ලාහ් පහළ කළ දේව ග්රන්ථයයි. ඒ ගැන ඔබේ හදවතෙහි පීඩනයක් හෝ සැකයක් හෝ නොවිය යුතුය. ඔහු එය ඔබ වෙත පහළ කළේ එමගින් ඔබ ජනයා බියවද්දා ඒ ගැන පැහැදිළි සාධක ඉදිරිපත් කරනු පිණිස හා එමගින් ඔබ දේව විශ්වාස කරන්නන්ට මෙනෙහි කොට එම උපදෙස් මගින් ඔවුන් ප්රයෝජන ලබනු පිණිසය.

3

ٱتَّبِعُوا۟ مَآ أُنزِلَ إِلَيْكُم مِّن رَّبِّكُمْ وَلَا تَتَّبِعُوا۟ مِن دُونِهِۦٓ أَوْلِيَآءَ ۗ قَلِيلًۭا مَّا تَذَكَّرُونَ

(මිනිසුනේ!) ඔබ වෙනුවෙන් ඔබගේ දෙවියන් විසින් පහළ කරනු ලැබූ දැය අනුගමනය කරනු. ඔහු මිස, (වෙන කිසිවෙකුත් ඔබට) ආරක්ෂකයන් (වශයෙන් පත් කරගෙන, ඔවුන්ව) අනුගමනය නොකරනු. (එහෙත් මෙමගින්) ඔබ හොඳ වැටහීමක් ලබා ගැනීම ඉතාමත් අල්පය!

අහෝ ජනයිනි! ඔබේ පරමාධිපති ඔබ වෙත පහළ කළ දේව ග්රන්ථයත් ඔබේ නබිවරයාගේ පිළිවෙතත් ඔබ අනුගමනය කරනු. ෂෙයිතාන්ගේ මිතුරන් ලෙස හෝ නපුරු නායකයින් ලෙස හෝ ඔබ සිතන අයගේ ආශාවන් අනුගමනය නොකරනු. ඔවුන්ගේ ආශාවන්ට නැඹුරු වීම හේතුවෙන් ඔබ වෙත පහළ කළ දෑ අත්හරින්නන් බවට ඔවුහු ඔවුන් අත්හැර දමනු ඇත. සැබැවින්ම ඔබ මෙනෙහි කරනුයේ ස්වල්පයක් පමණි. ඔබ මෙනෙහි කරන්නෙහු නම් සත්ය මත බලපෑමක් ඇති කරනු ඇත. ඔබේ දූතයාණන් කවර දෙයක් රැගෙන ආවේද එය ඔබ අනුමගනය කරනු. ඒ අනුව ඔබ ක්රියා කරනු. ඒ හැර සෙසු දෑ ඔබ අතහැර දමනු.

4

وَكَم مِّن قَرْيَةٍ أَهْلَكْنَٰهَا فَجَآءَهَا بَأْسُنَا بَيَٰتًا أَوْ هُمْ قَآئِلُونَ

(පාපතරයන් වාසය කළ) බොහෝ නගරයන් අපි විනාශ කර ඇත්තෙමු. රාත්‍රියෙහි හෝ නැතහොත් ඔවුන් (ඒවායෙහි සිටි අය) නිදා සිටියදී දහවලෙහි හෝ අපගේ දඬුවම ඔවුන් වෙත පැමිණ සේන්දු විය.

අපගේ දඬුවමින් අපි විනාශ කළ ප්රදේශය බොහෝමයක් එහි ජනයා දේව ප්රතික්ෂේපයේ හා මුළාවේ හෝ සිටිය අවස්ථාවන්හි නොවේ. නමුත් අපගේ දැඩි දඬුවම රාත්රියෙහි හෝ දහවලෙහි පහළ වූයේ එහි ජනයා ඒ ගැන අනවධානයෙන් පසුවූ අවස්ථාවන්හිය. එවිට ඔවුන්ගෙන් එම දඬුවම වළක්වා ගන්නට ඔවුනට නොහැකිය. ඔවුන් තම දෙවිවරුන් යැයි සිතන අයට පවා ඔවුන්ගෙන් එය වැළැක්විය නොහැක.

5

فَمَا كَانَ دَعْوَىٰهُمْ إِذْ جَآءَهُم بَأْسُنَآ إِلَّآ أَن قَالُوٓا۟ إِنَّا كُنَّا ظَٰلِمِينَ

ඔවුන් වෙත අපගේ දඬුවම පැමිණි අවස්ථාවේදී “නියත වශයෙන්ම අපිම අපට නපුරක් කර ගත්තෙමු” යයි පැවසීම මිස, වෙන කිසිවක් ඔවුන් පැවසුවේ නැත.

ඔවුනට දඬුවම පහළ වීමෙන් පසු අල්ලාහ්ව ප්රතික්ෂේප කර සිටීමේ අපරාධය ඔවුන් පිළිගත්තා මිස වෙනකක් නොවීය.

6

فَلَنَسْـَٔلَنَّ ٱلَّذِينَ أُرْسِلَ إِلَيْهِمْ وَلَنَسْـَٔلَنَّ ٱلْمُرْسَلِينَ

එබැවින් (මේ ගැන අපගේ ධර්මය වන) දූත මෙහෙවර කවුරුන් වෙත යවා ඇත්තෙමුද, ඔවුන්වද නියත වශයෙන්ම අපි විභාග කරන්නෙමු. තවද (අපගේ) දූතයින්වද නියත වශයෙන්ම අපි විභාග කරන්නෙමු.

අප කවර සමූහයන් වෙත දූතවරුන් එව්වෙමු ද එම සමූහයා තම දූතවරුන් හට කවර පිළිතුරක් දුන්නේ දැයි සැබැවින්ම අපි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ගෙන් විමසන්නෙමු. එමෙන්ම දූතවරුන්හට කවර ඇරයුමක් කරන්නැයි නියෝග කරනු ලැබුවේද එය ඇරයුම් කිරීම පිළිබඳවත් ඔවුන්ගේ සමූහයා කවර පිළිතුරන් ඔවුනට දුන්නේද ඒ පිළිබඳවත් එම දූතවරුන්ගෙන් අපි විමසන්නෙමු.

7

فَلَنَقُصَّنَّ عَلَيْهِم بِعِلْمٍۢ ۖ وَمَا كُنَّا غَآئِبِينَ

(ඔවුන්ගේ ක්‍රියාවන් ගැන අපි) හොඳින් දැන (විනිශ්චය කාලයේදී) නියත වශයෙන්ම අපි ඔවුන්ට පවසන්නෙමු. නියත වශයෙන්ම අපි (කුමන වේලාවකදී හෝ කුමන ස්ථානයකදී හෝ) සැඟවී සිටියේ නැත.

සියලු මැවීම් මෙලොවෙහි සිදු කළ ඔවුන්ගේ ක්රියාවන් පිළිබඳ තොරතුරු අපගේ අනුදැනුමෙන් අපි කියන්නෙමු. ඔවුන්ගේ සියලු ක්රියාවන් පිළිබඳ අපි දැනගෙන සිටිමු. ඉන් කිසිවක් අපට සැඟවී ගියේ නැත. කිසිදු වේලාවක ඔවුන්ගෙන් අප මුවා වී සිටියේ නැත.

8

وَٱلْوَزْنُ يَوْمَئِذٍ ٱلْحَقُّ ۚ فَمَن ثَقُلَتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ هُمُ ٱلْمُفْلِحُونَ

(සෑම කෙනෙකුගේම පින් පව්ද) එදින බර කිරීම නියතයි. එබැවින් කවුරුන්ගේ (පින් වල) බර වැඩි වූවේද, ඔවුන්ම නියත වශයෙන්ම ජයග්‍රහණය කරන්නාහ.

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ක්රියාවන් තක්සේරු කිරීම ඉතා සාධාරණනීය ලෙස සිදු වනු ඇත. එහි කිසිදු අපරාධයක් හෝ අසාධාරණයක් හෝ නැත. තක්සේරු කරන විට කවරෙකුගේ කුසල්වල තරාදිය ඔහුගේ පාපකම්වල තරාදියට වඩා සාර්ථක වන්නේද අපේක්ෂා කරනු ලැබූ පරිදි ජය ලැබූවෝ ඔවුහු වෙති. භයානක දැයින් මිදුණෝ ද ඔවුහු වෙති.

9

وَمَنْ خَفَّتْ مَوَٰزِينُهُۥ فَأُو۟لَٰٓئِكَ ٱلَّذِينَ خَسِرُوٓا۟ أَنفُسَهُم بِمَا كَانُوا۟ بِـَٔايَٰتِنَا يَظْلِمُونَ

කවුරුන්ගේ (පින් වල) බර (අඩු වී) ලෙහෙසි වන අන්දමට ඇත්තේද, ඔවුන් අපගේ ආයාවන්ට වෙනස්කම් කළ බැවින් තමන්ට තමන්ම නපුරක් කර ගත් අය බවට පත් වන්නාහ.

කවරෙකුගේ පාපකම්වල තරාදිය ඔහුගේ කුසල්වල තරාදියට වඩා වැඩි වන්නේද අල්ලාහ්ගේ වදන් ඔවුන් ප්රතික්ෂේප කළ හේතුවෙන් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ විනාශයේ මං මාවත් කරා යොමු වෙමින් අලාභයට පත්වූවෝ ඔවුහුමය.

10

وَلَقَدْ مَكَّنَّٰكُمْ فِى ٱلْأَرْضِ وَجَعَلْنَا لَكُمْ فِيهَا مَعَٰيِشَ ۗ قَلِيلًۭا مَّا تَشْكُرُونَ

(මිනිසුනේ!) නියත වශයෙන්ම අපි ඔබට භූමියෙහි සියලූම සැප පහසුකම් ලබා දී එහි ඔබට ජීවනෝපායද ඇති කළෙමු. (මෙසේ තිබියදී) ඔබ ස්තූති කිරීමද ඉතාමත් අල්පය!

අහෝ ආදම්ගේ පුතණුවනි! සැබැවින්ම අපි මහපොළොවේ ඔබට පහසුකම් සලසා දුනිමු. ජීවනෝපාය සඳහා වූ හේතු සාධක එහි ඔබට ඇති කළෙමු. එහෙයින් ඒ සඳහා ඔබ අල්ලාහ්ට කෘතඥ විය යුතුය. නමුත් ඔබ එසේ කෘතඥ වනුයේ ස්වල්ප ප්රමාණයකි.

Al-A'raaf 7:10Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.