Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 31–40 of 206

31

۞ يَٰبَنِىٓ ءَادَمَ خُذُوا۟ زِينَتَكُمْ عِندَ كُلِّ مَسْجِدٍۢ وَكُلُوا۟ وَٱشْرَبُوا۟ وَلَا تُسْرِفُوٓا۟ ۚ إِنَّهُۥ لَا يُحِبُّ ٱلْمُسْرِفِينَ

ආදම්ගේ දරුවනේ! සලාත් කරන සෑම තැනදීම (ඇඳුම්වලින්) අලංකාරවත් කර ගනු. (දෙවියන් ඔබට අනුමැතිය දුන් දැය) ඔබ (ඕන තරම්) අනුභව කරනු. පානය කරනු. එහෙත් (ඒවායෙන්) ප්‍රමාණය ඉක්මවා (පුහු) වියදම් නොකරනු. මන්දයත් නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රමාණය ඉක්මවා (පුහු) වියදම් කරන්නන්ව ප්‍රිය කරන්නේ නැත.

"අහෝ ආදම්ගේ දරුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කරන දෑ ඇඳගන්න. එමෙන්ම සලාතය හා තවාෆ් කරන අවස්ථාවේ කවර පිරිසිදු ඇඳුමිකින් අලංකාරවත් කර ගත හැක්කේද එවැනි දෑද ඇඳගන්න. අල්ලාහ් අනුමත කළ යහපත් දැයින් ඔබ කැමති දෑ අනුභව කරන්න. පානය කරන්න. එහි මධ්යස්තභාවයේ සීමාව ඉක්මවා නොයන්න. අනුමත දෑ, තහනම් දෑ වෙත ගෙනයමින් ඉක්මවා කටයුතු නොකරන්න. සැබැවින්ම අල්ලාහ් මධ්යස්තභවයේ සීමාවන් උල්ලංඝණය කරන්නන්හට ප්රිය කරන්නේ නැත.

Al-A'raaf 7:31Listen in Qur'an →
32

قُلْ مَنْ حَرَّمَ زِينَةَ ٱللَّهِ ٱلَّتِىٓ أَخْرَجَ لِعِبَادِهِۦ وَٱلطَّيِّبَٰتِ مِنَ ٱلرِّزْقِ ۚ قُلْ هِىَ لِلَّذِينَ ءَامَنُوا۟ فِى ٱلْحَيَوٰةِ ٱلدُّنْيَا خَالِصَةًۭ يَوْمَ ٱلْقِيَٰمَةِ ۗ كَذَٰلِكَ نُفَصِّلُ ٱلْءَايَٰتِ لِقَوْمٍۢ يَعْلَمُونَ

(නබියේ!) අල්ලාහ් තම වහලූන් වෙනුවෙන් ලබා දී ඇති (ඇඳුම්) අලංකාරයද, පරිශුද්ධ වූ (උසස්) ආහාරයද (අනුමැතිය නැතැයි) වළක්වන්නා කවරෙක්ද?”යි විමසා, “එය මෙලොව ජීවිතයෙහි විශ්වාසය තැබූවන්ට (අනුමැතිය ඇති දැයයි!එහෙත්) විනිශ්චය දිනදී (ඔවුන්ට පමණක්ම) අයත්ය” යයිද පවසනු මැනව!දැන ගත හැකි ජනතාවට (අපගේ) ආයාවන් මෙසේ විවරණය කරන්නෙමු.

අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ ඇඳුම් අනුමත කළ ආහාර පාන හා වෙනත් දෑ තහනම් කරන බහුදේවවාදීන්ගෙන් මෙසේ විමසනු. ඔබට අලංකාරයක් වශයෙන් පිරිනැමූ ඇඳුම් පැළඳුම් තහනම් කළේ කවරෙක්ද? එමෙන්ම අල්ලාහ් පෝෂණය කළ පිවිතුරු ආහාර පාන හා වෙනත් දෑ ඔබට තහනම් කළේ කවරෙක්ද? අහෝ දූතය! ඔබ ඔවුනට මෙසේ පවසනු. මෙම යහපත් දෑ මෙලොව ජීවිතයේ දේව විශ්වාසී ජනයාට හිමිය. එහි වෙනත් අය මෙලොවෙහිම හවුල් වූයේ නම් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන්ට විශේෂිත වනු ඇත. එහි දී දේව ප්රතික්ෂේපකයින් හවුල් නොවනු ඇත. හේතුව සැබැවින්ම ස්වර්ගය දෙවියන් ප්රතික්ෂේප කරන්නන්හට තහනම් කරනු ලැබූවක් බැවිණි. මෙම විස්තර කිරීම මෙන්ම වටහා ගන්නා ජනයාට අපි එම වදන් පැහැදිලි කරන්නෙමු. සැබැවින්ම ඔවුහු එයින් ප්රයෝජන ලබනු ඇත.

Al-A'raaf 7:32Listen in Qur'an →
33

قُلْ إِنَّمَا حَرَّمَ رَبِّىَ ٱلْفَوَٰحِشَ مَا ظَهَرَ مِنْهَا وَمَا بَطَنَ وَٱلْإِثْمَ وَٱلْبَغْىَ بِغَيْرِ ٱلْحَقِّ وَأَن تُشْرِكُوا۟ بِٱللَّهِ مَا لَمْ يُنَزِّلْ بِهِۦ سُلْطَٰنًۭا وَأَن تَقُولُوا۟ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

(නබියේ!) ඔබ මෙසේ පවසනු: “නියත වශයෙන්ම මගේ දෙවියන් (අනුමැතිය නැතැයි) වළක්වනු ලැබූ දැය නම්, ප්‍රසිද්ධියේ හෝ රහසින් හෝ අවමානය ගෙන දෙන ක්‍රියාවන්ද, අනිත් පාපයන්ද, අසාධාරණයේ (කෙනෙකු කෙරෙහි අනිත් කෙනා) අපරාධ කිරීමද, යම්කිසි සාක්ෂියක් නොමැතිව තිබියදී අල්ලාහ්ට ඔබ සාමානයන් තැබීමද, ඔබ නොදන්නා දැය අල්ලාහ් කෙරෙහි (බොරු ගොතා) පැවසීමද වන්නේය”.

අහෝ දූතය! අල්ලාහ් අනුමත කළ දෑ තහනම් කරන එම බහුදේවවාදීන්හට ඔබ මෙසේ පවසනු. සැබැවින්ම අල්ලාහ් තම ගැත්තන්හට තහනම් කළේ අශිලාචාර දෑය. එනම් පාපය ගෙන දෙන පිළිකුල් සහගත දෑය. එය මතුපිටින් හෝ අභ්යන්තරයෙන් හෝ වේවා එය තහනම් වන්නේය. සියලු පාපකම් ඔහු තහනම් කළේය. මිනිසුන්ගේ රැධිරය, ඔවුන්ගේ සම්පත් හා ඔවුන්ගේ මාන්යය යනාදී කරුණුවල ඉක්මවා කටයුතු කිරීම තහනම් කළේය. දේවත්වයට කිසිදු සාක්ෂියක් නොමැති දෑ අල්ලාහ් සමග ඔබ ආදේශ කිරීමත් ඔබ වෙත තහනම් කළේය. ඔහුගේ නාම ඔහුගේ ගුණාංග ඔහුගේ ක්රියා හා ඔහු ආගමානුගත කළ දෑහි ඔබ කිසිදු දැනුමකින් තොරව එයට විරුද්ධ ව ප්රකාශ නිකුත් කිරීමත් ඔබ වෙත තහනම් කළේය.

Al-A'raaf 7:33Listen in Qur'an →
34

وَلِكُلِّ أُمَّةٍ أَجَلٌۭ ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ لَا يَسْتَأْخِرُونَ سَاعَةًۭ ۖ وَلَا يَسْتَقْدِمُونَ

සෑම සමූහයකටම - (ඔවුන් ජීවත් වීමටද, විනාශ වීමටද) එක් නියමිත කාලයක් ඇත. ඔවුන්ගේ නියමිත කාලය පැමිණෙන විට තත්පරයක් හෝ ප්‍රමාද වන්නේද නැත; කළින් වන්නේද නැත.

සෑම යුගයකටම සෑම පරම්පරාවකටම ඒ සඳහා නියම කළ නියමිත කාලයක් ඇත. නිර්ණය කරන ලද ඔවුන්ගේ නියමිත කාලය ඔවුන් වෙත පැමිණි විට ස්වල්ප කාලයක් වුවද එයින් ප්රමාද කරනු නොලබති. එමෙන්ම ඉදිරියට ගෙන එනු නොලබති.

Al-A'raaf 7:34Listen in Qur'an →
35

يَٰبَنِىٓ ءَادَمَ إِمَّا يَأْتِيَنَّكُمْ رُسُلٌۭ مِّنكُمْ يَقُصُّونَ عَلَيْكُمْ ءَايَٰتِى ۙ فَمَنِ ٱتَّقَىٰ وَأَصْلَحَ فَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

ආදම්ගේ දරුවනේ! (මගේ) දූතයින් ඔබගෙන්ම නියම වී, ඔබ වෙතම පැමිණ, මගේ ආයාවන් ඇත්තෙන්ම ඔබට සමුදීරණය කර පෙන්වන විට, (ඒවාට සවන් දීමට ඔබගෙන්) කවුරුන් (අල්ලාහ්ට බිය වී පාපයන්ගෙන්) ඈත් වී පිළිසකර කර ගන්නෝද, ඔවුන්ට කිසිම බියක්ද නැත; ඔවුන් දුක් වන්නේද නැත.

අහෝ ආදම්ගේ දරුවනි! ඔවුන් වෙත මා පහළ කළ පුස්තකය ඔබ අතර කියවා පෙන්වන ඔබ අතුරින්ම වූ දූතවරු මා විසින් ඔබ වෙත පැමිණි විට ඔබ ඔවුනට අවනත වනු. ඔවුන් ගෙන ආ දෑ පිළිපදිනු. අල්ලාහ්ගේ නියෝග පිළිපැද හා ඔහු තහනම් කළ දැයින් වැළකී ඔහුට බැතිමත් වී ඔවුන්ගේ ක්රියාවන් විධිමත් කරගත්තවුන් වනාහි මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට කිසිදු බියක් නැත. මෙලොව ඔවුනට මග හැරුණු කොටස් පිළිබඳ ඔවුන් දුකට පත් වන්නේද නැත.

Al-A'raaf 7:35Listen in Qur'an →
36

وَٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَآ أُو۟لَٰٓئِكَ أَصْحَٰبُ ٱلنَّارِ ۖ هُمْ فِيهَا خَٰلِدُونَ

(එහෙත්) කවුරුන් අපගේ ආයාවන් බොරු කර, ඒවා ප්‍රතික්ෂේප කර, උඞගු වන්නෝද, ඔවුන් නිරා වාසීන්ය! එහි ඔවුන් (සදහටම) රැඳී සිටිනු ඇත.

අපගේ වදන් බොරු කර, එය විශ්වාස නොකර ඔවුන්ගේ දූතවරු කවර කරුණක් ඔවුන් වෙත ගෙන ආවේද, අහංකාරකම හේතුවෙන් ඉන් ඉවත් වූ දේව ප්රතික්ෂේපකයින් වනාහි සැබැවින්ම සදා ලැගුම් ගන්නා නිරය අනිවාර්යය වූ නිරා වැසියෝ ඔවුහුමය.

Al-A'raaf 7:36Listen in Qur'an →
37

فَمَنْ أَظْلَمُ مِمَّنِ ٱفْتَرَىٰ عَلَى ٱللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِـَٔايَٰتِهِۦٓ ۚ أُو۟لَٰٓئِكَ يَنَالُهُمْ نَصِيبُهُم مِّنَ ٱلْكِتَٰبِ ۖ حَتَّىٰٓ إِذَا جَآءَتْهُمْ رُسُلُنَا يَتَوَفَّوْنَهُمْ قَالُوٓا۟ أَيْنَ مَا كُنتُمْ تَدْعُونَ مِن دُونِ ٱللَّهِ ۖ قَالُوا۟ ضَلُّوا۟ عَنَّا وَشَهِدُوا۟ عَلَىٰٓ أَنفُسِهِمْ أَنَّهُمْ كَانُوا۟ كَٰفِرِينَ

කවුරුන් අල්ලාහ් කෙරෙහි බොරු ගොතා මනක්කල්පිත කර පවසන්නෝද, නැතහොත් ඔහුගේ ආයාවන් බොරු කරන්නෝද, ඔහුට වඩා අපරාධකරුවා කවරෙක්ද? (මෙලොවදී ඔවුන් ජීවත් වන තුරු) ඔවුන්ට නියම කර ඇති (ආහාර, වස්තුව ආදී) දැය ඔවුන්ට ලැඛෙමින්ම පවතී. (ඔවුන්ගේ කාලය අවසන් වී) ඔවුන්ගේ පණ අත්පත් කිරීමට අපගේ මලායිකාවරුන් ඔවුන් වෙත පැමිණෙන අවස්ථාවේදී, (ඔවුන්ට) “ඔබ ආරාධනා කරමින් තිබූ අල්ලාහ් නොවන දැය කොහේද?”යි ඔවුන් විමසනු ඇත. එයට ඔවුන් “(ඒවා සියල්ල) අපව අත්හැර දමා (දිව ගොස්) සැඟවී ගියහ” යයි කියා, ඇත්තෙන්ම අපි (සත්‍යය) ප්‍රතික්ෂේප කරන්නන් වශයෙන් සිටි බවද, තමන්ට විරුද්ධවම සාක්ෂි දරන්නාහ.

අල්ලාහ් වෙත හවුල්කරුවකු ඈඳා හෝ යම් අඩුවක් හෝ ඔහු නොපැවසූ කරුණක් පැවසූ බවට පවසමින් ඔහු මත බොරු ගොතා පවසන; ඍජු මාර්ගය වෙත මගපෙන්වන ඔහුගේ පැහැදිලි වදන් බොරු කරන අයට වඩා මහා අපරාධකරුවකු වෙනත් නැත. මෙසේ විස්තර කරනු ලැබූ මොවුනට හොඳ හෝ නරක කරුණු අතරින් සුරක්ෂිත ඵලකයේ සඳහන් මෙලොව භුක්ති විදින කොටස ඔවුන් ලබනු ඇත. අවසානයේ, ඔවුන් වෙත මරණයේ දූතයා හා ඔහුගේ සහකාර දූතවරු ඔවුන්ගේ ප්රාණ අත්පත් කර ගන්නට පැමිණෙති. එවිට ඔවුහු ඔවුනට තරවටු කරමින්, "අල්ලාහ් හැර ඔබ නමදිමින් සිටි දෙවිවරුන් කොහේද? ඔබට සෙත සලසනු පිණිස ඔබ ඔවුනට ඇරයුම් කරනු" යැයි පවසා සිටිති. බහු දේව වාදීහු දූතවරුන් දෙස බලා, "අප නමදිමින් සිටි අපගේ දෙවිවරුන් අපගෙන් පහව ගොස් ඇත. ඔවුන් සැඟවී ඇත. ඒවා කොහේදැ?යි අපි නොදනිමි" යැයි පවසා සැබැවින්ම තමන් අල්ලාහ්ව ප්රතික්ෂේප කළවුන් බව පිළිගනිති. නමුත් ඒ මොහොතේ ඔවුන්ගේ එම පිළිගැනීම ඔවුනට එරෙහිව පිහිටනු ඇත. එය ඔවුනට කිසිවිටෙක ප්රයෝජනවත් වන්නේ නැත.

Al-A'raaf 7:37Listen in Qur'an →
38

قَالَ ٱدْخُلُوا۟ فِىٓ أُمَمٍۢ قَدْ خَلَتْ مِن قَبْلِكُم مِّنَ ٱلْجِنِّ وَٱلْإِنسِ فِى ٱلنَّارِ ۖ كُلَّمَا دَخَلَتْ أُمَّةٌۭ لَّعَنَتْ أُخْتَهَا ۖ حَتَّىٰٓ إِذَا ٱدَّارَكُوا۟ فِيهَا جَمِيعًۭا قَالَتْ أُخْرَىٰهُمْ لِأُولَىٰهُمْ رَبَّنَا هَٰٓؤُلَآءِ أَضَلُّونَا فَـَٔاتِهِمْ عَذَابًۭا ضِعْفًۭا مِّنَ ٱلنَّارِ ۖ قَالَ لِكُلٍّۢ ضِعْفٌۭ وَلَٰكِن لَّا تَعْلَمُونَ

(එයට දෙවියන් ඔවුන්ට) “ජින්වරුන්ගෙන්ද, මිනිසුන්ගෙන්ද, ඔබටපෙර ඉකුත් වූ (ඔබ මෙන් පාපතරයන් වන) සමූහය සමග ඔබත් එකතු වී නිරයට යනු” යයි පවසන්නේය. ඔවුන්ගේ සෑම සමූහයක්ම (නිරයට) ගිය විට, (පෙර එහි පැමිණ සිටි) තමන්ගේ වාර්ගිකයින්ව මුමුනා ශාප කරන්නාහ. (මෙසේ) මොවුන් සියල්ලන්ම නිරය අත් කර ගත් පසු (ඔවුන්ගෙන්) පසු පැමිණෙන්නන් (තමන්ට) පෙර පැමිණියන්ව ගෙනහැර දක්වා “අපගේ දෙවියනේ!මොවුන් අපිව මාර්ගය වැරද යාමට සැලැස්වූහ. එබැවින් ඔවුන්ට (අපට වඩා) දෙගුණයකින් නිරා දඬුවම දෙනු මැනව!” යයි පවසන්නාහ. එයට ඔහු “ඔබගෙන් සියල්ලන්ටම දෙගුණයක් (දඬුවම්) ඇත. එහෙත් (මීට හේතුව) ඔබ දැන ගන්නේ නැත” යයි පවසන්නේය.

අහෝ අල්ලාහ්ට ආදේශ තබන්නනි! ඔබට පෙර ඉකුත් වී ගිය දේව ප්රතික්ෂේපය හා මුළාවෙහි පසු වූ නිරා ගින්නේ වෙසෙන ජින් හා මිනිස් සමූහයා අතරට ඔබත් පිවිසෙනු. යැයි මලක්වරුන් ඔවුනට පවසා සිටිති. යම් සමූහයකින් පසු තවත් සමූහයක් එහි පිවිසෙන සෑම අවස්ථාවකම ඔවුනට පෙර නිරයට ගිය සහෝදර සමූහයාට දොස් නගති. ඔවුන් එකිනෙකා මුණ ගැසී සියලු දෙනා එක්රැස් වූ විට ඔවුන් අතර වූ පහත් මෙන්ම අනුගාමිකයින් ඔවුන් අතර සිටින උසස් ප්රධානීන් හා නායකයින් පෙන්වා ‘අපගේ පරමාධිපතියාණනි, යහමගින් අප ව මුළා කළේ මෙම ප්රධානීන්ය. ඔවුන් අපට අයහමග අලංකාරවත් කර පෙන් වූ බැවින් ඔවුනට දඬුවම ගුණ කර දෙනු’ යැයි පවසති. ඔවුනට පිළිතුරු වශයෙන් අල්ලාහ්, ‘ඔබ අතුරින් සෑම පිරිසකටම ගුණ කර දෙනු ලබන දඩුවමේ කොටසක් ඇත. නමුත් ඒ පීළිබඳ ඔබ නොදැනුවත්ය. එය ඔබ ලබා නැත’ යැයි පවසයි.

Al-A'raaf 7:38Listen in Qur'an →
39

وَقَالَتْ أُولَىٰهُمْ لِأُخْرَىٰهُمْ فَمَا كَانَ لَكُمْ عَلَيْنَا مِن فَضْلٍۢ فَذُوقُوا۟ ٱلْعَذَابَ بِمَا كُنتُمْ تَكْسِبُونَ

ඔවුන්ගෙන් පෙර පැමිණි අය, පසු පැමිණි අයට “අපට වඩා ඔබට කිසිම උසස්භාවයක් නොමැත. එබැවින් ඔබ සොයා ගත් (නපුරු) වින්නැහියේ හේතුවෙන් (ඔබත් දෙගුණයක) දඬුවම් විඳිනු” යයි පවසන්නාහ.

අනුගමනය කරනු ලැබූ නායකයින් තම අනුගාමිකයින් දෙස බලා, "අහෝ අනුගමනය කළවුනි! ඔබෙන් දඬුවම සැහැල්ලු කිරීමට තරම් අපට වඩා සුදුසුකමක් ලබන මහිමයක් ඔබට නැත. දඬුවම පිහිටනුයේ ඔබ උපයාගත් ක්රියාවන් අනුවය. ව්යාජ දෑ අනුගමනය කිරීමේ දී ඔබට කිසිදු නිදහසට කරුණක් නැත. එහෙයින් අනුගමනය කළවුනි! ඔබ උපයාගනිමින් සිටි දේව ප්රතික්ෂේපය හා පාපකම් හේතුවෙන් අප භුක්ති විදන දෑ හා සමාන දඬුවමක් ඔබද භුක්ති විඳිනු."

Al-A'raaf 7:39Listen in Qur'an →
40

إِنَّ ٱلَّذِينَ كَذَّبُوا۟ بِـَٔايَٰتِنَا وَٱسْتَكْبَرُوا۟ عَنْهَا لَا تُفَتَّحُ لَهُمْ أَبْوَٰبُ ٱلسَّمَآءِ وَلَا يَدْخُلُونَ ٱلْجَنَّةَ حَتَّىٰ يَلِجَ ٱلْجَمَلُ فِى سَمِّ ٱلْخِيَاطِ ۚ وَكَذَٰلِكَ نَجْزِى ٱلْمُجْرِمِينَ

නියත වශයෙන්ම කවුරුන් අපගේ ආයාවන් බොරු කර ඒවා ප්‍රතික්ෂේප කිරීම ආඩම්බරකමක් වශයෙන් ගත්තෝද, ඔවුන්ට (දෙවියන්ගේ වරප්‍රසාදයන්ට හිමි) අහස්හි ෙදාරටු විවර කරනු නොලැබේ. ඉඳිකටුවේ සිදුර තුළින් ඔටුවෙකු රිංගන තුරු ඔවුන් ස්වර්ගය අත් කර ගන්නේ නැත. වැරදිකරුවන්ට මේ අන්දමටම අපි ඵලවිපාක දෙන්නෙමු.

සැබැවින්ම අපගේ පැහැදිලි සාක්ෂි හා සාධක බොරු කොට එයට අවනතවීමට හා කීකරුවීමට උඩගු වූවෝ සියලුම යහපත පිළිබඳ බලාපොරොත්තු සුන් වූවෝ වෙති. ඔවුන්ගේ ප්රතික්ෂේපය හේතුවෙන් ඔවුන් සිදු කළ ක්රියාවන් සඳහා හා ඔවුන් මිය ගිය විට ඔවුන්ගේ ප්රාණ සඳහා අහස්හි දොරටු විවෘත කරනු නොලැබේ. විශාල ප්රමාණයේ සතෙකු වූ ඔටුවා ඉතා පටු හා කුඩා ඉඳිකටුවක සිදුරෙන් පිවිසෙන තෙක් ඔවුහු ස්වර්ගයට ඇතුළු නොවෙති. එය සිදුවන්නක් ද නොවේ. ඉන් අදහස් කරනුයේ ඔවුනට ස්වර්ගයට පිවිසීමට කිසිදු අවස්ථාවක් හෝ නොමැති බවය. මෙවැනි ප්රතිවිපාක මහත් සේ පාපයන් කළවුනට අල්ලාහ් විපාක වශයෙන් පිරිනමනු ඇත.

Al-A'raaf 7:40Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.