Muslim99Muslim99
← Tafsir library

7. Al-A'raaf

The Heights · Meccan · 206 ayahs

سُورَةُ الأَعۡرَافِ

Reading Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies

Ayahs 21–30 of 206

21

وَقَاسَمَهُمَآ إِنِّى لَكُمَا لَمِنَ ٱلنَّٰصِحِينَ

“නියත වශයෙන්ම මා ඔබට හොඳක්ම අදහස් කරන්නෙමි” යයි ඒ දෙදෙනා වෙත දිව්රීමෙන් අනතුරුව-

ඔවුන් දෙදෙනා හට ඔහු අල්ලාහ් මත දිවුරා මෙසේ පැවසීය. "අහෝ ආදම් හා හව්වා! සැබැවින්ම මම ඔබ දෙදෙනා වෙත කවර කරුණක් පෙන්වා දුන්නේද ඒ පිළිබඳ උපදෙස් දෙන්නන් අතුරින් කෙනෙකි."

Al-A'raaf 7:21Listen in Qur'an →
22

فَدَلَّىٰهُمَا بِغُرُورٍۢ ۚ فَلَمَّا ذَاقَا ٱلشَّجَرَةَ بَدَتْ لَهُمَا سَوْءَٰتُهُمَا وَطَفِقَا يَخْصِفَانِ عَلَيْهِمَا مِن وَرَقِ ٱلْجَنَّةِ ۖ وَنَادَىٰهُمَا رَبُّهُمَآ أَلَمْ أَنْهَكُمَا عَن تِلْكُمَا ٱلشَّجَرَةِ وَأَقُل لَّكُمَآ إِنَّ ٱلشَّيْطَٰنَ لَكُمَا عَدُوٌّۭ مُّبِينٌۭ

ඔවුන්ව රවටා (එම ගසේ පලතුරු අනුභව කිරීම සඳහා ඒ දෙසට ඔවුන්ව) යාමට සැලැස්සුවේය.ඒ දෙදෙනාම එම ගසේ (පලතුරු) සුවය විඳිනවාත් සමගම ඒ දෙදෙනාගේ රහස් ස්ථානයන්ද දක්නට විය. (එවිට) එම උයනේ ගස්වල කොළ වලින් තමන්ගේ (විලි) වසා ගැනීමට ඔවුන් උත්සාහ කළහ. ඒ අවස්ථාවේදී ඔවුන්ගේ දෙවියන් “මෙම ගසෙන් ඔබව මා වැළැක්වූයේ නැද්ද? නියත වශයෙන්ම ෂෙයිතාන් ඔබ දෙදෙනාට ප්‍රකට සතුරෙකු යයිද මා ඔබට කීවේ නැද්ද?”යි ඒ දෙදෙනාගෙන් විමසුවේය.

ඔවුන් දෙදෙනා කවර තත්ත්වයක සිටියේද, ඔහුගේ වංචාව හා රැවටීම තුළින් ඔහු ඔවුන් දෙදෙනා එම තත්ත්වයෙන් පහත් කළේය. ඔවුන් දෙදෙනාට කවර ගසකින් අනුභව කිරීමට තහනම් කළේද එම ගසින් ඔවුන් දෙදෙනා අනුභව කළ කල්හි ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ඔවුන් දෙදෙනාට නිරාවරණය විය. ස්වර්ගයේ ඇති කොළ වලින් තමන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් ආවරණය කරනු පිණිස ඒ මත අමුණන්නට පටන් ගත්හ. ඔවුන් දෙදෙනාගේ පරමාධිපති ඔවුන් දෙදෙනා අමතා මෙසේ පැවසීය. මෙම ගසින් අනුභව කිරීම මම ඔබ දෙදෙනාට තහනම් නොකළෙම්ද? සැබැවින්ම ෂෙයිතාන් ඔබ දෙදෙනාගේ සතුරෙකු බව පැහැදිලි කරමින් ඔබ දෙදෙනාට මම අවවාද නොකළෙම් ද?

Al-A'raaf 7:22Listen in Qur'an →
23

قَالَا رَبَّنَا ظَلَمْنَآ أَنفُسَنَا وَإِن لَّمْ تَغْفِرْ لَنَا وَتَرْحَمْنَا لَنَكُونَنَّ مِنَ ٱلْخَٰسِرِينَ

(එයට ඔවුන්) “අපගේ දෙවියනේ!අපට, අපිම හානියක් කර ගත්තෙමු. ඔබ අපට සමාව දී අපට දයාව පහළ නොකළහොත් නියත වශයෙන්ම අපි පරාජිතයින් බවට පත් වන්නෙමු” යයි (ප්‍රාර්ථනා කර) පැවසූහ.

"'අපගේ පරමාධිපතියාණනි! එම ගසින් අනුභව කිරීම අපට ඔබ තහනම් කර තිබියදී එම වරද අප සිදු කිරීම තුළින් අපි අපටම අපරාධ කර ගත්තෙමු. අපගේ පාපකම්වලට ඔබ අපට සමාව නොදුන්නේ නම් ඔබේ දයාවෙන් අපහට ඔබ දයාව නොදැක්වූයේ නම් සැබැවින්ම අපි මෙලොව හා මතුලොව අපට හිමි කොටස් අහිමි කර ගනිමින් අපි අලාභවන්තයින් අතරට පත්වන්නෙමු". යැයි ආදම් හා හව්වා ප්රාර්ථනා කර සිටියහ.

Al-A'raaf 7:23Listen in Qur'an →
24

قَالَ ٱهْبِطُوا۟ بَعْضُكُمْ لِبَعْضٍ عَدُوٌّۭ ۖ وَلَكُمْ فِى ٱلْأَرْضِ مُسْتَقَرٌّۭ وَمَتَٰعٌ إِلَىٰ حِينٍۢ

(එයට දෙවියන් “මෙයින්) ඔබ පිටමං වනු. ඔබගෙන් කෙනෙකු අනිත් කෙනාට සතුරෙකු බවට පත් වන්නෙහිය. භූමියෙහිම ඔබට වාසස්ථානය ඇත. (එහි) එක් (නියමිත) කාලයක් දක්වා සැප සම්පත් විඳිය හැකිය” යයි පැවසුවේය.

ආදම්, හව්වා සහ ඉබ්ලීස් දෙස බලා, "ඔබ සැම ස්වර්ගයෙන් මිහිතලයට බසිනු. ඔබ අතුරින් ඇතැමෙක් ඇතැමෙකුට සතුරන් වනු ඇත. නියමිත කාලයක් දක්වා මිහිතලයේ නවාතැනක් හා නියමිත කාලයක් දක්වා භුක්ති විඳීමක් ඔබට ඇතැ"යි අල්ලාහ් පැවසීය.

Al-A'raaf 7:24Listen in Qur'an →
25

قَالَ فِيهَا تَحْيَوْنَ وَفِيهَا تَمُوتُونَ وَمِنْهَا تُخْرَجُونَ

(තවද) “එහිම ඔබ ජීවත් වී සිටින්නෙහුය. එහිම ඔබ මරණයට පත් වන්නෙහුය. (පසුව දිනකදී) එතැනින්ම ඔබව නැගිටවනු ලබන්නෙහුය” යයිද පැවසුවේය.

ආදම් හව්වා හා ඔහුගේ පරපුර වෙත අල්ලාහ් ආමන්ත්රණය කරමින් "ඔබට අල්ලාහ් නියම කළ කාල ප්රමාණයක් ඔබ මෙම මිහිතලයේ ජීවත් වනු ඇත. එහිම ඔබ මරණයට පත් වී වළදමනු ලබනු ඇත. යළි අවදි කරනු පිණිස ඔබගේ මිණීවලවල්වලින් ඔබ බැහැර කරනු ලබනු ඇත." යැයි පැවසුවේය.

Al-A'raaf 7:25Listen in Qur'an →
26

يَٰبَنِىٓ ءَادَمَ قَدْ أَنزَلْنَا عَلَيْكُمْ لِبَاسًۭا يُوَٰرِى سَوْءَٰتِكُمْ وَرِيشًۭا ۖ وَلِبَاسُ ٱلتَّقْوَىٰ ذَٰلِكَ خَيْرٌۭ ۚ ذَٰلِكَ مِنْ ءَايَٰتِ ٱللَّهِ لَعَلَّهُمْ يَذَّكَّرُونَ

ආදම්ගේ දරුවනි!ඔබගේ රහස් ස්ථානයන් වසා ගත හැකි ඇඳුම්ද, අලංකාරයද නියත වශයෙන්ම අපි ඔබට දයාව පහළ කර ඇත්තෙමු. එහෙත් (පාපයන් වසා ගත හැකි භය භක්තිය නමැති) පරිශුද්ධ භාවයේ ඇඳුමම ඉතාමත් උසස්ය. මෙයද අල්ලාහ්ගේ සාධකයන්ගෙන් වූ දැය වන්නේය. (මෙමගින්) ඔවුන් හොඳ වැටහීමක් ලබා ගනිත්වා!

අහෝ ආදම්ගේ පුතණුවනි! ඔබේ රහස්ය පෙදෙස් ආවරණය කර ගනු පිණිස ඔබට අවශ්ය ඇඳුම් ඔහු ඇති කළේය. ජනයා අතර එමගින් අලංකාරයෙන් ගැවසෙනු පිණිස පූර්ණ ඇඳුම් පිළිවෙතක් ඇති කළෙමු. එම භෞතික ඇඳුමට වඩා බියබැතිමත්භාවයේ ඇඳුම වඩාත් ශ්රේෂ්ඨය. එනම් අල්ලාහ්ගේ නියෝග පිළිපදිමින් හා ඔහු තහනම් කළ දැයින් වැළකී කටයුතු කිරීමේ පිළිවෙතයි. අල්ලාහ්ගේ බලය පෙන්වා දෙන ඔහුගේ වදන් තුළින් එම ඇදුම් පිළිවෙත සඳහන් කර ඇත්තේ ඔහු ඔබ වෙත කළ ආශිර්වාද ඔබ මෙනෙහි කොට ඒ සඳහා ඔබ ඔහුට කෘතඥ වනු පිණිසය.

Al-A'raaf 7:26Listen in Qur'an →
27

يَٰبَنِىٓ ءَادَمَ لَا يَفْتِنَنَّكُمُ ٱلشَّيْطَٰنُ كَمَآ أَخْرَجَ أَبَوَيْكُم مِّنَ ٱلْجَنَّةِ يَنزِعُ عَنْهُمَا لِبَاسَهُمَا لِيُرِيَهُمَا سَوْءَٰتِهِمَآ ۗ إِنَّهُۥ يَرَىٰكُمْ هُوَ وَقَبِيلُهُۥ مِنْ حَيْثُ لَا تَرَوْنَهُمْ ۗ إِنَّا جَعَلْنَا ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

ආදම්ගේ දරුවනි! ෂෙයිතාන් ඔබගේ දෙමව්පියන්ව (ඔවුන් ඉතාමත් සැප පහසුවෙන් වාසය කළ) උයනෙන් පිටමං කර (දුක් කරදර වලට ඇතුළු කළ) ආකාරයටම, ඔබවත් දුක් ගැහැට වලටඇතුළු නොකෙරෙත්වා!ඔවුන්ගේ රහස් ස්ථානයන් ඔවුන්ට පෙන්වීම පිණිස ඔහු ඔවුන්ගේ ඇඳුම් ගලවා දැමුවේය. නියත වශයෙන්ම ඔහුද, ඔහුගේ වාර්ගිකයින්ද, ඔබ ඔවුන්ව දැක ගැනීමට නොහැකි වන සේ (සැඟවී සිටිමින්) ඔබව (මාර්ගය වැරද යාමට සැලැස්වීමට අවස්ථාවක්) බලමින් සිටින්නාහ. නියත වශයෙන්ම විශ්වාසය නොතැබූවන්ටම එම ෂෙයිතාන්වරුන්ව අපි මිතුරන් බවට පත් කර ඇත්තෙමු.

අහෝ ආදම්ගේ පුතණුවනි! පාපකම් අලංකාරවත් කිරීම තුළින් ෂෙයිතාන් තම රහස්ය පෙදෙස් ආවරණය කිරීම සඳහා ඇති භෞතික ඇඳුම හා තක්වා හෙවත් බැතිමත්කමේ ඇඳුම අතහැර දමන තරමට ඔහු ඔබ රවටා නොදැමිය යුතුයි. ඔබේ දෙමාපියන් ස්වර්ගයෙන් බැහැර කරනු ලැබීමේ හා ඔවුන් දෙදෙනාගේ රහස්ය පෙදෙස් නිරාවරණය වීමේ ඉරණමට ඔවුන් පත්වන තෙක් ෂෙයිතාන් එම ගසින් අනුභව කිරීම ඔවුන් දෙදෙනාට අලංකාරවත් කොට රවටා දැමීය. සැබැවින්ම ෂෙයිතාන් හා ඔහුගේ පරපුර ඔබව බලමින් හා නිරීක්ෂණය කරමින් සිටිති. නමුත් නුඹලාට ඔවුන් දැකීමට හෝ නිරීක්ෂණය කිරීමට හෝ නොහැක. එහෙයින් ඔහුගෙන් හා ඔහුගේ පරපුරෙන් ප්රවේසම් වීම ඔබට අනිවාර්යය වන්නේය.අල්ලාහ් විශ්වාස නොකරන ජනයාට භාරකරුවන් හා හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් සැබැවින්ම අපි පත් කළෙමු. දැහැමි ක්රියාවන් සිදු කරන දේව විශ්වාසීන් වනාහි, ඔවුනට එරෙහි ව කටයුතු කිරීමට මොවුනට මගක් නැත.

Al-A'raaf 7:27Listen in Qur'an →
28

وَإِذَا فَعَلُوا۟ فَٰحِشَةًۭ قَالُوا۟ وَجَدْنَا عَلَيْهَآ ءَابَآءَنَا وَٱللَّهُ أَمَرَنَا بِهَا ۗ قُلْ إِنَّ ٱللَّهَ لَا يَأْمُرُ بِٱلْفَحْشَآءِ ۖ أَتَقُولُونَ عَلَى ٱللَّهِ مَا لَا تَعْلَمُونَ

(විශ්වාසය නොතැබූ) ඔවුන් යම්කිසි අවමන් ගෙන දෙන කාරණාවක් කළහොත් (කරන විට, එය දුටු කවුරුන් හෝ ඔවුන්ට අනතුරු ඇඟවුවහොත්) ඔවුන් ‘අපගේ මුතුන් මිත්තන්ද, මේ ආකාරයෙන්ම කරනු අපි දුටුවෙමු. තවද මෙසේ (කරන මෙන්ම) අල්ලාහ්ද අපට නියෝග කර ඇත්තේය” යයි පවසන්නාහ. (එයට නබියේ!ඔවුන්ට) “නියත වශයෙන්ම අල්ලාහ් අවමන් ගෙන දෙන කාරණාවන් කරන මෙන් නියෝග කරන්නේම නැත. අල්ලාහ් කෙරෙහි ඔබ නොදන්නා දැය (බොරුවට) කිව හැකිද?”යි පවසනු.

ෂිර්ක් හෙවත් අල්ලාහ්ට ආදේශ කිරීම නිරුවත්ව දේව නිවස වටා යෑම වැනි වැරදි ක්රියාවක් බහුදේව වාදීන් විසින් සිදු කරන විට ඔබ ඔවුන් නොසලකා හරින්න. සැබැවින්ම ඔවුන්ගේ මුතුන් මිත්තන් මෙසේ පාපකම් සිදුකරමින් සිටිනු ඔවුන් දැක ඇත. සැබැවින්ම අල්ලාහ් ඔවුනට මෙසේ නියෝග කළ බව අහෝ මුහම්මද්! ඔවුනට පිළිතුරු වශයෙන් පවසන්න. සැබැවින්ම අල්ලාහ් පාපකම් කිරීමට අණ කරන්නේ නැත. ඔහු එයින් වළකන්නේය. එසේ නම් ඒ ගැන ඔබ වාද කරනුයේ කෙසේද? අහෝ බහුදේවවාදී ජනයිනි! ඔබ නොදන්නා දෑ අල්ලාහ් මත බොරු ගොතා පවසන්නෙහුද?

Al-A'raaf 7:28Listen in Qur'an →
29

قُلْ أَمَرَ رَبِّى بِٱلْقِسْطِ ۖ وَأَقِيمُوا۟ وُجُوهَكُمْ عِندَ كُلِّ مَسْجِدٍۢ وَٱدْعُوهُ مُخْلِصِينَ لَهُ ٱلدِّينَ ۚ كَمَا بَدَأَكُمْ تَعُودُونَ

(තවද) “මගේ දෙවියන් සාධාරණයම නියෝග කර ඇත්තේය. සලාත් කරන සෑම ස්ථානයකදීම ඔබ, ඔබගේ මුහුණු ඔහු දෙසටම හැරී සලාත් කරනු. ඔබ ඔහුටම සම්පූර්ණයෙන්ම අවනත වී මිශ්‍ර නොවුන සිතැතින් ඔහුගෙන්ම ප්‍රාර්ථනා කරනු. ඔහු, ඔබව (නොමැතිවම තිබී) ඉකුත් කළ ආකරයටම (ඔබ මරණයට පත් වූ පසුද පණ දී ඔහු වෙතම) ඔබව මුදවා ගනු ලබන්නෙහුය” යයිද කියනු මැනව!

අහෝ මුහම්මද්! 'සැබැවින්ම අල්ලාහ් යුක්තිය හා සාධාරණය අණ කළේය. අශීලාචාර දෑ හෝ පිළිකුල් සහගත දෑ ඔහු අණ කළේ නැත. පොදුවේ හා විශේෂයෙන් මස්ජිදය තුළ ඔහුට පමණක් නැමදුම් කරන මෙන් ඔහු අණ කළේය. එමෙන්ම ඔහුට පමණක් අවංකව අවනත වෙමින් ඔහුගෙන් ප්රාර්ථනා කරන මෙන්ද අණ කළේය. මුල් වතාවේ කිසිවක් නොමැති තත්ත්වයේ ඔබ ව මැව්වා සේම නැවත වතාවක් ජීවී ව යළි ඔබ ව ගෙන එනු ඇත. ඔබේ මැවීම ආරම්භ කිරීමේ බලය ඇති ඔහු යළි ඔබ ගෙන එන්නටත් නැවත අවදි කරවීමටත් බලය ඇත්තාය යැයි බහුදේවවාදීන්හට ඔබ පවසනු.

Al-A'raaf 7:29Listen in Qur'an →
30

فَرِيقًا هَدَىٰ وَفَرِيقًا حَقَّ عَلَيْهِمُ ٱلضَّلَٰلَةُ ۗ إِنَّهُمُ ٱتَّخَذُوا۟ ٱلشَّيَٰطِينَ أَوْلِيَآءَ مِن دُونِ ٱللَّهِ وَيَحْسَبُونَ أَنَّهُم مُّهْتَدُونَ

(ඔබගෙන්) සමහරෙකුව ඔහු ඍජු මාර්ගයෙහි ඇතුළු කර තිබියදී අනිත් අය කෙරෙහි දුර්මාර්ගයම නියම කිරීමේ හේතුව නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ්ව හැර, ෂෙයිතාන්වරුන්වම (තමන්ගේ) මිතුරන් වශයෙන් ඇර ගත් අතර, තමන් නියත වශයෙන්ම ඍජු මාර්ගයෙහි සිටින බවද සිතාගෙන සිටීම නිසාය.

අල්ලාහ් මිනිසුන් කණ්ඩායම් දෙකක් බවට පත් කළේය. ඔවුන් අතුරින් පිරිසකට මග පෙන්වා, මග ලැබීම සඳහා වූ සාධක ඔහු ඔවුන්ට පහසු කොට එය වළක්වන දෑ ඔහුගෙන් වෙනතකට හරවා දැමීය. තවත් පිරිසකට සත්ය මාර්ගයෙන් ඉවත්ව මුළාව නියම විය. එය ඔවුන් අල්ලාහ් හැර දමා තම හිතමිතුරන් ලෙස ෂෙයිතානුන් පත් කරගත් බැවිනි. සැබැවින්ම ඔවුන් තමන් හට ඍජු මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි සිතමින් අඥානකමින් ඔවුහු ඔවුනට යටත් වූහ.

Al-A'raaf 7:30Listen in Qur'an →

Commentary: Al-Mukhtasar in Interpreting the Noble Qur'an by Tafsir Center for Quranic Studies. Qur'an text and translation via AlQuran Cloud.